Saturday, April 7, 2012

වාවනු කෙලෙස නුඹ දකිනවිට....

 නිහඬ පෙම් හිත පෙම් කලා නුඹ හට
නොසිතූ ලෙස ආත්මයම සිපගෙන
අදහමින් ජීවිතය කරගෙන
මගේ හදවතේ රජ කලා නුඹව
අමතකයි හැමදේම නුඹට අද
පෙම් විජිතයක රජකම් කල අපූරුව
නොපැතුවමුත් විඳවන්නට මෙලෙස
උරුම වුනේ කඳූලයි නිසැකවම මට
අමතක නොවන අතීතය සමග
පන්හිඳ සැරිසරයි කවි පද අමුණන්නට
සඳවතියත් පැරඳූන නුඹ හට
අකුරු ඇතිවේවිද නුඹ ගැන ලියන්නට
දුකින් හද පෙළුවත් නිතර
නුඹේ සතුටට බාධා කරනු කෙලෙසද
හිත හදාගත්තත් ඒ ගැන සිතා මම
වාවනු කෙලෙස නුඹ දකිනවිට
මගේ මිතුරා සමග

2 comments:

  1. දුක හිතෙන කවියක් !

    ReplyDelete
  2. හැමදාම මම ගැනම හිතල කවි ලියන්න බැරි නිසා පිරිමි හිතක් ආරූඩ කරගෙන ලිව්වා මේ කවිය...

    ReplyDelete