පුතේ නුඹ මා කුසයේ
හැදී වැඩී නුඹ බිහි වූ දාකට
ඇසුවොත් සුරතල් මුවින් පියාගැන
කුමක් කියන්නද එදිනට නුඹහට
දැනටමත් මා විඳවමි
ලෝකයෙන් ගැරහුම් අපමණ
කාලකණ්නිය යන නාමය
පටබැඳිලා නුඹේ මව හට
අන්ත අසරණව මා හිඳිනා කල
කලයුතු දෙයක් නොපෙනෙනා විට
මගේ කුසයම නුඹේ මලගම
සදනු කෙලෙසද ආදරේ නාමෙට
පවුකාරිය උඹ පවුකාරිය උඹ
ලෝකයම කියාවි එකහඬින් මට
මට පවු පිරේවි එදාට නම් තව
විසිකලොත් කුසයෙන් නුඹ එළියට
මට වගේම ගරු නම්බුනාම මැද
ලොවම වෙන්කරයි අවජාතක නුඹ
අවජාතකයෙක් අවජාතකයෙක්
නුඹ හට කීවොත් ඉවසම්ද කෙලෙස මම
පුතුනි අපට බැහැ ජීවත් වන්නට
කරන වැරැද්දට සමාව නැහැ මට
ලොවෙන් සැගවිලා නික්ම යන්නට
එනවද පුතුනේ මාත් සමඟ අද
කවි නම් ලස්සනයි.ඒත් අවසානය නම් හුගක් දුකයි අක්කි.
ReplyDeleteලෝකේට භයේ ජිවිතෙන් හැංගෙන එක හොද දෙයක් නෙමේ නේද..?
ඒකනම් එහෙම තමයි නංගෝ.. නමුත් එයාට ඔයාට වගේ ශක්තිමත් හිතක් නැතිව ඇති..
Deleteකවිය නම් ලස්සනට ලියලා තියෙනවා.ඒත් අවසානය නම් ගොඩක් දුකයි.සංවේදී කවි පෙලක්...
ReplyDeleteChams බොහොම ස්තූතියි යාළුවේ..
Deleteආසයි අම්මේ එළිය දකින්නට
ReplyDeleteඇවිත් නුඹේ කුසෙන් දගකරන්නට
සැගවුනත් මේ ලොවෙන් නුඹත් මමත්
ගැරහුම් කරවී නුඹෙ නමට දනන්
ඇත්ත නෙත්පානි එහෙම වේවි..මොනා නමුත් ආසයි මම ඔයාගෙ කවියටත්...
Deleteමැරෙන එකම තමා ගොඩක් දේවල් වලට විසදුම ලෙස සමහරු දකින්නේ.
ReplyDeleteමාත් එහෙමයි :)
Deleteහැබැයි නිශාන් ජීවත් වෙන එකයි අභියෝගය එහෙම නේද?අභියෝගයක් නැත්තම් ජීවත් වෙලත් වැඩක් නෑ.
Deleteගොඩක් අය මේ විදිහට ජීවිතය නැති කරගන්නේ ලෝකයාගේ අපවාද වලින් බේරෙන්ඩ. පවු අහිංසක ජීවිත !!!
ReplyDeleteකවි සිතුවිලි ලස්සනයි සිත්තමි. ගොඩක් දුක කවි පංතියක් !!
ස්තූතියි මධූ අයියේ...
ReplyDelete