Friday, May 25, 2012

හැරගිය සෙනෙහස....

මා හඬපු තරම් නුඹ දන්නවනම්
මා හෙලපු සුසුම් නුඹ ගන්නවනම්
පුංචි හිතට ඒ දුක කෙතරම්
ලැබුනත් ඉවසමි නුඹ මගෙනම්

දෙනුවන් ඉකිගසමින් රෑ තුන්යම
අයදිමි අයදිමි නුඹෙ මගෙ වන්නට
යළි කිසිදා නොයෙනා ලෙසටම
ඈතට ගෙනිහින් මට දුන් සෙනෙහස

හැරගිය සෙනෙහස නැවත ලබන්නට
මා පින්කර නැත නුඹේම වන්නට
මගෙ අත වෙනුවට ඇගෙ අත අරගෙන
ඈතට යන්නට අවසර නුඹ හට
............  ෴ ..........

8 comments:

  1. //..මා හඬපු තරම් නුඹ දන්නවනම්
    මා හෙලපු සුසුම් නුඹ ගන්නවනම්
    පුංචි හිතට ඒ දුක කෙතරම්
    ලැබුනත් ඉවසමි නුඹ මගෙනම්..//

    ලස්සන සිත්තමක් අක්කි....

    ReplyDelete
  2. //හැරගිය සෙනෙහස නැවත ලබන්නට
    මා පින්කර නැත නුඹේම වන්නට
    මගෙ අත වෙනුවට ඇගෙ අත අරගෙන
    ඈතට යන්නට අවසර නුඹ හට//

    තමන් ආදරේ කරන කෙනෙක් තමන්ට ලැබෙන්නෙ නෑ කියලා දැනගත්තාම එයාට වෙන කෙනෙක්ගෙ අත අරගෙන යන්න අවසර දෙන්න පුලුවන් වෙන්නෙ හරිම ආදරණීය හිතකට විතරයි යාලු...
    හරිම සංවේදී ඒ වගේම ගොඩක් ලස්සන කවි පෙලක්...

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන්නෙ ලබාගැනීම විතරක්ම නෙවෙයිනෙ යාළු...බොහොම ස්තූතියි ඔබටත් යාළුවේ...

      Delete
  3. ලස්සනයි කවි පෙල... අදයි මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
  4. ආදරයෙන් පිළිගන්නවා ඔබව..

    බොහොම ස්තූතියි යාළු...ආයෙමත් එන්නකෝ..

    ReplyDelete
  5. සෑම හමුවීමකම වෙන්වීමක් ඇත... !!!

    මට එහෙමයි හිතුනේ. කවි සිතුවිල්ල ලස්සනයි. !

    ReplyDelete
  6. ඇත්ත කොයි තරම් ආදරය කලත් කවදාක හො වෙන් වෙන්න සිදු වෙනවා..මරණයෙන් හෝ...නොලැබුණ ආදරේ වෙනුවෙන් ඇත්තටම මේ විදියට සුභ පතන්න පුළුවන්නම් ආදරේ කවදාවත් හදවතේ මිය යන එකක් නෑ

    ReplyDelete