Monday, May 21, 2012

මිය යන්නද මා.....

මල හිරු බැසගෙන
ගොම්මන් කළුවර බදාගන්නට
සැරසෙන පරිසරය
කෑ ගසායන කුරුල්ලෙකු හා
ගිනි දළු වලින් ඉතුරුවන
ඔබේ භෂ්මීය සමඟ
පාළු සුසානයේ මා තනිවම
මලකුනකි ඔබ අද
ගිනිගෙන දැවුණි,
නූඹ නොව මගේ හිත
මිය යන්නද මා
මේ දුක කොහොම දරාගෙන
තනිවුනි මා ඔබේ ලෙය
කුසෙහි දරාගෙන
නැතිව,
කසාද කොළයක
අත්සන් නොකර...




10 comments:

  1. හම්ම්...
    :( :(
    අදින් පසූ කුමක්වේද...

    ReplyDelete
  2. අනේ මන්ද නෙත්පානි මට ඕක හිතුනෙම නෑ මං හිතන්නෙ දැන් හිතුණා.මොනවද වෙන්නෙ කියල ඊලග කවියෙන් බලමු ...

    ReplyDelete
  3. හ්ම්ම් දුකක්

    ReplyDelete
    Replies
    1. ආදරය විටෙක දුකක් වර්ණා අක්කියෝ

      Delete
  4. :O දැන් ඉතින් මොනා කරන්නද? :)

    ReplyDelete
    Replies
    1. එයා මොනා කරයිද කියල බලමු නිශාන්....

      Delete
  5. //..ගිනිගෙන දැවුණි,
    නූඹ නොව මගේ හිත
    මිය යන්නද මා
    මේ දුක කොහොම දරාගෙන..//

    ආදරේ කරන අයම නැති වෙන්නේ ඇයි..?

    ReplyDelete
    Replies
    1. ඒකටනම් දෙන්න පිළිතුරක් මා ගාවනම් නෑ නංගියෝ

      Delete
  6. කුසෙහි දරාගෙන කසාද කොලයක ලියලා තිබ්බා නම් ආදරේ ඒ දරුවව හදාගන්ඩ තිබ්බා !

    ReplyDelete
  7. හ්ම් මෙහෙම වුණාම ගොඩක් ප්‍රශ්න ගෑණියෙකුට එනවා..ඒවට මුහුණ දෙන්න ඕනි..

    ReplyDelete