Monday, April 30, 2012

තුරුල්වෙන්න එදා වගේම.....


කඩා වැටෙන තුරු ජීවිතය 
බලා හුන්නෙ කොහොමද නුඹ
ආදරේ හිත දරදඬු කරගෙන
නොසිතුවත් හිතට එන
ලං නොවුනත් ලගින්ම හිඳගෙන
සුවඳ නැතිමුත් මතක සුවඳ ගෙන
මං ආදරෙයි තවමත් නුඹට
රුදිරයට කාන්දු වුන නුඹේ ආදරය
විඳගන්නට බැරිව තනිකම හදට
පුපුරල විසි‍වෙයිද නහර වැල් එකින් එක
කකියන හදවතක වේදනාව
දැනුන දිනක නුඹ නොවරදවාම
හනික ඇවිත් මා සොයාන
තුරුල්වෙන්න එදා වගේම
     ............  ෴ ..........

2 comments:

  1. හ්ම්.... දුක හිතෙන කවි !!

    ReplyDelete
  2. දුක හිතුනත් හිත හදන් හිත රිදෙනකම් ලියපු කවි

    ReplyDelete