Tuesday, April 10, 2012

මගේ ආදර රන් දෙවඟන.....


 නිසරු හදවත සරු කල
හදේ හැම බිම් සාරවත් කල 
දුක් සුසුම් හිත මලින් බර කල
මගේ ආදර රන් දෙවඟන
මදහසින් පිරි මුව මඩල
නෙතු අගිස්සේ ආදර හැගුම
මා මන් මත් වූ ආදර වදන් පෙල
නැතිමුත් මා ළඟ සදාකල්ම
නුඹයි මගෙ ආදර රන් දෙවඟන
සුළඟ ඇවිදින් නුඹේ හුස්ම පොද
වේගයෙන් රැගෙන ගියා
මටත් අහිමි කර නුඹ‍ව ඈතකට
දුර ඈත පායන තරුවක් විලස
හිඳනවද මා දෙස බලාගෙන
මගේ හද දෙවොලේ හිඳි 
මගේ ආදර රන් දෙවඟන

 

6 comments:

  1. wish you all the best. godak lassanai

    ReplyDelete
    Replies
    1. Anonymous ‍බොහොම ස්තූතියි ඔබට.... ඉඩතියන වෙලාවක මේ පැත්තේ ඇවිල්ල යන්න එන්නකෝ...

      Delete
  2. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  3. ස්තූතියි මධූ අයියේ...මම ආසයි මෙහෙම කවි ලියන්න ...අනුන්ගෙ හිතක් මවාගෙන ඒ හිත ලියන විදියට කවි ලියන්න...

    ReplyDelete
  4. ඒකනම් සා නියමයි

    ReplyDelete
  5. ඒකනම් සා නියමයි

    ReplyDelete