Friday, August 16, 2013

නුඹයි මගේ කවිය....



සුපෙම්වත් හිත නලියන පෙම් කතිකාවක රස නුරාව
වේදනාවේ නිමිහිම් නැතිව ගිය පපුව හාරන ඉකිබිඳුම
විරහවේ තනිකම කඳුල සුසුම ඉහවහා ගිය කාලකණ්නිකම
මුසුකර ගත් හැම තත්පරයක්ම ජීවිත ගැන හරි අපූරුවට
පද හැඩකලා මා ලඟ සිටන් ඔය හැම දේම එකම කවියකට

 
විටෙක නුඹ මා සමඟ ම හැමවිට තනි නොතනියට
කිහිප විටක් සියුම්ව ස්පර්ශ කරමින් මට නොදැනිම මා ලඟ
හේතුවක අහේතුවක ‍නුඹ නොදකින මගේ ආත්මීය විනිවිඳ බව
එළියට පෙන්වනවා නුඹට ලැජ්ජාවක් නැතිව මගේ හෙළුව
මම මමමයි කෙසේ කොහොම ලීවත් නුඹයි මගේ කවිය

සාරාංශය (නොතේරුණානම් කවිය)
 
හිත ආදරය කරන විට, හිත විටෙක රිදුන විට, විරහවේ වේදනාව දැනුන විට මේ හැම දෙයක්ම හරි අපූරුවට පදයක් පදයක් එකතු වී ලියවුනා කවියකට

විටෙක නුඹ මගේ තනියට, විටෙක මම නොසිතන වෙලාවක, හේතුවක් තිබුණ හෝ නොතිබුන විටෙක මගේ මුළු ආත්මයම අරගෙන ම‍ගේ ජීවිතයේ සියළුම දේ ලැජ්ජාවකින් තොරව ඉදිරිපත් කරන නුඹයි මගේ කවිය...... ඔයා හැමදේම ලෝකෙට කීවත් මා ගැන මම මම ම යි ඒත් ආදරෙයි හැමදාම කවියට.......

ජීවිතයේ කවුරු ලග හිටියත් නැතත් මට දුක හිතුනත් නැතත් වේදනාවේදී කඳුල හිත් රිදුම දරාගන්න මම ලිව්වත් කවි කවදාවත් ලිව්වෙ නැහැ කවිය ගැන මම ඒකයි අද ලීවේ.......

Wednesday, June 26, 2013

සහෘදයාණෙනි, ඔබට සුභ මංගලම්..............

                කොව්වර කාලෙකින්ද කියනවනම් අම්මෝ සෑහෙන්න කාලෙකින්.කොච්චර වැඩද කියනවනම් අම්මෝ සෑහෙන්න වැඩ මේ දවස් වල.බ්ලොග් එකක් තියෙනවද කියලත් අමතක වෙලා.බ්ලොග් එකේ නැතත් මාව මතක් වුන අයට ඔන්න හිස නමා ආචාර කරනවා.දිනෙන් දින කල වයසත් ගෙවිල සිත්තමී කෙල්ල හිමින් හිමින් වයසටත් යනවා. තවත් අවුරුද්දක් හෙමින් ගෙවිල ගියපු නිසා ඕන් දැන් ගෙදරින් බර බරේ දානවා.මේ දවස් වල ඒවයේත් පිළිවෙලක් වන නිසාම ටිකක් කාර්්‍යබහුල වෙලා. සිත්තමීව පිළිවෙලක් කරන්න ගෙදරින් බොහෝමයට වැඩ කටයුතු. අප්පච්චිට සෑහෙන්න බය සිත්තමී බොහෝම අමාරුවෙන් සිත්තමීගේ හබී ගැන අප්පච්චිට කීවා. සිතුවා සේ හිතේ හිටපු නැති බෑණා කෙනෙක් වුවත් සිත්තමිගේ ආදරණීය හබීට හෙමින් හෙමින් ඕං කැමැත්ත දුන්නා.අද කථාව මේ කිසිම දෙයක් නෙමෙයි.මේ හා සම්බන්ධ වූ දෙයක් ගැන.ඒ කියන්නෙ කසාදෙට කලින් පැන නගින හදහන ගැනයි.

          අම්මෝ ඔය හදහන විස්වාස නොකරන සිත්තමීට ඕං දැන් හදහන සෑහෙන කරදරයක් වෙලා.කොල්ල කොයි තරම් හොද වුනත් හදහනනම් ගැලපෙන්නම ඕනිලු. කාට කියන්නද දෙයියනේ මේ අපරාදෙ.ඒකෙම අනිත් පැත්ත වෙන්ඩ හබීට කෙල්ල හොද වුනාට බෑලු හදහන ගැලපෙන්නම ඕනිලු.හදහන් නොගලපා බැන්ද අයට වෙච්ච දේවල් සහිත උදාහරණ බොහොමයක් මේ දවස් වල කනට මීපැණි සේ උදේ හවා ඇහෙනවා. කසාද බදින්නත් එපා වෙලා ඇත්තමයි දැන්නම්. මේ කලබල අස්සෙ යුගදිවිය හා ග්‍රහබලය කියන පොත ලියල තියෙන්නේ අයි.ඒ.මොහාන් වික්‍රමසිංහ ඔන්න ඔය පොතේ දෙවනි සංස්කරණයට ලෑස්ති කරන්න සිත්තමීට පොඩි කාර්යයභාරයක් ඉටු කරන්න සිද්ධ වුණා.කොරේ පිටට මරේ කියල ඒකත් කියවපු නිසා සෑහෙන්න හිත අවුල්.
                  මෙන්න මේ අතරේ මගේ ආදරණීය සහෝ කෙනෙක් 2013 ජුනි 27 විවාහ පත් වෙනවාලු.ඒකත් මේ හදහනටම සම්බන්ධ වූ කථාවක්. මෙන්න කථාව කථා නායකයා සුමුදු කථා නයිකාව දිනිති.මේ දෙන්නගේ ප්‍රශ්නෙ තමා කෙල්ලගේ හදහනේ තියෙන්නෙ පළවෙනි කසාදෙන් වැන්දඹු වෙන කථාවක්ලු. මේ හදහන බලන හැම කෙනෙක්ම කියන්නෙ ඒක අනිවාර්්‍යයෙන්ම සිද්ධ වෙනවාමයි කියාලු.එහෙත් පෙම්වතියට දැඩිලෙස ආදරය කරන මේ පෙම්වතා මරණයටත් ලැහැස්ති වෙමින් කිසිම විටෙකත් හදහන් ගැලපීමක් නොකර විවාහ වන දා අත්සන් කිරීමට පමණක් සුභ වෙලාවක් යොදාගෙන හිතුමතේ තීරණයක් අරගෙන 27 වන දා විවාහ පත් වීමට දැන් සියල්ල සූදානම්.දිනිතිගේ ගෙදර අය මේ විවාහයට සම්පූර්ණ විරුද්ධ වන්නේ කාගෙ හෝ දරුවෙක් දැන දැන අමාරුවෙ දාන්න බැරිය කියාලු.එහෙත් මේ සියල්ල කනකට නොගත් ආදරණීය සහෝදරයා විවාහ පත් වීම ගැන විටෙක මටනම් හිතේ බයකුත් එක්කම සතුටකුත් තියෙනවා.සතුට මෙවැනි පෙම්වතුන් අදටත් මේ සමාජයේ සිටිනවා යන හැගීමට.දෙමාපියන් නෑදෑයන් යහළුවන් එපා කියද්දි ඕනම අයෙකුට මේ විවාහය ගැන චකිතයක් බියක් ඇතුල් වෙනවාමයි.එහෙත් හදවතට ඉඩදුන් සුමුදුට ආදරණීය සුභ පැතුමක් එක්කරන්න මට හිතුනේ ඉදහිට මගේ බ්ලොග් අඩවියේ සැරිසරන නිසාමයි.

සහෘදයාණෙනි, ඔබට සුභ මංගලම්.............. 

කිසිදිනක නොවෙනස් වන ඔබේ ආදරේ මේ භවය පුරාවට ඇය හා දිවි ගෙවන්නට ඔබට සියළු ශක්තිය දිර්ඝායුෂ නිති පතමි.....

ඔවුන්ට දිර්ඝායුෂ පතන ගමන් පෝස්ට් එක බලන ඔයාලගෙන් අහන්නේ විවාහයට කොයිතරම් හදහන වටිනවද කියා..........

Thursday, May 9, 2013

නිවන එයාට කොච්චර දුරද?


      
     මංගල උත්සවයට පැමිණි සියල්ලන්ටම අත වනමින් මංගල රථය වෙත පිය නැගුවේ දිනූෂගේ යහළුවන්ගේ බලවත් ඇවටිල්ල මත දිනූෂගේ කරමතින්. වැටෙයිදෝ නොවෙයිදෝ මහත් බියෙන් මමත් හිටියද මට හා සමාන මුහුණු මගේ දෙමාපියන් ඇතුළු පිරිසගේ දැකගැනීමට මට හැකි විය.යහළු යෙහෙළියන්ගේ අත්පොළසන් හූ හඬ මැද්දේ විවිධ කරදර බාධක මැද්දේ දිනූෂ මා ඔසවා ගෙන විත් බොහෝ පරිස්සමට රථය ඇතුළතින් හිදෙව්වාය.එහෙත් දිනූෂට මංගල රථයට ගොඬවන්නට ඔවුන් පිරිස ඉඩ නොදුන්හ.ඒ වෙනුවට යහළු මනමාලයා මා අසලින් හිදුවා දිනූෂව මංගල රථයේ පිටුපස ඩිකිය වෙත යහළුවන් බලෙන්ම ඔසවා ගෙනගොස් දමන ලදී. ඉන්පසු රථයේ රියදුරු හට රථය පන ගන්වන්නට විදානල ලැබුනේද යහළු පිරිසගෙන්ම විය. උත්සව ශාලාවෙන් පිටතට පැමිණ රථය නැවැත් වූ මංගල රථ රියදුරු යහළු මනමාලයා සමග දිනුෂව ඩිකියෙන් එළියට ගත්තේය. අප හට කල දෙයට අපිත් දෙයක් කල යුතුව තිබූණු බැවින් දෙවැනි මනමාලයා පාරේ දමා රථය පැදවීමට දිනූෂගෙන් රියදුරුට අණ ලැබුණි.ඔහුව අපට නොපෙනෙන මානය වෙන තෙක්ම අපි දෙදෙනා මෙන්ම රියදුරු මහතාද අප සමග සිනහවට එක් වුවෝය.අප බොහෝ වේලා සිනා සිනෙමු..

''නිමල් අයියේ අපි පේරාදෙණි‍යට නෙමෙයි යන්නේ වෙන තැනකට අපිව එහෙට ගිහින් දාන්න...........'' කටහඩ අවධි කලේ දිනූෂ

රථයේ රියදුරු පමණක් නෙවෙයි මමත් වික්ෂිප්ත විය.

''දිනූෂ මල්ලි පේරාදෙණිය යන්නන ලෑස්ති වුනේ. ඇරත් අරගොල්ලො දැන් පිටිපස්සෙ එනවත් ඇති''

රථයේ රියදුරු පැවසුවේ අප දෙදෙනා මධුසමය වෙත රැගෙන යාමට පිරිසක් වෙන රථයකින් එන බව අප සියළු දෙනාම දන්නා කරැණක් වුවද එය දිනූෂට මතක් කර දීමට විය හැක.

''අපෝ ඕකුන් එක්ක ගියොත් අද මාව වනසයි නිමල් අයියේ. ගෙදර අය කෙසේ වෙතත් අර වනසපාළුවො ටිකනම් එනවා. බීල බිල මදිවට දැන් රෑ එළිවෙනකනුත් හොටෙල් එකේ ඉදන් බොන්න සෙට් වෙයි. මේ කෙල්ලට උදේ ඉදන් මහන්සි ඇති අපිට ටිකක් සැනසීමේ ඉන්නනම් හොදම දේ කථා  කරගත්ත විදියට නැතිව තැන මාරු කරන එක එහෙම හොදයි නේද නිමල් අයියේ.....''ඔහුගේ කථාව සර්ව සාධාරණ කර ගැන්මට රථයේ රියදුරුද හවුල් කරගන්නා ලදී.

හහ් හහ් හා...............හහ් හහ් හා............... රථයේ රියදුරු වූ දිනූෂ නිමල් අයියා ලෙස හැදින් වූ ඔහු නොනවත්වාම සිනහ වූවේය.

''ඔන්න මේක දන්නෙ අපි 3 දෙනා විතරයි''. කටහඩ අවධි කලේ දිනූෂ

''හරි මල්ලි  හරි බයවෙන්න එපා මම කොහොමත් උඹල දෙන්න දාපු ගමන් හයර් එකක් යනවා හැන්දෑවට අනුරාධපුරේ යාළුවන්ට උඹව හොයාගන්න ලැබෙන්නෙ නෑ.''

''ඉතින් කොහේද යන්නෙ...............''

''අයියේ අපිව නුවර එළියෙ තැනකට දාන්න ලස්සන නිදහස් ................''

''මම දන්න තැනකුත් තියෙනවා අයියත් හොද තැනක් දන්නවනම් කියන්න'' . ඔහු මට ඇසක් ඉගිකලේ ඇයි දැයි මා නොදන්නවා නොවේ.

''හොරා එහෙනම් කොහොම හරි නුවරඑළියටම යන්න වැඩ හදාගත්තා.'' මා ඔහුගේ කන මිරිකමින් සෙමින් කීවා.

''මම විතරක් නෙමෙයි ඔයත් ආස එහේ යන්න බව මම දන්නවනේ මගේ සුදු නෝනේ..............''ඔහු රියදුරුට වහන් වෙමින් මගේ දෙකොපුලක් තදකර සිපගත්තේය.

''නරක ය................''

''නරක් වෙන්න තව තියෙනවද සුදු නෝනේ................''

..................................................................................................................................

නිදහස්ය...... සොඳුරුය......

ඇත්තටම මේ ජීවිතේ කොයිතරම් සොඳුරුද පිවිතුරුද නිදහස්ද ? සිතුවිලි තුල කිමිදෙමින් උහුලගන්න බැරි තරම් සීත බ්ලැන්කට්ටුව තුල වු අප දෙදෙනාගේ ශරීර වල උණූසුමට තදින්ම නොදැනුනද ඔහුගේ උණූසුම පරිසරයේ සීතල වසා ගන්නට උවමනාවටත් වැඩියැයි මට සිතිණි.තව තවත් හිමින් සීරුවේ  ඒ ගතට ගුලි වුනද ඔහු ඇහැරවන්නට ලෝබ සිතුණි.

''මේ සීතලේවත් මේකිට නිදාගන්න බැරි හැටි.................''

ඔහු කොදුරන්නාක් මෙන් පවසමින් මා දැඩි ලෙස තුරැළුකරගත්තේය.


''නැගිටින්නෑ ...........''

''මේ දවස් ටිකේ විතරයිනේ ඔන්න ඔහේ නිදාගමු බං .............''
කවදාවත් නැති කථාවිලාශයක් ඔහුගෙන් පිටවිය.

''නින්ද යනවද අනේ එහෙම, වස්තූ නැගිටින්නකෝ..........''ඔහුගේ පියවූ දෙනෙත් මම බලෙන් ඇගිලි තුඩුවලින් ඇහැරවන්නට වෙර දැරුවෙමි.

''නිදාගන්න දියන්කෝ ගෑණි‍යේ...............'' ඒ වචන වල වෙනසක් තිබුණද නුහුරක් දැණුනද බොහෝ ආදරයක් පිරැණු බවක් හැගුණි.

ඔහු මා බ්ලැන්කට්ටුවේම හිර වෙන්න ඔතා  ඇග උඩින් කකුලක් දමා ගත්තේ ම‍ට නොසෙල්වෙන්නට ඉඩක්වත් නොතබාමය.

''අනේ.................උ ම් ම ත් හිර වෙනවා............මැලෙයි අනේ.................'' මා කෑ ගැසුවද ඔහු ගනනකට නොගත්තේය.

''එතකොට පත්තරේ වැටෙයි මධුසමයට ආ සැමියා  බ්ලැන්කට්ටුවට සිරකර බිරිය මරා දමයි කියල එච්චරයි.''

මටත් ඒ ටිකටනම් හිනාගියා

''මේකනම් කටක් නෙමෙයි වක්කඩක්''

ඔහු ආයෙමත් බ්ලුන්කට්ටුව තුලට විත් අතොරක් නැතිව මා සිපගත්තා.

ලේ නහර තුල  ආදරේ කිමිදි කිමිදී ඔහේ ගලා යන්නට නොදී ඒවා තෙරපනවාක් මෙන් විටෙක සියුම් වේදනාවක් විටෙක රාගික සිතුවිලි සමුදායක් විටෙක හැගීමක් දැනීමක් නැති කාලය ගෙවුන තත්පර මිනිත්තු කිහිපයක්

ඩර් ර් ර් ර් ර් ර් ර් ර්...................ඩර් ර් ර් ර් ර් ර් ...................ඩර් ර් ර් ර් ර්..............

''බබා ෆෝන්.....................බබා ෆෝන්....................අනේ ෆෝ...න් එක අනේ,

'' ඔයාගේ  දිනූ ඔයාගෙ ෆෝන් එක''

''මොන වදයක්ද බං සැනසීමක් ඇත්තෙම නෑනේ...''

ඩර් ර් ර් ර් ර් ර් ර් ර්...................ඩර් ර් ර් ර් ර් ර් ...................ඩර් ර් ර් ර් ර්..............

''හරි ආන්සර් කරල ඉන්නකෝ.''

''ඔයාද සුදු මැණික ෆෝන් එක ඔන් කලේ........''

''හ්ම්............මම නැගිට්ට වෙලේ.................''.

''හෙලෝ ............ගුඩ් මෝනින් ගුඩ් මෝනින්, 

''නැතුව............ නැතුව............ ජීවිතය සුන්දරද මෙතරම් කිව්වලු මේ ඉන්නේ ලගම'' ඔහු ඕනෑවටත් වඩා ඇදල පැදල කීවේය.  එහා පැත්තෙන් කුමක් ඇසුවත් අවසානට ඇහුවේ මං ගැන යැයි මට සිතිණි.

ඔහු එක් අතක් ෆෝන් එක අල්ලා ගැනීමට යොදාගනිමින් අනිත් අතින් මගේ දෙකොපුල් දෙතොල් සිනිදුවට පිරිමදිමින් දුරකථනයට පිළිතුරු සපයන්නට විය.

''මොකක් අම්මල කොහොමද අපි මෙහේ කියල දන්නේ..........  මදැයි නිදහසේ ඉන්න ආවා. නිමල් අයියටත් බිව්වට පස්සෙ පොරොන්දු මතක නෑනේ බං.හැමෝටම හොරෙන් අපි මේ ඉන්නේ කීයටද බං ගෙදරින් පිටත් වෙන්න ඇත්තේ...''

ඒ ඔහුගේ යහළුවෙකු වන්නට ඇතැයි මට සිතුණි.පිළිතුරු දෙන විලාශය අනුව යහළුවෙකු හා දොඩමළු වීමක් වැනිය.

ටක් ටක් ටක් .......අප සිටිනා කාමරයේ ඉදිරිපිට දොරටුව අසල කවුරුන් හෝ පැමිණීමේ විදානය විය හැක.

''මචං කවුද ඇවිත් මම තිබ්බා. පස්සෙ ගන්නම්. අම්මට හුඩු අම්මලද දන්නෑ බං'' ඔහු බියෙන් මෙන් දුරකථනය විසන්ධිකලේ අකුණු ගැසුවාක් මෙන් මා දෙසත් බලමින්.

''අම්මල එනවලු. පැංචි වොෂ් රූම් යන්න අම්මලද නැත්නම් බෙඩ් ටී එකද දන්නෙ නෑනේ.''

විගහට ඇදෙන් පැන ඇද හදන්නට මා සැරසුනද යන්න

''කෙල්ලෙ මම හදන්නම්. යන්නකෝ ඉතින්''

 කවදත් ඔහුගේ විදානයට අණට ගරු කල මා ඇදුමත් රැගෙන නාන කාමරයට පිවිසුණෙමි. පිටතට එනවිට ඔහුගේ මව ,අක්කා සමගින් තවත් අයෙක් කාමරය තුල දිනූෂ සමගින් රණ්ඩු කරමින් සිටියෝය.

''අම්මා මේ පරණ කාලෙ නෙමෙයි.ප්ලීස් කෑගහන්න එපා ඕක බලන්නද ඔයාල හදිස්සියෙ මෙතනට දුවල ආවෙ. අම්මා මේ අහන්න එහෙම දෙයක් වුනේ නෑ. එයාට මහන්සි නිසා අපි නිදා ගත්තා. මේක මගේ ජීවිතේ.ප්ලීස්''

''මම හිතුවා හරි උඹ අමාරුවෙන් දැගළුවෙ මේ නැට්ටිච්චිව කර ගහගන්න.ඒ මදිවට කුසේ ඉදන් හදපු අම්මටත් බොරු කියනවා.''

ඕනවට වඩා හිනා වුනෙත් ඕනවට වඩා සතුටු වුනෙත් මේ උහුලගන්න බැරි දුක ලබාගන්නම වෙන්න ඇති.

''ගෙදර ගිහින් ඇරලවල එනව මිසක් ගේන්න එපා හතරමායිමක හොදේ.''ඇගිල්ලක් උළුක් කල ඔහුගේ මව මා දුටු විගසින් පැමිණි අයත් සමග විශාල ශබ්දයක් ඇසෙන ලෙස දොර වසා ගෙන පිටව ගියාය.සිද්ධ වූ දේත් සිද්ධ වන්නට යන දේත් ඔහුගෙන් අහන්නට නෙව මට ඉවෙන් මෙන් වැටහෙන්නට විය.ගැහැණු කමට කදුළු ඇරෙන්නට පිළියෙමක් වෙන නැති හෙයින්දෝ මට හැඩිණි.

''සුදු මැණික....... ඔයත් ඉතින් බබා වෙනවනේ.අපි දෙන්න දන්නවනේ මොකක්ද වුනේ කියලා.නේද? ඉතින් නේද? ඉතින් ඔව් කියන්නකෝ''

ඔහු තදින් ඒ පපුවට තුරුල් කර ගන්නා ලදී.මේ උණුසුම ලග මැරැණත් කමක් නෑ කියල මම මෙච්චර කල් හිතුවට මම මැරැණට වඩා දෙයක් වුණා කියලයි මට හිතුණේ.

''දිනූ දැන් මොකද කරන්නේ..................''

''සුදු මැණික, අපි අම්මට හිමින් කියමු. අනේ දැන් කියන්න තිබුනනේ.''

''ඉතින් කියන්න දුන්නද''

''ඒත් ඔයාට කියන්න තිබුණා.''

''හරි අපි ගිහින් කියමු.''

''අනේ මට බෑ එහේ යන්න.''

''බබා ඔයාට පිස්සුද අම්ම ඒ කෑ ගැහුවට ඕක තව ටිකකින් අමතකයි.''

ඔහු මොනවදෝ මොනවදදෝ  කියා මා සැනසුවද මා හිතින් සැනසුනේ නම් නැතිතරම්.දින කිහිපයක් නිවාඩු නිකේතනයේ ගත කලද සතුටු වෙන්න තිබුන දවස් ටිකක් දුක් වුණාදෝ මට සිතුණේ අපි ගෙදර යන්න ලැහැස්ති වෙද්දී.දිනූගේ මව විසින් අපේ ගෙදර අයටද දෝෂාරෝපණය කර මේ වන විට හිත් අමනාප කම්ද ඇති කරගෙන ඇති විටෙක මට ඔහුගේ නිවසට යන්න බැරිකමක් ඇතිවී තිබුණද ඔහුගේ බලවත් ඇවිටිල්ල මත සහ මේ සියල්ල ඔහු විසඳනවා යන පොරොන්දුව මත මේ ගමනට මා කැමති විය.‍මංගල උත්සවයක දෙවනි දිනයක් ලෙස අපි විසින් කිසිඳු උත්සවයක් සංවිධානය නොකල හෙයින් අපේ ගෙදර පිරිස මගදී මා ඇරලවන්නට එන බව දැනුම් දුන්නද ඒ හැමගේ සිත් බිදී පළුදුව ඇතිව ඇති හෙයින් මට සියල්ල මේ වෙද්දි එපා වී තිබිණි. සියල්ල විසදේවි යැයි පුංචි බලාපොරොත්තුවකින් මමත් ඔහු සමග හැද පැලදගෙන ගමනට සැරසුනෙමි.

මගදී අප සමග මගේ ගෙදර අය කිහිප දෙනෙක්ද මාගේ යැයි මෙතෙක් කල් මා එකතු කල ගෙදරට අවශ්‍ය සියළුම ගෘහඋපකරණ ඇතුලු සියලු දෑ ඔවුන් විසින් රැගෙන තිබුණි.දිනූෂගේ ගෙදර ලං ලංවත්ම මා හට එහි යාමට බැරි බවක් දැනුනද ඔහුගේ ඉගියකට පවා මා මෙල්ල වන නිසා වාහනයෙන් බොහෝ වේලා රැගෙන බැස්සෙමි.ලොකු පිරිසක් සිටින නිසාවෙන් මවාගත් බොරු සිනහවන් හා ද්වේෂය අතර දෝලනය වූ දිනූෂගේ පවුලේ උදවිය සුළු සංග්‍රහයකින් පසුව සියල්ලන්ටම සමුදෙන්නට විය.

කිරිල්ලියක් වැනි මව් සෙනෙහස ලග හැසිරුණ නව යොවුන් යෞවනියක් සැමියාගේ නිවසේ කොටුවන සැටිත් ජීවිතේ පටන් ගත් මෙවැනි අවස්ථාවකම හා හා පුරා කියා ඇති වූ සිත් වේදනා නිසාමත් මගේ පවුලේ උදවියට සමුදෙන්නට මා හට මහත් වේලාවක් සේම ඔවුන් හටද එසේම වේලාවක් ගතවිණි.

අම්මා................. මේ ඔයාගෙ වගේම මගෙත් පණ අවුරුදු 8ක් ආදරේ කරල දෙවියනේ කොච්චර තාත්තගෙන් බැනුම් අහල මම ගුටි කාල මේ කෙල්ල දුක් විදලද අපි දෙන්න මේ බැන්දේ  මේ ජීවිතේ හරි රසයි අම්මේ..........හරි වටිනව මට වගේම මගේ සුදු මැණිකෙටත් දිනූෂ බලෙන්ම වගේ හොටු පෙරාගෙන අඩන මා පපුවට ඇදගෙන තුරුලූකරන් අපේ අම්මාට කියද්දි මටත් හිතුනේ ඇත්තටම අපි මේ ආදරේ නිසා දුක් වින්ද අපූරුවයි.

මගේ පුතේ සුදු මැණික බලාගන්න..............කදුළු පිසිමින් මා සිඹ මගේ රත්තරන් මෑණීයන් මගේ අළුත් නිවහනෙන් මට සමුදී යන්ට ගියාය.

.............................................................................................................................................................

ඇරඹුණු අළුත් ජීවිතේ සුන්දරද කියදල අසුන්දරද කියල කියන්න මට තේරෙන්නෙ නෑ. හැමදාම වගේම අවුරුදු 8කට පෙර දැක්වූ ආදරය සේම තාමත් ඔහුගේ පිස්සු ආදරයේනම් අඩුවක් නොවීය.එහෙත්..............
මා දන්නෙ නෑ කොහොම කියන්නද ? කොහොම මෙහෙම ජීවිතයක් මට ලැබුනද කියල.කෑවත් බිව්වත් මා වැරදිය ඔහු හා හිනා වුනත් මා වැරදිය නෑවත් මා වැරදිය.ඔවුන් හා කථා නොකලත් මා වැරදිය.

ඔව්......... කුමාරි හාමිනේ.................සදළුතලෙන් බහින්නෙ නෑ පහලට කුණු දූවිලි ගෑවුනොත්............ ඒ ඔහු‍ගේ මව විය.

පරට්ටි ඒකිත් විනාස වෙලා අපිත් විනාස කොරල මගේ රත්තරං කොල්ලවත් කෑව. තූ............හ්හ් හ් හ් විතරක් මට ඔය මූසල මූනට ඇසිඩ් ගහන්න තියෙනවනම්.මා කාමරයේ සිටින විට ඇය හැමවෙලේම කියන්නීය.

ඔබ හිතයි මේ විවාහයෙන් මසක් හෝ දෙකක් හෝ ගෙවී ගිහින් කියා නෑ.විවාහ වී තාම දින 7යි. ඇනුම්පද ගර්ජන මැද මා කාමරයේම සිටියා මිසෙක එළියටවත් බැස්සේ නැති තරම්.වැඩ ඇරී ඔහු ආ පසු ඔහු සිත බිදීමට නොකැමති මා මේ කිසි දෙයක් ගැන නොකීවෙමි.මා හට වැඩක් පලක්වත් කරන්න දෙන්නේ නැති තරම් මා ඉදල අරන් අතුගාන්න එළියට බැස්සොත්

පලයන් ගෙට අපිට විලිලැජ්ජ කලා මදිවට තව එනව මෙතන, අනේ මේකි මැරිල යනවනම් මගේ කොල්ලට වෙන තැනකින් හොද එකක් කරල දෙන්න වුන ලැජ්ජාවෙන්වත් බේරෙන්න.

අනේ දැන්නම් මටත් හිතෙනවා.මේ තරම් ඉවසන්නෙ නැතුව මැරිල ගියානම් කියලා.කාමරේට වෙලා අඩන්නත් බෑ.

මූසලී උඹ බොරුවට අඩන්න එපා.......මම තොගේ ඇස් උගුල්ලනවා......................

කාටවත් කිසිම දිනකදී මේ වගේ දෙයක් සිදුවෙන්නෙ නැතිව ඇති.වැරැද්ද කාගෙද කොතනද කියන්න තේරෙන්නෙ නෑ.පූරුවෙ කල පවක් වුනත් මේ තරම් පල දෙන්න තරම්.ඒ මට හිතෙන්නෙ මා වෙනුවෙනු ඔහුට කරන්නට දෙයක් තියෙන නමුත් ඔහු නොකර සිටිනවා වැනියි.එහෙත් ඔහු හිත බිදවා මේ සියල්ල කීමටද මට බැරිය.කාට හෝ මේ දුක කියන්නද ? විදවනවා මිසක

දවස් කීපයට මගෙ ජම්බු ගෙඩියට මොකද වෙලා තියෙන්නේ ? ඒ එක් උදෑසනක ඔහුගේ ආදරණීය හඩයි.

ඇයි ඒ........

සුදු මැණික .......ඔයා සතුටින් නෙමෙයිද? අම්ම මොනව හරි කියනවද අනේ මට එයා එක්ක කථා කරන්න වෙලාවක් නෑනේ. චුට්ටක් ඉවසල ඉන්න හොදේ

ඔහු මා සනවසා ගියේය.

තවත් දවසක ආරම්භය ඇවිත්ය.හිත රිදෙනවා මට ඇඩෙනවා මැරෙන්නට හිතෙනවා ඇරෙන්නට මගේ දවස වෙනස් ලෙස ගෙවෙන්නේ නැතිය.

ගෙදරට සිරියාව ගේන්නෙ වෙන උන්.....අපේ එකා ගෙනත් තියෙන්නෙ මූසලකම

උදේ පාන්දර පූජාවට අඩබෙරේ ගහනව වගේ සද්ද පූජාව ඇහෙන්නට වුණා. අපේ අම්ම පුංචි කාලෙ ඉදන් ඉවසීම පුරුදු කලේ මට මේ දේට වෙන්න ඇති කියල මට හිතුනත් ඉවසිය යුතු ප්‍රමානයකකුත් තිබිය යුතු යැයි මට සිතුණ නිසාත් ඇයට බනින්නට කාමරයෙන් මා විදුලි වේගයෙන් ඉවතට ආවද මා පසුව මා මාවම පාලනය කර ගන්නා ලදී.මා දොර රෙද්ද මෑත් කරනු ඇය දුටු බැවින් මා ආ වේගෙටත් වඩා වේගයෙන් ඈ මාවෙත අවුත්

පරට්ටි........තෝ ආවෙ මට ගහන්නද ඈ වේසාවි කියපිය මගේ ගෙදර ඉදන් තෝ මට ගහන්න

ඇගේ නොසිතූ විරෑ කම්මුල් පහර මගේ කම්මුල දෙදුරුම් කන්නට විය.එහෙයින් සෑහීමකට පත් නොවුන ඈ මා ඇද වෙත තල්ලු කලේ වේගයෙන් මා විදුලියකටත් වඩා වේගයෙන් ඇදට වැටුණෙමි.ඈ කාමරයෙන් පිටතට ගොස් මට කුණුහරප වලින් බනින්නට පටන් ගත්තේය.හිතේ දුක නැති වෙන්න මම පැය 5ක් පමණ අඩන්නට ඇතිය.විටෙක මහ හඩින් විටෙක ඉකිබිදුමක් ..........

ඇත්තටම මේ ජීවිතේ මම ඔහුට ගොඩක් ආදරේ කලෙමි.අදටත් තවමත් කවදත් ඔහුට ආදරේ කරමි.මගේ පණ ඔහුයි. එහෙත් අවසානයක් තිබිය යුතුයි.අවුරුදු 8ක් මා පරිස්සම් කල ඔහුගේ පින්තූරය පපුවට තුරුළු කරන් මම ඇඩුවෙමි.

ඔයාටත් මං වෙනුවෙන් දෙයක් කරන්න තිබුණා........... මගේ මහත්තයෝ අනේ මම ඔයාට ගොඩක් ආදරෙයි...........

උදේ ඉදන් අරින්නවත් බැරි තරමට ඉදිමී තිබුණු දෑස් අමාරුවෙන් ඇරගත්තත් පියවෙනවාක් වැනිය.ඔහුත් මමත් හීතලට පෙරවන රෙද්ද බාල්කයේ ගැට ගැසුවේ ඇද උඩට පුටුවක් තබා වැනි වැනී. සියල්ල අවසන් මම සමුගනිමි. දනිමි ආයෙමත් මිනිස් ආත්මයක් මට නොලැබෙන වග ........ කමක් නෑ

බුදු සරණයි.............................



.......................................................................................................................................................................

      ඇය මිය ගියා විවාහයෙන් දින 11 කට පසු ඇය මිය ගියා. එපා කවුරුවත් නිවන් පතන්න ඇයට ලැබෙන්නෙ නෑ නිවන් කවදාවත්.බොරුවට ඔය ඇගිලි රිදවගන්න එපා...... තමන්ගෙ ජීවිතේ නැති කරගන්න කිසිම කෙනෙකුට මිනිස් ආත්මයක්වත් නොලැබෙන කොට නිවන එයාට කොච්චර දුරද?  මීට මාස 3 කට පමණ නැතිවුණ සිත්තමීගේ යහළුවකුගේ කතාවයි.