Thursday, October 25, 2012
නොකියානම් නුඹ මට යන්න එපා......
හැරයන්නට පෙර මත්තෙන්
එන්න කියා නුඹ මට යන්න එපා
මතකය සිරකොට නෙතු අගිස්සේ
පෙරදා සේ නොදොඩා ඉන්න එපා
හැර දමා මා යන්න ඕනිනම්
යන්න මා දමා තව ඉන්න එපා
මා වැරදිනම් අනේ ඒ ගැන
නොකියානම් නුඹ මට යන්න එපා
නුඹේ රුව මගෙ හිතම සැනසුවද
හැරගිය පසු මට දැක ගන්න එපා
පිළිකුලක් වෛරයක් නැහැ මට
නමුත් මා ගැන යළි සිතනු එපා
Thursday, October 18, 2012
සමබර නොවන තරාදියක......
දෙමාපිය සෙනෙහස
ඔබේ ආදරය
සමබර නොවුනොත්
එකම තරාදියක
රිදේවි මසිත
අනේ මහ හුඟක්.......
තේරුම් නොගෙන
විඳවන මගේ හිත
එකඳු පැත්තක් හෝ
බර වුනොත්
විඳවාවි මගේ ජීවිතේ
මියෙන තුරු මා
හැමදාම......
විඳගන්න බැරිවුනොත්
සමබර නොවූ තරාදියේ
මගේ ජීවිතය
මියෙනවා හැර
නැතිය පිළිතුරක්
තවත්
මගේ ජීවිතේට...... .
සිත්තමී ලියූ කවියක් වගේ කවියක් නොවූ සිතුවිල්ලක්......
තේරුම් ගත්තෝ තේරුම් ගනිත්වා නොතේරුනෝ මට සමාව දෙත්වා....
Saturday, October 13, 2012
ආදරේ පුරවපු මගෙ පණයි ඔයා.....
දිනක් දෙකතුනක් නොදැක බැරි මට
මසක් බැලුවත් නැහැ ඔයා
මටත් හොරෙන් හිත හදාගත්තද
නමුත් නොදැක බැහැ මට ඔයා
දකින්නට සිපගන්න නැහැ මට
අනෙක් අයට සේ මගෙ ලග ඔයා
නමුත් සිතින් සිය දහස්වරක් සිප
සිත සනසනවා නොදැක ඔයා
විටෙක තනිකම හිතට පාළුව
දැනෙන විට මතකයේ ඔයා
මගේ ඇට මස් නහරවැල් තුල
ආදරේ පුරවපු මගෙ පණයි ඔයා
...................................
සිහින සිත්තම හැඩකරන සිත්තමී
මසක් බැලුවත් නැහැ ඔයා
මටත් හොරෙන් හිත හදාගත්තද
නමුත් නොදැක බැහැ මට ඔයා
දකින්නට සිපගන්න නැහැ මට
අනෙක් අයට සේ මගෙ ලග ඔයා
නමුත් සිතින් සිය දහස්වරක් සිප
සිත සනසනවා නොදැක ඔයා
විටෙක තනිකම හිතට පාළුව
දැනෙන විට මතකයේ ඔයා
මගේ ඇට මස් නහරවැල් තුල
ආදරේ පුරවපු මගෙ පණයි ඔයා
...................................
ඔන්න අද තමයි සිත්තමීගෙ 50 වෙනි පෝස්ට් එකපලකලේ.බ්ලොග් ලෝකෙට ආධුනිකයෙක් වෙච්ච සිත්තමී අදින් පස්සෙ ආධුනිකයෙක් නෙමෙයි.හැබැයි මහ ලොකු වැඩකාරයෙකුත් නෙමෙයි.කවි 36 එක්ක ලියපු පෝස්ට් බැලුව ආදරණීය යහළු ඔබ සැමට මාගේ ප්‍රණාමය
...................සිහින සිත්තම හැඩකරන සිත්තමී
Monday, October 8, 2012
සිත්තමී මියදුණා......
මියදෙන්න හිත හිත හිතපු මාහට
මියදෙන්න වුණා මා නොසිතු වෙලාවක
පණ ගැහෙන නලියන අහිංසක හිත
වේදනාවෙන් මියදුණා....
දුවල ඇවිත් අර අරකි මැරිල බොල
කියයි අදුරන මිතුරො එකිනෙක
කමක් නැහැ බොල ඇහෙන්නැහැ මට
මගේ ලෝකෙට මම ගියා.....
කීතු කීතු කර කෑලි කෑලි කර
හිතම රිද්දවා මියදුණා මා අද
එපා ආයෙනම් මනුලොවක් මට
අලුත් උප්පත්තියකට තවත්.....
නිවන් සුව සොයුරියේ නුඹහට
කියයි නුඹලා සැවොම එකලෙස
නිවන් ලබන්නට පින් මදි බොලවු මට
ඒ තරම් පවුකල කෙනෙක් අද මම......
මියදෙන්න වුණා මා නොසිතු වෙලාවක
පණ ගැහෙන නලියන අහිංසක හිත
වේදනාවෙන් මියදුණා....
දුවල ඇවිත් අර අරකි මැරිල බොල
කියයි අදුරන මිතුරො එකිනෙක
කමක් නැහැ බොල ඇහෙන්නැහැ මට
මගේ ලෝකෙට මම ගියා.....
කීතු කීතු කර කෑලි කෑලි කර
හිතම රිද්දවා මියදුණා මා අද
එපා ආයෙනම් මනුලොවක් මට
අලුත් උප්පත්තියකට තවත්.....
නිවන් සුව සොයුරියේ නුඹහට
කියයි නුඹලා සැවොම එකලෙස
නිවන් ලබන්නට පින් මදි බොලවු මට
ඒ තරම් පවුකල කෙනෙක් අද මම......
Subscribe to:
Posts (Atom)