Tuesday, May 29, 2012

උපමාවක් නැති සැබෑ ආදරේ 2......(සත්‍ය කථාවක්)

උපමාවක් නැති සැබෑ ආදරේ......(සත්‍ය කථාවක්) පළමු කොටස 
        

               වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලයක මෙවැනි දරුණු රෝගියෙකු ජීවත් විය හැකිද? ඇයට සිදු වූයේත් එයමයි.සල්ලිකාර පවුලක ඉපදුණු වාසනාවට ඇයව මොනයම් හෝ විදියකින් සනීප කරවන්නට සන්ධ්‍යාගේ පවුලේ උදවිය කටයුතු කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලුවද සන්ධ්‍යාව නිරීක්ෂණය කල සෑම වෛද්‍ය වරයෙකුගේම නියමය වූයේ සන්ධ්‍යා දින 4ක් හෝ 5කින් මිය යන බවයි. මේ වන විටත් සන්ධ්‍යාට කල හැකි සියළුම වෛද්‍ය පතිකාර සිදුකලද ඇය මොහොතින් මොහත සුව වෙනු හැර මරණාසන්න විය.ජීවිතේ එකම ආදරේ වෙනුවෙන් ජීවිතය පුජා කරන්නට පවා තීරණය කල ඇය ආදරණීය විය.සැබෑ ආදරියේ නුඹ වෙනුවෙන් මාගේ ප්‍රණාමය.මෙවැනි ආදරයකට ඇත්තටම උපමාවක් තිබිය හැකිද?


සන්ධ්‍යාගේ මේ ක්‍රියාව ගැන කිසිදු ආරංචියක් කුමාර නොවූයේ ඔහු රැකියාවක නිරත වී සිටි නිසායි.ඈත පළාතක කුලියට ගොයම් කපන්න, කුඹුරු අස්වද්දන්න,ඔහු පිටත්ව ගියේ ඉක්මණින් සන්ධ්‍යාව තමා ලගට ගැනීමට නම් කීයක් හෝ තම අත තිබිය යුතු බැවිණි.දිවා රෑ මහන්සි වී අතේ කීයක් හරි ඉතුරු කර ගන්නේ දහසක් ඇය වෙනුවෙන් බලාපොරොත්තු තබා ගනිමින්.ජීවිතේ ඇය තරම් ආදරියක් කිසිදා ඔහුට හිමි නොවන වග කුමාර හොදින් දැන සිටියාය.සියළු කරදර වලින් ඈ නිදහස් කරගෙන ඈත පළාතක ඈ සමග ජීවත් වන්නට දහසකුත් බලාපොරොත්තු හිතේ ගුලිකරන් කුමාර වෙහෙස වී වැඩ කලේය.


                ඉපදින හැම මිනිසෙකුම මරණයට දිනයක් දාගෙනයි මේ ජීවිතයට පය තියන්නේ.නමුත් මරණය අකාලයේ මරණයක් වුවහොත්? හිතන්න තියෙන්නෙ එක දෙයයි එයා අරගෙන ආවෙ ඒ ආයුෂ ටික විතරයි කියලා.එහෙම වුනත් මේ ආදර කථාවෙ අවසානය සන්ධ්‍යාගේ මරණයද?


                  මොහොතින් මොහොත මියදෙන්නට පණ අදින සන්ධ්‍යා දිහා වෛද්‍ය වරුන් පවා බලන්නේ පුදුමාකාර දුකකින්.මේ සිදුවීම සිදුවී දින දෙකකින් අසාධ්‍ය සන්ධ්‍යාගේ පවුලේ උදවිය වෙත වෛද්‍යවරයා ගෙනෙන්නේ  වෙත පුදුම සහගත ආරංචියක්.ලංකාවට පිටරටින් නැවකින් වෛද්‍යවරුන් රැගත් කණ්ඩායමක් පැමිණ ඇති වගයි. ඒ වෛද්‍යවරුන් ලවා සන්ධ්‍යාට ප්‍රතිකාර කිරීමට කටයුතු සිදුකිරීමට වෛද්‍යවරුන් උත්සාහ කරන බව සතුටින් කියා සිටියේය.පුංචි හෝ බලාපොරොත්තුවක් ඈ ගැන තියාගන්නට පවුලේ අයට හැකිවිය.මම හිතන්නෙ මේක බලන ඔයාටත්.ඔයත් කැමති වුනේ නෑ නේද සන්ධ්‍යා මැරෙනවට.ලොකු බලාපොරොත්තුවක් නෙමෙයි මේක. ( පිටරටින් වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇවිත් ලංකාවෙ අසාධ්‍යම රෝගීන් 10 / 20 සනීපකර දීමට ඉල්ලුවාලු මේක හරියටම කීදෙනෙක්ද කියල මට මතක නෑ.ඒ ගැන සමාවෙන්න.) පසුදිනම උදෑසන මාතරින් කොළඹට සන්ධ්‍යාව මාරුකර හැරියේ මෙම ප්‍රතිකාර ඈ හට කඩිනමින් ලබාදීමට උවමා වී තිබුණු නිසායි.කොහේදෝ තිබු පුංචි වාසනාවකට මෙම නැවට ඇතුලත් වෙන්නට ඈහට පුංචි වාසනාවක් ඉතිරිව තිබිණි.පුදුමයි එහෙම නේද? වාසනාව..... එහෙම කියන්න පුළුවන්ද ? වාසනාවනම් මෙහෙම වේවිද?....


                       ශරීර අභ්‍යන්තරයේ සිදුවූ විශාල පිළිස්සීම් තුවාල සනීප කරන්නට ඇත්තටම මෙම වෛද්‍ය කණ්ඩායමටත් නොහැකි බවයි ඈ නිරීක්ෂණය කල පිටරට වෛද්‍ය කණ්ඩායමද පැවසුවේ...(මම කිව්වේ මේක පුංචි බලාපොරොත්තුවක් කියලා.) නමුත් උත්සහය අත් නොහල වෛද්‍ය කණ්ඩායම මෙරට සිටින දින දක්වා ඇයට ප්‍රතිකාර කිරීමට කැමති වීය.ඔවුන්ගේ අවසාන ප්‍රථිපලය ලෙස වූයේ සන්ධ්‍යා හට උගුරේ සිට ආමාෂය දක්වා ආහාර ලබාගැනීමට කෘතිම නල මාර්ගයක් සවිකරලීමයි. මෙම වෛද්‍ය කණ්ඩායම අතින් සිදු කෙරුන සාර්ථකම සැත්කම ලෙස සන්ධ්‍යාගේ සැත්කම නිම කිරීමට ඔවුන් හට හැකිවිය.සන්ධයාගේ සැත්කමින් පසු නැවතත් ඇය මාතර රෝහලට මාරුකර යැවීය. පිළිස්සුම් තුවාල හරියාකාර සුව වීමට තව කාලයක් ඈහට රෝහලේ ගත කිරීමට සිදුවිය.


        විශේෂයි, සන්ධ්‍යා හට ආයෙ කිසිම දාක ආහාර ගැනිමට නොහැකි බව මම ඔයාලට මතක් කරන්නේ පුදුමාකාර දුකකින්.අදින් පසු සන්ධ්‍යාට සියළුම ආහාර ගැනීමට සිදු වන්නේ දියර වශයෙන් බව වෛද්‍යවරු නිර්දේශ කලේ ඈ හට වෙන කලයුතු ප්‍රතිකාරයක් නොවන බැවින්


                 සන්ධ්‍යාගේ සියලුම ආහාර මිශ්‍රකර ද්‍රවාකාරයෙන් ලබා ගැනීම වෛද්‍ය නිර්දේශය වුයේ ඇගේ පවකට.මටනම් හිතුනෙ එහෙමයි.මොනව වුනත් මැරෙන්න හිටපු ඇය මෙහෙම හරි බේරුන එක ගැන අපි සතුටුවෙමු.කථාව තවම ඉවර නෑ බලන්නකෝ ඉතුරුටික.මේ හැම දෙයක්ම ඉවර වෙනකම් කුමාරට ආරංචි වුනේ නෑ.හිතේ වූ අමුතුම හැගීමට දිනක් කුමාරව පුදුමාකාර විදිහට වෙහෙස කරන්නට විය.කුමාර රාත්‍රී නින්දේදී නපුරු සිහිනයක් දැක බියවී ඇහැරෙද්දී පාන්දර 4ත් පහුවෙලා.උදෑසන දකින හීන හැබෑ වෙනවලු.කුමාර කඩිමුඩියේ ලෑස්ති වුනේ ගමට යන්න.

                 දහවල් වෙද්දි ගමට එන කුමාරට අහන්න ලැබුනෙනම් එච්චර හොද ආරංචියක්නම් නෙමෙයි.සන්ධ්‍යාගේ පුවත ඇසූ ඔහු මහ හඬින් හඬමින් බිම ඉදගත්තේ ඒ වගේ නරක ආරංචියක් කවදාවත් අහන්න බලාපොරොත්තු නොවූ නිසා.සන්ධ්‍යාගේ අහිංසක මූණ කුමාරට මැවි මැවී පෙනුණි.ක්ෂණිකයෙන් නැගිටගත් ඔහු පියවර තැබුවේ රෝහලට යෑමට.

          අදනම් කුමාරට කිසිම බයක් ඇති වුනේ නෑ.කුමාර දුවල ගියේ අන්ත අසරණීව හොයාගෙන.වෙව්ලන දෙපා අකීකරු මනස විකාර කරද්දී  අමාරුවෙන් ඈ සිටි ඇද ළගට යද්දී හදවත පුපුරු ගසනවා ඔහුට දැනිනි."දෙවියනේ පුංචි මැණිකේ මොකක්ද මේ කරගත්තේ".කුමාරට තමන්ගේ ආදරිය වෙනුවට කුලමල පෙරට තබා කථාකෙරිණි.අහිංසකී ඇස් ඇරියේ තමන්ගෙ එකම ආදරේ බොහෝ දිනකින් දැක නොමැති නිසා දැක ගන්නට.ඇගේ දෑසෙන් කදුලු කැට අහුරුපිටින් කම්මුල් දිගේ බේරෙද්දි කුමාරට ඇය ගැන තරහක්ද ඇතිවිය ඉවසාගත නොහැකි වේදනාව ඇය අතරින් පිටකෙරුවේ ලෙඩ වූ ඇගේ කම්මුල මත කම්මුල් පහරක් ගසමින්.ඇය සියල්ල ඉවසීය.පුදුමාකර ඉවසීමක් ඇති ඇය සියල්ල ඉවසීය.ඇය දනී කුමාර පහර දුන්නේ තරහට නොව ආදරේට බව.එය මනාව ඔහුගේ ඇස් මත කදුලු කැට වලට ජනිත කරමින් තිබිණි."ඔයාට මොනාහරි වුණානම්".

         "අනේ පුංචි මැණිකේ.මෙහෙම දෙයක් කලේ ඇයි? සිදු වූ සියල්ල දැනගත් කුමාර බොහෝ කම්පා වීය.ජීවිතය මේ තරම් නපුරුද?අහිංසක හදවත්ම මේ තරම් පාරන්නට.සන්ධ්‍යා කුමාරගෙන් ඉල්ලීමක් කරන්නට විය."අනේ මාව මෙහෙන් අරන් යන්න." 

"ඔයා මාව මේ පාරනම් අරන් නොගියොත් මම මැරෙනවා."මෙච්චර හරියක් කල ඇය මෙය කරන්නට පසුබට නොවන බව කුමාර හොදින් දනී.


                   "සුදු මැණිකේ ඔයාට තාම සනීප මදි සනීප වෙනකම් ඉන්න."කොතරම් පැහැදිලි කලත් ඇගේ මුරණ්ඩු කමනම් අඩු නොවීය.ඇගේ තීරණය ඇය මොහොතකටවත් වෙනස් වූවේ නැත.ඇයට පරාජය වූ කුමාර ඇයව රැගෙන යන්නට තීරණය කලේය."සුදු මැණිකේ මම හෙට උදෙන්ම එන්නම්."

         කුමාර සන්ධ්‍යාගෙන් සමුගත්තේ අලුත් දිනයක අලුත් බලාපොරොත්තු සමගින් අලුත් ජීවිතයකට පෙරමන් තියන්නට.කුමාරට රාත්‍රී නින්ද නොගියේ ඉදිරි ජීවිතේ ගැන සැලසුමක් හදාගැනීමට.ඇයව කොහේ හෝ රැගෙන යා යුතුයි.එහෙත් එය හිතන තරම් ලේසි කටයුත්තකුත් නෙවෙයි.මේ දෙදෙනාගේ ආදරණීය දිවි ගමනට සහය දුන් කුමාරගේ යහළුවා තවත් උපකාර කරන්නට ඉදිරිපත් වුනේ මොවුන් දෙදෙනාට යන්නට තැනක් සකසා දෙමින්.උදෑසන සන්ධ්‍යා ළගට ගිය කුමාර රොහලේ කාටත් හොරෙන් සන්ධ්‍යාව රැගෙන යන්නට යහළුවාගේ උපකාර ඇතිව සියල්ල සූදානම් කරලීය.අමාරුම කාර්්‍යය වුනේ සන්ධ්‍යාව රෝහලෙන් පිටතට ගැනීමයි..




කුමාරටත් සන්ධ්‍යාටත් අලුතින් ජීවිතයක් ඇරඹිය හැකි වේවිද? 

මොවුන් දෙදෙනා අයියලා හසුවුනොත් ජීවිතේ සියළු බලාපොරොත්තු විසිරී යයිද? 

අසනීප සන්ධ්‍යා කුමාර රැගෙන ගියොත් ඔහුට ඇය ජීවත් කරන්න පුළුවන් වේවිද

  උපමාවක් නැති සැබෑ ආදරේ 3 (අවසාන කොටස) ඊළඟ පොස්ට් එකෙන්  අමතක නොකර බලන්න.....        




                    

14 comments:

  1. හැම ආදර කතාවකම අවසානය දුකක්ද අක්කි...අනේ මන්දා බලමුකෝ ඉතුරු ටිකත්....

    ReplyDelete
    Replies
    1. ජීවිතේ අපි කල පින් පවු අනුවයි අපිට ඊළග ආත්මයේ ලැබෙන සියලු දේ ලැබෙන්නෙ.විටක ඒ පින් පවු මේ ඉපදුණු ආත්මයේම පල දෙනවා කෙල්ලේ.ආදරේත් මේ පින් පවු වලට අයිති වෙනවා සිතූ.හැම ආදර කථාවක්ම දුකක් නෙවෙයි.ඒ අපි හිතන විදිය.සතුටින් අවසන්වන ආදර කථා මහ ගොඩක් මේ පොලවෙ පස් වෙලත් තියෙනවා මේ පොලොවෙ ජීවත් වෙමින් තියෙනවා.ජීවත් වෙන්න පෙරුම්පුරමින් ඉන්නවා.

      Delete
  2. අන්තිමේ දාපු ප්‍රශ්ණ කියවද්දි ඇත්තටම හිතට ආවා.. බලමුකෝ අවසාන කොටසත් කියවලාම..

    ReplyDelete
    Replies
    1. ජීවිතේ මහ පුදුම දෙයක් දිනේෂ්..ඒක මට වඩා ඔයා දන්නවා කියල මම හිතනවා .හිතන දේ ලැබෙන්නෑ පතන දේ ලැබෙන්නෙ නෑ.හරි පුදුමයි.නමුත් දෛවය අනුව ලැබිය යුතුදේ අපි සිතුවතු පැතුවත් නොවරදවාම ලැබෙනවාමයි.අවසානයත් බලන්නකෝ....

      Delete
  3. මම නම් පතන්නේ මේ දෙන්නට පැනලා යන්න ලැබේවා කියලා.ඉතිරියත් බලමුකෝ කියවලාම

    ReplyDelete
    Replies
    1. කථාව කියවන හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක වෙයි කියලයි මම හිතන්නේ.බොහොම ස්තූතියි නිශාන් අවසානය ‍බලන්නකෝ ඔයාගෙ ප්‍රාර්ථනය ඉෂ්ඨ වෙයිද කියලා.

      Delete
  4. ආදරේ වේදනාවක් විතරයි

    ReplyDelete
    Replies
    1. පළමුව මගේ රාජධානියට ඔබව සාදරයෙන් පිළිගන්නවා.(ෂේප් එකක් දැම්මේ කවද හරි මටත් ඒ පැත්තෙ යන්න වෙනවානේ)

      අපේ තියන අඩුපාඩු වලට ආදරේ පලි නෑනෙ අලුගෝසුවනි.වේදනාවෙන් තොර වූ ආදර කථා ලෝකයේ අනන්තවත් ලියවිලා තියෙනවා..

      ස්තූතියි ආයෙමත් එන්නකෝ මේ පැත්තෙ..

      Delete
  5. මට නම් හිතෙන්නේ සුන්දර අවසානයක් වෙයි..ඉතිරියත් බලමුකෝ අනු...

    ReplyDelete
    Replies
    1. ඔයාට ආදරේ ගැන තියෙන්නෙ ධනාත්මක සිතුවිල්ලක්.ඒකයි හැම වෙලේම අවසානය සුන්දරව දකින්න කැමති.හැමදාම එය එලෙසම පවතීවා..අවසාන කොටසින් හමුවෙමුකෝ...

      Delete
  6. මේ ආදර කතාවට අනිවාර්යෙන්ම ලස්සන අවසානෙකුත් තියෙනවා.
    :)

    ReplyDelete
  7. එහෙම වෙයි කියලයි කාගෙත් බලාපොරොත්තුව අපි බලමු ඊළග කොටසින් නෙත්පානි

    ReplyDelete
  8. කතාවේ තව කොටසකුත් තියෙනවා නෙහ්... ඒකත් කියවලා එන්නම්. අම්බෝ මම් හිතුවේ සන්ධ්‍යා මැරේවි කියල එහෙම උනා නම්.... අපරාදේ !!

    ReplyDelete
  9. සන්ධ්‍යා මැරුණනම් හොදයි කියල ඊළග කොටසින් හිතෙයි...

    ReplyDelete