මගෙ හිත ලඟ
නුඹ තනියට
ඔය හිත මට
පුද දුන්නා....
හැම දිනකම
සතුට අරන්
නුඹ මා වෙත
පියමැන්නා...
.
.
.
.
.
.
.
නමුදු දිනක
මගේ හිතට
කඳුළු අරන්
නුඹ ආවා...
යළි එන්නෑ
මම එන්නෑ
නපුරු හඬින්
නුඹ කීවා...
.
.
.
.
.
.
.
කවදා හෝ
නුඹ ඒවියි
මගෙ හිත මට
කොඳුරනවා...
නුඹ නාවත්
කවදාවත්
මම නුඹටම
පෙම්කරනා....
සිත්තමී සිත්තමේ ලියන අවසාන කවිය.........
සිත්තමී සිත්තමේ ලියන අවසාන කවිය.........