Friday, August 16, 2013

නුඹයි මගේ කවිය....



සුපෙම්වත් හිත නලියන පෙම් කතිකාවක රස නුරාව
වේදනාවේ නිමිහිම් නැතිව ගිය පපුව හාරන ඉකිබිඳුම
විරහවේ තනිකම කඳුල සුසුම ඉහවහා ගිය කාලකණ්නිකම
මුසුකර ගත් හැම තත්පරයක්ම ජීවිත ගැන හරි අපූරුවට
පද හැඩකලා මා ලඟ සිටන් ඔය හැම දේම එකම කවියකට

 
විටෙක නුඹ මා සමඟ ම හැමවිට තනි නොතනියට
කිහිප විටක් සියුම්ව ස්පර්ශ කරමින් මට නොදැනිම මා ලඟ
හේතුවක අහේතුවක ‍නුඹ නොදකින මගේ ආත්මීය විනිවිඳ බව
එළියට පෙන්වනවා නුඹට ලැජ්ජාවක් නැතිව මගේ හෙළුව
මම මමමයි කෙසේ කොහොම ලීවත් නුඹයි මගේ කවිය

සාරාංශය (නොතේරුණානම් කවිය)
 
හිත ආදරය කරන විට, හිත විටෙක රිදුන විට, විරහවේ වේදනාව දැනුන විට මේ හැම දෙයක්ම හරි අපූරුවට පදයක් පදයක් එකතු වී ලියවුනා කවියකට

විටෙක නුඹ මගේ තනියට, විටෙක මම නොසිතන වෙලාවක, හේතුවක් තිබුණ හෝ නොතිබුන විටෙක මගේ මුළු ආත්මයම අරගෙන ම‍ගේ ජීවිතයේ සියළුම දේ ලැජ්ජාවකින් තොරව ඉදිරිපත් කරන නුඹයි මගේ කවිය...... ඔයා හැමදේම ලෝකෙට කීවත් මා ගැන මම මම ම යි ඒත් ආදරෙයි හැමදාම කවියට.......

ජීවිතයේ කවුරු ලග හිටියත් නැතත් මට දුක හිතුනත් නැතත් වේදනාවේදී කඳුල හිත් රිදුම දරාගන්න මම ලිව්වත් කවි කවදාවත් ලිව්වෙ නැහැ කවිය ගැන මම ඒකයි අද ලීවේ.......

Wednesday, June 26, 2013

සහෘදයාණෙනි, ඔබට සුභ මංගලම්..............

                කොව්වර කාලෙකින්ද කියනවනම් අම්මෝ සෑහෙන්න කාලෙකින්.කොච්චර වැඩද කියනවනම් අම්මෝ සෑහෙන්න වැඩ මේ දවස් වල.බ්ලොග් එකක් තියෙනවද කියලත් අමතක වෙලා.බ්ලොග් එකේ නැතත් මාව මතක් වුන අයට ඔන්න හිස නමා ආචාර කරනවා.දිනෙන් දින කල වයසත් ගෙවිල සිත්තමී කෙල්ල හිමින් හිමින් වයසටත් යනවා. තවත් අවුරුද්දක් හෙමින් ගෙවිල ගියපු නිසා ඕන් දැන් ගෙදරින් බර බරේ දානවා.මේ දවස් වල ඒවයේත් පිළිවෙලක් වන නිසාම ටිකක් කාර්්‍යබහුල වෙලා. සිත්තමීව පිළිවෙලක් කරන්න ගෙදරින් බොහෝමයට වැඩ කටයුතු. අප්පච්චිට සෑහෙන්න බය සිත්තමී බොහෝම අමාරුවෙන් සිත්තමීගේ හබී ගැන අප්පච්චිට කීවා. සිතුවා සේ හිතේ හිටපු නැති බෑණා කෙනෙක් වුවත් සිත්තමිගේ ආදරණීය හබීට හෙමින් හෙමින් ඕං කැමැත්ත දුන්නා.අද කථාව මේ කිසිම දෙයක් නෙමෙයි.මේ හා සම්බන්ධ වූ දෙයක් ගැන.ඒ කියන්නෙ කසාදෙට කලින් පැන නගින හදහන ගැනයි.

          අම්මෝ ඔය හදහන විස්වාස නොකරන සිත්තමීට ඕං දැන් හදහන සෑහෙන කරදරයක් වෙලා.කොල්ල කොයි තරම් හොද වුනත් හදහනනම් ගැලපෙන්නම ඕනිලු. කාට කියන්නද දෙයියනේ මේ අපරාදෙ.ඒකෙම අනිත් පැත්ත වෙන්ඩ හබීට කෙල්ල හොද වුනාට බෑලු හදහන ගැලපෙන්නම ඕනිලු.හදහන් නොගලපා බැන්ද අයට වෙච්ච දේවල් සහිත උදාහරණ බොහොමයක් මේ දවස් වල කනට මීපැණි සේ උදේ හවා ඇහෙනවා. කසාද බදින්නත් එපා වෙලා ඇත්තමයි දැන්නම්. මේ කලබල අස්සෙ යුගදිවිය හා ග්‍රහබලය කියන පොත ලියල තියෙන්නේ අයි.ඒ.මොහාන් වික්‍රමසිංහ ඔන්න ඔය පොතේ දෙවනි සංස්කරණයට ලෑස්ති කරන්න සිත්තමීට පොඩි කාර්යයභාරයක් ඉටු කරන්න සිද්ධ වුණා.කොරේ පිටට මරේ කියල ඒකත් කියවපු නිසා සෑහෙන්න හිත අවුල්.
                  මෙන්න මේ අතරේ මගේ ආදරණීය සහෝ කෙනෙක් 2013 ජුනි 27 විවාහ පත් වෙනවාලු.ඒකත් මේ හදහනටම සම්බන්ධ වූ කථාවක්. මෙන්න කථාව කථා නායකයා සුමුදු කථා නයිකාව දිනිති.මේ දෙන්නගේ ප්‍රශ්නෙ තමා කෙල්ලගේ හදහනේ තියෙන්නෙ පළවෙනි කසාදෙන් වැන්දඹු වෙන කථාවක්ලු. මේ හදහන බලන හැම කෙනෙක්ම කියන්නෙ ඒක අනිවාර්්‍යයෙන්ම සිද්ධ වෙනවාමයි කියාලු.එහෙත් පෙම්වතියට දැඩිලෙස ආදරය කරන මේ පෙම්වතා මරණයටත් ලැහැස්ති වෙමින් කිසිම විටෙකත් හදහන් ගැලපීමක් නොකර විවාහ වන දා අත්සන් කිරීමට පමණක් සුභ වෙලාවක් යොදාගෙන හිතුමතේ තීරණයක් අරගෙන 27 වන දා විවාහ පත් වීමට දැන් සියල්ල සූදානම්.දිනිතිගේ ගෙදර අය මේ විවාහයට සම්පූර්ණ විරුද්ධ වන්නේ කාගෙ හෝ දරුවෙක් දැන දැන අමාරුවෙ දාන්න බැරිය කියාලු.එහෙත් මේ සියල්ල කනකට නොගත් ආදරණීය සහෝදරයා විවාහ පත් වීම ගැන විටෙක මටනම් හිතේ බයකුත් එක්කම සතුටකුත් තියෙනවා.සතුට මෙවැනි පෙම්වතුන් අදටත් මේ සමාජයේ සිටිනවා යන හැගීමට.දෙමාපියන් නෑදෑයන් යහළුවන් එපා කියද්දි ඕනම අයෙකුට මේ විවාහය ගැන චකිතයක් බියක් ඇතුල් වෙනවාමයි.එහෙත් හදවතට ඉඩදුන් සුමුදුට ආදරණීය සුභ පැතුමක් එක්කරන්න මට හිතුනේ ඉදහිට මගේ බ්ලොග් අඩවියේ සැරිසරන නිසාමයි.

සහෘදයාණෙනි, ඔබට සුභ මංගලම්.............. 

කිසිදිනක නොවෙනස් වන ඔබේ ආදරේ මේ භවය පුරාවට ඇය හා දිවි ගෙවන්නට ඔබට සියළු ශක්තිය දිර්ඝායුෂ නිති පතමි.....

ඔවුන්ට දිර්ඝායුෂ පතන ගමන් පෝස්ට් එක බලන ඔයාලගෙන් අහන්නේ විවාහයට කොයිතරම් හදහන වටිනවද කියා..........

Thursday, May 9, 2013

නිවන එයාට කොච්චර දුරද?


      
     මංගල උත්සවයට පැමිණි සියල්ලන්ටම අත වනමින් මංගල රථය වෙත පිය නැගුවේ දිනූෂගේ යහළුවන්ගේ බලවත් ඇවටිල්ල මත දිනූෂගේ කරමතින්. වැටෙයිදෝ නොවෙයිදෝ මහත් බියෙන් මමත් හිටියද මට හා සමාන මුහුණු මගේ දෙමාපියන් ඇතුළු පිරිසගේ දැකගැනීමට මට හැකි විය.යහළු යෙහෙළියන්ගේ අත්පොළසන් හූ හඬ මැද්දේ විවිධ කරදර බාධක මැද්දේ දිනූෂ මා ඔසවා ගෙන විත් බොහෝ පරිස්සමට රථය ඇතුළතින් හිදෙව්වාය.එහෙත් දිනූෂට මංගල රථයට ගොඬවන්නට ඔවුන් පිරිස ඉඩ නොදුන්හ.ඒ වෙනුවට යහළු මනමාලයා මා අසලින් හිදුවා දිනූෂව මංගල රථයේ පිටුපස ඩිකිය වෙත යහළුවන් බලෙන්ම ඔසවා ගෙනගොස් දමන ලදී. ඉන්පසු රථයේ රියදුරු හට රථය පන ගන්වන්නට විදානල ලැබුනේද යහළු පිරිසගෙන්ම විය. උත්සව ශාලාවෙන් පිටතට පැමිණ රථය නැවැත් වූ මංගල රථ රියදුරු යහළු මනමාලයා සමග දිනුෂව ඩිකියෙන් එළියට ගත්තේය. අප හට කල දෙයට අපිත් දෙයක් කල යුතුව තිබූණු බැවින් දෙවැනි මනමාලයා පාරේ දමා රථය පැදවීමට දිනූෂගෙන් රියදුරුට අණ ලැබුණි.ඔහුව අපට නොපෙනෙන මානය වෙන තෙක්ම අපි දෙදෙනා මෙන්ම රියදුරු මහතාද අප සමග සිනහවට එක් වුවෝය.අප බොහෝ වේලා සිනා සිනෙමු..

''නිමල් අයියේ අපි පේරාදෙණි‍යට නෙමෙයි යන්නේ වෙන තැනකට අපිව එහෙට ගිහින් දාන්න...........'' කටහඩ අවධි කලේ දිනූෂ

රථයේ රියදුරු පමණක් නෙවෙයි මමත් වික්ෂිප්ත විය.

''දිනූෂ මල්ලි පේරාදෙණිය යන්නන ලෑස්ති වුනේ. ඇරත් අරගොල්ලො දැන් පිටිපස්සෙ එනවත් ඇති''

රථයේ රියදුරු පැවසුවේ අප දෙදෙනා මධුසමය වෙත රැගෙන යාමට පිරිසක් වෙන රථයකින් එන බව අප සියළු දෙනාම දන්නා කරැණක් වුවද එය දිනූෂට මතක් කර දීමට විය හැක.

''අපෝ ඕකුන් එක්ක ගියොත් අද මාව වනසයි නිමල් අයියේ. ගෙදර අය කෙසේ වෙතත් අර වනසපාළුවො ටිකනම් එනවා. බීල බිල මදිවට දැන් රෑ එළිවෙනකනුත් හොටෙල් එකේ ඉදන් බොන්න සෙට් වෙයි. මේ කෙල්ලට උදේ ඉදන් මහන්සි ඇති අපිට ටිකක් සැනසීමේ ඉන්නනම් හොදම දේ කථා  කරගත්ත විදියට නැතිව තැන මාරු කරන එක එහෙම හොදයි නේද නිමල් අයියේ.....''ඔහුගේ කථාව සර්ව සාධාරණ කර ගැන්මට රථයේ රියදුරුද හවුල් කරගන්නා ලදී.

හහ් හහ් හා...............හහ් හහ් හා............... රථයේ රියදුරු වූ දිනූෂ නිමල් අයියා ලෙස හැදින් වූ ඔහු නොනවත්වාම සිනහ වූවේය.

''ඔන්න මේක දන්නෙ අපි 3 දෙනා විතරයි''. කටහඩ අවධි කලේ දිනූෂ

''හරි මල්ලි  හරි බයවෙන්න එපා මම කොහොමත් උඹල දෙන්න දාපු ගමන් හයර් එකක් යනවා හැන්දෑවට අනුරාධපුරේ යාළුවන්ට උඹව හොයාගන්න ලැබෙන්නෙ නෑ.''

''ඉතින් කොහේද යන්නෙ...............''

''අයියේ අපිව නුවර එළියෙ තැනකට දාන්න ලස්සන නිදහස් ................''

''මම දන්න තැනකුත් තියෙනවා අයියත් හොද තැනක් දන්නවනම් කියන්න'' . ඔහු මට ඇසක් ඉගිකලේ ඇයි දැයි මා නොදන්නවා නොවේ.

''හොරා එහෙනම් කොහොම හරි නුවරඑළියටම යන්න වැඩ හදාගත්තා.'' මා ඔහුගේ කන මිරිකමින් සෙමින් කීවා.

''මම විතරක් නෙමෙයි ඔයත් ආස එහේ යන්න බව මම දන්නවනේ මගේ සුදු නෝනේ..............''ඔහු රියදුරුට වහන් වෙමින් මගේ දෙකොපුලක් තදකර සිපගත්තේය.

''නරක ය................''

''නරක් වෙන්න තව තියෙනවද සුදු නෝනේ................''

..................................................................................................................................

නිදහස්ය...... සොඳුරුය......

ඇත්තටම මේ ජීවිතේ කොයිතරම් සොඳුරුද පිවිතුරුද නිදහස්ද ? සිතුවිලි තුල කිමිදෙමින් උහුලගන්න බැරි තරම් සීත බ්ලැන්කට්ටුව තුල වු අප දෙදෙනාගේ ශරීර වල උණූසුමට තදින්ම නොදැනුනද ඔහුගේ උණූසුම පරිසරයේ සීතල වසා ගන්නට උවමනාවටත් වැඩියැයි මට සිතිණි.තව තවත් හිමින් සීරුවේ  ඒ ගතට ගුලි වුනද ඔහු ඇහැරවන්නට ලෝබ සිතුණි.

''මේ සීතලේවත් මේකිට නිදාගන්න බැරි හැටි.................''

ඔහු කොදුරන්නාක් මෙන් පවසමින් මා දැඩි ලෙස තුරැළුකරගත්තේය.


''නැගිටින්නෑ ...........''

''මේ දවස් ටිකේ විතරයිනේ ඔන්න ඔහේ නිදාගමු බං .............''
කවදාවත් නැති කථාවිලාශයක් ඔහුගෙන් පිටවිය.

''නින්ද යනවද අනේ එහෙම, වස්තූ නැගිටින්නකෝ..........''ඔහුගේ පියවූ දෙනෙත් මම බලෙන් ඇගිලි තුඩුවලින් ඇහැරවන්නට වෙර දැරුවෙමි.

''නිදාගන්න දියන්කෝ ගෑණි‍යේ...............'' ඒ වචන වල වෙනසක් තිබුණද නුහුරක් දැණුනද බොහෝ ආදරයක් පිරැණු බවක් හැගුණි.

ඔහු මා බ්ලැන්කට්ටුවේම හිර වෙන්න ඔතා  ඇග උඩින් කකුලක් දමා ගත්තේ ම‍ට නොසෙල්වෙන්නට ඉඩක්වත් නොතබාමය.

''අනේ.................උ ම් ම ත් හිර වෙනවා............මැලෙයි අනේ.................'' මා කෑ ගැසුවද ඔහු ගනනකට නොගත්තේය.

''එතකොට පත්තරේ වැටෙයි මධුසමයට ආ සැමියා  බ්ලැන්කට්ටුවට සිරකර බිරිය මරා දමයි කියල එච්චරයි.''

මටත් ඒ ටිකටනම් හිනාගියා

''මේකනම් කටක් නෙමෙයි වක්කඩක්''

ඔහු ආයෙමත් බ්ලුන්කට්ටුව තුලට විත් අතොරක් නැතිව මා සිපගත්තා.

ලේ නහර තුල  ආදරේ කිමිදි කිමිදී ඔහේ ගලා යන්නට නොදී ඒවා තෙරපනවාක් මෙන් විටෙක සියුම් වේදනාවක් විටෙක රාගික සිතුවිලි සමුදායක් විටෙක හැගීමක් දැනීමක් නැති කාලය ගෙවුන තත්පර මිනිත්තු කිහිපයක්

ඩර් ර් ර් ර් ර් ර් ර් ර්...................ඩර් ර් ර් ර් ර් ර් ...................ඩර් ර් ර් ර් ර්..............

''බබා ෆෝන්.....................බබා ෆෝන්....................අනේ ෆෝ...න් එක අනේ,

'' ඔයාගේ  දිනූ ඔයාගෙ ෆෝන් එක''

''මොන වදයක්ද බං සැනසීමක් ඇත්තෙම නෑනේ...''

ඩර් ර් ර් ර් ර් ර් ර් ර්...................ඩර් ර් ර් ර් ර් ර් ...................ඩර් ර් ර් ර් ර්..............

''හරි ආන්සර් කරල ඉන්නකෝ.''

''ඔයාද සුදු මැණික ෆෝන් එක ඔන් කලේ........''

''හ්ම්............මම නැගිට්ට වෙලේ.................''.

''හෙලෝ ............ගුඩ් මෝනින් ගුඩ් මෝනින්, 

''නැතුව............ නැතුව............ ජීවිතය සුන්දරද මෙතරම් කිව්වලු මේ ඉන්නේ ලගම'' ඔහු ඕනෑවටත් වඩා ඇදල පැදල කීවේය.  එහා පැත්තෙන් කුමක් ඇසුවත් අවසානට ඇහුවේ මං ගැන යැයි මට සිතිණි.

ඔහු එක් අතක් ෆෝන් එක අල්ලා ගැනීමට යොදාගනිමින් අනිත් අතින් මගේ දෙකොපුල් දෙතොල් සිනිදුවට පිරිමදිමින් දුරකථනයට පිළිතුරු සපයන්නට විය.

''මොකක් අම්මල කොහොමද අපි මෙහේ කියල දන්නේ..........  මදැයි නිදහසේ ඉන්න ආවා. නිමල් අයියටත් බිව්වට පස්සෙ පොරොන්දු මතක නෑනේ බං.හැමෝටම හොරෙන් අපි මේ ඉන්නේ කීයටද බං ගෙදරින් පිටත් වෙන්න ඇත්තේ...''

ඒ ඔහුගේ යහළුවෙකු වන්නට ඇතැයි මට සිතුණි.පිළිතුරු දෙන විලාශය අනුව යහළුවෙකු හා දොඩමළු වීමක් වැනිය.

ටක් ටක් ටක් .......අප සිටිනා කාමරයේ ඉදිරිපිට දොරටුව අසල කවුරුන් හෝ පැමිණීමේ විදානය විය හැක.

''මචං කවුද ඇවිත් මම තිබ්බා. පස්සෙ ගන්නම්. අම්මට හුඩු අම්මලද දන්නෑ බං'' ඔහු බියෙන් මෙන් දුරකථනය විසන්ධිකලේ අකුණු ගැසුවාක් මෙන් මා දෙසත් බලමින්.

''අම්මල එනවලු. පැංචි වොෂ් රූම් යන්න අම්මලද නැත්නම් බෙඩ් ටී එකද දන්නෙ නෑනේ.''

විගහට ඇදෙන් පැන ඇද හදන්නට මා සැරසුනද යන්න

''කෙල්ලෙ මම හදන්නම්. යන්නකෝ ඉතින්''

 කවදත් ඔහුගේ විදානයට අණට ගරු කල මා ඇදුමත් රැගෙන නාන කාමරයට පිවිසුණෙමි. පිටතට එනවිට ඔහුගේ මව ,අක්කා සමගින් තවත් අයෙක් කාමරය තුල දිනූෂ සමගින් රණ්ඩු කරමින් සිටියෝය.

''අම්මා මේ පරණ කාලෙ නෙමෙයි.ප්ලීස් කෑගහන්න එපා ඕක බලන්නද ඔයාල හදිස්සියෙ මෙතනට දුවල ආවෙ. අම්මා මේ අහන්න එහෙම දෙයක් වුනේ නෑ. එයාට මහන්සි නිසා අපි නිදා ගත්තා. මේක මගේ ජීවිතේ.ප්ලීස්''

''මම හිතුවා හරි උඹ අමාරුවෙන් දැගළුවෙ මේ නැට්ටිච්චිව කර ගහගන්න.ඒ මදිවට කුසේ ඉදන් හදපු අම්මටත් බොරු කියනවා.''

ඕනවට වඩා හිනා වුනෙත් ඕනවට වඩා සතුටු වුනෙත් මේ උහුලගන්න බැරි දුක ලබාගන්නම වෙන්න ඇති.

''ගෙදර ගිහින් ඇරලවල එනව මිසක් ගේන්න එපා හතරමායිමක හොදේ.''ඇගිල්ලක් උළුක් කල ඔහුගේ මව මා දුටු විගසින් පැමිණි අයත් සමග විශාල ශබ්දයක් ඇසෙන ලෙස දොර වසා ගෙන පිටව ගියාය.සිද්ධ වූ දේත් සිද්ධ වන්නට යන දේත් ඔහුගෙන් අහන්නට නෙව මට ඉවෙන් මෙන් වැටහෙන්නට විය.ගැහැණු කමට කදුළු ඇරෙන්නට පිළියෙමක් වෙන නැති හෙයින්දෝ මට හැඩිණි.

''සුදු මැණික....... ඔයත් ඉතින් බබා වෙනවනේ.අපි දෙන්න දන්නවනේ මොකක්ද වුනේ කියලා.නේද? ඉතින් නේද? ඉතින් ඔව් කියන්නකෝ''

ඔහු තදින් ඒ පපුවට තුරුල් කර ගන්නා ලදී.මේ උණුසුම ලග මැරැණත් කමක් නෑ කියල මම මෙච්චර කල් හිතුවට මම මැරැණට වඩා දෙයක් වුණා කියලයි මට හිතුණේ.

''දිනූ දැන් මොකද කරන්නේ..................''

''සුදු මැණික, අපි අම්මට හිමින් කියමු. අනේ දැන් කියන්න තිබුනනේ.''

''ඉතින් කියන්න දුන්නද''

''ඒත් ඔයාට කියන්න තිබුණා.''

''හරි අපි ගිහින් කියමු.''

''අනේ මට බෑ එහේ යන්න.''

''බබා ඔයාට පිස්සුද අම්ම ඒ කෑ ගැහුවට ඕක තව ටිකකින් අමතකයි.''

ඔහු මොනවදෝ මොනවදදෝ  කියා මා සැනසුවද මා හිතින් සැනසුනේ නම් නැතිතරම්.දින කිහිපයක් නිවාඩු නිකේතනයේ ගත කලද සතුටු වෙන්න තිබුන දවස් ටිකක් දුක් වුණාදෝ මට සිතුණේ අපි ගෙදර යන්න ලැහැස්ති වෙද්දී.දිනූගේ මව විසින් අපේ ගෙදර අයටද දෝෂාරෝපණය කර මේ වන විට හිත් අමනාප කම්ද ඇති කරගෙන ඇති විටෙක මට ඔහුගේ නිවසට යන්න බැරිකමක් ඇතිවී තිබුණද ඔහුගේ බලවත් ඇවිටිල්ල මත සහ මේ සියල්ල ඔහු විසඳනවා යන පොරොන්දුව මත මේ ගමනට මා කැමති විය.‍මංගල උත්සවයක දෙවනි දිනයක් ලෙස අපි විසින් කිසිඳු උත්සවයක් සංවිධානය නොකල හෙයින් අපේ ගෙදර පිරිස මගදී මා ඇරලවන්නට එන බව දැනුම් දුන්නද ඒ හැමගේ සිත් බිදී පළුදුව ඇතිව ඇති හෙයින් මට සියල්ල මේ වෙද්දි එපා වී තිබිණි. සියල්ල විසදේවි යැයි පුංචි බලාපොරොත්තුවකින් මමත් ඔහු සමග හැද පැලදගෙන ගමනට සැරසුනෙමි.

මගදී අප සමග මගේ ගෙදර අය කිහිප දෙනෙක්ද මාගේ යැයි මෙතෙක් කල් මා එකතු කල ගෙදරට අවශ්‍ය සියළුම ගෘහඋපකරණ ඇතුලු සියලු දෑ ඔවුන් විසින් රැගෙන තිබුණි.දිනූෂගේ ගෙදර ලං ලංවත්ම මා හට එහි යාමට බැරි බවක් දැනුනද ඔහුගේ ඉගියකට පවා මා මෙල්ල වන නිසා වාහනයෙන් බොහෝ වේලා රැගෙන බැස්සෙමි.ලොකු පිරිසක් සිටින නිසාවෙන් මවාගත් බොරු සිනහවන් හා ද්වේෂය අතර දෝලනය වූ දිනූෂගේ පවුලේ උදවිය සුළු සංග්‍රහයකින් පසුව සියල්ලන්ටම සමුදෙන්නට විය.

කිරිල්ලියක් වැනි මව් සෙනෙහස ලග හැසිරුණ නව යොවුන් යෞවනියක් සැමියාගේ නිවසේ කොටුවන සැටිත් ජීවිතේ පටන් ගත් මෙවැනි අවස්ථාවකම හා හා පුරා කියා ඇති වූ සිත් වේදනා නිසාමත් මගේ පවුලේ උදවියට සමුදෙන්නට මා හට මහත් වේලාවක් සේම ඔවුන් හටද එසේම වේලාවක් ගතවිණි.

අම්මා................. මේ ඔයාගෙ වගේම මගෙත් පණ අවුරුදු 8ක් ආදරේ කරල දෙවියනේ කොච්චර තාත්තගෙන් බැනුම් අහල මම ගුටි කාල මේ කෙල්ල දුක් විදලද අපි දෙන්න මේ බැන්දේ  මේ ජීවිතේ හරි රසයි අම්මේ..........හරි වටිනව මට වගේම මගේ සුදු මැණිකෙටත් දිනූෂ බලෙන්ම වගේ හොටු පෙරාගෙන අඩන මා පපුවට ඇදගෙන තුරුලූකරන් අපේ අම්මාට කියද්දි මටත් හිතුනේ ඇත්තටම අපි මේ ආදරේ නිසා දුක් වින්ද අපූරුවයි.

මගේ පුතේ සුදු මැණික බලාගන්න..............කදුළු පිසිමින් මා සිඹ මගේ රත්තරන් මෑණීයන් මගේ අළුත් නිවහනෙන් මට සමුදී යන්ට ගියාය.

.............................................................................................................................................................

ඇරඹුණු අළුත් ජීවිතේ සුන්දරද කියදල අසුන්දරද කියල කියන්න මට තේරෙන්නෙ නෑ. හැමදාම වගේම අවුරුදු 8කට පෙර දැක්වූ ආදරය සේම තාමත් ඔහුගේ පිස්සු ආදරයේනම් අඩුවක් නොවීය.එහෙත්..............
මා දන්නෙ නෑ කොහොම කියන්නද ? කොහොම මෙහෙම ජීවිතයක් මට ලැබුනද කියල.කෑවත් බිව්වත් මා වැරදිය ඔහු හා හිනා වුනත් මා වැරදිය නෑවත් මා වැරදිය.ඔවුන් හා කථා නොකලත් මා වැරදිය.

ඔව්......... කුමාරි හාමිනේ.................සදළුතලෙන් බහින්නෙ නෑ පහලට කුණු දූවිලි ගෑවුනොත්............ ඒ ඔහු‍ගේ මව විය.

පරට්ටි ඒකිත් විනාස වෙලා අපිත් විනාස කොරල මගේ රත්තරං කොල්ලවත් කෑව. තූ............හ්හ් හ් හ් විතරක් මට ඔය මූසල මූනට ඇසිඩ් ගහන්න තියෙනවනම්.මා කාමරයේ සිටින විට ඇය හැමවෙලේම කියන්නීය.

ඔබ හිතයි මේ විවාහයෙන් මසක් හෝ දෙකක් හෝ ගෙවී ගිහින් කියා නෑ.විවාහ වී තාම දින 7යි. ඇනුම්පද ගර්ජන මැද මා කාමරයේම සිටියා මිසෙක එළියටවත් බැස්සේ නැති තරම්.වැඩ ඇරී ඔහු ආ පසු ඔහු සිත බිදීමට නොකැමති මා මේ කිසි දෙයක් ගැන නොකීවෙමි.මා හට වැඩක් පලක්වත් කරන්න දෙන්නේ නැති තරම් මා ඉදල අරන් අතුගාන්න එළියට බැස්සොත්

පලයන් ගෙට අපිට විලිලැජ්ජ කලා මදිවට තව එනව මෙතන, අනේ මේකි මැරිල යනවනම් මගේ කොල්ලට වෙන තැනකින් හොද එකක් කරල දෙන්න වුන ලැජ්ජාවෙන්වත් බේරෙන්න.

අනේ දැන්නම් මටත් හිතෙනවා.මේ තරම් ඉවසන්නෙ නැතුව මැරිල ගියානම් කියලා.කාමරේට වෙලා අඩන්නත් බෑ.

මූසලී උඹ බොරුවට අඩන්න එපා.......මම තොගේ ඇස් උගුල්ලනවා......................

කාටවත් කිසිම දිනකදී මේ වගේ දෙයක් සිදුවෙන්නෙ නැතිව ඇති.වැරැද්ද කාගෙද කොතනද කියන්න තේරෙන්නෙ නෑ.පූරුවෙ කල පවක් වුනත් මේ තරම් පල දෙන්න තරම්.ඒ මට හිතෙන්නෙ මා වෙනුවෙනු ඔහුට කරන්නට දෙයක් තියෙන නමුත් ඔහු නොකර සිටිනවා වැනියි.එහෙත් ඔහු හිත බිදවා මේ සියල්ල කීමටද මට බැරිය.කාට හෝ මේ දුක කියන්නද ? විදවනවා මිසක

දවස් කීපයට මගෙ ජම්බු ගෙඩියට මොකද වෙලා තියෙන්නේ ? ඒ එක් උදෑසනක ඔහුගේ ආදරණීය හඩයි.

ඇයි ඒ........

සුදු මැණික .......ඔයා සතුටින් නෙමෙයිද? අම්ම මොනව හරි කියනවද අනේ මට එයා එක්ක කථා කරන්න වෙලාවක් නෑනේ. චුට්ටක් ඉවසල ඉන්න හොදේ

ඔහු මා සනවසා ගියේය.

තවත් දවසක ආරම්භය ඇවිත්ය.හිත රිදෙනවා මට ඇඩෙනවා මැරෙන්නට හිතෙනවා ඇරෙන්නට මගේ දවස වෙනස් ලෙස ගෙවෙන්නේ නැතිය.

ගෙදරට සිරියාව ගේන්නෙ වෙන උන්.....අපේ එකා ගෙනත් තියෙන්නෙ මූසලකම

උදේ පාන්දර පූජාවට අඩබෙරේ ගහනව වගේ සද්ද පූජාව ඇහෙන්නට වුණා. අපේ අම්ම පුංචි කාලෙ ඉදන් ඉවසීම පුරුදු කලේ මට මේ දේට වෙන්න ඇති කියල මට හිතුනත් ඉවසිය යුතු ප්‍රමානයකකුත් තිබිය යුතු යැයි මට සිතුණ නිසාත් ඇයට බනින්නට කාමරයෙන් මා විදුලි වේගයෙන් ඉවතට ආවද මා පසුව මා මාවම පාලනය කර ගන්නා ලදී.මා දොර රෙද්ද මෑත් කරනු ඇය දුටු බැවින් මා ආ වේගෙටත් වඩා වේගයෙන් ඈ මාවෙත අවුත්

පරට්ටි........තෝ ආවෙ මට ගහන්නද ඈ වේසාවි කියපිය මගේ ගෙදර ඉදන් තෝ මට ගහන්න

ඇගේ නොසිතූ විරෑ කම්මුල් පහර මගේ කම්මුල දෙදුරුම් කන්නට විය.එහෙයින් සෑහීමකට පත් නොවුන ඈ මා ඇද වෙත තල්ලු කලේ වේගයෙන් මා විදුලියකටත් වඩා වේගයෙන් ඇදට වැටුණෙමි.ඈ කාමරයෙන් පිටතට ගොස් මට කුණුහරප වලින් බනින්නට පටන් ගත්තේය.හිතේ දුක නැති වෙන්න මම පැය 5ක් පමණ අඩන්නට ඇතිය.විටෙක මහ හඩින් විටෙක ඉකිබිදුමක් ..........

ඇත්තටම මේ ජීවිතේ මම ඔහුට ගොඩක් ආදරේ කලෙමි.අදටත් තවමත් කවදත් ඔහුට ආදරේ කරමි.මගේ පණ ඔහුයි. එහෙත් අවසානයක් තිබිය යුතුයි.අවුරුදු 8ක් මා පරිස්සම් කල ඔහුගේ පින්තූරය පපුවට තුරුළු කරන් මම ඇඩුවෙමි.

ඔයාටත් මං වෙනුවෙන් දෙයක් කරන්න තිබුණා........... මගේ මහත්තයෝ අනේ මම ඔයාට ගොඩක් ආදරෙයි...........

උදේ ඉදන් අරින්නවත් බැරි තරමට ඉදිමී තිබුණු දෑස් අමාරුවෙන් ඇරගත්තත් පියවෙනවාක් වැනිය.ඔහුත් මමත් හීතලට පෙරවන රෙද්ද බාල්කයේ ගැට ගැසුවේ ඇද උඩට පුටුවක් තබා වැනි වැනී. සියල්ල අවසන් මම සමුගනිමි. දනිමි ආයෙමත් මිනිස් ආත්මයක් මට නොලැබෙන වග ........ කමක් නෑ

බුදු සරණයි.............................



.......................................................................................................................................................................

      ඇය මිය ගියා විවාහයෙන් දින 11 කට පසු ඇය මිය ගියා. එපා කවුරුවත් නිවන් පතන්න ඇයට ලැබෙන්නෙ නෑ නිවන් කවදාවත්.බොරුවට ඔය ඇගිලි රිදවගන්න එපා...... තමන්ගෙ ජීවිතේ නැති කරගන්න කිසිම කෙනෙකුට මිනිස් ආත්මයක්වත් නොලැබෙන කොට නිවන එයාට කොච්චර දුරද?  මීට මාස 3 කට පමණ නැතිවුණ සිත්තමීගේ යහළුවකුගේ කතාවයි.





 








Tuesday, April 23, 2013

නුඹත් නොසිතූ දිනෙක ...............

අමතක කල ඒ අතීතය 
රැගෙන ගියත් ජීවිතය
ඉතුරු වුන මගේ අහිංසක හිත
කිලිටි නැතිව පිදුවා නුඹට
ආයෙ ආයෙමත් විටින් විට
පෑරුවත් මගේ සිත අතීතය
හීනෙකින්වත් දිව නොයන්නට
ආසයි මම ඒ අතීතයට
නොසිතූ නොපැතූ දිනක
නුඹ පාරවා මගෙ හිත
ආයෙ ආයෙමත් ඒ දුක
අළුත් කලා හිත යට
........................
මිදෙන්නට බැරි තරමට
අතීතය පාරවයිද අනාගතය
හදාගන්න බැරි වුනොත් දිනක
නුඹ හැර යාවි 
මා,
.
.
.
.
.
.
.
.
නුඹත් 
නොසිතූ දිනෙක

Friday, April 5, 2013

කේක් කෑල්ලක් කන්න ඕනිනම් දුවල එන්නෝ..................

                       කාලෙකින් ආපු සිත්තමී ඔන්න නිකම්ම ආවෙ නෑලු බරට බරේ කන්න ‍අරන් දුවල ආවෙ ගොඩක් කාලෙකින් හමුවෙන් බැරි වුණ යාළුවො ටික බලන්නත් එක්ක.මේල් එකට මේල් එවපු මාව මතක් වුණ අය අතරින් මොනව වුනත් මම ලගින් ඇසුරු කල නමුත් මම උන්නද මාලාද නොබලපු මගේ ආදරණීය ස‍හෘදයන් සියල්ලටම මාගේ ප්‍රණාමය .......

                         අහම්බෙන් නෙතගැටුන අහම්බෙන් ගොඩවැදුන බ්ලොගයකට සිත ගියපු සිත්තමී තමන්ටම කියල බ්ලොගයක් හදාගන්න නොවිදපු දුකක් නෑ .‍ මොකද දන්නෙම නැති විශයක් නිසා.ඒත් සිත්තමී තනි වුනේ නෑ අක්කෙ මේ විදියට වෙන්න ඇති මෙහෙම කරල බලමු.අරකද මේකද ගොඩක් දේවල් ලග ඉදගෙන මගේ නැට්ට වගේ සහ වුන ආදරණීය සහෝදරිය මතකනෙ හැමෝටම සිතුවිලි දැහැන කෙලි පොඩ්ඩ තමයි සිත්තමීට ගොඩක් උදව් කලේ.ඇත්තම කියන්න බ්ලොග් ගැන මෙලෝම දෙයක් දන්නෙ නෑ දෙන්නම.......හික්ස්.......ඔහොම ආපු ගමනේ අළුත් දේවල් අළුත් යාළුවන් අළුත් අදහස් වගේම රස නීරස හැමදේම ලැබුණා සිත්තමීට.

                       කථාව කෙටියෙන්ම කියන්නම් සිහින සිත්තමට හරියටම අදට ඒ කියන්නේ 05-04-2013 ට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් කොහේ හිටියත් සිත්තමීට එන්නෙ නැතුව ඉන්නම බැරි වුණා. ඒ වගේම ආයෙ කවදාවත් නොයන්නම දැඩි තීරණයකුත් අරගෙන. විටෙක දැන් සිත්තමීව කාටවත් මතක නැතුවත් ඇති ඒකට කමක් නෑ.තනියම හරි සිත්තමී දිගටම ලියනවා.

                      සිහින සිත්තම් ගැන ලියද්දි අමතක නොකරම බැරි සිත්තම හදාගන්න වියයුතු වෙනස් විය යුතු දේවල් කියල දුන්න බ්ලොග් ලෝකයේ ආදරණීය සහෘද හදවත පිළිගන්න රෙප් මහත්තයා කවදාවත් අමතක කරන්න බෑ. හරියට මුල රැකගන්න ක්ලෝගාඩ් උදව් කරනව වගේ ඔහු මට උදව් කලා කිව්වොත් නිවැරදියි.ඒ වගේම සිත්තමේ එකම පෝස්ට් එකක්වත් මග නොහැරිය ආදරණීය බ්ලොග් සහෘදයාණන් සිතක සංකල්පනා ලියූ මධුරංග අයියාවත් සිත්තමී ආදරෙන් මතක් කලා ඕන්.......

වසරක් තුල පොස්ට් 55 කට කමෙන්ට් 1375  දැමූ  
සිහින සිත්තමේ සියළුම සහෘද ඔබට මාගේ ප්‍රණාමය.................... 


හරි දැන් පාටිය.......................



 



Tuesday, January 29, 2013

ගම් පහ ගෙවුණු සුන්දර දිනය.....

ජනවාරි 27 ගම්පහ ගෙට්ටුව...........

 සිත්තමීට නම් ගෙට්ටුවට සහභාගි වීම හීනයක් වගේ තිබුනේ.ගෙදරින් එළියටවත් බහින්න තහනම් නියෝග පනවල තිබියදිත්  අප්පච්චිට ගල්පැලෙන  බොරුවක් කියල මව් පාර්ශවයට ඇත්තම කියල ගෙදරින් එළියට පැන්නේ ඇත්තටම නොදුටු යාළුවො ගොඩක් බලාගන්න.වෙන්ඩ හබීත් කවදාවත් නොදැකපු කවුද කින්ද මන්ද කියල නොදන්න ඈයො පිරිසකට එකතුවෙන්න යන සිත්තමී කෙල්ලට යන්න එපා නොකිය සිත්තමී එක්ක යන්න ආව ඔහුගේ දහසකුත් වැඩ රාජකාරි පසෙකට තියෙල.ගෙට්ටුවේ අසිරිය කියන්න කලින් ගෙට්ටුවට පය ගහන්න දිරිය දුන්න අයව මතක් නොකරම බැරි නිසා ආදරණීය පියාණන්ගෙන් අවසර ලබාදුන් මගේ ආදරණීය මෑණියන්ටත් වෙන්ඩ හබීටත් හිස නමා ආචාර කරන ගමන් අපි බහිමු ගෙට්ටුව පැත්තට.....

දහසකුත් සිහන මවන් ගිය ගෙට්ටුව දැක්කම සිහින් දාඩියකුත් දැම්මා දෙවියනේ අදුරන්නෙ නෑනේ කවුරුවත් වටපිට බල බල හිමින් සේනදු වුණා.ඇස් යව යව බැලුවෙ මහලොකුවට එන්න එන්න කියල කෑගහපු රෙපාව.මගේ වෙලාවට ‍ෆොටෝ කෑල්ලකින් ඒ මුණත් තහඩුව දැකල තිබුණ නිසා  ඇදුරගන්න අපහසු වුනේ නෑ.ළගට යනකම් මෑන්ද මෑන් කියල එයා මාව අදුර ගත්තෙ නෑ.ඒක ඉන්ෂූරන්ස් වලටත් වඩා ෂුවර්.කථාකලාම නම් කිව්වෙ අදුර ගත්ත කියල. හික්ස් එහෙම හිතමු.

ඊටපස්සෙ එයාගෙන් මම අදුරන අයව ඇහුවා එයත් සමහරු දන්නෙ නෑ කියලා දන්න දන්න අය පෙන්නුවා.අර සයිබරයේ සිහින පෙම්වතී 


අර කවුද අර අනේ අපේ දිනේෂ් කොල්ලගෙ අර සිහින පෙම්වතී සිහින මදාරා....... 
කොණ්ඩෙත් කඩාගෙන විසේ කොරකොර බංකුවකට වෙලා හිටියා.ලගට ගිහින් කථා කොලාම අනේ හරි හුරුබුහුටියට කථාකොලා ආසාවෙ බෑ.සිහින පෙම්වතීම තමයි.දවස තිස්සෙම ෆෝන් එක ඔබ ඔබ හිටිය මිසක් වෙන වැඩක්නම් දැක්කෙ නෑ.සිත්තමී විහිළුත් කලා වැරදියට බෙහෙත් දීල ලෙඩ්ඩු මරයි ඔහොම කරන්න එපා කියලා.මොනව වුනත් හරි හොද කෙල්ල.(කාටද ඉතින් ආඩම්බර දිනේෂ්ටනේ....)

එතකොට ආදණීය උණුසුම් පිළිගැනීමක සිත්තමීව ලක්වුණා  රස්තියාදුකාරයාගෙන් ඒ සිත්තමී ඔහුව අදුන ගන්න ඔහු ලගටම ගිය වෙලේ,ප්‍රාර්ථනා කෙල්ල, එතොට පුංචිම පුංචි දැක්කම, වැටෙන නාඩිත් නවතින පුංචි  නාඩි අයියා,
හැමෝටම බය සිත්තරී මං කෙල්ල,




බ්ලොග් අවකාශයේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙත් නෝටි වල් රජා (ලගට ගිහින් අදුර ගත්තෙ නැතත්) දුටුව සැනින් වල් රජා අදුරගත්තැහැකි.පිට්ටනියට බැහැල හිටියෙ සෙල්ලම් කරන්න වුනත් රජාගෙ හිත පිට්ටනිය වටේ බංකුවල හිටිය ලස්සන ලස්සන කෙල්ලො ලග.කවුරුවත් නිකමටවත් බෝලෙට වැරදිලාවත් ගහන්නෙ නැති පැත්තක හෙවනක් හොයන් වල් රජා මනෝ පාරවල් දාගෙන හිටියා. 


ලගට ගිහින් කථා නොකලත් මුහුණින් අදුරගත්ත රත්ගමයා.තරියා අබේ,සිංහයා,ඇතුළු ගොඩක් පිරිසක් මුහුණින් හදුනාගත්තා.දැන් මතකෙට එන්නෙත් නැ නම්.අොයි තව ොඩ්ඩෙන් අමතවෙනවා.ආදරණීය වී ොකුර ලියන වීයා....ෝටිම ෝටි දගකාර අර මඩිස්ස ලියන ොලුවා.ොඩම් ගෙඩි දෙකක් තරම් වත් උස නෑ.(කවුද කියලද අහන්ඇයි අේ නංගිලත් ේ පැණි ොල්ලගෙන් රෙන්න බැරි කමට ආ......මල්ලී කියනව කියල අඩන ොලුව .....අර මල්වත්තෙන් එළියට යද්දි කෙල්ලෙක් සෙට්වෙයන් කියකිය හිටිය පුංචි ොල්ල නිශාන්  හුරුබුහුටි ොලු පැටියා)

කතා නොකරම බැරි සැමා......හැමෝටම අමතක නොවන  චරිතයක් වුණා ගෙට්ටුවේදී......කුණු ගද ගහන සපත්තු දෙක නැති කරන්  ගෙට්ටුවට පැමිණි හැමෝගෙම  මුස්පේනුතු මුහුණු වලට පවා සිනාවක් එක්කල සෑම් අයියා.ගදෙන්වත් හොයාගන්නවා සපත්තු දෙක ඒත් කරුමෙට පෙරදා ඒ කුණු සපා දෙක හෝදලාලු.එහෙම කිය කිය ග්‍රවුන්ඩ් එක වටේම ගියා.හොයල දීපියවු නැත්තම් කන්න දෙන්නෙ නෑ.කොයිතරම් ගර්ජනා දැම්මත් සුපිරියටම වැඩේ කල කෙනානම් ඒ පුස්පාට් වලට රැවටුනේ නෑ.

ඔන් නොකියාම බැරි සිත්තමීගේ සොයුරු සිරා කොලුවා.ෆොටෝ කෑලි වලින් අදුරගෙන තිබුන නිසාත් දැකපු හැම ෆොටෝ එකේම රතුපාට ටී එකක් ඇදගෙන හිටපු නිසාත් ඒ ඔහුට තියෙන එකම ටී ෂර්ට් එක බව අදුන ගත්ත සිත්තමී ග්‍රවුන්ඩ් එකෙන් එලියට එනකම්ම හිටියා කථා කරන්න.ඒත් මේන් කොහේදෝ ඉදල මෙයා දුවල ඇවිත් මම සිරා කිව්වෙ නැතැයි.ඔව් ඔව් සිත්තමී ඔයාට තියෙන එකම ටී ෂර්ට් එකෙන් අදුර ගත්තා කියන්න පුළුවන්ද කටක් ඇරලා.හිනාපාරක් දාල මමත් උණුසුම් හමුවීමක් සනිටුහන් කොලා.

ඇත්තමයි සිරා කොලුවෝ ඔය කිරිකැට් තරගයක් නැතුව හැමෝටම එකතු වෙලා කොරන්න පොඩි පොඩි ගේම්ස් ටිකක් කොලානම් මීටත් වඩා සාර්ථකයි කියලයි මට හිතුනේ. එහෙනම් මීට වඩා අදුනන්නෙ නැති බ්ලොග් කරුවන් අදුනගන්න අවස්ථාවක් අපිට ලැබෙන්න තිබුණා.කොහොම වෙතත් ඔබේ උත්සහය අගය කොරනවා.සිරා, සැමා ඇතුළු අර අටම්පහුර අයියණ්ඩියට සංවිධානය කල ගම්පහ ගෙට්ටුව වෙනුවෙන් ස්තූති වන්ත වෙනවා.

නොකියම බැරි අර බස් රේඩියෝවේ නිවේදක කොලුවා......සුපිරියි ඈ........ඔන්න ඒ කවුද කියන්නනම් මම දන්නෙ නෑ.......මයික් වලටම හරියන කටක්. ඔන්න සිත්තමී ඔහු හදුනන්න මයික් කටා කියල සුන්දර සුමිහිරි නමක් දැම්මා කියලා අමතක නොකර දන්න හැමෝම ගිහින් කිව්වොත් හොදයි.සිත්තමීව මයික් කටා අතහැරියෙම නෑ.සුපිරි කිණ්ඩියකුත් දාගෙන සිත්තමීේ විස්තර දැනගෙන පුංචි රිලා පැටියෙක් වේ එහෙට දුව දුව මෙහෙට දුව දුව සුපිරියටම නිේදන පාරවල් දැම්මා.මාරයි ඈ.‍නිේදකෝ දැකලා නෑ සිත්තමී....එහෙම කියයි බලන ඔයාලා.නෑ නෑ එහෙම නෙමෙයි මයික් කටා පාළුව යන්න කරපු වැඩ ටික දාපු කිණ්ඩි හෙම පිට්ටනියෙන් එපිට ඈණුම් ඇර ඇර හිටපු අයට නින්ද ොයන්න වැඩ ොලා.....පිදිය යුත්තන් පිදීම වේම අගය කල යුත්තන් අගය කල යුතුයි.

ඒ වේමයි කම්මැලි කඈණුම් ඇරපු කෙල්ලො ටිකට දීපු සංගීප්පි තරගය.සුපිරි නැතත් වෙන දෙයක් නැති කමට ොදා.කාගෙද වැරැද්ද සිරා ොලුවගෙ කිරිකැට් ගහන්න පුළුවන්ද කෙල්ලන්ට ොල්ො විතරක් කිරිකැට් ගැහුවම හරිද?  යෙමත් කියන්නෙ පුංචි පුංචි ේම් ටිකක් තිබුනනම් ේට්ටුවෙ වටිනාකම කියල වැඩක් නෑ.යෙ ේට්ටුවක් සංවිධානය ොරන්න බලාොත්තු වන්නන්ටත් එක්කයි ේ කියන්ේ.

තව හිටියා දගකාර ොලු මල්ලියෙක් හැෝම කිව්වෙ ස්කුබියා කියලයි මට මතක හැටියට.හරි ොද බුවා.බුවත් එක්ක හිටපු කෙට්ටු අයියද මල්ලිද මන්ද අර දම්පාට ඉරි ටී එකක් ඇදල හිටියෙ.එයාගෙත් බ්ොග් එකයි නමයි දෙකම අහගත්තත් දැන් මතක නෑ.මට දෙන්නා ගැන  දන්නා අයෙක් ේ නම් වහාම විස්තර ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. 

 Group Photo එක ගෙට්ටුව අවසාන වන්නටත් කලින් සිරා ගන්න තීරණය ේ එකා දෙන්න හිමිහිට මාරවෙනව බලන් ඉන්න බැරි කමට.ගෙට්ටුේ මිහිරිම අවස්ථාව ඒක.හැෝම පෙලට ඉන්න ට්‍රයි කරනවා.එකෙක් මූණ ේන්නෙ නෑ අයින් වෙයන් ඔතනින් කියනවා.තව එකෙක් කෑ ගහන්න එපා ොලව් Audio රෙොඩ් වෙනව කියල කෑගහනවා.දකණෙ බිත්තියෙ එල්ලිලා ඉන්න උස කෙනා '' අෝ අරන් ඉවරද කෙ එල්ලිලා මගෙ අත රිදෙනවා" කියල කෑ ගහනවා.ෝ ගත්ත කෙනාට දස වද දීල අන්තිමට මෙන්න ේ විදියට ෝ එක අරන්.
 
                                     ෆොටෝ එක හොරකම් කල එකක්

ගෙවුන ඒ දිනයනම් සුපිරියි.......යෙමත් සංවිධානය කල සැමට හිස නමා ආචාර කරනවා...... 

 




Friday, January 11, 2013

අම්මලා වෙනුවෙන්.......

යාළු හැමෝටම මතක ඇති සිත්තමීගේ අත්තම්මා නැතිවුණා.දැන් මාස 4කුත් වුණා.ඒ අඩුව සිත්තමීටනම් හරියට දැනෙනවා.මොකද අත්තම්මා වැඩිපුර ගතකලේ සිත්තමී එක්ක නිසා.නාවල කවල පොවල පොඩි දරුවෙක් වබලාගත්තේ. ඇය ටිකක් හිතුවක්කාර නිසාමයි.වයසට ගියාම හැමෝම පොඩි ළමයි වගේලුනේ.ඒකනම් ඇත්ත කරන්න එපා කියන දේවල්මයි කරන්නේ.අද මාතෘකාව ඒක නෙමෙයි.අම්ම කෙනෙක් ගැන.හරි හරි ඉතින් නිධාන කථාවත් කියන්න එපැයි.සිත්තමීගේ අත්තම්මාගේ රෙදිටික දෙන්න කෙනෙක් හොද හොය ඉද්දි සිත්තමීගේ අම්මට හම්බවෙලා වයසක අත්තම්මා කෙනෙක්.දරුවො 5දෙනෙක් දුක් විදල හදල දැන් පාරක් පාරක් ගානෙ හිඟකනවා.එහෙම කථා ඔයාල ඕනි තරම් අහල ඇති දැකල ඇති.නමුත් ඒ අම්මගේ එකම දරුවෙක්වත් පුංචි තැනක නෑ.ඔක්කොමලා ලොකු ලොකු තැන්වල. ඒ තැන් වලට යවන්න අම්ම විඳපු දුක. සිත්තමීට හිතුණා අම්මෙක් දරුවෙක් වෙනුවෙන් දුක් විදින හැටි මතක් කරල දෙන්න.

හිතන්න ඔයා කොහේදෝ ඉදල අම්ම කෙල්ලගෙ බන්ඩියට ආව කියල.හිතනවද එයාට ඒක ලේසි පහසු දෙයක් කියල.ඔයා පුංචිම පුංචි ලේ බින්ඳුවක් වුණාට අම්මට ඒක දරාගන්න හරිම අපහසුයි.මාස 3ක් යනකම් එයාට කැරකිල්ල හැදෙනවා ඇගට පණ නෑ.වමනෙ යනවා.කන්න බෑ.කන්න හිතෙන්නෙ නෑ.නිදාගත්තට නින්ද යන්නෙ නෑ.පුදුම දුකක් විඳන්නේ.කොයිතරම් ඇඟට අමාරු වුනත් පැනඩෝල් පෙත්තක්වත් බොන්න බෑ.ඇයි ඔයා කුසේ ඉන්න බව අම්ම දන්නවා.ඒක ඔයාට හො නැති වුනොත් කියල අම්ම බයයි.කන්න ආස කෑමක් කන්න හිතෙන්නෙ නෑ.ඔයාට සැර වුනොත් කියල අම්ම බයයි.මාස තුනක් යනකම් අම්මෙක් කොච්චර පරිස්සම් වෙන්න ඕනිද?  ගැස්සෙන වහනයක යන්න බෑ.දුර ගමන් යන්න බෑ.හිතනවද මේ වගේ කැප කිරීමක් කරන්න පිරිමි කෙනෙකුට පුළුවන් කියලා.කවදාවත් බෑ.

හිතන්න ඔයා දැන් ටික ටික ලොකුවෙනවා.අම්මගෙ බඩ ඇතුලෙ ඔයාට ඉඩහදාගන්න ඔයා වෙහෙසෙනවා.දඟලනවා.අම්මට ඒක කොච්චර දැනෙනවා ඇත්ද?කොච්චර රිදෙනවා ඇත්ද?අපි මොනව හරි දෙයක් කාල බඩේ අමාරුවකට බඩ පෙරලනව දැනුනොත් අම්මෝ දැනෙන අපහසුව.ඉතින් හිතන්න අම්ම කොච්චර දුක් විඳින්න ඇත්ද? ඔයා නිසා.ඔයා කියවගෙන යන්නෙ අකුරු ටිකක් වුණාට මම ලියාගෙන යන්නෙ කෙනෙක්ගෙ වේදනාවක්.ලියාගෙන යද්දි මටත් දුක හිතෙනවා.අම්මගෙ බඩ ටික ටික ලොකු වෙනවා.ඔයා දැන් කිලෝ 1 හෝ ඊට වැඩි ළමයෙක්.අම්ම මේ කිලෝ 1ට වැඩි ඔයාව උස්සන් ඉන්නේ පැයක්ද දෙකක්ද? හිතන්න ඔයාට අතකට කිලෝ එකක් බර යමක් දුන්නොත් පැයක්වත් තියාගන්නෙ නෑ.අනිත් අතට මාරු කරනවා.අම්මෙකුට පුළුවන්ද එහෙම කරන්න.බෑ කියල බිමින් තියන්න.මම මේ කථා කරන්නේ දරු පැටියව බඩේදි නැතිකරන අම්මල ගැන නෙමෙයි.ඔයාව මේ ලෝකෙට බිහිකරපු අම්ම ගැන.


ලොකුම ලොකු බණ්ඩිය තියාගෙන නිදාගන්නවත් බෑ.මාස නවයහමාරක් උඩ අතට හෝ පැත්තට පමණයි ඇයට නිඳාගන්න පුළුවන්. උස්ම ගැනීේ අපහසුතා.සෙම් ෝග සෑදීම,අධි රුධිරපීඩනය, දියවැඩියාව  අවධානමකුත්  ගැබිනි සමේදී ලෙස වැලදීමට ඉඩ තියෙනවා.හිතන්න ොච්චර අම්ම ඔයා වෙනුවෙන් දුක් විඳන්න ඇතිද?ොකුම ොකු බණ්ඩියත් උස්සගෙන  ඇවිදගන්නත් අමාරු ඇය ොච්චර වැඩ කරනවද? ොකු බණ්ඩිය ේ හරි වදියි කියල බයට පරිස්සම් කරන හැටි.පරිස්සම් කරන්න දරන වෙහෙස.හිතුවද කවදාවත් අම්ම එහෙම කරන්න තියි කියල.

ඔයාව ලැබෙන්න දින ගණන් ලංවෙද්දි කෑම කන්න යෙත් අපහසුයි.කෑම ගත්තට පස්ේ ඉන්න අපහසුවක් දැනෙනවා.ඔයා ඇතුලෙ ඉදන් දඟ කරද්දි අම්ම ොච්චර ඉවනවද? මාස නවයක් නවයහමාරක්ම දුක් විඳලා ඔයාව මේ ලෝකෙට බිහිකරන්න එයා සැරසෙනවා.විටෙක දින දෙක තුනක් ඔයා අම්මට වඳ දෙනව වෙන්න පුළුවන්.ඔබ උපදින්න ලංවෙත්ම එයා නිරාහාර විය යුතුයි.නිරාහාර මනුෂ්‍යය දෙව්දුවක් ප්‍රසූතාගාරයට යන්නෙ විටෙක මරණයට අතවනවන වෙන්න පුළුවන්.මරණයත් ජීවිතයත් එක්ක සටනක් දෙන්නෙ දරු පැටියට කරදරයක් නැතිව එළියට එන්න.නිරාහාර අම්ම කෙම තියෙන ොකුම ේදනාව විඳිනවා දරුපැටිය වෙනුවෙන්.ලැබූ ශාරීරික වෙහෙස, ශාරීරික ේදනාව සියල්ලම අහවර වෙනවා ආදරණීය ඔේ පුංචි මුහුණ දුටුවම.

දෙවියනි මෙච්චර දුක් වින්ඳ අම්ම  වෙනුවෙන් ේ දරුවන් ොකු වුණාම කරන කෙනෙහෙලිකම්.ජීවිේ දුන්න ඇය වෙනුවෙන් අපි ොච්චර ේවල් කල යුතුද?ගෙන් ජීවිතෙන් ලබපු අපි ඇය වෙනුවෙන් ජීවිතයක් දෙන්න බැදී සිටිනවා. බව අපි  හැෝම දැනගතයුතුයි.අමතක ොකල යුතුයි.