Monday, April 30, 2012

තුරුල්වෙන්න එදා වගේම.....


කඩා වැටෙන තුරු ජීවිතය 
බලා හුන්නෙ කොහොමද නුඹ
ආදරේ හිත දරදඬු කරගෙන
නොසිතුවත් හිතට එන
ලං නොවුනත් ලගින්ම හිඳගෙන
සුවඳ නැතිමුත් මතක සුවඳ ගෙන
මං ආදරෙයි තවමත් නුඹට
රුදිරයට කාන්දු වුන නුඹේ ආදරය
විඳගන්නට බැරිව තනිකම හදට
පුපුරල විසි‍වෙයිද නහර වැල් එකින් එක
කකියන හදවතක වේදනාව
දැනුන දිනක නුඹ නොවරදවාම
හනික ඇවිත් මා සොයාන
තුරුල්වෙන්න එදා වගේම
     ............  ෴ ..........

ඉකි බිඳින කඳුලක බර.....


නුඹට හොරා නුඹේ සිහිනවල
පෙම් බඳිමින් හැමදාම
මගේ රත්තරනේ නුඹ දන්නේ නෑ
මම හඬපු තරම් ඒ හීනවල
මේ හඬන හිත ආදරෙන් සනසවන්න
පෙරදා සේ මුදු වදනින්
නුඹ එන්නේ නෑ ආයෙත්
හිත හදන්න ඒ හීනවල

හිත ඉකි බිඳින කඳුලක බර
දැනේ නම් නුඹටත් 
                     රත්තරනේ.....

Saturday, April 28, 2012

නුඹයි පණනල මගේ දිවියට....

                                               

                              සිසිල ලැබුනි දිවිය‍ට 
                              පුර හඳ නුඹගෙන් විහිදුවන
                              තුරු මුදුන කිසිදා තනි නොකල
                              මද සුළඟ නුඹයි මේ දිවියට
                              සිසිලක් දැනුනි දෙකොපුලට
                              සිපගත් විට ආදරයෙන් 
                              ගෙන මා තුරුලට
                              මිහිරි මතකයන් ඇත අපට
                              පෙම් විජිතයම හැඩකල
                              අපේ ආදර සෙනෙහස
                              නැතිමුත් ගත ලඟ
                              දැවටි දැවටී ඉන්නට
                              සිතින් සිපගමි දහස්වරක්
                              නුඹයි පණනල මගේ දිවියට  
                                                      ............  ෴ ..........
   

Friday, April 27, 2012

තනමි පෙම් කවක් නුඹ වෙනුවෙන්

සිඹිමින් දෙකොපුල
දැවටෙමින් නුඹ තුරුලෙම
විඳගනිමින් ඔය සෙනෙහස
නොමියෙන පෙමක පදවැල  මුලක හිඳ
තනමි පෙම් කවක් නුඹ වෙනුවෙන්
මියෙනතුරාව‍ට පණ මෙන්
රැකගනිමින් නුඹේ ඔය
සප්ත මහා සාගරය මෙන්
ගලායන හදවතේ ආදරය......

Thursday, April 26, 2012

වෛර කරමි මගෙ දෑසට නොපෙනෙන්නට යළි සුදුපාට.......


නොසිතුව නොපැතුව අවසානෙක නිහඬබව
කඳුළු මුනිවත රකින පිරිමි හිතක දැඩිකම
හඬන හිත යට කරන් මමත් අද ඇන්ද
නුඹ කැමති සුදුපාට
                                           
සිලි සිලි හඬනගයි කොඩිවැල්වල
කන්දොස්කිරියාව
හිතම ගිනිගෙන දැ‍‍වෙයි  දකිනවිට
පාර මැද කොඩිය සුදුපාට
      
නෙත දකින හැම රුවක් දුකෙන් හිත බර කරන්
රංචු එකිනෙක සැදී කථා කරයි නුඹ ගැනම
මේ හැම නුඹ වෙනුවෙන්
අද ඇදල  සුදුපාට

අහිංසක පිරිසිදු ලොව එකම පාට සුදුපාට
කියා නුඹ අදින්නෙම හැමදාම සුදුපාට
දෙව්ලියකි මගෙ මැණික නුඹ ඇන්දම සුදුපාට
අවසන් ගමනටත් අද නුඹ ඇදලා  සුදුපාට
                                                                                
හිතහරි විඩාබරයි දකිනවිට සුදුපාට
වෛර කරමි මගෙ දෑසට නොපෙනෙන්නට යළි
                                                                    සුදුපාට.......

Thursday, April 19, 2012

හිමියනි අඳුරුයි නුඹ නැතිව ලොවත්....

                          හිත රිදුනා මහ ගොඩක්
                          දැනුන විට නුඹ ගැන සැකයක්
                          කවිකලෙමි රිදුනු හිතින් පද පෙලක්
                          අහිතකින් නොව එය හිතේ වූ සැකයක්

                          හදම තෙරපා නැඟුනි තව කඳුලක්
                          වරද මගේ දැයි නොදනිමි තව දුරටත්
                          හිතම රිද්දවා මා කරපු ශාපය ගැනත්
                          මමම දුක් වෙනව ඒ ගැන තව තවත්

                          නොනිදා පහන් කලමුත් අඳුරු රැයත්
                          ඇඬුවත් වැලපුනත් එලෙසම හිත රිදුනත්
                          වරදක් නොකල බැව් නුඹ කීවත්
                          නොමැකී තිබුණි එකලෙස එය තව දුරටත්

                          හිමියනි අඳුරුයි නුඹ නැතිව ලොවත්
                          මට දුක සිතුනි නුඹ නැතිවේයැයි සිතන විටත්
                          ආදර හිත රිදවා කල ශාපයටත්
                          විඳවමි තැවෙමි මම අද ඒ ගැන තව දුරටත්


Tuesday, April 10, 2012

මගේ ආදර රන් දෙවඟන.....


 නිසරු හදවත සරු කල
හදේ හැම බිම් සාරවත් කල 
දුක් සුසුම් හිත මලින් බර කල
මගේ ආදර රන් දෙවඟන
මදහසින් පිරි මුව මඩල
නෙතු අගිස්සේ ආදර හැගුම
මා මන් මත් වූ ආදර වදන් පෙල
නැතිමුත් මා ළඟ සදාකල්ම
නුඹයි මගෙ ආදර රන් දෙවඟන
සුළඟ ඇවිදින් නුඹේ හුස්ම පොද
වේගයෙන් රැගෙන ගියා
මටත් අහිමි කර නුඹ‍ව ඈතකට
දුර ඈත පායන තරුවක් විලස
හිඳනවද මා දෙස බලාගෙන
මගේ හද දෙවොලේ හිඳි 
මගේ ආදර රන් දෙවඟන

 

රත්තරනේ මීට වැඩිය නුඹ මා ගාවින්ම ඉන්න

පුංචි පුංචි සැඩ පහරට
අපි දෙදෙනා හසු වූවත්
වෙන් කරන්න අපි දෙදෙනා
ලෝකයම සැරසූවත්
හදවත් වල බැදීම ගෙන
සංසාරෙම අරන් යන්න
නුඹෙ උණුහුම තුරුළුකරන්
ඉන්නම් මේ සංසාරෙම
ආත්මයක් ආත්මයක් ගෙන
මා නුඹ වෙනුවෙන් ඉන්නම්
මා වෙනුවෙන් නුඹ ඇවිදින්
මා නුඹ වෙත අරන් යන්න
සැප සම්පත් නැතිවුනාට
උණුහුම දී තියාගන්න
රත්තරනේ මීට වැඩිය
නුඹ මා ගාවින්ම ඉන්න

Monday, April 9, 2012

රත්තරනේ නුඹයි මගේ ලොව‍....

නුඹේ හදේ රිද්මය
මහදේ සියුම් තැන් අවදි කර
ලොවම සැනකින් අමතකව
ගියාදැයි නොදනී මගෙ හිතට

නුඹ ඇවිත් ලොවක් අරගෙන
සප්ත සයුර වැනි ආදරය මුසුකොට
නහව නහවා හිතම හැඩකර
ජීවිතය ලැබුණා මට නුවුම් ලොවකට

රත්තරනේ නුඹයි මගේ ලොව
ජීවිතයම තව තවත් හැඩකල
මියෙනතුරු දිනක හි‍‍‍‍‍‍‍‍ඳින් හිත ලග
ආදරයෙන් පිරිමඳිමින් තව තවත් හිත

මම විඳවමි දුක නැතිවනතුරු දිනක නුඹහට....!!!

රිදෙව්වානම් ඔය හිත
සමාවක් නැහැ මෙමට
හිතින්නම් කෙදින රිදවනු කෙලෙස
ආයෙ ආයෙත් ඔය හිත

මහ මෙරක් තරම් දුක
හිත තුලම තෙරපගෙන
නුඹ හිටපු හැටි  එදින
නොදන්නවා නෙමෙයි මම

දුක හිතුනි නම් නුඹට
සමාවක් නැහැ මෙමට
නොදැන මා කල වරදට
මම විඳවමි දුක නැතිවනතුරු
                                   දිනක නුඹහට....!!!

Saturday, April 7, 2012

සුසුමක් තුල නැගුනි
කඳුළු කැට පොදි බැඳ
සමුගැනීමක් නම් නැත
ලං නොවන අනන්තය සේම
නුඹ මහ පොළොව
මම අහස සේ ඉපිද
හමුවෙමු කෙදිනක ක්ෂිතිජයේ හිඳ
මමත් ඔබත් හිමි අපේ ලොවක තනිව
මියෙනතුරා වෙන්නොවන්න
අපිට අපි පොරොන්දු කරගෙන
සෙනෙහස සොයා යමු
අපේ හදවත් නවතිනතුරු දිනක

නුඹ මගේ විතරමයි....

කොපුල් තල මත රැදෙන ඔය සුසුම්
සවන් සනසාලන මුදු වදන්
මටම පමණක් උරුම නෙතු කැලුම්
අනෙකෙකුට බෙදාදෙන්නට නුඹට නෑ වරම්
සිත සුසුම් ලන හඬට නෙතු සලිත වෙයි
ජීවිතේ පුරා නුඹේ රුවින් පිළිරූ මැවෙයි
දෝතින්ම පිදු සෙනෙහස මගේ උරුමයයි
කෙදිනක හෝ මියෙනතුරු
නුඹ මගේ විතරමයි

වාවනු කෙලෙස නුඹ දකිනවිට....

 නිහඬ පෙම් හිත පෙම් කලා නුඹ හට
නොසිතූ ලෙස ආත්මයම සිපගෙන
අදහමින් ජීවිතය කරගෙන
මගේ හදවතේ රජ කලා නුඹව
අමතකයි හැමදේම නුඹට අද
පෙම් විජිතයක රජකම් කල අපූරුව
නොපැතුවමුත් විඳවන්නට මෙලෙස
උරුම වුනේ කඳූලයි නිසැකවම මට
අමතක නොවන අතීතය සමග
පන්හිඳ සැරිසරයි කවි පද අමුණන්නට
සඳවතියත් පැරඳූන නුඹ හට
අකුරු ඇතිවේවිද නුඹ ගැන ලියන්නට
දුකින් හද පෙළුවත් නිතර
නුඹේ සතුටට බාධා කරනු කෙලෙසද
හිත හදාගත්තත් ඒ ගැන සිතා මම
වාවනු කෙලෙස නුඹ දකිනවිට
මගේ මිතුරා සමග

Thursday, April 5, 2012

හිමි සඳුනේ නුඹ වෙනුවෙන්.......



ආදරේට කවිකම් කල
පෙම් හිත ගැන දැනගන්නට
නුඹ   ඇවිදින් බලනවාද
නුඹට ලීව පදවැල් හැම

සෙත් කවියකි මගේ ලොවට
පදවැල් ගැලපූ සෙනෙහස
හිමි සඳුනේ නුඹ වෙනුවෙන්
කවි ලීවේ ආදර හිත

මදනල මෙන් හෙමින් ඇවිද
ඒක මොහොතක් විඩාව හිද
සැලමුතු පෙම පිදුවා නුඹ
මා හදවත නතු කරගෙන

හිමි සඳුනේ  සිත් යායෙම
විකසිත පෙම් මල් හැමතැන
පරවන්නට නොදී දිනක
                       රැකගන් නුඹෙ ආදර හිත                       

කියන්න මට ආදරෙයි කියලා......

                                        කියන්න මට ආදරෙයි කියලා......

කියාගන්න බැරි දේවල්
දෙතොලවත් දිවවත්
කියන්නෙ හදන්නෙවත් නැති හැටි
මට මං ගැන පවු කියල 
මට හිතෙන්නෙවත් නැති හැටි
 කියන්න පුලුවන්නම්
මුළු ලෝකෙම මුළු ජීවිතේම මගේ නුඹ කියල
කෑගහල කියන්නම් සතර සිව් දෙසම දෙදරවා

මා එක්ක කථා කලත්
නුඹ මාව තේරුම් ගන්නෙ නැති හැටි
තේරුනත්නොතේරුන විදියට
ඔබ මාව මුලා කරන හැටි
මා මුලා කලත් ඔබ මුලා වෙන්න එපා
දෑස පියාගෙන සවන් දෙන්න
ඈත ඉදන් මං නුඹට කථා කරනවා
නුඹව දකින්න පෙරුම් පුරනවා
නුඹට හදවතින් සුභ පතනවා

අනේ‍, මගේ සුසුම් නවතින්න
දෝරෙ ගලායන කඳුළු කැට නවතින්න
එකපාරක් එකම එක පාරක්
     කියන්න මට ආදරෙයි කියලා.....