Wednesday, May 2, 2012

තනිවුණා මේ දිවිමගේ.....

                            
                               හීන කොදෙව්වම මණ්දාකිණියේ
                               සැගව යනවිට නුඹ දෑස මානයේ
                               යටිහි‍තේ සිට උඩට එනවද
                               මැදියමේ මා දකින හීනයේ
                               අදුරට පෙම් කරමි හදවතින්
                               නැතිවිට නුඹ දෑස මානයේ
                               හොරැහින් හිනහුනා ලතාවට
                               අද දැකපු සුන්දර හීනයේ
                               දෙනෝදාහක් දෙනා ආවත්
                               තනිවුණා මේ දිවිමගේ
                               නුඹයි මගෙ පෙම් කිරුල හිමි වූ
                               සසර පුරාවට කුමරුනේ...... 
                                 ............  ෴ ..........

2 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    අම්බෝ... කවි පංති 15ක් කියෙව්වා ! ඉතුරු ටික ආයේ නිවාඩුවක් ලැබුනම කියවන්නම්.

    ReplyDelete
  2. ස්තූතියි...කවි 15ක්ම කියවල අමතක නොකර කමෙන්ට් එකකුත් දාලා...ඉක්මණින් නිවාඩුවක් ලැබෙයි කියල මම ප්‍රාර්ථනා කරනවා...

    මුල ඉදලම හැම එකක්ම බලලා හිතට හරි සතුටුයි මධු අයියේ...

    ReplyDelete