Thursday, April 5, 2012

හිමි සඳුනේ නුඹ වෙනුවෙන්.......



ආදරේට කවිකම් කල
පෙම් හිත ගැන දැනගන්නට
නුඹ   ඇවිදින් බලනවාද
නුඹට ලීව පදවැල් හැම

සෙත් කවියකි මගේ ලොවට
පදවැල් ගැලපූ සෙනෙහස
හිමි සඳුනේ නුඹ වෙනුවෙන්
කවි ලීවේ ආදර හිත

මදනල මෙන් හෙමින් ඇවිද
ඒක මොහොතක් විඩාව හිද
සැලමුතු පෙම පිදුවා නුඹ
මා හදවත නතු කරගෙන

හිමි සඳුනේ  සිත් යායෙම
විකසිත පෙම් මල් හැමතැන
පරවන්නට නොදී දිනක
                       රැකගන් නුඹෙ ආදර හිත                       

2 comments:

  1. ඒ තරමටම ආදර හිත පරිස්සම් කරලා !!!

    අර පුන්සිරි සොයිසාගේ සිංදුවකුත් තියෙන්නේ,

    "බිඳුන කලට අමතක කල නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන කුමට සුරකිම් ද ආදරෙන් කියලා"

    අන්න එහෙම දේකුත් තියෙනවා කියලා හිතුවනම් හරි ! :)

    ReplyDelete
  2. මධූ අයියේ...හිතට බල කරන්නත් බෑනෙ...පුදුමාකාර අකීකරු හිතක් මේක

    ReplyDelete