Thursday, April 5, 2012

කියන්න මට ආදරෙයි කියලා......

                                        කියන්න මට ආදරෙයි කියලා......

කියාගන්න බැරි දේවල්
දෙතොලවත් දිවවත්
කියන්නෙ හදන්නෙවත් නැති හැටි
මට මං ගැන පවු කියල 
මට හිතෙන්නෙවත් නැති හැටි
 කියන්න පුලුවන්නම්
මුළු ලෝකෙම මුළු ජීවිතේම මගේ නුඹ කියල
කෑගහල කියන්නම් සතර සිව් දෙසම දෙදරවා

මා එක්ක කථා කලත්
නුඹ මාව තේරුම් ගන්නෙ නැති හැටි
තේරුනත්නොතේරුන විදියට
ඔබ මාව මුලා කරන හැටි
මා මුලා කලත් ඔබ මුලා වෙන්න එපා
දෑස පියාගෙන සවන් දෙන්න
ඈත ඉදන් මං නුඹට කථා කරනවා
නුඹව දකින්න පෙරුම් පුරනවා
නුඹට හදවතින් සුභ පතනවා

අනේ‍, මගේ සුසුම් නවතින්න
දෝරෙ ගලායන කඳුළු කැට නවතින්න
එකපාරක් එකම එක පාරක්
     කියන්න මට ආදරෙයි කියලා.....

 

2 comments:

  1. ආදරෙයි කියලා කියන්නෙම නැත්නම් ආයේ අහන්ඩ යන්න එපා !!!

    ReplyDelete
  2. මැරුණත් අහන්නෙ නම් නෑ..මධූ අයියේ...ඒත් හිත දන්නෙ නැද්ද?

    ReplyDelete