Friday, August 16, 2013

නුඹයි මගේ කවිය....



සුපෙම්වත් හිත නලියන පෙම් කතිකාවක රස නුරාව
වේදනාවේ නිමිහිම් නැතිව ගිය පපුව හාරන ඉකිබිඳුම
විරහවේ තනිකම කඳුල සුසුම ඉහවහා ගිය කාලකණ්නිකම
මුසුකර ගත් හැම තත්පරයක්ම ජීවිත ගැන හරි අපූරුවට
පද හැඩකලා මා ලඟ සිටන් ඔය හැම දේම එකම කවියකට

 
විටෙක නුඹ මා සමඟ ම හැමවිට තනි නොතනියට
කිහිප විටක් සියුම්ව ස්පර්ශ කරමින් මට නොදැනිම මා ලඟ
හේතුවක අහේතුවක ‍නුඹ නොදකින මගේ ආත්මීය විනිවිඳ බව
එළියට පෙන්වනවා නුඹට ලැජ්ජාවක් නැතිව මගේ හෙළුව
මම මමමයි කෙසේ කොහොම ලීවත් නුඹයි මගේ කවිය

සාරාංශය (නොතේරුණානම් කවිය)
 
හිත ආදරය කරන විට, හිත විටෙක රිදුන විට, විරහවේ වේදනාව දැනුන විට මේ හැම දෙයක්ම හරි අපූරුවට පදයක් පදයක් එකතු වී ලියවුනා කවියකට

විටෙක නුඹ මගේ තනියට, විටෙක මම නොසිතන වෙලාවක, හේතුවක් තිබුණ හෝ නොතිබුන විටෙක මගේ මුළු ආත්මයම අරගෙන ම‍ගේ ජීවිතයේ සියළුම දේ ලැජ්ජාවකින් තොරව ඉදිරිපත් කරන නුඹයි මගේ කවිය...... ඔයා හැමදේම ලෝකෙට කීවත් මා ගැන මම මම ම යි ඒත් ආදරෙයි හැමදාම කවියට.......

ජීවිතයේ කවුරු ලග හිටියත් නැතත් මට දුක හිතුනත් නැතත් වේදනාවේදී කඳුල හිත් රිදුම දරාගන්න මම ලිව්වත් කවි කවදාවත් ලිව්වෙ නැහැ කවිය ගැන මම ඒකයි අද ලීවේ.......