Saturday, April 7, 2012

නුඹ මගේ විතරමයි....

කොපුල් තල මත රැදෙන ඔය සුසුම්
සවන් සනසාලන මුදු වදන්
මටම පමණක් උරුම නෙතු කැලුම්
අනෙකෙකුට බෙදාදෙන්නට නුඹට නෑ වරම්
සිත සුසුම් ලන හඬට නෙතු සලිත වෙයි
ජීවිතේ පුරා නුඹේ රුවින් පිළිරූ මැවෙයි
දෝතින්ම පිදු සෙනෙහස මගේ උරුමයයි
කෙදිනක හෝ මියෙනතුරු
නුඹ මගේ විතරමයි

5 comments:

  1. "කෙදිනක හෝ මියෙනතුරු
    නුඹ මගේ විතරමයි"

    ඔය කවි පද දෙක ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මමත් ආසම පද දෙක

      "කෙදිනක හෝ මියෙනතුරු
      නුඹ මගේ විතරමයි"

      Delete
  2. එරන්දි අනුපමා කියන කෙනා ලියපු කවියක් ද මේ ?? කවිය ලස්සනයි කිව්වා කියන්ඩ !

    ReplyDelete
    Replies
    1. හ්ම් කියන්නම්කෝ...මධූ අයියා සිත්තමී කියන්නෙ එරන්දි අනුපමාටම තමයි...

      Delete