Thursday, May 17, 2012

ශාප නොකරන් නු‍ඹේ දුප්පත්කමට.....

ගතින් ගිලිහුණ විට සුදු ගවුම
පෙරහුරුව ලැබුණා කාසි සොයනට
සාරියක් බඳ වටේ පටලගෙන
පරිඝණකයට යොමු වුණා කාසි සොයනට

විසි දෙකක් සපුරන විට 
මවුපියො සැරසෙති මනා‍ලයකුට
මව සොයති ආදර පුතෙකු දියණිට
කාසි යහමින් ඇත්තෙකු පියාහට

සිතට වදිනා මස්සිනෙකු මල්ලිට
මනස අවුල්වී මා හිඳිනාවිට
කෙලෙස කියන්නද දුකක් දී නුඹහට
ජීවිතේ එකම ආදරේ නුඹයි මාහට

නොහැක දෙමාපියනට හිතක් දීමට
බැරිය නුඹගෙන් නක්ම යන්නට
නුඹ සොයා මට හනික එන්නට
බැරිය ගිනි දී මගේ මවුපියනට

ලිපිය ලීවේ ආදරේ නාමෙට
ගෙල වැලදා ඇඳ ඉස්මත්තෙට
සමුදෙමි ජීවිතෙන් සියල්ලන්හට
මා මලබව නුඹ දැන ගත්විට

ශාප නොකරන් නු‍ඹේ දුප්පත්කමට........


8 comments:

  1. සංවේදී මුත් යාථාර්තය එයයි නේද?

    ReplyDelete
  2. යථාර්තයනම් මෙයමයි නිශාන්....

    ReplyDelete
  3. ලස්සනයි. ඒත් දුකයි.
    :)

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා ඔබව මේ පැත්තට නෙත්පානි...
      බොහොම ස්තූතියි ආයෙත් එන්නකෝ...

      Delete
  4. දුක හිතෙන කවි පෙලක්....

    ReplyDelete
    Replies
    1. chams දුක හිතුනට ඇත්තම ඇත්ත යාලුවේ...

      Delete
  5. මට තාම හිතාගන්න බෑ. මිනිස්සු ඇයි මේ සල්ලි මත්තෙම දුවන්නේ කියලා.
    අද සල්ලි තියෙන එකා හෙට දුප්පතෙක් වෙන්ඩ පුලුවන් !! අද දුප්පත්ව ඉන්න එහා හෙට දවසේ පෝසතෙක් වෙන්ඩ පුලුවන් !!!

    ReplyDelete
  6. එහෙම තමයි නමුත් සමාජය ඕක තේරුම් ගන්නෙ නෑනේ...මධූ අයියේ...සල්ලි මත්තෙම මැරෙනවා..අපි ආදරේ මත්තෙම මැරෙනවා...

    ReplyDelete