Saturday, April 7, 2012

සුසුමක් තුල නැගුනි
කඳුළු කැට පොදි බැඳ
සමුගැනීමක් නම් නැත
ලං නොවන අනන්තය සේම
නුඹ මහ පොළොව
මම අහස සේ ඉපිද
හමුවෙමු කෙදිනක ක්ෂිතිජයේ හිඳ
මමත් ඔබත් හිමි අපේ ලොවක තනිව
මියෙනතුරා වෙන්නොවන්න
අපිට අපි පොරොන්දු කරගෙන
සෙනෙහස සොයා යමු
අපේ හදවත් නවතිනතුරු දිනක

4 comments:

  1. මගේද මන්දා පළමු කමෙන්ටුව.. :)

    ලස්සනයි කවි. අදයි මේ පැත්තේ ආවේ.. හැමදාම මේ විදියට හදවත් නතර උනාට පස්සෙත් ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  2. ඔව් වර්ණා ඔයාගෙ තමයි පළමු කමෙන්ට් එක...
    ස්තූතියි මේ පැත්තෙ ආව‍ට..

    පුළුවන් හැම වෙලාවෙම එන්නකෝ...

    ReplyDelete
  3. ඇයි එක ආත්මයක් විතරක් !!!
    දෙන්නටම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා පතනවා !!

    ReplyDelete
  4. ඒකනම් ඔන්න සුභ ප්‍රාර්ථනයක්...සුතූතියි ඔබට

    ReplyDelete