ලෝකයම සුව නින්දක
නුඹ පමණක් වේදනාවක
එදා අඳුරු මහ රාත්රියක
බිහිකලා කුළුඳුල් දියණියක
රාත්රී පසුවී දොළහයි දහයට
නිම්හිම් නැති වේදනාවක් කුසට
එක්කරමින් මව් පදවිය නුඹට
මමයි ඉපදුණු කුළුඳුල් දියණිය මවට
වේදනාවේ අඳුරු නිම්පෙතට
කෑ ගසමින් නුඹේ හඬ මිහිතලයට
විඳගනිමින් දරු දුක මහමෙරකට
බිහිකලා දියණියක් පියාණන්හට
අදයි පළමුව මවක් වූ දින
සතුටින් මතකයට ගනිමින් එදින
වෙනදා මෙන් අදත් උදෑසන
මා හිස සිඹිමින් සිහිකලා උපන්දින
නුඹයි මගේ පණ සසර පුරාවට
පතමි පාරමී සෙනෙහසේ නාමෙට
මගේ ආයු ගෙන දිගුකලක් හිඳින්නට
හැකිවේවා මගෙ ආදර අම්මාට.......
මේ ඉන්නෙ අම්මගෙ පුංචි කෙල්ල මාස 3 දී..
සිනාවෙන් මුව සැරසුන
ReplyDeleteසිතින් සතුටම ඉතිරෙන
ජිවිතයම මලින් හැඩවෙන
සුභම සුභ උපන්දිනක් මගේ අක්කියෝ..!!
පාට පාට මල් ලෝකෙක
Deleteසුවඳ හමන පුංචි රෝස මලක
රොන් ගෙනියන සමනලියක්
ඉපදිලාලු එක වසන්තයක
මල් පෙත්තක් වැනි සියුම්බවක්
තියෙනවලු ඇගේ වතපුරාම
මලින් හමන සුවඳ පොදක්
මෙන් සුවඳ හමනවලු සිතපුරාම
සමනලිය ඇවිදන් ගිය ගිම්හානෙක
හමුවුණ ලස්සන රෝස මලක්
සමනලියට පතනවා සුන්දර දිවියක්
සැමදා නොසිදි තියෙන සිනාවක්
ඒ හමුවුන පුංචි රෝස කැකුලම
පතනවා සමනලියට අද සුභ උපන්දිනක්....
ඔයා මට ලියපු කවිය හරිම ලස්සනයි පැට්ටෝ.....
Hello
Deleteසිනහවක් නැත නුඹ නැතිව මා ලඟ
ReplyDeleteසතුට හිමිනැත නැතිවිට නුඹ මා ලඟ
ජීවිතය සැමදා සෙනෙහසෙන් මා ලඟ
හිදින් නැගණිය සසර පුරාවට මා ලඟ
බොහොම ස්තූතියි නංගෝ....
සුබම සුබ උපන් දිනක් වේවා සහෝදරි
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ....
Deleteසුබ උපන්දිනයක් වේවා....!!!
ReplyDeleteමම ආසාවෙන් ලියපු කවිය ගැන කියන්නෙ නැද්ද?....
Deleteබොහොම ස්තූතියි රොබින්
ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ප්රාර්ථනා කරන ගමන්ම ඔයාගේ අම්මටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ පතනවා.....:))))))))))))))
ReplyDeleteආදරණීය යාළු බොහොම ස්තූතියි...අම්ම වෙනුවෙන් කල ප්රාර්ථනයටත්
Deleteසුභ උපන් දිනක් යාළු....පතන හැම පැතුමක්ම ඉටු වෙන්න කියලා ප්රාර්ථනා කරනවා...ජේසු පිහිටයි.....
ReplyDeleteස්තූතියි මගෙ යාළු...
Deleteහීතලේ වෙව්ලමින්..
ReplyDeleteහදවත වේගයෙන් ගැහෙමින්,
කුළුඳුලේ එන නුඹ ගැනම සිතමින්,
කවුරුන්ද. .එහි...සිටියෙ හැඟුමෙන්...
කොරිඩෝවට වෙලා,
රැයපහන් වනතුරා,
තම සොඳුර ගැන සිතා,
දියනියේ ඒ සිටියෙ නුඹෙ පියා....!
හැඟුම් බරවෙලා අමතක උනා..."සුභ උපන්දිනයක් වේවා"...යාලු..!
Deleteලස්සනම ලස්සන කවිය කියන්න බැරිතරම්....
Deleteඇත්තමයි අප්පච්චිට එළියට වෙලා ඉන්නම බැරිලු.අප්පච්චිගෙ මල්ලි මගේ බාප්පා එයා වැඩකරල තියෙන්නෙත් ඒ හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් එයත් වැඩ භාරගෙන මාසයක්වත් නෑලු.අප්පච්චි ඉදල තියෙන්නෙ බාප්පගෙ රූම් එකේ.ඉන්න බැරිම තැන බාප්පගෙ කෝට් එක දාගෙන නලාව අතින් අරන් අම්මව වාට්ටුවට දාපු ගමන් මහ රෑ බලල ආවලු..අප්පච්චියි බාප්පයි ගොඩක්ම එක වගේ ඒ නිසා අවුලක් නැතිවෙලා.අහු වුණානම් බාප්පට ජොබ් එකත් නැති වෙනවලු..(නයෙක් කියල හිතන්න එපා) ඔයාගෙ කවිය නිසා අප්පච්චි නල දේ කිවුවේ...
අප්පච්චි ගැනත් ලියන්න..
Deleteඅනන්තයක් සේ හැඟුන කාලය..
ReplyDeleteනින්දත් නොනින්දත් අතර..
එලොව මෙලොව තෝරාගත නොහැකිව....
ඇසෙන්නේ එකම හඬක් පමණි
අඳුනන්නේද එම හඬ පමණි
අනාගතයේ ඇත්තේ කුමක්දැයි නොදනිමි..
ඊලඟ මොහොත
අවිනිශ්චිතය..
ඒත් මට මහා සුරක්ෂිත බවක් දැනේ....
මෙලොව එළිය දැකුමට පෙර සිටම
අම්මා මා රැක්කේ එලෙසය...
මගේ අම්මාගේ පුතකු වන්නට මා පින් කර තිබුනියැයි අදහා ගත නොහැකි තරම් වුවද.....
මෙලොව එලොව කිසිම දෙයකට මට කිසිම කරදරයක් කළ නොහැකි යැයි මම දැන සිටියෙමි..
අම්මා එලෙස වීමට ඉඩ නොදෙන බැවිනි...
සියලු පැතුම් ඉටු වන සුභම සුභ උපන්දින පැතුමක් ඔයාට එවන ගමන් ඔයාගෙ අම්මටත් දීර්ඝායුෂ පතනවා!!
පිළිගන්නවා මගේ සිත්තමට ආදරයෙන් බටයා...
ReplyDeleteමෙලොව එළිය දැකුමට පෙර සිටම අම්මා මා රැක්කේ එලෙසය...නියමයි..වචන
කවි ලියන්න පුළුවන් ට්රයි එකක් දෙන්න...
ස්තූතියි යාළු...ආයෙත් එන්නකෝ...
සුභ උපන්දිනයක් යාළුවා.. කවි පෙල ලස්සනයි..
ReplyDeleteස්තූතියි දිනේෂ්..
Deleteසුභ උපන්දිනයක් වේවා...
ReplyDeleteකොමෙන්ටුවක් දිගේ හොයාගෙන මේ පැත්තට ආවේ...
මං හිතන්නෙ මේ ආවමද මංදා...ආයිත් එන්නම්කෝ....
ආ..කියන්න අමතක උනා කවි පංතිය සෑහෙන්න ලස්සනයි...
පිළිගන්නවා ආදරයෙන් මගේ සිත්තමට ඔබව...
Deleteස්තූතියි ඔබට
ආයෙමත් එන්නකෝ එහෙනම්
සුබ උපන්දිනයක් වේවා !!!
ReplyDeleteමම පරක්කු වැඩිද මන්දා....
ගොඩක් පරක්කුයි මධුරංග අයියේ...නමුත් කමක් නෑ බොහොම ස්තූතියි....
Deleteමමත් ගෙදර ලොකු දුව... නෑදෑ සනුහරේම විශේෂ ආදරයක් ලැබෙනවා නේද? ලොක්කි උණාම..... ලස්සනයි ඔයාගෙ කවිය...
ReplyDeleteමා ඉපදුණ දා අම්මාත් ඉපදුණා... එයට පෙර ඇය ගැහැණියක් පමණයි.. ඇය අම්මා උණේ මා නිසයි... ඒ වගේම තාත්තාට මුලින්ම තාතා... කියා කතා කළෙත් මමයි... පවුලේ වැඩිමලෙක් වීම ඇත්තටම ආශිර්වාදයක් නේද?
ඇත්තටම පවුලේ වැඩිමලා දුවක් වීම පවුලටම ආශිර්වාදයක්...වැඩියෙන්ම අම්මට...
ReplyDeleteපුංචි ඇස් වලින් හිනැහී සඳ මෙන් අලුයම්
ReplyDeleteදුටුවේ මෙලොව රුවකින් රනින් කල ගෙත්තම්
සැබෑ කරමින් මව් පිය දෙපලගේ සිතුම් පැතුම්
නව ලොව එලිය දුටු කුමරි 'සිහිනයේ සිත්තම්'...
ම්ම්ම්....
පෙර දිනකදීත් අප මිතුරන් වී සිටියානම්
කේක් කෑල්ලක් ඇත මටත් කරමින් සුදානම්
කළු සුදු රූපේ හැඩයි අක්කියෝ හැමදාම නම්
පමාවී පැතුවේ සුබ උපන්දිනක් සිතුවිලි සිත්තම්...
ඔයාට සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනක් වේවා මගේ අක්කියෝ...!
*-*-*-***-*-*-*-*-*-*-*--*-*****-*--*---*-***-*****
මම දැකපු ලස්සනම කිවි පද දෙක මේකද මන්ද මල්ලියෝ...දැක්කම ඇස්දෙකට කදුළුත් පිරුණා...ඒ ඔයා මටම ලියපු කවිපද දෙකක් නිසා වෙන්න ඇති මම කිව්වේ ඔයත් හරි කවි කාරයෙක් කියලා...
ReplyDelete