Tuesday, May 29, 2012

උපමාවක් නැති සැබෑ ආදරේ 2......(සත්‍ය කථාවක්)

උපමාවක් නැති සැබෑ ආදරේ......(සත්‍ය කථාවක්) පළමු කොටස 
        

               වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලයක මෙවැනි දරුණු රෝගියෙකු ජීවත් විය හැකිද? ඇයට සිදු වූයේත් එයමයි.සල්ලිකාර පවුලක ඉපදුණු වාසනාවට ඇයව මොනයම් හෝ විදියකින් සනීප කරවන්නට සන්ධ්‍යාගේ පවුලේ උදවිය කටයුතු කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලුවද සන්ධ්‍යාව නිරීක්ෂණය කල සෑම වෛද්‍ය වරයෙකුගේම නියමය වූයේ සන්ධ්‍යා දින 4ක් හෝ 5කින් මිය යන බවයි. මේ වන විටත් සන්ධ්‍යාට කල හැකි සියළුම වෛද්‍ය පතිකාර සිදුකලද ඇය මොහොතින් මොහත සුව වෙනු හැර මරණාසන්න විය.ජීවිතේ එකම ආදරේ වෙනුවෙන් ජීවිතය පුජා කරන්නට පවා තීරණය කල ඇය ආදරණීය විය.සැබෑ ආදරියේ නුඹ වෙනුවෙන් මාගේ ප්‍රණාමය.මෙවැනි ආදරයකට ඇත්තටම උපමාවක් තිබිය හැකිද?


සන්ධ්‍යාගේ මේ ක්‍රියාව ගැන කිසිදු ආරංචියක් කුමාර නොවූයේ ඔහු රැකියාවක නිරත වී සිටි නිසායි.ඈත පළාතක කුලියට ගොයම් කපන්න, කුඹුරු අස්වද්දන්න,ඔහු පිටත්ව ගියේ ඉක්මණින් සන්ධ්‍යාව තමා ලගට ගැනීමට නම් කීයක් හෝ තම අත තිබිය යුතු බැවිණි.දිවා රෑ මහන්සි වී අතේ කීයක් හරි ඉතුරු කර ගන්නේ දහසක් ඇය වෙනුවෙන් බලාපොරොත්තු තබා ගනිමින්.ජීවිතේ ඇය තරම් ආදරියක් කිසිදා ඔහුට හිමි නොවන වග කුමාර හොදින් දැන සිටියාය.සියළු කරදර වලින් ඈ නිදහස් කරගෙන ඈත පළාතක ඈ සමග ජීවත් වන්නට දහසකුත් බලාපොරොත්තු හිතේ ගුලිකරන් කුමාර වෙහෙස වී වැඩ කලේය.


                ඉපදින හැම මිනිසෙකුම මරණයට දිනයක් දාගෙනයි මේ ජීවිතයට පය තියන්නේ.නමුත් මරණය අකාලයේ මරණයක් වුවහොත්? හිතන්න තියෙන්නෙ එක දෙයයි එයා අරගෙන ආවෙ ඒ ආයුෂ ටික විතරයි කියලා.එහෙම වුනත් මේ ආදර කථාවෙ අවසානය සන්ධ්‍යාගේ මරණයද?


                  මොහොතින් මොහොත මියදෙන්නට පණ අදින සන්ධ්‍යා දිහා වෛද්‍ය වරුන් පවා බලන්නේ පුදුමාකාර දුකකින්.මේ සිදුවීම සිදුවී දින දෙකකින් අසාධ්‍ය සන්ධ්‍යාගේ පවුලේ උදවිය වෙත වෛද්‍යවරයා ගෙනෙන්නේ  වෙත පුදුම සහගත ආරංචියක්.ලංකාවට පිටරටින් නැවකින් වෛද්‍යවරුන් රැගත් කණ්ඩායමක් පැමිණ ඇති වගයි. ඒ වෛද්‍යවරුන් ලවා සන්ධ්‍යාට ප්‍රතිකාර කිරීමට කටයුතු සිදුකිරීමට වෛද්‍යවරුන් උත්සාහ කරන බව සතුටින් කියා සිටියේය.පුංචි හෝ බලාපොරොත්තුවක් ඈ ගැන තියාගන්නට පවුලේ අයට හැකිවිය.මම හිතන්නෙ මේක බලන ඔයාටත්.ඔයත් කැමති වුනේ නෑ නේද සන්ධ්‍යා මැරෙනවට.ලොකු බලාපොරොත්තුවක් නෙමෙයි මේක. ( පිටරටින් වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇවිත් ලංකාවෙ අසාධ්‍යම රෝගීන් 10 / 20 සනීපකර දීමට ඉල්ලුවාලු මේක හරියටම කීදෙනෙක්ද කියල මට මතක නෑ.ඒ ගැන සමාවෙන්න.) පසුදිනම උදෑසන මාතරින් කොළඹට සන්ධ්‍යාව මාරුකර හැරියේ මෙම ප්‍රතිකාර ඈ හට කඩිනමින් ලබාදීමට උවමා වී තිබුණු නිසායි.කොහේදෝ තිබු පුංචි වාසනාවකට මෙම නැවට ඇතුලත් වෙන්නට ඈහට පුංචි වාසනාවක් ඉතිරිව තිබිණි.පුදුමයි එහෙම නේද? වාසනාව..... එහෙම කියන්න පුළුවන්ද ? වාසනාවනම් මෙහෙම වේවිද?....


                       ශරීර අභ්‍යන්තරයේ සිදුවූ විශාල පිළිස්සීම් තුවාල සනීප කරන්නට ඇත්තටම මෙම වෛද්‍ය කණ්ඩායමටත් නොහැකි බවයි ඈ නිරීක්ෂණය කල පිටරට වෛද්‍ය කණ්ඩායමද පැවසුවේ...(මම කිව්වේ මේක පුංචි බලාපොරොත්තුවක් කියලා.) නමුත් උත්සහය අත් නොහල වෛද්‍ය කණ්ඩායම මෙරට සිටින දින දක්වා ඇයට ප්‍රතිකාර කිරීමට කැමති වීය.ඔවුන්ගේ අවසාන ප්‍රථිපලය ලෙස වූයේ සන්ධ්‍යා හට උගුරේ සිට ආමාෂය දක්වා ආහාර ලබාගැනීමට කෘතිම නල මාර්ගයක් සවිකරලීමයි. මෙම වෛද්‍ය කණ්ඩායම අතින් සිදු කෙරුන සාර්ථකම සැත්කම ලෙස සන්ධ්‍යාගේ සැත්කම නිම කිරීමට ඔවුන් හට හැකිවිය.සන්ධයාගේ සැත්කමින් පසු නැවතත් ඇය මාතර රෝහලට මාරුකර යැවීය. පිළිස්සුම් තුවාල හරියාකාර සුව වීමට තව කාලයක් ඈහට රෝහලේ ගත කිරීමට සිදුවිය.


        විශේෂයි, සන්ධ්‍යා හට ආයෙ කිසිම දාක ආහාර ගැනිමට නොහැකි බව මම ඔයාලට මතක් කරන්නේ පුදුමාකාර දුකකින්.අදින් පසු සන්ධ්‍යාට සියළුම ආහාර ගැනීමට සිදු වන්නේ දියර වශයෙන් බව වෛද්‍යවරු නිර්දේශ කලේ ඈ හට වෙන කලයුතු ප්‍රතිකාරයක් නොවන බැවින්


                 සන්ධ්‍යාගේ සියලුම ආහාර මිශ්‍රකර ද්‍රවාකාරයෙන් ලබා ගැනීම වෛද්‍ය නිර්දේශය වුයේ ඇගේ පවකට.මටනම් හිතුනෙ එහෙමයි.මොනව වුනත් මැරෙන්න හිටපු ඇය මෙහෙම හරි බේරුන එක ගැන අපි සතුටුවෙමු.කථාව තවම ඉවර නෑ බලන්නකෝ ඉතුරුටික.මේ හැම දෙයක්ම ඉවර වෙනකම් කුමාරට ආරංචි වුනේ නෑ.හිතේ වූ අමුතුම හැගීමට දිනක් කුමාරව පුදුමාකාර විදිහට වෙහෙස කරන්නට විය.කුමාර රාත්‍රී නින්දේදී නපුරු සිහිනයක් දැක බියවී ඇහැරෙද්දී පාන්දර 4ත් පහුවෙලා.උදෑසන දකින හීන හැබෑ වෙනවලු.කුමාර කඩිමුඩියේ ලෑස්ති වුනේ ගමට යන්න.

                 දහවල් වෙද්දි ගමට එන කුමාරට අහන්න ලැබුනෙනම් එච්චර හොද ආරංචියක්නම් නෙමෙයි.සන්ධ්‍යාගේ පුවත ඇසූ ඔහු මහ හඬින් හඬමින් බිම ඉදගත්තේ ඒ වගේ නරක ආරංචියක් කවදාවත් අහන්න බලාපොරොත්තු නොවූ නිසා.සන්ධ්‍යාගේ අහිංසක මූණ කුමාරට මැවි මැවී පෙනුණි.ක්ෂණිකයෙන් නැගිටගත් ඔහු පියවර තැබුවේ රෝහලට යෑමට.

          අදනම් කුමාරට කිසිම බයක් ඇති වුනේ නෑ.කුමාර දුවල ගියේ අන්ත අසරණීව හොයාගෙන.වෙව්ලන දෙපා අකීකරු මනස විකාර කරද්දී  අමාරුවෙන් ඈ සිටි ඇද ළගට යද්දී හදවත පුපුරු ගසනවා ඔහුට දැනිනි."දෙවියනේ පුංචි මැණිකේ මොකක්ද මේ කරගත්තේ".කුමාරට තමන්ගේ ආදරිය වෙනුවට කුලමල පෙරට තබා කථාකෙරිණි.අහිංසකී ඇස් ඇරියේ තමන්ගෙ එකම ආදරේ බොහෝ දිනකින් දැක නොමැති නිසා දැක ගන්නට.ඇගේ දෑසෙන් කදුලු කැට අහුරුපිටින් කම්මුල් දිගේ බේරෙද්දි කුමාරට ඇය ගැන තරහක්ද ඇතිවිය ඉවසාගත නොහැකි වේදනාව ඇය අතරින් පිටකෙරුවේ ලෙඩ වූ ඇගේ කම්මුල මත කම්මුල් පහරක් ගසමින්.ඇය සියල්ල ඉවසීය.පුදුමාකර ඉවසීමක් ඇති ඇය සියල්ල ඉවසීය.ඇය දනී කුමාර පහර දුන්නේ තරහට නොව ආදරේට බව.එය මනාව ඔහුගේ ඇස් මත කදුලු කැට වලට ජනිත කරමින් තිබිණි."ඔයාට මොනාහරි වුණානම්".

         "අනේ පුංචි මැණිකේ.මෙහෙම දෙයක් කලේ ඇයි? සිදු වූ සියල්ල දැනගත් කුමාර බොහෝ කම්පා වීය.ජීවිතය මේ තරම් නපුරුද?අහිංසක හදවත්ම මේ තරම් පාරන්නට.සන්ධ්‍යා කුමාරගෙන් ඉල්ලීමක් කරන්නට විය."අනේ මාව මෙහෙන් අරන් යන්න." 

"ඔයා මාව මේ පාරනම් අරන් නොගියොත් මම මැරෙනවා."මෙච්චර හරියක් කල ඇය මෙය කරන්නට පසුබට නොවන බව කුමාර හොදින් දනී.


                   "සුදු මැණිකේ ඔයාට තාම සනීප මදි සනීප වෙනකම් ඉන්න."කොතරම් පැහැදිලි කලත් ඇගේ මුරණ්ඩු කමනම් අඩු නොවීය.ඇගේ තීරණය ඇය මොහොතකටවත් වෙනස් වූවේ නැත.ඇයට පරාජය වූ කුමාර ඇයව රැගෙන යන්නට තීරණය කලේය."සුදු මැණිකේ මම හෙට උදෙන්ම එන්නම්."

         කුමාර සන්ධ්‍යාගෙන් සමුගත්තේ අලුත් දිනයක අලුත් බලාපොරොත්තු සමගින් අලුත් ජීවිතයකට පෙරමන් තියන්නට.කුමාරට රාත්‍රී නින්ද නොගියේ ඉදිරි ජීවිතේ ගැන සැලසුමක් හදාගැනීමට.ඇයව කොහේ හෝ රැගෙන යා යුතුයි.එහෙත් එය හිතන තරම් ලේසි කටයුත්තකුත් නෙවෙයි.මේ දෙදෙනාගේ ආදරණීය දිවි ගමනට සහය දුන් කුමාරගේ යහළුවා තවත් උපකාර කරන්නට ඉදිරිපත් වුනේ මොවුන් දෙදෙනාට යන්නට තැනක් සකසා දෙමින්.උදෑසන සන්ධ්‍යා ළගට ගිය කුමාර රොහලේ කාටත් හොරෙන් සන්ධ්‍යාව රැගෙන යන්නට යහළුවාගේ උපකාර ඇතිව සියල්ල සූදානම් කරලීය.අමාරුම කාර්්‍යය වුනේ සන්ධ්‍යාව රෝහලෙන් පිටතට ගැනීමයි..




කුමාරටත් සන්ධ්‍යාටත් අලුතින් ජීවිතයක් ඇරඹිය හැකි වේවිද? 

මොවුන් දෙදෙනා අයියලා හසුවුනොත් ජීවිතේ සියළු බලාපොරොත්තු විසිරී යයිද? 

අසනීප සන්ධ්‍යා කුමාර රැගෙන ගියොත් ඔහුට ඇය ජීවත් කරන්න පුළුවන් වේවිද

  උපමාවක් නැති සැබෑ ආදරේ 3 (අවසාන කොටස) ඊළඟ පොස්ට් එකෙන්  අමතක නොකර බලන්න.....        




                    

Saturday, May 26, 2012

උපමාවක් නැති සැබෑ ආදරේ......(සත්‍ය කථාවක්)

               ආදරය කියන්නේ ලබා ගැනීම (හිමිකර ගැනීමම) නෙවෙයි.ඊට එහා ගිය පුදුමාකාර දේකට මොන වගේ වචන දාල අර්ථකතනයක් දෙන්නද කියලනම් මට තේරෙන්නෙ නෑ.ආදරයට හරිම අර්ථකතනයක් දෙන්න අපි කාටවත් බෑ.ඒත් අපි හැමෝම ආදරය කරනවනෙ ආදරේ කරල තියනවනේ ඇයි අපිට ආදරේට හරි අර්ථකතනයක් දෙන්න බැරි. අර්තකථනයක් දෙන්න බැරිනම් ආදරේ වෙනුවෙන් ජීවිතේම කැප කරන්න පුළුවන්ද? ජීවිතේම එකම ආදරය වෙනුවෙන් මියයන්න පුළුවන්ද නොලැබුන ආදරේ වෙනුවෙන් ජීවිත කාලෙම බලන් ඉන්න පුළුවන්ද? ඔයාට ආදරේ අහිමි වුණානම් ඒ ආදරේ කල කෙනාගෙ අනාගතය වෙනුවෙන් හදවතින් සුභ පතන්න පුළුවන්ද?එයා පටන් ගත්ත අළුත් ජීවිතයට ආශිර්වාද කරල නික්ම යන්න පුළුවන්ද? එහෙනම් ඔබ හරියටම ආදර කල කෙනෙක් ආදරය ගැන දන්න කෙනෙක්

            දෙන්නෙක් ආදරය කරන්නෙ අවසාන හීනය / අභියෝගය විවාහය කියන කඩයිම කොහොම හරි පහු කරන්න.ඒත් ආදරය කරන කීයෙන් කීදෙනාටද තමන්ගෙ ආදරේ ජීවිත කාලෙටම තමන් ලග තියාගන්න පුළුවන් වෙන්නෙ.අඹු සැමියන් වී සෙනෙසහ බෙදාගන්න, දරු පැටවු දෙතුන් දෙනෙක්ගෙ අම්මයි අප්පච්චියි වෙන්න.මේ ජීවිතේ හරි පුදුමාකාරයි.හිත ඉල්ලන දේ ලැබෙන්නෙ නෑ ලැබුනත් වැඩිකල් පවතින නෑ.ලෝක ධර්මය කියල හිත හදාගන්නත් බෑ.එහෙම නේද? හැම ආදර කථාවකම කදුලු සාගරයක් පිරිල තියෙනවා.ආදරේ දිනාගත්ත පෙම්වතුන්ගෙ ජීවිතවලට එබිල බැලුවොත් කොයිතරම් බාධක කම්‍කටොලු පිරිච්ච ජීවිතද? අභියෝග හමුවේ නොසැලී ඉදිරියට ගියපු අය දිනුම්.

              අභියෝග ජය ගන්න හිත් දෙකම එක වගේම ශක්තිමත් වෙන්න ඕනි එක්කෙනෙක් හෝ වැටුණොත් වැටුණම තමා. බලන්නකෝ ඒවගේම ආදරණීය කදුලු කථාවක් ආදරේ වෙනුවෙන් ජීවිතේම කැප කරන ආදරණීය දෙපලක්.ආදරේ හිමිවේවිද අහිමිවේවිද කියලා.

               මාතර  පැත්තෙ සිද්ධවුණ ඇත්තම ආදරණීය කථාවක්.පිටිසර ලස්සන ගමක් පුදුමාකාර ලස්සන සුන්දර ගමක්.ගමේ සුන්දර කම වැඩිකරන්න ගමට හිටිය ලස්සන පුංචි කුමාරිකාවක් නම අපි දැනට දාමු සන්ධ්‍යා කියලා.ඇත්තටම ඇගේ  ලස්සනට කියන්න බැරි තරම්. ඒ ලස්සන දෙගුණ කරන්න තරම් ඇගේ අහිංසකකම.දිගම දිග කොණ්ඩය ලස්සන ඇස් පිහාටු දුඹුරුපාට ඇස්දෙක පුදුමාකාර ලස්සනක් ඇයට එක්කලේ පැහැපත් සිරුරේ වර්ණය. දකින කොල්ලෙක් පිස්සු වැටෙන්නෙ ඉස්සෙල්ලාම ඒ ලස්සනට.ගමටම තිබුණ සල්ලිකාර පවුලේ බඩපිස්සිය වුනේ නංගිට පණටත් වඩා ආදරය කරන අයියලා 6 දෙනෙක්ගේ පුංචි දඟකාරිය වෙමින්.නංගිව ඇස් දෙක වගේ බලාගන්න ආදරණීය අයියලාගෙන් ඇයටනම් තිබුනේ පුදුමාකාර කරදරයක්.ආදරේ වැඩිවුණාමත් අපිට හරි කරදරයිනෙ එහෙම නේද? අන්න ඒවගෙයි එයාටත්.සෙරෙප්පු දෙකක් නැතිව එළියට බහින්නවත් තහනම්.තව ඒ ගැන මොන කතාද.හැම වෙලේම කවුරුහරි පස්සෙන්.

                පුංචි කෙල්ල පාසලේ හිටපු ලස්සනම කෙල්ල.ටිකෙන් ටික තරුණ වෙන්නෙ තව තවත් පුදුමාකාර ලස්සනක් එක්කරමින්.ඒකාලෙ වැඩිපුර ඉගන ගන්නෙ නෑ අටපාස් කිව්වම අද කැම්පස් ගිහින් ඩිග්රිය ගැහුව වගේ තමයි 5 වසර 6 වසරින් නැවතිලා ගොයම් කපන වැඩ වලට හවුල් වෙනවා.ඒ නිසා ගොඩක් ළමයි ඉස්කෝලෙ යන්නෙම නැති තරම්.8 වසරෙදි තියෙන විභාගෙ හරියට A/L වගේ ( ඒකාලෙ ගැන හරියටම දන්නෙ නෑ ඔක්කොම අහල දැනගත්තුවා) කොහොම නමුත් සන්ධ්‍යා හොදට ඉගන ගන්නවා වෙන බලපෑමක් නැති නිසා.ඉස්කෝලෙ හිටියෙත් 8 වසරෙ ළමයි 12 දෙනයි.සන්ධ්‍යා වෙනුවෙන් දකින ඕනිම කෙනෙක් ආස වෙන අතරේ සන්ධ්‍යාට ආදරේ කරන කෙනෙක් පංතිය ඇතුලෙ හිටියා කුමාර කියලා.දකින හැම කෙනාගෙන්ම වසන් වුණාට සන්ධ්‍යා කුමාරගෙන් නම් වසන් වුණේ නෑ.ටිකෙන් ටික මේ දෙන්න අතරේ ආදරයක් ඇතිවෙන්න මහ කාලයක්නම් ගත වුණේ නෑ.කුමාර කියන්නෙ  දුප්පත් පවුලක කෙනෙක්.

                  ඒකාලෙ මිනිසුන් බෙදල වෙන් කරනවා ජාති කුලමල නිසා. ලෝකය දියුණු වෙන්න දියුණු වෙන්න ඒ වගේ දේවල් නැති වුන නිසා අද කාලෙ අය ඔය ගැන වැඩියමක් දන්නෙ නම් නැතුව ඇති.ඔයාල තියා මමවත් දන්නෙ නෑ මේ කථාව නිසාම මට ඒ ගැන දැනගන්න උවමනා වුන නිසා ටිකක් දැනගත්තා 

ගොවි කුලය- ගොවිතැන්කරන්නා
රදා කුලය-රෙදි සෝදන්නා
කරා කුලය-මාළු අල්ලන්නා
බෙරව කුලය-බෙර වයන්නා
නවන්දණ්ඩ කුලය-යකඩතලන්නා
දුරා කුලය-
ඔලී කුලය
(වාසගමින් කුලය හොයාගන්න පුළුවන් කියලයි මම දැනගත්තේ යට පත් වුණත් පැරණි අයගේ හිත්වලනම් මේවා තාම තියෙනවා) 

              කුමාර කියන්නෙත් රදා කියන අඩුකුලේ ඉපදුන කෙනෙක්.සන්ධ්‍යා කියන්නෙ ගොවිකුලයේ ඉපදුණ කෙනෙක් ඒ කාලයේ ගොවි කුලය හැදින්වුනේ උසස්ම කුලය විදියටලු. දැන් කථාව තේරෙනව කියලද හිතන්නෙ. නෑ කථාව වෙනස් ඉතුරු ටිකත් බලන්න.කොහොම හරි සන්ධ්‍ය ගෙයි කුමාරගෙයි ආදර කථාව අයියලාගේ කණට වැටුනෙ මේ දෙන්නගෙ අවාසනාවට.අවසානෙ සිද්ධ වුනේ සන්ධ්‍යාට ඉස්කෝලෙ ගමන නවත්වන්න.ඉස්කොලෙ ගමන නැවතුනත් ආදර කථාවනම් නැවතුනේ නෑ."ආදරේ කොහෙදෝ බාධා නැත්තේ " ඔයාට එහෙම හිතුණ නේද? එහෙම හිතල මේ දෙන්නත් හැමෝගෙම ඇස් වහල කොහේදී හරි හම්බවෙලා දෙන්නට දෙන්න චුට්ටක් මූණ දැකගන්නවා.ආදරෙන් ලංවෙලා කථා කරකර ඉන්න බැරි වුනත් දැක ගත්තත් මේ දෙන්නට ඇති.

                    මේ සම්බන්ධෙ නවත්තන්න සන්ධ්‍යාගේ අයියලා ගොඩක් දේවල් කලත් හරි ගියේම නෑ.කුමාරගෙ ගෙදර අය ගමින් පලවා හරින්න තීරණය කලේ මේ කථාව කොහොම හරි ඉවර කරන්න. "උඹට වෙන මිනිහෙක් හිටියෙම නැද්ද  ඔය රදාවා නැතුව"   පුදුමාකාර විදියේ අපහාස හිරිහැර මැද්දේ සන්ධ්‍යා ජීවත් වුනේ කවදාක හෝ කුමාර එක්ක ජීවත් වෙන්න ජීවිතයක් තියාගන්නම ඕනි නිසා.කුමාරගෙ පවුලෙ අය නොයෙකුත් හිරිහැර මැද්දෙ ගමේ ජීවත් වුණේ හරිම අමාරුවෙන්.වෙනදටත් වඩා ගමෙන් වෙන් වුණ පවුලක් වුනේ අඩුකුලේ ඉපදුන පවට.හිරිහැර  මැද ඉවසන් හිටියත් බැරිම තැන කුමාරගෙ පවුලෙ අය ගමෙන් පිටවෙන්න තීරණය කලා.එහා ගමට.එහා ගමටනෙ කියල ඔයාට හිතුණට ගමක් කොච්චර විශාලද ඒ දවස් වල.කොහොමින් හරි ආදර කථාවට ගොඩක් බාධා ආවා.පුංචි කුමාරිහාමිනම් එදාටත් වැඩිය අද ගොඩක් ආදරෙයි කුමාරට. ලියමනක් කාගෙ අතේ හෝ යවා ආදරය රැකගන්න ඈ ගොඩක් ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වුණා. 

                 මේ කරදර නිසාම මේ ආදරේ වෙනුවෙන් මේ දෙන්නගෙ වයසෙ කොල්ලො කෙල්ලො මේ දෙන්නට උදවු කලා.ආදරේ වෙනුවෙන්.ගොඩක් දවසක්‍ දෙන්නට දෙන්න නොදැකපු නිසා දැකගන්න පොඩි උදවුවක් ඉල්ලගෙන යාළුවන්ගෙන් අයියලා මග ඇරල මේ දෙන්නා හම්බවුනේ යාළුවොත් වටේට ඔත්තු බලන්න තියාගනිමින්.සන්ධ්‍යාගේ දුක අහපු කුමාර ඇගේ හිත සැනසුවෙ ආයෙ බලන්න එනවා යැයි පොරොන්දු වෙමින් එදාට ඔහු සමග කොහේ හෝ යාමට එන්න යැයි කියමින් (හරියටම කියනවනම් පැනල යන්න දිනයක් දාගන්නයි මේ ඇවිත් තියෙන්නෙ) 

                        අවාසනාව කොයිතරම්ද මේ අහිංසක ආදරේ.මේ දෙන්නගේ මේ හමුවීම අයියලාගේ කණට වැටුනේ තවත් ප්‍රශ්න රාශියක් උපද්දවමින්.කුමාරයි සන්ධ්‍යයි හමුවූ වග දැනගත් සන්ධ්‍යාගේ අයියලා හැසිරුණේ පිස්සු හැදුණ බලු රංචුවක් ගානට.සන්ධ්‍යාගේ අම්මා තාත්තා පවා ඇයට මෙම සම්බන්ධයට විරුද්ධ වූ බැවින් ඇයට ඇය පමණක් ඉතිරි විය.එහෙත් කොතරම් බාධක ආවත් කුමාර අත්නොහරින බවට ඇය ඇයටම පොරොන්දු කරගෙන මේ බාධකයත් මැඩගෙන ඉදිරියට යන්න හිත හදාගත්තාය.පිස්සු බල්ලන් සේ හැසිරුන අයියලා සන්ධ්‍යාව කාමරය තුලට දමා පහර දුන්නේය.ආදරය හමුවේ වේදනාවන් ඉවසා ගැනීමට ඇය මහත් වෙහෙසක් දැරීය.''උඹ ආයෙ මේ ගෙදරින් හෙලවෙනවා බොරු''
සන්ධ්‍යාගේ වැඩිමල් සොයුරා බැන වදිමින් කීවේය."උඹට ඕනි අපිට තියෙන නම්බුව නැති කරන්න ගමේ වුන් අපිට හිනා වෙනව බලන්න" පුදුමාකාර හිරිහැර අපහාස අතරින් ඇය තව තවත් පීඩා විදීය.

                  අයියලාගේ කේන්තිය ඉවරයක් නැත.ඇයට ගෙදරින් පිටවන්නට නොහැකි අයුරින් සියල්ල සැලසුම් කර ඇයට පය බිම තියන්නට බැරි වෙන්නද  දඬුවම් කරන්නට වූයේ ඉතා සාහසික ලෙස.නිලතල ගරු නම්බුනාමයන් නිසා අහිංසක පවුලේ බාලම සහෝදරියට කුරිරු වද හිංසා දුන්නේ හිත්පිත් නැති ලෙසටය.සන්ධ්‍යාගේ කකුලේ යටිපතුල් පලා ඒවාට ලුණු වතුර එක්කලේ මිනිස්කමද පහත් තත්වයට පත්කරමින්.වේදනාවේ පතුලටම සිරවූ ඇය වේදනාව මැඩ ගන්නට ඇගේ එකම ආදරේ සිතින් සිහිකරන්නට පවා ඇය ආදරණීය පෙම්වතියක් විය.මේ හැම දෙයක්ම මම ඉවසනවා කුමාර ඇය ඇයටම දවසකට දහස් වරක් මිමිණීය.පොලොවේ පය ගසන්නට පවා නොහැකි වූ ඇය තුන් මසක් පමණ වේදනාවන් සමග ඇදක් මත ගත කරන්නට සිදුවිය. 

වේදනාවන් තුලම සිරවූ ඇය තෙමසකට එකම ඇදේ කල් ගෙවීය.කකුලේ වූ තුවාල හොදවෙමින් පවතී.නිවසේ වෙනදාට වැඩියෙන් යමක් වන බව ඇයට වැටහිණි.නමුත් එය කුමක්දැයි දැන ගැනීමට ඇයට අවශ්‍ය නොවීය.මලත් කමක් නෑ ඇයට ජීවිතයද එපා වීය."කුමාර මොනවා කරනවා ඇත්ද? එයා දුකෙන් ඇති මං ගැන ආරංචි වෙලා නොතිබුණොත් හොදයි නැත්තම් එයා දුක්වෙයි." ඇයට නිතරම කුමාර සිහිවිය.කුමාරත් මේ අතරතුර ඇය විදින වේදනාවෙන් මුදා ගැනීමට කිහිප වරක් පැමිණියද ඒ සියලු අවස්ථාවන් අසාර්ථක වූයේ ඔහුගේ හැම පැමිණිමක්ම සන්ධ්‍යාගේ අයියලාට හමුවූ බැවිණි.ඒ ගැන කිසිදු දෙයක් සන්ධ්‍යාට දැන ගැනීමට නොහැකි විය.කුරිරු පහරකෑම් වලට පත් වූ කුමාරද සන්ධ්‍යාව ජීවිතෙන් අයින් කරන්නට නොසිතූහ...


හැමදේම මැරෙනකම්නෙ. ජීවත්වෙන්න බැරිනම් මැරෙනවා.සන්ධ්‍යාගේ තිර අධිෂ්ඨානය දැන් එයම විය.කකුලේ තුවාල සුව වූ සන්ධ්‍යා තුන්මසක් පමණ සිටි කාමරයෙන් එළියට ගත්තේ නොසිතූ වෙලාවක.වෙන්නේ මොකක්දැයි ඇයටවත් තේරුමක් නැත.වෙනදා මෙන් නොව මව පියාද ඇයට ආදරෙන් කථා කරන්නට විය.මෙපමණ කලක් කුරිරු ලෙස වදහිංසා කල සොහොයුරන් පවා මහත් සෙනෙහසින් කථා කලේ පුංචි කාලයේ මෙන් හරි ආදරණීයව.මොකක්දෝ වෙනසකට මුල පුරනවා ඇයට දැනිනි.ගෙදර අසල්වාසීන්ගෙන් පිරී තිබිණ.හැමෝම කුමක් හෝ වැඩක නියැලීය.ඇයට වැටහිනි.මව සොයා ගොස් මවගෙන් විමසුවේ "අම්මේ පොඩි අයියා බඳිනවද කියායි "පොඩි අයිය නෙමෙයි හෙට බඳින්නෙ උඹ එහා ගමේ දිසාසේකර හාමුගෙ ලොකු පුතා.අපේ මූණෙ දැලිගාල පවුලම විනාස කරන්න කලින් .හෙන ගැහුවා සේ ඇසුන දෙයින් කල යුතුදේ මොකක්දැයි පවා ඇයට සිහිවන්නේ නැති තරමට ඇයව මහත් කම්පනයකට ඇති කලේය.

සන්ධ්‍යා දිව ගියේ කිසිම අරමුණක් නැතිවම.වේදනාව ඉවසාගත නොහැකි සන්ධ්‍යා ගබඩාකාමරයේ තිබූ රබර් ඇසිඩ් බෝතලය කටට ගත්තේ කුමාර නැති ජීවිතයෙන් මට පලක් නැත යයි සිතමින්.රබර් ඇසිඩ් පානය කල ඇය පුදුමාකාර වේදනාවකින් බිම පතිතවනු දැක්කේ සන්ධ්‍යාගේ බාල සහෝදරයායි."අම්මේ ‍අම්මේ පොඩ්ඩි ඇසිඩ් බිව්වා" සන්ධයාට එය හොදට ඇසුනි.මහත් වේදනාවකි ශරීරයම පිලිස්සීයන හැටි ඇයට දැනින.සන්ධ්‍යාගේ අයියලා ඇයව වහා රෝහල් ගත කෙරිණ..  

සන්ධ්‍යා මිය යයිද?   ජීවත් වෙයිද? 

කුමාරටයි සන්ධ්‍යාටයි මේ දෙන්නගෙම කියලා ආදර ලෝකයක් හදාගන්න මේ දෙන්නට පුළුවන් වේවිද? 

සන්ධ්‍යා මිය ගියොත් කුමාර ජීවත් වෙයිද?

පොස්ට් එක දිග වැඩිවුණ නිසා ඊළඟ පොස්ට් එකෙන් ඉතුරු ටික බලන්න එන්න අමතක නොකර..... 

Friday, May 25, 2012

හැරගිය සෙනෙහස....

මා හඬපු තරම් නුඹ දන්නවනම්
මා හෙලපු සුසුම් නුඹ ගන්නවනම්
පුංචි හිතට ඒ දුක කෙතරම්
ලැබුනත් ඉවසමි නුඹ මගෙනම්

දෙනුවන් ඉකිගසමින් රෑ තුන්යම
අයදිමි අයදිමි නුඹෙ මගෙ වන්නට
යළි කිසිදා නොයෙනා ලෙසටම
ඈතට ගෙනිහින් මට දුන් සෙනෙහස

හැරගිය සෙනෙහස නැවත ලබන්නට
මා පින්කර නැත නුඹේම වන්නට
මගෙ අත වෙනුවට ඇගෙ අත අරගෙන
ඈතට යන්නට අවසර නුඹ හට
............  ෴ ..........

Wednesday, May 23, 2012

පවුකාරිය.....

පුතේ නුඹ මා කුසයේ
හැදී වැඩී නුඹ බිහි වූ දාකට
ඇසුවොත් සුරතල් මුවින් පියාගැන
කුමක් කියන්නද එදිනට නුඹහට

දැනටමත් මා විඳවමි
ලෝකයෙන් ගැරහුම් අපමණ
කාලකණ්නිය යන නාමය
පටබැඳිලා නුඹේ මව හට

අන්ත අසරණව මා හිඳිනා කල
කලයුතු දෙයක් නොපෙනෙනා විට
මගේ කුසයම නුඹේ මලගම
සදනු කෙලෙසද ආදරේ නාමෙට

පවුකාරිය උඹ පවුකාරිය උඹ 
ලෝකයම කියාවි එකහඬින් මට
මට පවු ‍පිරේවි එදාට නම් තව
විසිකලොත් කුසයෙන් නුඹ එළියට

මට වගේම ගරු නම්බුනාම මැද
ලොවම වෙන්කරයි අවජාතක නුඹ
අවජාතකයෙක් අවජාතකයෙක්
නුඹ හට කීවොත් ඉවසම්ද කෙලෙස මම

පුතුනි අපට බැහැ ජීවත් වන්නට
කරන වැරැද්දට සමාව නැහැ මට
ලොවෙන් සැගවිලා නික්ම යන්නට
එනවද පුතුනේ මාත් සමඟ අද


Monday, May 21, 2012

මිය යන්නද මා.....

මල හිරු බැසගෙන
ගොම්මන් කළුවර බදාගන්නට
සැරසෙන පරිසරය
කෑ ගසායන කුරුල්ලෙකු හා
ගිනි දළු වලින් ඉතුරුවන
ඔබේ භෂ්මීය සමඟ
පාළු සුසානයේ මා තනිවම
මලකුනකි ඔබ අද
ගිනිගෙන දැවුණි,
නූඹ නොව මගේ හිත
මිය යන්නද මා
මේ දුක කොහොම දරාගෙන
තනිවුනි මා ඔබේ ලෙය
කුසෙහි දරාගෙන
නැතිව,
කසාද කොළයක
අත්සන් නොකර...




Thursday, May 17, 2012

ශාප නොකරන් නු‍ඹේ දුප්පත්කමට.....

ගතින් ගිලිහුණ විට සුදු ගවුම
පෙරහුරුව ලැබුණා කාසි සොයනට
සාරියක් බඳ වටේ පටලගෙන
පරිඝණකයට යොමු වුණා කාසි සොයනට

විසි දෙකක් සපුරන විට 
මවුපියො සැරසෙති මනා‍ලයකුට
මව සොයති ආදර පුතෙකු දියණිට
කාසි යහමින් ඇත්තෙකු පියාහට

සිතට වදිනා මස්සිනෙකු මල්ලිට
මනස අවුල්වී මා හිඳිනාවිට
කෙලෙස කියන්නද දුකක් දී නුඹහට
ජීවිතේ එකම ආදරේ නුඹයි මාහට

නොහැක දෙමාපියනට හිතක් දීමට
බැරිය නුඹගෙන් නක්ම යන්නට
නුඹ සොයා මට හනික එන්නට
බැරිය ගිනි දී මගේ මවුපියනට

ලිපිය ලීවේ ආදරේ නාමෙට
ගෙල වැලදා ඇඳ ඉස්මත්තෙට
සමුදෙමි ජීවිතෙන් සියල්ලන්හට
මා මලබව නුඹ දැන ගත්විට

ශාප නොකරන් නු‍ඹේ දුප්පත්කමට........


Monday, May 14, 2012

මට මගේ හිත දෙන්න තිබුණ තැන ආපහු තියන්න....


මේ තරම් හිත රිදෙන්න
මම කල පව කියන්න
මට මගේ හිත දෙන්න
තිබුණ තැන ආපහු තියන්න

ආයෙ අයෙත් නොරිදෙන්න
නොපෙන තැනක වලදාන්න
අවසන් කඳුලත් දෙන්න
මැරි මැරී ජීවත්වෙන්න
  ............  ෴ ..........
   

Friday, May 11, 2012

උමතුවෙන්ලු මම......


                                     
                                        කඳුලින් බොඳව යන්නට මත්තෙන් දෑස පිහිදා 
නැවත බැලුවේ මාදුටු  රුව නුඹගෙ දැයි මට මෙන් දෙ‍නෙතටත් සැකයක්   නැගුණු නිසාවෙන්. පුංචිම දේටත් නොකඩවා ගලාගෙන  වැටෙන  කඳුලු ඇස්දෙක අනේ මට නොතිබුණානම් මේ ලෝකෙ වැඩිපුරම අඬන කෙනා නොවන්න  මට  තිබුණා.  හිතට  වාරු  නැතත්  ගතට  මවා  ගත් වාරුවක් අරගෙන ටිකෙන් ටික දැකපු නුඹේ රුවට ලංවෙද්දි කොහේදෝඉදන්කඳුලු කැට  පෙලක්  මුණපුරා  තෙමාගෙන  කම්මුල්  දිගේ  බෙල්ලට  වැටෙද්දි කාටවත් නොපෙනෙන්න කලින් දෑතින් පිසදැම්මෙ කඳුලු දැන් දැන්නවතී යයි සිතමින්.

                                        ටැප් එකක් ඇරිය වගේ ඔහේ ගලාගෙන  කඳුලු කැට වැටෙද්දි  ඔන්න  ඔහේ  වැටියන්  හිතේ  හිරවෙලා  ඉන්නවට වැඩිය කියල මටම  හිතුණ  නිසා හෙමින් හෙමින් පය  තිබ්බෙ  දැකපු  රුව නුඹේ රුවදැයි බලාගන්න.  හිත  මහ  හඬින් හඬනකොට  මට  දැන් හිතෙන්නෙ  මේ  මම  දකින්නෙ  ඔයාගෙ  රුවනම්  නොවන  වග.  කවදාවත්  නැතුව  මමත්  අද  මට  පණ  වගේ  ආදරය කරන ඔයා ගැන සැක හිතුණ මන්දා  මම දන්නවා මේ ඔයා නෙමෙයි. ඒත් හිතේ ඇතිවුන කහට මකාගන්න ඔයාගෙ  මුණ  බලන්නම  ඕනි  කියලා  මට  හිතෙනවා.  මට  පවු  පිරෙයි පන්සිළු   ඔයා  ගැන මොහොතකටවත් මෙහෙම සැක කරනවට. වෙරළ එහා කොනේ ඉදලා බලාගෙන ඉදලා බැරිම තැන තව තව ලංවුනේ ඔව් මේ ඔයා නෙමෙයි කියලා  හිතට හරියටම දැනගන්න.  ඔයා පොරොන්දු වුණා කිසිම දවසක මාව දාලනම් යන්නෙ නෑ කියලා ඔයාගෙ ජීවිතේ එකම කෙල්ල මම කියලා.



                                              මට මතකයි පන්සිළු අපි දෙන්නා හැමදාම මුණගැහෙන  ගල්  බංකුවේ  ඉදගෙන  මගේ මූණටම එබීගෙන ඔයා කියපු හැටි. මට ඔයා කරපු කියපු හැමදේම මතක් වෙද්දි මේ ඔයා නෙමෙයි කියල හිතුන නිසාම මම ආපහු හැරිල යන්න තීරණය කලා.දැකපු රුව හරිහැටි නොදැක.කොහොම නමුත් ඔයා වගේම හැඩ රුවක් නිසා මට අද ඔයා ගැන සැකයක් ඇතිවුණා..දස දහස් වාරයක් සමාවෙන්න පන්සිළු මගේ ඇස් දෙක මාව රැවැට්ටුවා.මට පණ වගේ ආදරය කරන ඔයාව මම මගේ පණටත් වඩා ආදරේ කරන ඔයාව අදුරගන්න මටත් බැරිවුනේ කොහොමද කියල මට හිතාගන්නත් බැහැ.පන්සිළු ඔයාට මම උපන්දිනේට අරන් දුන්න ටී ෂර්ට් එක වගේම එකක් ඒ පිරිමි ළමයත් ඇදන් හිටපු නිසා මම රැවටෙන්න ඇති. හිතින් දහස් වරක් මම මගෙන් සමාව ඉල්ලමින් මම ආපහු හැරුනෙ දෑසට වැඩිය හදවතට නුඹව විශ්වාස නිසා. 

                                          ආයෙමත් යාළුවො ටිකත් එක්ක එකතුවෙලා හරි හරියට රැල්ල එක්ක සෙල්ලම් කලේ වේව්ලල ගිය හිත ඕනවටත් වඩා හදාගන්න.

                         "කොහෙද බං උඹ හිටපු ගමන් අතුරුදහන් උනේ" කියල යාළුවො අහද්දි  මතක් වුනේ  අඬපු පාට ඇස් වලින් පේනවද දන්නෙ නෑ කියල. හැමෝගෙම ඇස් වහල මුහුදු වතුරෙන් මූණ හෝදගත්තේ ආයෙමත් දෙපාරක් නොහිතා සැනකින්. 
                 
                 "පංචාලි....    පංචාලි.....    පංචාලි.....  පොඩ්ඩක් එන්නකො"  
අරුණි මට කථා කරද්දි මුහුදු වතුර එක්ක අපි හොදට සෙල්ලම් කරනවා. කන්කරච්චලේ බැරිම තැන 
                    "උඹ මගේ නම පාඩම් කරනවද කියලා" අහනගමන් මමත් වතුරෙන් ගොඩවුණා.ඒකිගෙ කරටත් අතක් දාන ගමන් තෙමිච්ච මගේ අනිත් අතේ වතුරින් අරුණිගෙ මූණ තෙමුවෙ බැනුමකුත් අහන්න බලාගෙන.මෙයා කාටහරි බයවෙලාද මූණත් අමුතුයි.
                "මොකද අරුණි බයවෙලාවගේ මට ඉබේටම වගේ කියවුණා."

                                    "පැංචි උඹ කලබල වෙන්න එපා මම පන්සිළු ව   දැක්කා කෙල්ලේ එහා පැත්තෙ කෙල්ලෙක් එක්ක ඉන්නවා."
මගෙ හිත හදන ස්වරූපයකින් අරුණි කියද්දි අකුණක් ගහල පිපුරුණා වගේ හිතම කඩාගෙන බිමට වැටුණා.මමත් රැවටුනේ මෙයා දැකපු දේටම තමයි කියල හිත කිවුවත් මහ ගොඩක් හිත රිදුනෙ පන්සිළු කෙල්ලෙක් එක්ක ඉන්නව කියපු වචන ටිකට.අයියෝ චුට්ටකට කලින් හදාගත්ත හිත.
                                          "අනේ අරුණි මමත් දැක්ක ඒ බෝයිව මමත් රැවටුණා උඹ වගේම පන්සිළු වගේමයි නේද"   බීරන්ත වුණ අරුණිගෙ මූණට තට්ටුවක් දාන ගමන් මම කිව්වා. අරුණිනම් ඒ වචන වලින් සෑහීමකට පත්වුනේ නෑ කියල එයාගෙ මූණෙ ඉරියව්වලින්ම මට පෙනුනා.  
                                     "මේ අහපන් පැංචි බොරුවට හිත රවට්ටගන්නෙ නැතුව ඇත්තට මූණ දීපන් මම එයාව දැක්කා ඒ පන්සිළු." හිතම ලෝදිය හැලියක ඔබල ගත්ත වගේ පිච්චිලා යද්දි "වරෙන් යන්න මාත් එක්ක" ආයෙමත් අරුණි කියවන්න ගත්තා. එයාට ඇහුම්කන් දෙන්න හිත හදාගත්ත සැනින් අවසරයක් නැතිව මගේ කැමැත්තක්වත් නැතිව මගේ අතින් ඇදගෙන අරුණි දුවල දුවල මාව ඇදගෙන වගේ ගියා.හිත හදාගත්ත කිවුවට දැන්නම් මගේ හිතත් මොකක්ද වෙලා වගේ කියලා මට හිතෙනවා.

                               මාවත් ඇදගෙන දුවපු අරුණි එක පාරටම නැවතුණා.
ඒ මගේ ඇස් දෙක වගේම අරුණිගෙ  ඇස් දෙකත් රවට්ටපු අර පෙම්යුවල හොඳට පේන තැනකට.    
                                        "පිටිපස්සට නම් පන්සිළු වගේ වුණාට තේරුම් ගනින් ඒ පන්සිළු නෙමෙයි" ආපහු මගේ කටින් පිටවුණා.ඇසිල්ලකින් අරුණි ආයෙමත් මාව ඇදගෙන ඉස්සෙල්ලටත් වැඩිය වේගයෙන් දුවන්න වගේ ගත්තා. ලස්සන පාට කුඩයක් ළඟ පිටිපස්සට වෙන්න අපි දෙන්න නැවතුනේ මුහුද දිහා බලාගෙන ඉන්න ආදරණීය පෙම්වතුන් දෙපලක් ලග. 

                                    සියල්ල නිසලවිය හදවත ගැහෙන රාවය පමණක් වැඩිවිය. කරදරකාරී මුහුදේ හඬත් මූසල සේයාරුවක් මවාගත්තා දැයි සිතේ. සිතුවිලි ඔහේ මට කරදර කරද්දී ඇසුනු හඬින් මමත් බිය විය.      
                                 "පන්සිළු" අරුණිගෙ හඬ ටිකක් වැඩියෙන් සද්දෙට ඇහුණා.ඒ සද්දෙටදෝ මගේ ඇස් පියවුණා.තව මොහොතකින් අප දෙසට හැරෙන පෙම්වතුන් දෙපල මගේ ඇස් වලට නොපෙනෙන්න මම ඇස් පියා ගත්තා වෙන්නත් පුළුවන්.ඇස් පියා ගත්තේ මගේ පන්සිළු ඔයා වුණොත් කියන බයට.දෑස පියවුණ සැනින් මගේ පන්සිළු පෙනී නොපිනී ගියා මගේ ඇස් පිය යට ඉදලා.ලේ ඇට මස් නහර තුලින් මම ආදරය කරන මගේ පන්සිළු ඔයා නොවේවායි පතමින් දෑස අරින්නට හිතුනත් හදවතේ ගැහෙන රාවයට මමද බියවුණි. මටත් නොදැනිම කඳුලු ඉස්සර වුණා.කම්මුල් දිගේ කඳුලු පෙරෙනකොට මට මම ගැනම දුක සිතුණි.ආදරය වේදනාවක් මට හිතුණේ එපමනයි.මේ ඇස් වැහෙන්නට ඇරෙන්නට ගතවන්නට ඇත්තේ තත්පර කිහිපයක් පමණි.    " චටාස් "
ගාන සද්දෙට දෑස ඉබේටම ඇරුණෙ ඒ කම්මුල්පහර මට වැදුනාදැයි සැකහැර දැනගැනීමට. "දෙවියනේ මගේ පන්සිළු " අරුණිගේ කම්මුල්පහරින් මූණ අල්ලගෙන අප ඉදිරියේ බිම බලාගෙන.ඔහුගේ අත තදින් අල්ලගෙන සිටියේ තවත් ලස්සන කෙල්ලෙකි.

හඬන්නද...... කෑ ගසන්නද.......... හිත හැදෙනකම් ඔහුට පහර දෙන්නද මුහුදටම පැන මියෙන්නද......    මට ඔහු අහිමි කල ඇයව මරා දමන්නද ?

අදටත් මට මතකයි ඔබේ රුව, ඔබේ මුහුණ............ මගේ පන්සිළු අනේ මං ඔයාට තවමත් ආදරෙයි....... මං ඔයාට ආදරෙයි.........





උමතුවෙන්ලු මම
මතකය අමතක වූ
කාට කියන්නද  මම
නුඹ අමතක නැති වග
බෙහෙත් බොනවා මම
අමතක වූ මතකය ගන්නට
නැතිය මොහොතකටවත් මම
නුඹේ නම අමතකකොට
දොස්තර ඇවිත් බලනවා මම
දිනෙන් දින සුව කරගන්නට
උමතු නේවාසිකාවක්ලු මම
විරහව විඳගන්න බැරිවුණ
සිරවූ බිත්ති හතරෙ මම
නැහැව්වෙමි මගේ ලෙයින්
ආදරෙයි අනේ මං ඔයාට ආදරෙයි
අමතක කරන්නෙ කොහොමද මම
මගේ එකම ආදරේ
............  ෴ ..........

Wednesday, May 2, 2012

නොමියෙන පෙමක්

මතකද ඔයාට එදා හුඟක් හයියෙන් වැස්සා.බස් එකක් එනකම් බලන් හිටියෙ  නොතෙමී  වැඩට  යන්න. මොකක්ද කරුමෙකට එදා හැමදාම වෙලාවට එන බස් එකත් ආවෙ නෑ මාව තෙමන්නම හිතාගෙන.තෙමෙන එකෙන් බේරෙන්න දුවල ගිහින් බස් හෝල්ට් එකට රිංගුවේ.අම්මප මගේ කරුමෙක මහත ඒක ඊට වැඩිය හිල් වෙලානෙ.මීට වඩා හොඳයි එළියෙ ඉදන් තෙමුනනම්.අහිංසක ඔයා දිහා ඉබේටම බැලුනෙ පොඩ්ඩකට ඉඩක් ඉල්ලගන්න.වෙනදනම් ඔරවන ගස්සන ඔයාටත් මං ගැන දුක හිතිලද ඇස් වලින් කථා කලේ කුඩේ යටට....


දන්නවද මට තාමත් ඔය ඇස් මතක් වෙනව කථාකරපු හැටි කුඩේ යටට.බස් එක එනකම් එන්න කුඩේ යටට.අනේ ඔයාගෙ වචන ටික මගේ සවන්පත් නෙමෙයි හදවතත් කඩාගෙන ගියා වගේ.මේ ලෝකෙ කිසිම කෙනෙකුට මේ වගේ හැගීමක්නම් දැනිල නැතුව ඇති.සත්තයි මට විශ්වාසයි කවදාවත් කාටවත්ම දැනිලනම් නැතුව ඇති.වචනෙන් කොහොම කියන්නද.අකුරු වලට කොහොම හරවන්නද හිත විතරමයි දන්නෙ ඒ ගැන...


වෙනද ඔයාගෙ පිටිපස්සට වෙලා ඔයාගෙ අහිංසක ලස්සන දිහා මම බලන් ඉන්නවා.බස් එක එනකම්වත් ඉන්න බැරි ඔයා ඔරලෝසුව දිහා අත කීපාරක්නම් හරව හරව බලනවද.දන්නවද මම ඒ වෙලාවට අනේ බස් එක තව පරක්කු ‍වෙයන් කියල ප්‍රාර්ථනා කරනවා.මොකද ඔය ලස්සන අහිංසක මූණ දිහා බලන් ඉන්න මට තියෙන්නෙ විනාඩි පහක් දහයක් නිසා.අද දැකපු ඔයාව හෙට උදේ දකිනකම් මට ඉවසිල්ලක් නැති හැටි.ඔයාව මතක් කරල නිදාගන්න පුංචි වෙලාවෙත් කීපාරක් මහ රෑ ඇහැරිලා බලනවද උදේ වෙලාද කියල.ඇත්තමයි සුදු කෙල්ලෙ මේ හිත මේ ඇස් දෙක ඔයාව දකින්න කොච්චර දුක් විඳිනවද ඇත්තමයි සුදු කෙල්ලෙ මේ ඇස් දෙක ඔයාව දකින්න දුක් විඳින හැටි ඔයා දන්නවනම් උදේ පාන්දරින් බස් හෝල්ට් එකට ඒවි.සමහර දාට බස් එක එන වෙලාවටම දුවල ඇවිත් ඔයා බස් එකේ නැගල ගියාම අනේ මට දුක හිතෙන තරම්.මටත් නොදැනිම මේ ඇස් වලට කඳුලු පිරෙන හැටි ඒ කඳුලු
මිනිසුන්ට නොපෙනී මූණ හන්ගන්න මම දුක් විඳින හැටි ඒ වගේ දවසට මට නින්ද යන්නෙම නෑ ඊලඟ දවසෙ ඔය මූණ දකිනකම් මට ඉස්පාසුවක් නෑ.කොච්චර දුක් විඳල හරි කමක් නෑ ඔයාගෙ ලඟට එන්න ඔයා මට ඉඩ දීපු හැටි.මේක හීනයක්ද මගේ අහංසකීගෙ කුඩේ යට එයත් එක්ක මමත් අද ඉන්නවා.ඈතින් ඉදන් ඔයාගෙ ලස්සනට ආදරය කරපු මම අද ලඟින් ඉදන් ඔයාගෙ සුවඳ විඳිනවා ඔයාටත් හොරෙන් හදවතින්.අදින් පස්සෙ ඔයා මා එක්ක හිනාවේවි.කථාකරාවි. ඒගැන හිතද්දිත් හිතම හිරි වැටිල යනවා.අනේ සුදු කෙල්ලෙ මං ඔයාට ආදරෙයි කියන්න මගේ හිත දඟ කරනවා....


එදා අපේ මුල්ම හමුවීම දිනෙන් දින ටිකෙන් ටික අපි අපිට ලංවුනා.ඔයත් පුංචි එකියක් වගේ මගේ ලෝකෙම වෙනස් කලා.අපි ආදරේ කලා මගෙ මැණික මම ඔයාට ගොඩක් ආදරේ කලා.අපි ආදරේ කලේ අපි දෙන්න විතරක් ඉන්න ලෝකෙක වගේ.මගේ මුලු ජීවිතේම එළිය කල මිණිපහන ඔයයි සුදු මැණිකෙ.මට ඔයාවත් ඔයාට මාවත් නොදැක ඉන්න බැරි තරමටම ආදරේ කලා.වැස්ස නිසා මුණගැහුන අපි කී දවසක් වැස්සට තෙමුනද.ඒ දවස මතක් කර කර අපි අපිට විහිලු කරමින් අපි වැස්සෙ තෙමුනෙ හැටි.ආදරේ ගොඩක් දුර යද්දි ජීවිතේ යථාර්තයට මුහුණ දෙන්න ඕනි කියල හිතුණම හිතම කීරිගැහිල යනවා.ජීවිතේටම අපිට අපේ වෙන්න බැහැයි කියල අපි දෙන්නට දැනෙන කොට වෙන් වෙන් බැරි තරමටම අපි ආදරෙන් ලංවෙලා.

මගෙ සුදු කෙල්ලෙ දුප්පත් මට මගේ අහිංසකීව කුමාරිකාවක් වගේ මගේ ලඟ තියාගන්න බැහැයි කියල හිතෙන කොට පපුව කඩාගෙන වැටෙනවා. 
ඔයාට මම කොච්චර කිව්වත් තේරුම් ගන්නෙත් නැහැ.ඔයාට දුක් විඳින්න වෙයි  මං ගාව කියල කිව්වම මගේ අහිංසකී ඒකටත් කැමති වුණා.සැප සම්පත් අසීමිතව වින්ද ඔයාට දුක් විඳින්න දෙන්න පුලුවන්ද බැහැ මගෙ මැණිකෙ ඒක කරන්න බැහැ.මට පවු පිරෙයි.මටම හිත හදාගන්න බැරිවෙයි. අනේ මගෙ පැංචියේ ඔය තරම් ආදරයක් මංගැන ඔය හිතේ තියෙන බව මම දන්නවා.මගෙ පැංචිට දුකක් දුන්නට කවදාවත් මට හරියන එකක් නෑ.තේරුම් ගන්න මගෙ මැණික ලං වෙන්න බැරි තරමටම අපි ගොඩක් දුර බව.ඔයා ගැන දැන ගන්නකොට ඔයාගෙ පවුල් පසුබිම දැනගන්නකොට මම හිතින් දුක් වුණා.මහ මෙරක් තරමට දුක් වුණා.හරියට ඉන්නවත් තැනක් නැති මම ඔයා අරගෙන කොහේ යන්නද.දිනෙන් දින ඔයාගෙ ගෙදර අයගෙන් කරදර එනකොට ඔය ඇස්වල කඳුලු දකිනකොට ඔයාට ආදරේ කරල කඳුලු විතරක් ඔය ඇස් දෙකට දෙන්න වුණාට මම ගොඩක් දුක් වුණා.ඔය අහිංසක ඇස් කඳුලු වලින් තෙත් කල පවට නම් කවදාවත් මට සමාවක් නම් ලැබෙන්නෙ නෑ.
දවසින් දවස මේ කරදර උහුලන්නම බැරිම තැන අපි වෙන් වෙන්න තීරණය කලා.

අපි හමුවූ පළමු දවස වගේම අදත් හොදටම වහිනවා.අහසටත් දරාගන්න බැරිවද අපේ ආදරේ දුක මහ හඞින් හඞනවා.වෙන් වෙන්න මොහෙතකට තියල මෙතෙක් වෙලා මගේ පපුවට වෙලා පිස්සියෙක් වගේ අඞපු ඔයා සමුදෙන්න මට මගේ නලල ඉම්ඹම පපුව පැලිල නොමැරුන නිසාම අදත් මම දුක්විඳිනවා.මහ හඞින් කෑ ගහල යන්න එපා කියන්න  පුලුවන්නම් අසරණයි  දුප්පත් මම අසරණයි මැණික.

 වෙන් වෙලා ගිය ඔයා වගේම ඔයා නැතිව තනිවුණ මම ගොඩක් අසරණයි.......


 අපි හමුවුණා..... අපි ලංවුණා...... අපි ආදරේ කලා.....අපි වෙන්වුණා......
 වේදනාව පමණක් ඉතිරි වුණා..........................
                                 
                       ආදරයෙන්ම පිරුණ හිත පිදුවෙ නුඹ මා හට
                       අහිංසක ඔය හිත රිදෙව්වෙ අසරණකමට
                       මිල මුදලින් මා අත නොපිරුණත් හැමදාම
                       දුකක් දෙන්න බැරි කමටයි යන්න කීවේ මා නුඹට
                       නෙතේ කඳුලු කැට පුරෝගෙන ආදරයෙන් සිඹ මාව
                       මම යමි කියූ  හැටි හිතේ ඇත හැමදාම
                       අසරණයි මා නුඹ තරම් දන්නවද මගෙ මැණික
                       නවතින්න කියන්නට බැරිනිසයි සමු දුන්නෙ එදා මම
                       නුඹ නැති පාළුවෙන් ගෙවෙනවා තරුණ බව
                       යන්න කීවත් නුඹට හිත කියන්නෙ ආදරේ බව හැමදාම
                       නුඹ පැමිණියොත් දිනෙක යලි මා සමඟ තනිවෙන්න
                       ඉන්නවා පණ ගියත් ආදරෙන් පෙර සේම
                               ............  ෴ ..........

තනිවුණා මේ දිවිමගේ.....

                            
                               හීන කොදෙව්වම මණ්දාකිණියේ
                               සැගව යනවිට නුඹ දෑස මානයේ
                               යටිහි‍තේ සිට උඩට එනවද
                               මැදියමේ මා දකින හීනයේ
                               අදුරට පෙම් කරමි හදවතින්
                               නැතිවිට නුඹ දෑස මානයේ
                               හොරැහින් හිනහුනා ලතාවට
                               අද දැකපු සුන්දර හීනයේ
                               දෙනෝදාහක් දෙනා ආවත්
                               තනිවුණා මේ දිවිමගේ
                               නුඹයි මගෙ පෙම් කිරුල හිමි වූ
                               සසර පුරාවට කුමරුනේ...... 
                                 ............  ෴ ..........