Wednesday, May 2, 2012

නොමියෙන පෙමක්

මතකද ඔයාට එදා හුඟක් හයියෙන් වැස්සා.බස් එකක් එනකම් බලන් හිටියෙ  නොතෙමී  වැඩට  යන්න. මොකක්ද කරුමෙකට එදා හැමදාම වෙලාවට එන බස් එකත් ආවෙ නෑ මාව තෙමන්නම හිතාගෙන.තෙමෙන එකෙන් බේරෙන්න දුවල ගිහින් බස් හෝල්ට් එකට රිංගුවේ.අම්මප මගේ කරුමෙක මහත ඒක ඊට වැඩිය හිල් වෙලානෙ.මීට වඩා හොඳයි එළියෙ ඉදන් තෙමුනනම්.අහිංසක ඔයා දිහා ඉබේටම බැලුනෙ පොඩ්ඩකට ඉඩක් ඉල්ලගන්න.වෙනදනම් ඔරවන ගස්සන ඔයාටත් මං ගැන දුක හිතිලද ඇස් වලින් කථා කලේ කුඩේ යටට....


දන්නවද මට තාමත් ඔය ඇස් මතක් වෙනව කථාකරපු හැටි කුඩේ යටට.බස් එක එනකම් එන්න කුඩේ යටට.අනේ ඔයාගෙ වචන ටික මගේ සවන්පත් නෙමෙයි හදවතත් කඩාගෙන ගියා වගේ.මේ ලෝකෙ කිසිම කෙනෙකුට මේ වගේ හැගීමක්නම් දැනිල නැතුව ඇති.සත්තයි මට විශ්වාසයි කවදාවත් කාටවත්ම දැනිලනම් නැතුව ඇති.වචනෙන් කොහොම කියන්නද.අකුරු වලට කොහොම හරවන්නද හිත විතරමයි දන්නෙ ඒ ගැන...


වෙනද ඔයාගෙ පිටිපස්සට වෙලා ඔයාගෙ අහිංසක ලස්සන දිහා මම බලන් ඉන්නවා.බස් එක එනකම්වත් ඉන්න බැරි ඔයා ඔරලෝසුව දිහා අත කීපාරක්නම් හරව හරව බලනවද.දන්නවද මම ඒ වෙලාවට අනේ බස් එක තව පරක්කු ‍වෙයන් කියල ප්‍රාර්ථනා කරනවා.මොකද ඔය ලස්සන අහිංසක මූණ දිහා බලන් ඉන්න මට තියෙන්නෙ විනාඩි පහක් දහයක් නිසා.අද දැකපු ඔයාව හෙට උදේ දකිනකම් මට ඉවසිල්ලක් නැති හැටි.ඔයාව මතක් කරල නිදාගන්න පුංචි වෙලාවෙත් කීපාරක් මහ රෑ ඇහැරිලා බලනවද උදේ වෙලාද කියල.ඇත්තමයි සුදු කෙල්ලෙ මේ හිත මේ ඇස් දෙක ඔයාව දකින්න කොච්චර දුක් විඳිනවද ඇත්තමයි සුදු කෙල්ලෙ මේ ඇස් දෙක ඔයාව දකින්න දුක් විඳින හැටි ඔයා දන්නවනම් උදේ පාන්දරින් බස් හෝල්ට් එකට ඒවි.සමහර දාට බස් එක එන වෙලාවටම දුවල ඇවිත් ඔයා බස් එකේ නැගල ගියාම අනේ මට දුක හිතෙන තරම්.මටත් නොදැනිම මේ ඇස් වලට කඳුලු පිරෙන හැටි ඒ කඳුලු
මිනිසුන්ට නොපෙනී මූණ හන්ගන්න මම දුක් විඳින හැටි ඒ වගේ දවසට මට නින්ද යන්නෙම නෑ ඊලඟ දවසෙ ඔය මූණ දකිනකම් මට ඉස්පාසුවක් නෑ.කොච්චර දුක් විඳල හරි කමක් නෑ ඔයාගෙ ලඟට එන්න ඔයා මට ඉඩ දීපු හැටි.මේක හීනයක්ද මගේ අහංසකීගෙ කුඩේ යට එයත් එක්ක මමත් අද ඉන්නවා.ඈතින් ඉදන් ඔයාගෙ ලස්සනට ආදරය කරපු මම අද ලඟින් ඉදන් ඔයාගෙ සුවඳ විඳිනවා ඔයාටත් හොරෙන් හදවතින්.අදින් පස්සෙ ඔයා මා එක්ක හිනාවේවි.කථාකරාවි. ඒගැන හිතද්දිත් හිතම හිරි වැටිල යනවා.අනේ සුදු කෙල්ලෙ මං ඔයාට ආදරෙයි කියන්න මගේ හිත දඟ කරනවා....


එදා අපේ මුල්ම හමුවීම දිනෙන් දින ටිකෙන් ටික අපි අපිට ලංවුනා.ඔයත් පුංචි එකියක් වගේ මගේ ලෝකෙම වෙනස් කලා.අපි ආදරේ කලා මගෙ මැණික මම ඔයාට ගොඩක් ආදරේ කලා.අපි ආදරේ කලේ අපි දෙන්න විතරක් ඉන්න ලෝකෙක වගේ.මගේ මුලු ජීවිතේම එළිය කල මිණිපහන ඔයයි සුදු මැණිකෙ.මට ඔයාවත් ඔයාට මාවත් නොදැක ඉන්න බැරි තරමටම ආදරේ කලා.වැස්ස නිසා මුණගැහුන අපි කී දවසක් වැස්සට තෙමුනද.ඒ දවස මතක් කර කර අපි අපිට විහිලු කරමින් අපි වැස්සෙ තෙමුනෙ හැටි.ආදරේ ගොඩක් දුර යද්දි ජීවිතේ යථාර්තයට මුහුණ දෙන්න ඕනි කියල හිතුණම හිතම කීරිගැහිල යනවා.ජීවිතේටම අපිට අපේ වෙන්න බැහැයි කියල අපි දෙන්නට දැනෙන කොට වෙන් වෙන් බැරි තරමටම අපි ආදරෙන් ලංවෙලා.

මගෙ සුදු කෙල්ලෙ දුප්පත් මට මගේ අහිංසකීව කුමාරිකාවක් වගේ මගේ ලඟ තියාගන්න බැහැයි කියල හිතෙන කොට පපුව කඩාගෙන වැටෙනවා. 
ඔයාට මම කොච්චර කිව්වත් තේරුම් ගන්නෙත් නැහැ.ඔයාට දුක් විඳින්න වෙයි  මං ගාව කියල කිව්වම මගේ අහිංසකී ඒකටත් කැමති වුණා.සැප සම්පත් අසීමිතව වින්ද ඔයාට දුක් විඳින්න දෙන්න පුලුවන්ද බැහැ මගෙ මැණිකෙ ඒක කරන්න බැහැ.මට පවු පිරෙයි.මටම හිත හදාගන්න බැරිවෙයි. අනේ මගෙ පැංචියේ ඔය තරම් ආදරයක් මංගැන ඔය හිතේ තියෙන බව මම දන්නවා.මගෙ පැංචිට දුකක් දුන්නට කවදාවත් මට හරියන එකක් නෑ.තේරුම් ගන්න මගෙ මැණික ලං වෙන්න බැරි තරමටම අපි ගොඩක් දුර බව.ඔයා ගැන දැන ගන්නකොට ඔයාගෙ පවුල් පසුබිම දැනගන්නකොට මම හිතින් දුක් වුණා.මහ මෙරක් තරමට දුක් වුණා.හරියට ඉන්නවත් තැනක් නැති මම ඔයා අරගෙන කොහේ යන්නද.දිනෙන් දින ඔයාගෙ ගෙදර අයගෙන් කරදර එනකොට ඔය ඇස්වල කඳුලු දකිනකොට ඔයාට ආදරේ කරල කඳුලු විතරක් ඔය ඇස් දෙකට දෙන්න වුණාට මම ගොඩක් දුක් වුණා.ඔය අහිංසක ඇස් කඳුලු වලින් තෙත් කල පවට නම් කවදාවත් මට සමාවක් නම් ලැබෙන්නෙ නෑ.
දවසින් දවස මේ කරදර උහුලන්නම බැරිම තැන අපි වෙන් වෙන්න තීරණය කලා.

අපි හමුවූ පළමු දවස වගේම අදත් හොදටම වහිනවා.අහසටත් දරාගන්න බැරිවද අපේ ආදරේ දුක මහ හඞින් හඞනවා.වෙන් වෙන්න මොහෙතකට තියල මෙතෙක් වෙලා මගේ පපුවට වෙලා පිස්සියෙක් වගේ අඞපු ඔයා සමුදෙන්න මට මගේ නලල ඉම්ඹම පපුව පැලිල නොමැරුන නිසාම අදත් මම දුක්විඳිනවා.මහ හඞින් කෑ ගහල යන්න එපා කියන්න  පුලුවන්නම් අසරණයි  දුප්පත් මම අසරණයි මැණික.

 වෙන් වෙලා ගිය ඔයා වගේම ඔයා නැතිව තනිවුණ මම ගොඩක් අසරණයි.......


 අපි හමුවුණා..... අපි ලංවුණා...... අපි ආදරේ කලා.....අපි වෙන්වුණා......
 වේදනාව පමණක් ඉතිරි වුණා..........................
                                 
                       ආදරයෙන්ම පිරුණ හිත පිදුවෙ නුඹ මා හට
                       අහිංසක ඔය හිත රිදෙව්වෙ අසරණකමට
                       මිල මුදලින් මා අත නොපිරුණත් හැමදාම
                       දුකක් දෙන්න බැරි කමටයි යන්න කීවේ මා නුඹට
                       නෙතේ කඳුලු කැට පුරෝගෙන ආදරයෙන් සිඹ මාව
                       මම යමි කියූ  හැටි හිතේ ඇත හැමදාම
                       අසරණයි මා නුඹ තරම් දන්නවද මගෙ මැණික
                       නවතින්න කියන්නට බැරිනිසයි සමු දුන්නෙ එදා මම
                       නුඹ නැති පාළුවෙන් ගෙවෙනවා තරුණ බව
                       යන්න කීවත් නුඹට හිත කියන්නෙ ආදරේ බව හැමදාම
                       නුඹ පැමිණියොත් දිනෙක යලි මා සමඟ තනිවෙන්න
                       ඉන්නවා පණ ගියත් ආදරෙන් පෙර සේම
                               ............  ෴ ..........

8 comments:

  1. //..වෙන් වෙලා ගිය ඔයා වගේම ඔයා නැතිව තනිවුණ මම ගොඩක් අසරණයි...//

    හුගක් හුගක් ලස්සනයි.කියා ගන්න බෑ ඔය වචන වල ලස්සන ඒ තරමටම ලස්සනයි.හිත‍ට ගොඩක් දැනෙනවා.තවත් ලස්සනට ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  2. ස්තූතියි සිතූ..... ඔයාට

    බොහොම ස්තූතියි....

    ReplyDelete
  3. වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් කියල කියනවනේ!:)
    ලස්සනට ලියල තියෙනව,දිගටම එන්නම්කෝ මේ පැත්තට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නුවන්..දිගටම එන්නකෝ එහෙනම් මේ පැත්තට

      Delete
  4. අදුරු ලලා සෙංකඩගල වැස්සේ..
    දියදහරා පාටයි දේදුන්නේ..
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ..

    ඒ සින්දුව මතක් වුණා.ලස්සන ලියවිල්ලක් අක්කේ.

    ReplyDelete
  5. අමතක වෙලා ගිය ලස්සන සින්දුවක් නංගා...බොහොම ස්තූතියි ඇවිත් යන්න එන්නකෝ පුලුවන් වෙලාවට....

    ReplyDelete
  6. මේ කතාව කියවගෙන යනකොට මම්, මගේ ජීවිතයේ අවුරුදු තුනක් ආපස්සට ගියා. ඒ යන ගමන් මම් ආදරේ කරපු කෙනාවත් මතක් උනා. ඇත්තටම ආදරේ කරන්න ඕන හිතට වදින්නම. ඒත් කවදාහරි එයාට දුකක් විඳින්න උනොත්... ???

    ආදරේ විතරක්ම මදී තිබිලා... ආදරේ කරන කෙනාව සතුටින් තියන්න ක්‍රම වේදයකුත් තියෙන්න ඕනා. කතාවටත් කියනවා බඩ ගින්න ඉස්සරහ දොරෙන් එනකොට ආදරේ පස්ස දොරෙන් පැනලා යනවා ය කියලා.

    කතාව ඇත්ත ද ? මට අම් හිතුනේ ඇත්ත කියලා.

    ReplyDelete
  7. එහෙම කථාවක්නම් තියෙනවා මධූ අයියේ නමුත් ආදරේනම් බඩගින්නෙ මැරුණත් ආදරේනම් ආදරෙයි කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete