Thursday, May 9, 2013

නිවන එයාට කොච්චර දුරද?


      
     මංගල උත්සවයට පැමිණි සියල්ලන්ටම අත වනමින් මංගල රථය වෙත පිය නැගුවේ දිනූෂගේ යහළුවන්ගේ බලවත් ඇවටිල්ල මත දිනූෂගේ කරමතින්. වැටෙයිදෝ නොවෙයිදෝ මහත් බියෙන් මමත් හිටියද මට හා සමාන මුහුණු මගේ දෙමාපියන් ඇතුළු පිරිසගේ දැකගැනීමට මට හැකි විය.යහළු යෙහෙළියන්ගේ අත්පොළසන් හූ හඬ මැද්දේ විවිධ කරදර බාධක මැද්දේ දිනූෂ මා ඔසවා ගෙන විත් බොහෝ පරිස්සමට රථය ඇතුළතින් හිදෙව්වාය.එහෙත් දිනූෂට මංගල රථයට ගොඬවන්නට ඔවුන් පිරිස ඉඩ නොදුන්හ.ඒ වෙනුවට යහළු මනමාලයා මා අසලින් හිදුවා දිනූෂව මංගල රථයේ පිටුපස ඩිකිය වෙත යහළුවන් බලෙන්ම ඔසවා ගෙනගොස් දමන ලදී. ඉන්පසු රථයේ රියදුරු හට රථය පන ගන්වන්නට විදානල ලැබුනේද යහළු පිරිසගෙන්ම විය. උත්සව ශාලාවෙන් පිටතට පැමිණ රථය නැවැත් වූ මංගල රථ රියදුරු යහළු මනමාලයා සමග දිනුෂව ඩිකියෙන් එළියට ගත්තේය. අප හට කල දෙයට අපිත් දෙයක් කල යුතුව තිබූණු බැවින් දෙවැනි මනමාලයා පාරේ දමා රථය පැදවීමට දිනූෂගෙන් රියදුරුට අණ ලැබුණි.ඔහුව අපට නොපෙනෙන මානය වෙන තෙක්ම අපි දෙදෙනා මෙන්ම රියදුරු මහතාද අප සමග සිනහවට එක් වුවෝය.අප බොහෝ වේලා සිනා සිනෙමු..

''නිමල් අයියේ අපි පේරාදෙණි‍යට නෙමෙයි යන්නේ වෙන තැනකට අපිව එහෙට ගිහින් දාන්න...........'' කටහඩ අවධි කලේ දිනූෂ

රථයේ රියදුරු පමණක් නෙවෙයි මමත් වික්ෂිප්ත විය.

''දිනූෂ මල්ලි පේරාදෙණිය යන්නන ලෑස්ති වුනේ. ඇරත් අරගොල්ලො දැන් පිටිපස්සෙ එනවත් ඇති''

රථයේ රියදුරු පැවසුවේ අප දෙදෙනා මධුසමය වෙත රැගෙන යාමට පිරිසක් වෙන රථයකින් එන බව අප සියළු දෙනාම දන්නා කරැණක් වුවද එය දිනූෂට මතක් කර දීමට විය හැක.

''අපෝ ඕකුන් එක්ක ගියොත් අද මාව වනසයි නිමල් අයියේ. ගෙදර අය කෙසේ වෙතත් අර වනසපාළුවො ටිකනම් එනවා. බීල බිල මදිවට දැන් රෑ එළිවෙනකනුත් හොටෙල් එකේ ඉදන් බොන්න සෙට් වෙයි. මේ කෙල්ලට උදේ ඉදන් මහන්සි ඇති අපිට ටිකක් සැනසීමේ ඉන්නනම් හොදම දේ කථා  කරගත්ත විදියට නැතිව තැන මාරු කරන එක එහෙම හොදයි නේද නිමල් අයියේ.....''ඔහුගේ කථාව සර්ව සාධාරණ කර ගැන්මට රථයේ රියදුරුද හවුල් කරගන්නා ලදී.

හහ් හහ් හා...............හහ් හහ් හා............... රථයේ රියදුරු වූ දිනූෂ නිමල් අයියා ලෙස හැදින් වූ ඔහු නොනවත්වාම සිනහ වූවේය.

''ඔන්න මේක දන්නෙ අපි 3 දෙනා විතරයි''. කටහඩ අවධි කලේ දිනූෂ

''හරි මල්ලි  හරි බයවෙන්න එපා මම කොහොමත් උඹල දෙන්න දාපු ගමන් හයර් එකක් යනවා හැන්දෑවට අනුරාධපුරේ යාළුවන්ට උඹව හොයාගන්න ලැබෙන්නෙ නෑ.''

''ඉතින් කොහේද යන්නෙ...............''

''අයියේ අපිව නුවර එළියෙ තැනකට දාන්න ලස්සන නිදහස් ................''

''මම දන්න තැනකුත් තියෙනවා අයියත් හොද තැනක් දන්නවනම් කියන්න'' . ඔහු මට ඇසක් ඉගිකලේ ඇයි දැයි මා නොදන්නවා නොවේ.

''හොරා එහෙනම් කොහොම හරි නුවරඑළියටම යන්න වැඩ හදාගත්තා.'' මා ඔහුගේ කන මිරිකමින් සෙමින් කීවා.

''මම විතරක් නෙමෙයි ඔයත් ආස එහේ යන්න බව මම දන්නවනේ මගේ සුදු නෝනේ..............''ඔහු රියදුරුට වහන් වෙමින් මගේ දෙකොපුලක් තදකර සිපගත්තේය.

''නරක ය................''

''නරක් වෙන්න තව තියෙනවද සුදු නෝනේ................''

..................................................................................................................................

නිදහස්ය...... සොඳුරුය......

ඇත්තටම මේ ජීවිතේ කොයිතරම් සොඳුරුද පිවිතුරුද නිදහස්ද ? සිතුවිලි තුල කිමිදෙමින් උහුලගන්න බැරි තරම් සීත බ්ලැන්කට්ටුව තුල වු අප දෙදෙනාගේ ශරීර වල උණූසුමට තදින්ම නොදැනුනද ඔහුගේ උණූසුම පරිසරයේ සීතල වසා ගන්නට උවමනාවටත් වැඩියැයි මට සිතිණි.තව තවත් හිමින් සීරුවේ  ඒ ගතට ගුලි වුනද ඔහු ඇහැරවන්නට ලෝබ සිතුණි.

''මේ සීතලේවත් මේකිට නිදාගන්න බැරි හැටි.................''

ඔහු කොදුරන්නාක් මෙන් පවසමින් මා දැඩි ලෙස තුරැළුකරගත්තේය.


''නැගිටින්නෑ ...........''

''මේ දවස් ටිකේ විතරයිනේ ඔන්න ඔහේ නිදාගමු බං .............''
කවදාවත් නැති කථාවිලාශයක් ඔහුගෙන් පිටවිය.

''නින්ද යනවද අනේ එහෙම, වස්තූ නැගිටින්නකෝ..........''ඔහුගේ පියවූ දෙනෙත් මම බලෙන් ඇගිලි තුඩුවලින් ඇහැරවන්නට වෙර දැරුවෙමි.

''නිදාගන්න දියන්කෝ ගෑණි‍යේ...............'' ඒ වචන වල වෙනසක් තිබුණද නුහුරක් දැණුනද බොහෝ ආදරයක් පිරැණු බවක් හැගුණි.

ඔහු මා බ්ලැන්කට්ටුවේම හිර වෙන්න ඔතා  ඇග උඩින් කකුලක් දමා ගත්තේ ම‍ට නොසෙල්වෙන්නට ඉඩක්වත් නොතබාමය.

''අනේ.................උ ම් ම ත් හිර වෙනවා............මැලෙයි අනේ.................'' මා කෑ ගැසුවද ඔහු ගනනකට නොගත්තේය.

''එතකොට පත්තරේ වැටෙයි මධුසමයට ආ සැමියා  බ්ලැන්කට්ටුවට සිරකර බිරිය මරා දමයි කියල එච්චරයි.''

මටත් ඒ ටිකටනම් හිනාගියා

''මේකනම් කටක් නෙමෙයි වක්කඩක්''

ඔහු ආයෙමත් බ්ලුන්කට්ටුව තුලට විත් අතොරක් නැතිව මා සිපගත්තා.

ලේ නහර තුල  ආදරේ කිමිදි කිමිදී ඔහේ ගලා යන්නට නොදී ඒවා තෙරපනවාක් මෙන් විටෙක සියුම් වේදනාවක් විටෙක රාගික සිතුවිලි සමුදායක් විටෙක හැගීමක් දැනීමක් නැති කාලය ගෙවුන තත්පර මිනිත්තු කිහිපයක්

ඩර් ර් ර් ර් ර් ර් ර් ර්...................ඩර් ර් ර් ර් ර් ර් ...................ඩර් ර් ර් ර් ර්..............

''බබා ෆෝන්.....................බබා ෆෝන්....................අනේ ෆෝ...න් එක අනේ,

'' ඔයාගේ  දිනූ ඔයාගෙ ෆෝන් එක''

''මොන වදයක්ද බං සැනසීමක් ඇත්තෙම නෑනේ...''

ඩර් ර් ර් ර් ර් ර් ර් ර්...................ඩර් ර් ර් ර් ර් ර් ...................ඩර් ර් ර් ර් ර්..............

''හරි ආන්සර් කරල ඉන්නකෝ.''

''ඔයාද සුදු මැණික ෆෝන් එක ඔන් කලේ........''

''හ්ම්............මම නැගිට්ට වෙලේ.................''.

''හෙලෝ ............ගුඩ් මෝනින් ගුඩ් මෝනින්, 

''නැතුව............ නැතුව............ ජීවිතය සුන්දරද මෙතරම් කිව්වලු මේ ඉන්නේ ලගම'' ඔහු ඕනෑවටත් වඩා ඇදල පැදල කීවේය.  එහා පැත්තෙන් කුමක් ඇසුවත් අවසානට ඇහුවේ මං ගැන යැයි මට සිතිණි.

ඔහු එක් අතක් ෆෝන් එක අල්ලා ගැනීමට යොදාගනිමින් අනිත් අතින් මගේ දෙකොපුල් දෙතොල් සිනිදුවට පිරිමදිමින් දුරකථනයට පිළිතුරු සපයන්නට විය.

''මොකක් අම්මල කොහොමද අපි මෙහේ කියල දන්නේ..........  මදැයි නිදහසේ ඉන්න ආවා. නිමල් අයියටත් බිව්වට පස්සෙ පොරොන්දු මතක නෑනේ බං.හැමෝටම හොරෙන් අපි මේ ඉන්නේ කීයටද බං ගෙදරින් පිටත් වෙන්න ඇත්තේ...''

ඒ ඔහුගේ යහළුවෙකු වන්නට ඇතැයි මට සිතුණි.පිළිතුරු දෙන විලාශය අනුව යහළුවෙකු හා දොඩමළු වීමක් වැනිය.

ටක් ටක් ටක් .......අප සිටිනා කාමරයේ ඉදිරිපිට දොරටුව අසල කවුරුන් හෝ පැමිණීමේ විදානය විය හැක.

''මචං කවුද ඇවිත් මම තිබ්බා. පස්සෙ ගන්නම්. අම්මට හුඩු අම්මලද දන්නෑ බං'' ඔහු බියෙන් මෙන් දුරකථනය විසන්ධිකලේ අකුණු ගැසුවාක් මෙන් මා දෙසත් බලමින්.

''අම්මල එනවලු. පැංචි වොෂ් රූම් යන්න අම්මලද නැත්නම් බෙඩ් ටී එකද දන්නෙ නෑනේ.''

විගහට ඇදෙන් පැන ඇද හදන්නට මා සැරසුනද යන්න

''කෙල්ලෙ මම හදන්නම්. යන්නකෝ ඉතින්''

 කවදත් ඔහුගේ විදානයට අණට ගරු කල මා ඇදුමත් රැගෙන නාන කාමරයට පිවිසුණෙමි. පිටතට එනවිට ඔහුගේ මව ,අක්කා සමගින් තවත් අයෙක් කාමරය තුල දිනූෂ සමගින් රණ්ඩු කරමින් සිටියෝය.

''අම්මා මේ පරණ කාලෙ නෙමෙයි.ප්ලීස් කෑගහන්න එපා ඕක බලන්නද ඔයාල හදිස්සියෙ මෙතනට දුවල ආවෙ. අම්මා මේ අහන්න එහෙම දෙයක් වුනේ නෑ. එයාට මහන්සි නිසා අපි නිදා ගත්තා. මේක මගේ ජීවිතේ.ප්ලීස්''

''මම හිතුවා හරි උඹ අමාරුවෙන් දැගළුවෙ මේ නැට්ටිච්චිව කර ගහගන්න.ඒ මදිවට කුසේ ඉදන් හදපු අම්මටත් බොරු කියනවා.''

ඕනවට වඩා හිනා වුනෙත් ඕනවට වඩා සතුටු වුනෙත් මේ උහුලගන්න බැරි දුක ලබාගන්නම වෙන්න ඇති.

''ගෙදර ගිහින් ඇරලවල එනව මිසක් ගේන්න එපා හතරමායිමක හොදේ.''ඇගිල්ලක් උළුක් කල ඔහුගේ මව මා දුටු විගසින් පැමිණි අයත් සමග විශාල ශබ්දයක් ඇසෙන ලෙස දොර වසා ගෙන පිටව ගියාය.සිද්ධ වූ දේත් සිද්ධ වන්නට යන දේත් ඔහුගෙන් අහන්නට නෙව මට ඉවෙන් මෙන් වැටහෙන්නට විය.ගැහැණු කමට කදුළු ඇරෙන්නට පිළියෙමක් වෙන නැති හෙයින්දෝ මට හැඩිණි.

''සුදු මැණික....... ඔයත් ඉතින් බබා වෙනවනේ.අපි දෙන්න දන්නවනේ මොකක්ද වුනේ කියලා.නේද? ඉතින් නේද? ඉතින් ඔව් කියන්නකෝ''

ඔහු තදින් ඒ පපුවට තුරුල් කර ගන්නා ලදී.මේ උණුසුම ලග මැරැණත් කමක් නෑ කියල මම මෙච්චර කල් හිතුවට මම මැරැණට වඩා දෙයක් වුණා කියලයි මට හිතුණේ.

''දිනූ දැන් මොකද කරන්නේ..................''

''සුදු මැණික, අපි අම්මට හිමින් කියමු. අනේ දැන් කියන්න තිබුනනේ.''

''ඉතින් කියන්න දුන්නද''

''ඒත් ඔයාට කියන්න තිබුණා.''

''හරි අපි ගිහින් කියමු.''

''අනේ මට බෑ එහේ යන්න.''

''බබා ඔයාට පිස්සුද අම්ම ඒ කෑ ගැහුවට ඕක තව ටිකකින් අමතකයි.''

ඔහු මොනවදෝ මොනවදදෝ  කියා මා සැනසුවද මා හිතින් සැනසුනේ නම් නැතිතරම්.දින කිහිපයක් නිවාඩු නිකේතනයේ ගත කලද සතුටු වෙන්න තිබුන දවස් ටිකක් දුක් වුණාදෝ මට සිතුණේ අපි ගෙදර යන්න ලැහැස්ති වෙද්දී.දිනූගේ මව විසින් අපේ ගෙදර අයටද දෝෂාරෝපණය කර මේ වන විට හිත් අමනාප කම්ද ඇති කරගෙන ඇති විටෙක මට ඔහුගේ නිවසට යන්න බැරිකමක් ඇතිවී තිබුණද ඔහුගේ බලවත් ඇවිටිල්ල මත සහ මේ සියල්ල ඔහු විසඳනවා යන පොරොන්දුව මත මේ ගමනට මා කැමති විය.‍මංගල උත්සවයක දෙවනි දිනයක් ලෙස අපි විසින් කිසිඳු උත්සවයක් සංවිධානය නොකල හෙයින් අපේ ගෙදර පිරිස මගදී මා ඇරලවන්නට එන බව දැනුම් දුන්නද ඒ හැමගේ සිත් බිදී පළුදුව ඇතිව ඇති හෙයින් මට සියල්ල මේ වෙද්දි එපා වී තිබිණි. සියල්ල විසදේවි යැයි පුංචි බලාපොරොත්තුවකින් මමත් ඔහු සමග හැද පැලදගෙන ගමනට සැරසුනෙමි.

මගදී අප සමග මගේ ගෙදර අය කිහිප දෙනෙක්ද මාගේ යැයි මෙතෙක් කල් මා එකතු කල ගෙදරට අවශ්‍ය සියළුම ගෘහඋපකරණ ඇතුලු සියලු දෑ ඔවුන් විසින් රැගෙන තිබුණි.දිනූෂගේ ගෙදර ලං ලංවත්ම මා හට එහි යාමට බැරි බවක් දැනුනද ඔහුගේ ඉගියකට පවා මා මෙල්ල වන නිසා වාහනයෙන් බොහෝ වේලා රැගෙන බැස්සෙමි.ලොකු පිරිසක් සිටින නිසාවෙන් මවාගත් බොරු සිනහවන් හා ද්වේෂය අතර දෝලනය වූ දිනූෂගේ පවුලේ උදවිය සුළු සංග්‍රහයකින් පසුව සියල්ලන්ටම සමුදෙන්නට විය.

කිරිල්ලියක් වැනි මව් සෙනෙහස ලග හැසිරුණ නව යොවුන් යෞවනියක් සැමියාගේ නිවසේ කොටුවන සැටිත් ජීවිතේ පටන් ගත් මෙවැනි අවස්ථාවකම හා හා පුරා කියා ඇති වූ සිත් වේදනා නිසාමත් මගේ පවුලේ උදවියට සමුදෙන්නට මා හට මහත් වේලාවක් සේම ඔවුන් හටද එසේම වේලාවක් ගතවිණි.

අම්මා................. මේ ඔයාගෙ වගේම මගෙත් පණ අවුරුදු 8ක් ආදරේ කරල දෙවියනේ කොච්චර තාත්තගෙන් බැනුම් අහල මම ගුටි කාල මේ කෙල්ල දුක් විදලද අපි දෙන්න මේ බැන්දේ  මේ ජීවිතේ හරි රසයි අම්මේ..........හරි වටිනව මට වගේම මගේ සුදු මැණිකෙටත් දිනූෂ බලෙන්ම වගේ හොටු පෙරාගෙන අඩන මා පපුවට ඇදගෙන තුරුලූකරන් අපේ අම්මාට කියද්දි මටත් හිතුනේ ඇත්තටම අපි මේ ආදරේ නිසා දුක් වින්ද අපූරුවයි.

මගේ පුතේ සුදු මැණික බලාගන්න..............කදුළු පිසිමින් මා සිඹ මගේ රත්තරන් මෑණීයන් මගේ අළුත් නිවහනෙන් මට සමුදී යන්ට ගියාය.

.............................................................................................................................................................

ඇරඹුණු අළුත් ජීවිතේ සුන්දරද කියදල අසුන්දරද කියල කියන්න මට තේරෙන්නෙ නෑ. හැමදාම වගේම අවුරුදු 8කට පෙර දැක්වූ ආදරය සේම තාමත් ඔහුගේ පිස්සු ආදරයේනම් අඩුවක් නොවීය.එහෙත්..............
මා දන්නෙ නෑ කොහොම කියන්නද ? කොහොම මෙහෙම ජීවිතයක් මට ලැබුනද කියල.කෑවත් බිව්වත් මා වැරදිය ඔහු හා හිනා වුනත් මා වැරදිය නෑවත් මා වැරදිය.ඔවුන් හා කථා නොකලත් මා වැරදිය.

ඔව්......... කුමාරි හාමිනේ.................සදළුතලෙන් බහින්නෙ නෑ පහලට කුණු දූවිලි ගෑවුනොත්............ ඒ ඔහු‍ගේ මව විය.

පරට්ටි ඒකිත් විනාස වෙලා අපිත් විනාස කොරල මගේ රත්තරං කොල්ලවත් කෑව. තූ............හ්හ් හ් හ් විතරක් මට ඔය මූසල මූනට ඇසිඩ් ගහන්න තියෙනවනම්.මා කාමරයේ සිටින විට ඇය හැමවෙලේම කියන්නීය.

ඔබ හිතයි මේ විවාහයෙන් මසක් හෝ දෙකක් හෝ ගෙවී ගිහින් කියා නෑ.විවාහ වී තාම දින 7යි. ඇනුම්පද ගර්ජන මැද මා කාමරයේම සිටියා මිසෙක එළියටවත් බැස්සේ නැති තරම්.වැඩ ඇරී ඔහු ආ පසු ඔහු සිත බිදීමට නොකැමති මා මේ කිසි දෙයක් ගැන නොකීවෙමි.මා හට වැඩක් පලක්වත් කරන්න දෙන්නේ නැති තරම් මා ඉදල අරන් අතුගාන්න එළියට බැස්සොත්

පලයන් ගෙට අපිට විලිලැජ්ජ කලා මදිවට තව එනව මෙතන, අනේ මේකි මැරිල යනවනම් මගේ කොල්ලට වෙන තැනකින් හොද එකක් කරල දෙන්න වුන ලැජ්ජාවෙන්වත් බේරෙන්න.

අනේ දැන්නම් මටත් හිතෙනවා.මේ තරම් ඉවසන්නෙ නැතුව මැරිල ගියානම් කියලා.කාමරේට වෙලා අඩන්නත් බෑ.

මූසලී උඹ බොරුවට අඩන්න එපා.......මම තොගේ ඇස් උගුල්ලනවා......................

කාටවත් කිසිම දිනකදී මේ වගේ දෙයක් සිදුවෙන්නෙ නැතිව ඇති.වැරැද්ද කාගෙද කොතනද කියන්න තේරෙන්නෙ නෑ.පූරුවෙ කල පවක් වුනත් මේ තරම් පල දෙන්න තරම්.ඒ මට හිතෙන්නෙ මා වෙනුවෙනු ඔහුට කරන්නට දෙයක් තියෙන නමුත් ඔහු නොකර සිටිනවා වැනියි.එහෙත් ඔහු හිත බිදවා මේ සියල්ල කීමටද මට බැරිය.කාට හෝ මේ දුක කියන්නද ? විදවනවා මිසක

දවස් කීපයට මගෙ ජම්බු ගෙඩියට මොකද වෙලා තියෙන්නේ ? ඒ එක් උදෑසනක ඔහුගේ ආදරණීය හඩයි.

ඇයි ඒ........

සුදු මැණික .......ඔයා සතුටින් නෙමෙයිද? අම්ම මොනව හරි කියනවද අනේ මට එයා එක්ක කථා කරන්න වෙලාවක් නෑනේ. චුට්ටක් ඉවසල ඉන්න හොදේ

ඔහු මා සනවසා ගියේය.

තවත් දවසක ආරම්භය ඇවිත්ය.හිත රිදෙනවා මට ඇඩෙනවා මැරෙන්නට හිතෙනවා ඇරෙන්නට මගේ දවස වෙනස් ලෙස ගෙවෙන්නේ නැතිය.

ගෙදරට සිරියාව ගේන්නෙ වෙන උන්.....අපේ එකා ගෙනත් තියෙන්නෙ මූසලකම

උදේ පාන්දර පූජාවට අඩබෙරේ ගහනව වගේ සද්ද පූජාව ඇහෙන්නට වුණා. අපේ අම්ම පුංචි කාලෙ ඉදන් ඉවසීම පුරුදු කලේ මට මේ දේට වෙන්න ඇති කියල මට හිතුනත් ඉවසිය යුතු ප්‍රමානයකකුත් තිබිය යුතු යැයි මට සිතුණ නිසාත් ඇයට බනින්නට කාමරයෙන් මා විදුලි වේගයෙන් ඉවතට ආවද මා පසුව මා මාවම පාලනය කර ගන්නා ලදී.මා දොර රෙද්ද මෑත් කරනු ඇය දුටු බැවින් මා ආ වේගෙටත් වඩා වේගයෙන් ඈ මාවෙත අවුත්

පරට්ටි........තෝ ආවෙ මට ගහන්නද ඈ වේසාවි කියපිය මගේ ගෙදර ඉදන් තෝ මට ගහන්න

ඇගේ නොසිතූ විරෑ කම්මුල් පහර මගේ කම්මුල දෙදුරුම් කන්නට විය.එහෙයින් සෑහීමකට පත් නොවුන ඈ මා ඇද වෙත තල්ලු කලේ වේගයෙන් මා විදුලියකටත් වඩා වේගයෙන් ඇදට වැටුණෙමි.ඈ කාමරයෙන් පිටතට ගොස් මට කුණුහරප වලින් බනින්නට පටන් ගත්තේය.හිතේ දුක නැති වෙන්න මම පැය 5ක් පමණ අඩන්නට ඇතිය.විටෙක මහ හඩින් විටෙක ඉකිබිදුමක් ..........

ඇත්තටම මේ ජීවිතේ මම ඔහුට ගොඩක් ආදරේ කලෙමි.අදටත් තවමත් කවදත් ඔහුට ආදරේ කරමි.මගේ පණ ඔහුයි. එහෙත් අවසානයක් තිබිය යුතුයි.අවුරුදු 8ක් මා පරිස්සම් කල ඔහුගේ පින්තූරය පපුවට තුරුළු කරන් මම ඇඩුවෙමි.

ඔයාටත් මං වෙනුවෙන් දෙයක් කරන්න තිබුණා........... මගේ මහත්තයෝ අනේ මම ඔයාට ගොඩක් ආදරෙයි...........

උදේ ඉදන් අරින්නවත් බැරි තරමට ඉදිමී තිබුණු දෑස් අමාරුවෙන් ඇරගත්තත් පියවෙනවාක් වැනිය.ඔහුත් මමත් හීතලට පෙරවන රෙද්ද බාල්කයේ ගැට ගැසුවේ ඇද උඩට පුටුවක් තබා වැනි වැනී. සියල්ල අවසන් මම සමුගනිමි. දනිමි ආයෙමත් මිනිස් ආත්මයක් මට නොලැබෙන වග ........ කමක් නෑ

බුදු සරණයි.............................



.......................................................................................................................................................................

      ඇය මිය ගියා විවාහයෙන් දින 11 කට පසු ඇය මිය ගියා. එපා කවුරුවත් නිවන් පතන්න ඇයට ලැබෙන්නෙ නෑ නිවන් කවදාවත්.බොරුවට ඔය ඇගිලි රිදවගන්න එපා...... තමන්ගෙ ජීවිතේ නැති කරගන්න කිසිම කෙනෙකුට මිනිස් ආත්මයක්වත් නොලැබෙන කොට නිවන එයාට කොච්චර දුරද?  මීට මාස 3 කට පමණ නැතිවුණ සිත්තමීගේ යහළුවකුගේ කතාවයි.





 








57 comments:

  1. සෑහෙන කාලෙකින් බ්ලොග් අවකාශය තුල කියවපු බොහොම සංවේදී පෝස්ටුවක්...මැද හරියට කියවගෙන ආවට පස්සෙ මම සිත්තමීගෙන් අහන්න හිටියෙ මේක සත්‍ය සිදුවීමක්ද කියලා...ඒ බැව් අග කොටසේ දැක්කම ඇය මගේ කවුරුවත් නොවුනත් සෑහෙන තරමේ දුකක් දැනුනා. මේ නූතන සමාජය තුල තවමත් හරයක් නැති වල් පල් ඔලුවේ තබාගෙන සිටින මෙවැනි මිනිසුන් සිටිනවාදැයි සිතුනා....ඇත්තමයි මට නම් පුදුමයි...

    සිත්තමී ඉතාම අනර්ග ලෙස මේ කථාව අකුරු කර ඇති බැව් නොකියාම බෑ. ජය !

    ReplyDelete
    Replies
    1. ඇත්තතම මෙය සත්‍ය කථාවක් ඇය මිය ගියා දැනට මාස 3ක්වත් නැහැ. ඇය මගේ කෝම්පිට්ටු යෙහෙළිය යැයි කීවොත් මා නිවැරදියි. පුංචි කාලෙ කෝම්පිට්ටු හදුව මගේ යෙහෙළිය.......විටෙක ඒ මෝඩි එක්ක මට තරහයි.විටෙක හද පතුලෙන්ම වේදනාකාරියි.

      ඈ බොහෝ සෙයින් නිශ්ශබ්ද ගැහැණු චරිතයක් විටෙක පිරිමියෙකුට ආදරය කලා කියද්දිත් ගෙදර අය පුදුම වුණා.එහෙම වෙන්න බැරි ගැහැණු චරිතයක් පුදුමාකාර නිහඩ නිශ්ශබ්ද ඉවසීමක් ඇති අයෙක්

      ඔබට හිතෙයි ඉවසීමක් ඇත්නම් ඇයි ජීවිතේ නැති වුනේ කියල නැන්දම්මාගේ අපහාස වල කුරිරුකම දරැ ගැනීමට නොහැකි වීමයි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ මේ ගෑණු ළමයා කලේ මෝඩ වැඩක් කියලා... එයාලට ඔනේ කරපු දේ එයා නිකම්ම කරලා දුන්නා.. මේ රටවල් වල නීති කියලා ජාතියක් තියෙන්‌ෙන් බෙල්ලෙ වැල දාගන්න නෙවෙයි.... බඳිනවා කියන්නේ බුදියගන්න එක විතරක්මත් නෙවෙයි... අනිත් දේවල් ගැන දැනුවත් වෙනවා වගේම මේ වගේ ප්‍රශ්න ගැනත් ටිකක් හරි දැනුවත් වෙලා ඉන්න ඕනේ බඳින ගෑණු ළමයෙක්.. අනිත් එක කවුරැ හරි නෑයෙක් හරි ටිකක් ඒ ළමයා ගැන හොයලා බලන්න ඕනේ... මෙතන වැරදිකාරයෝ මහ ගොඩක් ඉඳලත් මේ අහිංසක ළමයා විතරක් ජීවිතෙන් වන්දි ගෙවලා...

      මට නම් මාර ආවේගයක් ආවේ මේක කියෙව්වම... විශේෂයෙන් ඇත්ත කතාවක් කියලා දැක්කම... (මං එහෙම නම් මොකකින් හරි දමලා අඳිනවා ඇත්තමයි... )

      Delete
    2. ඔබේ පළමු කමෙන්ටුවත් මට දැක ගන්න හැකි වුණා. හිරු කෙල්ල සංවේදී වුනේ අවේගයක් ඇති වුනේ ඇයි කියලා තේරුණා.

      ඇත්ත වැරදි කාරයෝ ගොඩක් ඉදල එයා විතරක් වන්දි ගෙවලා........
      ඇය කෙනෙකුට විශ්වාස කිරීමට අපහසු තරම් නිහඩ නිශ්ශබ්ද චරිතයක්

      Delete
  3. අහිංසක ජීවිතයක් අපරාදේ ...අනේ මේ විස්තරේ මහත්තයට කියල කුලී ගේක හරි ජීවත් වෙන්නනේ තිබුනේ මේ අහිංසකීට .! ලොකු මානසික පීඩනයක් තියෙන්න ඇතිනේ අපි කිවුවට...හදිස්සි නොවෙන්නයි තිබුනේ අප්පා ..අනේ මන්ද පව් :(

    ReplyDelete
    Replies
    1. එයා මොනව වුනත් එක දෙයක් කරල තිබුණා ඒ සියල්ල දුරකථනයේ රෙකෝඩ් කරල තිබුණා.......

      Delete
  4. සාම්පරදායිකව හිතන ගොඩක් පවුල් වල ඉස්සර ඔය ප්‍රශ්නේ දරුනුවටම තිබුනට දැන් නම් ඕක ටිකක් අඩුයි කියලයි මට නම් හිතෙන්නේ. ඒ යාලුවට වෙච්ච දේ වෙලා ඉවරයි. ඒත් අවුරුදු ගානක් ආදරේ කළා නම්, තමන් නිවැරදියි කියලා දෙන්නට දෙන්න දන්නවා නම්, විශ්වාසයක් තියෙනවා නම් රටේ ලෝකේ අය මොනවා කිව්වත් මේ අහක තියෙන රෙද්දක් මොකටද?
    ඔය වගේ ප්‍රශ්නයක් තිබුන නම් කරන්න ඕන හොදම දේ ජීවිතෙන් පලා යන එක නෙවෙයි. වෙනම ගෙදරක තමන්ගේම කියලා වෙනම ලෝකයක් හදාගන්න එක කියලයි මට නම් හිතෙන්නේ..........................

    ReplyDelete
    Replies
    1. ඔය ටික අනිත් අයට තේරුම් ගන්න තරම් මේක දැම්මේ

      Delete
  5. බොක්කටම වැදුන අක්කේ... (මගේ වචන වලින්ම) හණමිටි අදහස් තියන උදවිය ඉන්න තාක් ඕක ඔහොමමයි...

    ReplyDelete
    Replies
    1. මල්ලියේ උඹ වැනි අයට බොක්කට වැදීම මේ අක්කට සතුටුයි.තේරුම් ගන්න තමන් විසින් කල යුතු දේ නොකල යුතු දේ.විය යුතු දේ , නොවිය යුතුදේ , වගකීම වගේ දේවල්

      ජීවිතේ හරි කල්පනාවෙන් වරදින්න අපිට මහ වෙලාවක් යන්නෙ නෑ

      Delete
  6. මගේ පපුව හොස ගාලා ගියා අප්පා..
    21 වෙනි සියවසේත් මෙහෙම දේවල් වෙනවා කියල හිතනකොට පුදුමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සිදුවුනා මාස 3කට කලින් ප්‍රමුදියේ................

      Delete
  7. දෙවියනේ, මේක ඇත්ත කතාවක් කියලා හිතුවෙ ම නැහැ අන්තිම වෙනකං. මගේ ඇස්වලට කඳුළු ආ‍ව ඉබේ ම අන්තිම කොටස කියවන කොට . . . තාමත් මේ තරම් පටු විදියට හිතන මිනිස්සු ඉන්නවනේ. කිසිම කෙනෙකුට මේ සංසාර් ඔය වගේ දුක් කන්දරාවක් නං උහුලන්න වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. අඩන්න වත් දුක්වෙන්න වත් එපා වැරුද්ද සිදුවුනේ කොහොමද කා අතින්ද ඒ වැරුද්ද ආයෙ කෙනෙකුට නෙවෙන්න මේ කථාව කියල කියල දෙන්න එච්චරයි වටින්නේ

      Delete
  8. මෝඩ ළමයි.. අමාරුවෙන් ලබා ගත්ත ජීවිතේ.. තේරුමක් නැතිව ඉවර කර ගෙන. ඕවා මොනවද ප්‍රශ්නද???? අනේ අම්මප මේ මිනිස්සුන්ට අකුරු ඉගැන්නුවට ජීවත් වෙන්න උගන්වන්නැති එකේ පලවිපාක තමා ඔය.. සිත්තමි ඔයාට තියෙන දුක මට හොදටම තේරෙනවා.. අනික බොහොම සංවේදි විදියට ලියලත් තියෙනවා. මොනා උනත් ඒ කෙල්ල මහ මෝඩ කෙල්ලෙක්..

    ReplyDelete
    Replies
    1. විටෙක ඇය ගැන නොදන්න කෙනෙක් නිසා ඔබ එහෙම කීවාට මට දුක හිතෙන්නෙ නෑ. අද සමාජයේ දකින චරිත අතරින් ඇය බොහෝ වෙනස් චරිතයක් හරි සංවේදී නිහඩ අහිංසක චරිතයක්

      මරණින් පස්සෙ ඇය මෝඩ යැයි කියන නිසාමදෝ ඇය විසින් ඒ සියළු දෑ හැම දිනකම දුරකථනයේ රෙකෝඩ් කර තිබුණා.ඇගේ මව ඒ අසා කියා තිබුනේ ඇය නිසාම එච්චර හෝ දවස් කිහිපයක් ඉවසුවා යැයි තමන් එහෙමනම් එදාම සිය දිවි හානි කර ගන්නවා කියාය

      Delete
  9. නොම්මර එකේ මෝඩයෙක්.. මේවා ලියන්න ඕන සංවේදි වෙන්න නෙමයි. කරපු ගොන්කම මතුවෙන්න. පත්තර කාරයෝ කරන දේම බ්ලොග් කාරයොත් කරනවනම් වැඩක් නෑ.. උන් ඉන්න ඕන වෙනසක් කරන්න.. මේවා හොඳයි මල් පත්තර වලට...

    ReplyDelete
    Replies
    1. හැමෝම එක වගේ නෑනේ සහෝදරයා.......ඔබ වගේ නෙමෙයි මම

      මම වගේ නෙමෙයි ඔබ...........

      ලෝකය දකින විදිය හිතන විදිය වෙනස් ඉතින්, ඔබේ වෙනස් සිතුවිලි කෙසේවෙතත් මගේ නිහතමානීකම නිසාමදෝ හිස නමා මා භාරගන්නවා ස්තූතියි බැනල යන්න හරි සිත්තමීගේ දොරකොඩට පැමිණියාට......

      පිළිගන්නවා මගේ සිත්තමට ඔබව සාදරයෙන් .......මේ ආවමද කොහෙද
      ආයෙ නොයෙන්නට හිත හදාගත්තත් මම නම් කියන්නෙ බැනල යන්න හරි ඇවිත යන්න කියලා....

      ජය වේවා ඔබට

      Delete
    2. අපොයි ඔය මාතලං කියන ඒවා සතේකට ගනන් ගන්න එපා. හැබැයි ගත යුත්තක් තියෙනවා කියල හිතන්න එච්චරයි. ඒකට බිම දාගෙන ගැහුවත් එනවා..

      Delete
  10. හත්තිලව්වේ...!!!

    අනේ ඇත්තමයි...මට අර නැන්දම්මව කපලා ගගට විසිකරන්න හිතෙනවා! අර කොල්ලට මොනවා හිතෙන්න ඇද්ද? අම්මෝ...මට නං පිස්සු වගේ :(

    ReplyDelete
    Replies
    1. අවුරුදු 8ක් ආදරේ කරලා දවස් 10ක් ලගින් තියාගන්න වාසනාව තිබිල තියෙන්නේ.......ඒ කොල්ලට මොනව හිතුනත් රජෝ වැරැද්ද එයාගෙයි.වෙච්ච දේ අම්මට කිව්වනම් මේ ප්‍රශ්න අහවරයිනේ......ඒක යාට කියන්න ලැජ්ජ හිතුනළු......

      අපිට ඉතින් ඕවට කියන්න ඒව කටට එනවා.ඒ එන නිසාම මේ සැරේ සිත්තමී ගමේ ගියේවත් නෑ මේ සිදුවීම නිසා..

      Delete
  11. රජා කිව්වා වගේ මට ඇඩුනා... මෙහෙමත් ගෝත්‍රික අදහස් තියන මිනිස්සු හින්දා අපරාදේ ලස්සන ජීවිත කාලනන්නි වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒ ජීවිත දෙක 3නම අද විනාශ වෙලා

      Delete
  12. හ්ම්ම්ම් රජා කිව්ව වගේ ඇඩුනෙ නැත්නම් පුදුම.පව් එයා. අම්මයි පුතයි වෛර බදී කියලා හැම‍දේම ඉවසන් ඉන්න ඇති. නිවන් පතන්න බැරි උනත් මතු උපදින ආත්මෙකවත් මෙහෙම අකල් මරණයකට ගොදුරු නොවෙන්න කියලා පතන්නම්. ‍මේක කුරිරු අධම ලෝකයක්.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ගැහැණියකගෙ දුක තේරෙන්නෙ තවත් ගැහැණියකටළු ඒක ඔයා ඔප්පු කලා බට්ටි.......

      අම්මයි පුතයි වෛර බදී කියලා හැම‍දේම ඉවසන් ඉන්න ඇති.

      ඒක තමයි එයා කරල තිබුනෙ.අම්මෙකුයි පුතෙකුයි වෙන් කරනවට වඩා පිට කෙනෙක් වෙන්ව යන එක හොදයි කියන තීරණේ......
      විටෙක එවැනි පරිත්‍යාගයක් කල හැක්කෙත් ගැහැණියකටම පමණයි.

      Delete
  13. අපේ රට තාමත් ඉන්නේ නොදියුණු කමේ අදහස් කරපින්නා ගෙන ,කවදා හැදෙයිද මන්දා ?

    හොදට ලියලා තියෙනවා ඔබ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොබින්......හරි වැරැද්ද තේරුම් ගන්න එච්චරයි........

      Delete
  14. අපුරු කතාවක් ලෙසින් පටන් අරගන අවසානයට එනවිට වියනොහැකි පැත්තට බර කරමින් කතාව අවසන් කරලා.. එතැනදි ඔබ අසාර්ථකයි කියලයි මට හැගෙන්නේ..

    ReplyDelete
    Replies
    1. නලින් අයියේ මේක කතාවක් නෙමෙයිනේ. සත්‍ය සිදුවිමක්නේ.... අවසාන කොටස දැක්කේ නැතෙයි.... සිත්තමිගේ යාළුවෙක්ට වෙච්චි දෙයක්නේ....

      Delete
    2. නලීන් අයියට වැරදිලෝ.......මම නෙමෙයි අසාර්ථක වුනේ එයා අසාර්ථක වුනේ නලීන් අයියේ........

      Delete
  15. අනේ මට නම් මොනවා කියන්නද කියලවත් හිතාගන්න බෑ අක්කියෝ..මුලින් කියවද්දි නම් හිතුවෙ නෑ ඇත්ත කතාවක් කියලා....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් නම් ගම් ලියන්න බෑ බ්ලොග් ලියන පාර්ශව කිහිපයක් ඉන්නව ඒ ප්‍රදේශයේ ඒකයි.

      Delete
  16. මහා පත දිග කමෙන්‍ටුවක්..ලියල දාන්න ගියා විතරයි ..මක්කද උනා..!
    ආයිත් මට බෑ ලියන්න ආපහු ඒතරම් හිතට සංවේදී කතාවක්.

    එකක් කියන්නම් තනිකර වග කියන්න ඕන ස්වාමිපුරුශයා.

    අනික එච්චර කලක් ආශ්‍රය කරලත් ගෙවල් දොරවල්,වටපිටාව ගැන දෙන්නාටම අවබෝධයක් නොතිබුනා කියන්නෙ..ඉඳලතියෙන්නෙ බොලඳ ලෝකයක.

    මටනම් කේන්තියි ඕං..!!!

    ReplyDelete
    Replies
    1. ගෙවල් වලින් දෙපාර්ශවයෙන්ම කැමති වුනේ නෑ .මේ දෙන්නා බොහොම අමාරුවෙන් කැමැත්ත ගත්තේ. ඇත්තෙන්ම ඒ ළමයා ඒ පිරිමි ළමයගෙ ගෙදර අය ගැන දන්නෙ හරියටම ගියාට පස්සෙ.

      අපරාදෙ මගේ වෙලාවට කමෙන්ටුව මිස් වෙලා මීට වඩා ගොඩක් දේවල් කියන්න ඇති වී අයියා...

      Delete
  17. අනේ මන්දා සිත්තමි කියන්න ගොඩක් දේවල් තිබ්බත් වචන වලට ගලපා ගන්න බෑ...

    මුලින් මාත් හිතුවේ මේක කතාවක් විතරයි කියලයි. ඒත් සත්‍ය සිදුවීමක් කියල දැක්කම පුදුම දුකක් ඇති වුනා.

    ඒත් ඔයාගේ යාළුවාට තිබ්බේ ඔය දේ කරන්න නෙමෙයි. ඔය ප්‍රශ්නේ ගැන හස්බන්ඩ් එක්ක කතා කරන්න. දෙන්නත් එක්ක කතා කරලා හොද විසදුමක් ගන්න තිබ්බා. අනික අවුරුදු 8ක් ආදරේ කලා නම් කොල්ලටත් ඔයිට වඩා තමන්ගේ බිරිද ගැන දැනෙන්න ඕනි කියලයි මට නම් හිතෙන්නේ. අපරාදේ අහිංසක ජිවිතයක්..... මේක හැමෝටම හොද පාඩමක්....

    ReplyDelete
    Replies
    1. විටෙක් ගැහැණු අපටත් හොද පාඩමක් සමනළි කෙල්ලේ.....බඩේ බැදගෙන ආදරේ කලාට බදින්න කලින් යහන්ගත වන්නට පෙර සිය කෝටි වාරයක් සිතිය යුතුයි.හැගීම් වලට වහල්වීම සහ ඕනවට වඩා විශ්වාසය විනාශයකට මුල විය හැක.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මෙච්චර දවසක් ඔයා ලියපු දේවල් කියවලා විතරක් හිටියට අදනම් මේ ඇත්ත කතාව ගැනකතා කරන්නම ඔනී නේදඅක්කියෝ...

    අවුරුදු 8ක් තරම් ලොකු කාලයක් ආශ්‍රය කරලත් පවුලේ හැටි තෙරුම් ගන්න බැරිවුනු එක ඒ අක්කට මග හැරුනු දෙයක් වෙන්න පුලුවන්, ඒත් එහෙම ප්‍රශ්නයක් වෙනකොට ප්‍රශ්න විසදගන්න පුලුවන් වෙනකම් ගෙදරින් ටිකක් ඈත් වෙලා ඉන්න තිබුනා නේද ඒ දෙන්නටම.,

    කොහොමත් කෙනෙක් සියදිවි හානී කරගන්නේ හැම දේම එපා වෙලා මිසක් මේ වගේ නූගත් මිනිස්සු ඉන්න ලෝකෙක නැවත ඉපදෙන්න හිතාගෙන නෙමෙයි...

    හැබැයි ස්වාමීපුරුශයාට මීට වඩා යමක් කල යුතුව තිබුනා...

    මනුෂ්ශයින් නොමැති වූවත් මිනිසත් බව පිරුනු ලොවක උපදින්නට ඔබට වරම් ලැබෙවා!

    .........《《》》..........

    ReplyDelete
    Replies
    1. මල්ලි පැට්ට කාලෙකින් ඇවිත්..... ඇත්ත ඔහුට ඇය වෙනුවෙන් කලයුතු ගොඩක් දේවල් තිබුණා....

      ඔහු මටව බය වුණා......මට හිතෙන්නෙ කොන්දක් නැතිකම

      Delete
  21. මට හිතෙන්නේම සම්පූර්ණ වරද ස්වාමිපුරුෂයාගේ අතේ. බිරිඳගේ දුක සැප හරියට හොයලා බැලුවා නම්.. තමන්ගේ අම්මාගෙන් තමන්ගේ බිරිඳට හිරිහැරවෙන්න පුලුවන් කියන එක ඒ මනුස්සයට හොටෙල් එකේදිම තේරෙන්න ඔනේ.

    පරණ හණ මිටි අදහස් ඔලුවේ තියාගෙන ඉන්න වයසක මිනිස්සුන්ව වෙනස් කරන්න ලේසි නෑ...

    මට දුක හිතුනේ නෑ... කේන්ති ගියා..

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නෙ කේන්තියෙන් ඔබ වගේම හරි වැරැද්ද තේරුම් ගැනීමම මට ලොකු සතුටක්

      පිළිගන්නවා මගේ සිත්තමට ඔබව ආදරයෙන්.......

      Delete
  22. කියන්න දෙයක් හිතා ගන්න බෑ... කියලත් දැං වැඩකුත් නෑ..
    අද කාලෙ කොල්ලො කෙල්ලන්ට ලොකු පාඩමක් මේක.. අනික මේකෙ සම්පූර්ණ වරද කොල්ලගෙ අතේ... වරද කාගෙ උනත් දැං කතා කරල වැඩක් නෑනෙ

    ReplyDelete
    Replies
    1. වැරැද්ද හරියටම තේරුම් ගත්තනම් ඒ ඇති....ඒකයි මටත් විය යුතු මගේ පුංචි රටේ ආයෙමත් දෙයක් මේ වගේ නොවන්න.......

      Delete
  23. කිසිවක් ප්‍රකාශ නොකර පිටව යමි

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේ අටම් අයිය වෙන්ටැ.....ඒත් ප්‍රකාශ කලානම් වටිනව වැඩිහිටියෙක් විදියට පොඩිහිටියන්ට

      Delete
  24. මොකුත්ම කියන්නේ නෑ...... :/

    ReplyDelete
  25. කතාවේ මුල ආසාවෙන් කියවන් ආවට අන්තිම බැළුවම කියා ගන්න බැරි අමුතුම හැගීමක මාව නතර උනා..

    ReplyDelete
    Replies
    1. සිත්තමී ලිව්වටත් වඩා ඒ දවස් ටික එයාට හරි ලස්සන ඇති දිනේෂ්....සිත්තමීට හිතුන විදිය ලිව්වේ.......... මොකද අවුරුදු 8කට පස්සෙ දුක් විදල ගුටි කාල අපහාස විදගෙන ජය ගත්ත ආදරේ ඒ අය කොහොම සමරන්න ඇතිද?

      Delete
  26. :O මෙහෙම දේවලුත් මේ බිමේ සිද්ද වෙනවනේ!
    වෙනත් කාටවත් මේ වගේ දේවල් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා! :(

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලියෝ ඔයාලටත් මේව හොද පාඩම් පිරිමියෙක් විදියට කෙලින් තීරණ ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනි......මෙතන වුන ලොකුම වැරැද්ද ඒකයි.

      Delete
  27. කියවන්න එන්න ටිකක් අරක්කු වුනනේ.
    ආරාදයක්, මෝඩ කමක්, ඒ වගේම අමනුස්සකම් නිසා වක්‍රව කෙරුණු ඝාතනයක්!
    මෙතනදී සන්නිවේදනේ ගැටලුවල් තිබුනේ නැත්නම් සම්පූර්ණ වැරැද්ද සැමියාගේ.
    ඔහුට කෙලින් ඉන්න හැකියාව තිබුණා නම් මෙවැනි දෙයක් වෙන්නෙ නැහැ.
    නියමෙට ලියල තියනවා.

    ReplyDelete
  28. ඇත්ත කතාවක් නිසා හදට දැනෙනවා. සිය දිවි හානි කරගන්න එක මේවැනි දේට විසදුමක් නෙවෙයි කියලයි හිතෙන්නෙ..

    ReplyDelete
  29. මටනම් ඕක සාමාන්‍ය දෙයක් වෙලා අක්කේ. හැම තැනම අහන්නේ ඔයව වගේම කතා. රට යන ඇත්නම් හිතාගන්නවත් බැහැ. මිනිස්සුත් හොඳටම පිරිහිලා.

    පිරිසිදුකමක් ඔහොම මනින්න පුලුවන්ද. අනික අවුරුදු 8 ක් ආදරය කරලත් දෙන්නට දෙන්න ඔයිට වඩා සමිප වෙන්න තිබුන. අතීතේ ජිවත් වෙන මිනිස්සු ඉන්නකම් බේරුමක් වෙන්නේ නැහැ.

    ආපු දෙන්කෝ කොඩි හොයාගෙන.. පෙන්නන්න .... :/

    ReplyDelete