Monday, October 8, 2012

සිත්තමී මියදුණා......

මියදෙන්න හිත හිත හිතපු මාහට
මියදෙන්න වුණා මා නොසිතු වෙලාවක
පණ ගැහෙන නලියන අහිංසක හිත
වේදනාවෙන් මියදුණා....

දුවල ඇවිත් අර අරකි මැරිල බොල
කියයි අදුරන මිතුරො එකිනෙක
කමක් නැහැ බොල ඇහෙන්නැහැ මට
මගේ ලෝකෙට මම ගියා.....

කීතු කීතු කර කෑලි කෑලි කර
හිතම රිද්දවා මියදුණා මා අද
එපා ආයෙනම් මනුලොවක් මට
අලුත් උප්පත්තියකට තවත්.....

නිවන් ‍සුව සොයුරියේ නුඹහට
කියයි නුඹලා සැවොම එකලෙස
නිවන් ලබන්නට පින් මදි බොලවු මට
ඒ තරම් පවුකල කෙනෙක් අද මම......

60 comments:

  1. :( :(

    ඇයි මෙහෙම ලියන්නේ ?

    ReplyDelete
    Replies
    1. මැරෙන්න පණ අදින නිසා වෙන දේ වෙන්න තියෙන දේ කලින්ම දන්න නිසා වකා...

      Delete
  2. 'නිවන් ලබන්නට පින් මදි බොලවු මට
    ඒ තරම් පවුකල කෙනෙක් අද මම......'

    මේ ටික මාරෙටම වැදුනා..

    ReplyDelete
    Replies
    1. මටත් මරණය මාරටම වැදිල හිරුවෝ...

      Delete
  3. හඩනු එපා මිත ඔවැන්නක් මත
    හැමට මේ දේ වන නිසා..
    නිවන් ලබනට පින් නොලද හිත
    හඩයි යලි ඉපදෙන නිසා...

    ReplyDelete
    Replies
    1. නිවන් ලබනට පින් නොලද හිත
      හඩයි යලි ඉපදෙන නිසා...

      මේ පද ටික හරිම ලස්සනයි....ලස්සනවත් පේන්නෙ නැති වෙලාවක ඒ පද ටික හිතට දැනුනා....

      Delete
  4. සැබෑවටම හිතට වැදුණු පද පෙළක්. හිතේ යම් දුකක් ඇති බව මට නිකමට වගේ හිතෙනවා. :(

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා අපූරුවට හිත් කියවනවනේ

      Delete
  5. හිතට දැණුනු පද පෙළක්!

    ReplyDelete
  6. හ්ම්ම්ම් ! දැනෙන්න ලියලා තියෙනවා සිත්තමී.. වචන හුඟාක් බරපතලයි

    ReplyDelete
    Replies
    1. ජීවිතේ දැනෙද්දි වචන බරපතලයි ළිහිණියේ...

      Delete
  7. කීතු කීතු කර කෑලි කෑලි කර
    හිතම රිද්දවා මියදුණා මා අද

    හ්ම්ම්.....

    කවිය ගැන නම් මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.
    ඒත්
    උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ - මරණයත් කොටා ඇත නළලේ....
    ජිවත් වෙලා ඉන්න මේ ටික කාලෙට හැමෝම ඕක තේරුම් අරගෙන ජිවත් වෙනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද?

    ReplyDelete
    Replies
    1. යථාර්තය ගැන දන්න නිසා හිත හදාගන්නවා රෙපා අයියේ....හරියට ඔයා වගේ....

      Delete
  8. හ්ම්ම්ම්...
    අදහස ලස්සනයි. ඒත් කමන්ට් වලින් ඔයා දුකින් ඉන්න බව තේරෙනවා. ඒ ගැන දුකයි...

    ReplyDelete
    Replies
    1. දන්නවද බ්ලොග් සහෝලට මම ආදරේ ඇයි කියලා පුංචි දුකකටත් හැමෝම දුවල ලගට එනවා ඒක ජීවිතේට මහ මෙරක්...

      Delete
  9. මේ ගෙවල් කොහෙද කියන්න පුළුවන්ද?

    හවහට මාරි කිලෝ එකකුත් අරන් එන්නම් නයිටකුත් ගහන්න බලාගෙන....

    ReplyDelete
    Replies
    1. ඇවිත් යන්න එන්න හරී....

      Delete
    2. ගේ කොහෙද කියන්ඩ..

      Delete
    3. හික්ස් ඔයා ඉන්නවද බලාගෙන ජා-ඇල

      Delete
    4. හාපෝයි.. එහෙනම් බෑ.. මාරි කිලෝ එක තැපෑලෙ එවන්නම්..

      අර චමී කියන එක්කෙනත් ජා-ඇල නේචර් පාක් එක හරියෙලු.. ඔයත් ඒ හරියෙද?

      Delete
    5. මොකද හරී බය වෙලා... ජා-ඇල කිව්ව ගමන් දඩුගම් ඔයද මතක් වුනේ... හා හා

      Delete
  10. ඕනවට වඩා මරණය ස්මරණය කරන්නෙ...ජීවත් වෙන්න ධෛර්‍යයක් නැති අය...(හරියටම කිව්වොත් කොන්ද පන නැති අය..)

    ReplyDelete
    Replies
    1. වචන ටික පපුවටම දැනුනා...විටෙක ඔයා කියන්න වගේ සිත්තමීත් කොන්ද පණ නැති කෙනෙක්....

      කොන්ද පන නැති කෙනෙක් නෙමෙයි හිතම පණ නැති කෙනෙක් වී...

      Delete
    2. හිත රිදවන්න නොවේ ධෛර්‍යය අරගන්නයි කව්වෙ .....සිත්තමී..!
      කේන්තියක් ආවාම හිතට හරි ධෛර්‍යයක් එනවාලු..!
      අන්න ඒ ධෛර්‍යය හිතට අරන් හිත හදාගන්න...!

      Delete
  11. මිනිස්සු ඇයිද මන්ද මෙච්චර මරණය ප්‍රර්ථනා කරන්නේ!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ගැන කළකිරුනම නුවන්....

      Delete
  12. මරණය ප්‍රශ්න වලට විසඳුම නොවුනත්. මරණයම ප්‍රශ්නයක් උන වේලාවට වෙන මොනවා කරන්නද මරණය දරාගන්නවා ඇරෙන්න?

    ReplyDelete
    Replies
    1. මදාර කෙල්ල ගොඩක් දවසකින් මේ පැත්තෙ ඇවිත්....ස්තූතියි වචනෙට

      Delete
  13. ම්ම්ම්....පද ඇමුණුම නම් හැබැවටම ලස්සනයි
    ඒත් මොකක්දෝ දුකක් හැඟවිච්ච බවක් දැනෙනවනේ සිත්තමී මොකක්ද මේ සිද්ධිය....

    ReplyDelete
    Replies
    1. දුකක් දැනිල ඉතුරු වුනේ නෑ බිනරියේ....සිත්තමී මියදුණා.....

      Delete
  14. මලා, මැච් ඒක පැරදුනු එකේ අප්සට් එකටද?? :p

    ReplyDelete
    Replies
    1. ඕහ් මගෙ යාළු....සයිබරයේ පුබුදු කියල කෙනෙක් නැතිවෙලා...මම එයාව අදුරන්නෙ නෑ.නමුත් මගේ හිත ගැස්සුණා.ඒ ඔයාද දන්නෙ නෑ කියලා...මා අතින් වරදක් වුණා වගේ කියල හිතෙනවා...

      දිගුකලක් ජීවත් වෙන්න මගෙත් ආයුෂ අරන් ඔබ....

      වරදක් වුණා සහෝ සමාවෙන්න...

      Delete
    2. මම දැක්කා ඒක, දිනේෂ් අය්යාගේ යාලුවෙක් නේද

      Delete
  15. මොකද නංගි මේ! අරයත් එක්ක පොඩි රණ්ඩුවක් අල්ලල වගේ. ඕක හරියයි. කෝම වුනත් දුක ප්‍රකාශ කරල තියන විදිහෙන්ම පේනව සිත්තමී දුකක් නිසා වැටෙන්නෙ නැති විත්තිය.

    ReplyDelete
    Replies
    1. ජීවිත ගමනේ ගිමන් නිවන්නා.....

      දුක ප්‍රකාශ කරල තියන විදිහෙන්ම පේනව සිත්තමී දුකක් නිසා වැටෙන්නෙ නැති විත්තිය.

      මැරෙන මනුස්සයෙකුත් ජීවත් කරයි අයියෙ ඔයා....ඒ තරම් වචන ප්‍රබලයි ස්තූතියි වචනෙන් ජීවත් කරනවට

      Delete
  16. මොකක්ද නගේ ගැටලුව... හිතේ තියෙන බර බිමින් තියන්න මෙහෙම දෙයක් ලිව්වා කියලා පැහැදිලියි... ඔයාගෙ හොදම යාලුවො එක්ක ඔය ගැන කථා කලොත් වඩාත් නිවැරදි විසදුමක් වගේම හිතට සහනයකුත් ලබා ගන්න බැරි වෙන එකක් නෑ...

    ජයම වේවා !

    ReplyDelete
  17. ස්තූතියි සහෝ....සිත්තමීට යාළුවො ගොඩක් නෑ..ඉන්නෙ හිටියෙ දෙන්නයි දෙන්නම දැන් අළුත් ජීවිත වලට පය තියලා...ඒ නිසා ඒ ජීවිතවල ප්‍රශ්න මදිවට මගේ ප්‍රශ්න කියන්න මම කැමති නෑ...උඩම කමෙන්ට් එක වකාගෙ ඉදල මේ වෙනකම් හිටපු අය මට ඇති....

    ReplyDelete
  18. හැම දේටම හිතනේ සිත්තමී...

    දැන් චුට්ටක් හිනා වෙමු නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ හිත මට දැන් එපා වෙලා....

      Delete
  19. නිවන් ලබන්නට පින් මදි බොලවු මට
    ඒ තරම් පවුකල කෙනෙක් අද මම......
    ඒ සිරා ඈ...
    මාත් පවු කදක්...

    ReplyDelete
    Replies
    1. හික්ස්.....පවු කදක්..

      Delete
  20. අහන්න අකමැතිම දෙයක් මරණය දැන්නම්.. ලියන්න දෙයක් හිතෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. දන්නවා දිනේෂ්...ඔයාගෙ හොදම යාළුවෙක් නැතිවුණා ‍නේ...ලියන්න දෙයක් නැති වුණාට කමක් නෑ...ආව එකත් මට ඇති

      Delete
  21. :( ගොඩ දවසකින් මේ පැත්තෙ ආවේ ඒ එනකොටත් අනු මෙතන මැරෙන්න හදනවනේ කවිය නම් ලස්සනයි ඒත් මගෙ යාළුවෙක් මෙහෙම දුකින් ඉන්න කොට මට දුකයි..

    ReplyDelete
    Replies
    1. අනේ මගේ නිෂ්...කෙල්ලේ ඔයා ගැන දන්නෙත් නෑ මම ඔයා ලංකාවට ආවද?

      හිත ටිකක් අවුල් ඇත්තටම මම දැන් මැරිල වගේ....

      Delete
  22. අපොයි මන් එන්නේ නැතුව හිටපු දවස දෙක තුනට වෙලා තියෙන හදියක්.. මී මොකෝ අනේ මේ? කට්ටිය ඔයා මැරෙන කන් බලාගෙන ඉන්නවා නම් "හිටපන් උඹලට මන් මැරෙන්නේ නැ" කියලා ඉන්න යාළු.. එහෙමයි ඉන්න ඕනේ.. ජීවිතේට ප්‍රශන එනවා.. ඒත් බය වෙන්න එපා.. ජීවිතේ ගලාගෙන යනවා..
    Life goes on..

    ReplyDelete
    Replies
    1. ඔයා එන්නෙ නැතුව ඉන්න එපා යාළු....ආයෙ එද්දි මේ අය මට දානෙත් දීල තියෙයි.දිගටම එන්න.

      රිදුණ හිතට ඔයත් සහනයක් වුණා යාළු.....

      Delete
    2. හිතලා එන්නේ නැතුව ඉන්නවා නෙවෙයි අනේ.. වැඩ ගොඩාආආආයි නේ..ඒකයි.. :) දැන ඉතින් ඔන්න විභාග පටන් ගන්න යන්නේ.. එතකොට ආයේ සති ගානකට අතුරුදහන් වෙන්න වෙනවා.. දුක් වෙන්න එපා.. හැමදේම හොඳම විදිහට විසඳෙයි..

      Delete
  23. මරණය එක්කද කේන්තිය? නැත්නම් ජීවත් වන අය එක්කද?

    ReplyDelete
    Replies
    1. කා එක්කවත් නෙමෙයි මාත් එක්කමයි....

      Delete
  24. වෙනත්ම හැඩයක් ගත් නිර්මාණයක්.මගේ සුභ පැතුම්්

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා මගේ සිත්තමට ආදරෙන් ඔබව...ආපහු එන්න එහෙනම්

      Delete
  25. දිවිය මොන තරම් සුන්දරදෝ...
    දුකම කොයිතරම් සතුටක්දෝ...

    සිංදුවක එහෙමත් තිබුනා...

    සිත්තමී... මරණයෙන් නැගිටින්න... ජීවිතය ගැන කවි ලියන්න...

    ReplyDelete
  26. තිසර පිළිගන්නවා ආදරෙන් මගේ සිත්තමට....ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙලා හිටියත් හිත රිදුණම තැන හදාගන්න හරි අමාරුයි...

    දිගටම එන්න යාළු....

    ReplyDelete
  27. මිනිසුක් සංවේදී උනාට ඒ සංවේදි බවට ගැලපෙන පද පේලි ලියුවට ඒක සම්පුර්ණ ජීවිතයයි සිතන එකයි වරද. ඕනෑම නිර්මාණයක් කරද්දි ඇති දේ වගේම තව වැඩිපුර ඒවත් එකතු වෙනවා. ඒක තමයි නිර්මාණය කියන්නේ. ඉතා සංවේදී පදවැල්.. ජීවිතය කියන්නේ ඒ කවියම නොවන බව විස්වාස කරමි. ජය

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා ආදරෙන් මගේ සිත්තමට...

      සංවේදි බවට ගැලපෙන පද පේලි ලියුවට ඒක සම්පුර්ණ ජීවිතයයි සිතන එකයි වරද
      මමත් මෙ කථාව ඉහලින්ම පිළිගන්නවා..කවියා හැම විටකම නිර්මාණය කරන්නේ තමන්ගේ ජීවිතයේ සිදුවීම් අත්දැකීම් නොවන බව මමත් හැම තැනම සදහන් කරල තියෙනවා.නමුත් මගේ ජීවිතේ මම ලියපු ගොඩක්ම කවි මගේ ජීවිතේ යථාර්තය ගැන ලියපුවා...

      දිගටම එන්න මේ පැත්තේ...

      Delete
  28. මේ දවස් ටිකට වෙච්ච හදියක්.... මැරෙන එක කිසි ප්‍රශ්නයකට විසදුමක් වෙන්නේ නෑ. ඒ නිසා නොමැරි ජීවත් වෙන්ඩ..

    ජිවත් වීමයි වටින්නේ !!

    ReplyDelete
    Replies
    1. සිත්තමී මැරිමැරි හෝ ජීවත් වෙන්න තීරණය කලා මධූ අයියේ

      Delete