Thursday, April 19, 2012

හිමියනි අඳුරුයි නුඹ නැතිව ලොවත්....

                          හිත රිදුනා මහ ගොඩක්
                          දැනුන විට නුඹ ගැන සැකයක්
                          කවිකලෙමි රිදුනු හිතින් පද පෙලක්
                          අහිතකින් නොව එය හිතේ වූ සැකයක්

                          හදම තෙරපා නැඟුනි තව කඳුලක්
                          වරද මගේ දැයි නොදනිමි තව දුරටත්
                          හිතම රිද්දවා මා කරපු ශාපය ගැනත්
                          මමම දුක් වෙනව ඒ ගැන තව තවත්

                          නොනිදා පහන් කලමුත් අඳුරු රැයත්
                          ඇඬුවත් වැලපුනත් එලෙසම හිත රිදුනත්
                          වරදක් නොකල බැව් නුඹ කීවත්
                          නොමැකී තිබුණි එකලෙස එය තව දුරටත්

                          හිමියනි අඳුරුයි නුඹ නැතිව ලොවත්
                          මට දුක සිතුනි නුඹ නැතිවේයැයි සිතන විටත්
                          ආදර හිත රිදවා කල ශාපයටත්
                          විඳවමි තැවෙමි මම අද ඒ ගැන තව දුරටත්


4 comments:

  1. මට මේ කවි පංතිය කියවගෙන යනකොට මතක් උනේ නීලා වික්‍රමසිංහ මහත්මියගේ ගීයක්

    "බෝධියේ විහාරයේ
    පිදූ පියුම් වැනි වූ
    බාලිකා ලොව මැළවුනදා
    මුළු ලොවටම රෑ වෙනවා..."

    කවියට නම් අදාල නෑ. ඒ උනාට මතක් උන නිසා කමෙන්ට් කලා. කවිය ලස්සනයි.

    ReplyDelete
  2. මමත් ලියපු කවි වලින් ආසම කවියක්...මේ ගැන මම තාමත් දුක්වෙන නිසා...

    ReplyDelete
  3. හුගාක් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ශෂී ඔයාව....ස්තූතියි ඔබට ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...

      Delete