Tuesday, April 10, 2012

රත්තරනේ මීට වැඩිය නුඹ මා ගාවින්ම ඉන්න

පුංචි පුංචි සැඩ පහරට
අපි දෙදෙනා හසු වූවත්
වෙන් කරන්න අපි දෙදෙනා
ලෝකයම සැරසූවත්
හදවත් වල බැදීම ගෙන
සංසාරෙම අරන් යන්න
නුඹෙ උණුහුම තුරුළුකරන්
ඉන්නම් මේ සංසාරෙම
ආත්මයක් ආත්මයක් ගෙන
මා නුඹ වෙනුවෙන් ඉන්නම්
මා වෙනුවෙන් නුඹ ඇවිදින්
මා නුඹ වෙත අරන් යන්න
සැප සම්පත් නැතිවුනාට
උණුහුම දී තියාගන්න
රත්තරනේ මීට වැඩිය
නුඹ මා ගාවින්ම ඉන්න

2 comments:

  1. ආදරේ කරන කෙනා ලඟ ඉන්න කවුදෑ අකමැති !!!

    ReplyDelete
  2. ඒකනෙ නේද? මම හිතන්නෙ මම අනිත් අයට වඩා කැමතියි කියල

    ReplyDelete