පාළු සුසානයක
නිවී නොනිමී දැල්වෙන
ඉටිපන්දම හිස ලඟ තනියට
දින තුනකට කලින්
පිපී මා වටේ හැඩකල
මල්වඩම් දෙක තුනත්
පරවෙමින් මා හැර යන්නට
තනිවෙන්නට පෙර පස්යට
පියාගේ බිහිසුණු විලාපය
මවගේ දුක් අඳෝනාව
දෙදන බිම තියා හඬන සොයුරාට
කියාදෙන්න මගෙ මිතුර
දිරිය දෙන්න ජීවත් වන්න ඔවුනට
ජීවිතේ අනියත බව කියාදෙමින්
රැගෙන යන්න පාළු සුසානයෙන් ඔබ්බට
.
.
.
.
.
.
.
.
තනිවෙන්න දෙන්න මට
මගේ එකම ආසාව මරණය සමඟ
තනියට හිඳීවි දිනක මට
අරලිය මලක් හෝ මනීමලක් දම්පාට
හිත හොඳින් මැරුණ කෙනෙක් නම් නෙවෙයි වගේ!
ReplyDeleteකොහොම වුනත් වෙනස්ම අදහසක්, සිත්තමීටත් හිතෙන දේවල්!
ලස්සනයි!
ඒකනම් සිත්තමී හිතුවෙ සිත්තමීගෙ මරණය කියලා....ගිමන්...
ReplyDelete:'(
Delete//.. තනිවෙන්න දෙන්න මට
ReplyDeleteමගේ එකම ආසාව මරණය සමඟ..//
මම නම් ආසම ටික..කවිය නම් ගොඩක් ලස්සනයි..හැබැයි අක්කියෝ ඔයා නම් ඔහොම හිතන්න එපා....
හෆොයි , ඔයත් ආස ඒ ටිකටද...ඉහි ඉහි :(
Deleteකදාකම හෝ මැරෙන්න සිද්ධ වෙනවනේ නංගා....
DeleteThis comment has been removed by the author.
Deleteඅපේ පැත්තේ නම් ඔය මල් වලට කියන්නේ සොහොන් පිච්ච කියලා.
ReplyDeleteඒ මල් පොඩි උනාම මහ අමුතු සුවඳක් තියෙන්නේ.
මොකෝ එකපාරම මැරෙන්ඩ හිතුනේ ??
මට ඉස්සරම කාලේ මැරිලා බලන්ඩ හිතුනා. ගෙදර අය කොහොමද අඬන්නේ, නෑයෝ එනවද කියලා බලන්න එහෙම. හික්ස් :)
කවදාකම හෝ මැරෙන්න වෙන එකේ අද මැරුණත් හෙට මැරුණත් මොකද මධූ අයියේ....
Deleteසිත්තමී මේ දවස් වල ටිකක් අවුල්...
ඔයාට මැරෙන්න හිතුණ හැටියටනම් හිනා ඔන්න....හික්ස්....
සුසනයට තනියක් නෑ මේ ලොවහැමදාම
ReplyDeleteනිතරම යන එන අයගෙන් එය පිරුනාම
සිහිනෙන් හෝ සුසානයේ පාලුව මකන්නම
මොකද හිතුනේ සිහින අක්කේ එකපාරටම...
ඉටිපන්දම් එලිය දැල්වී නිවෙයි දවසක් යත්ම
මල්වඩමක සුවදක් කොහිද තිබෙන මල් පරවෙත්ම
එත් නිතරම ඔබේ හිස ලග තනියට ඉන්නා හැමවිටම
මව පිය සොයුරාට ඇයි වෙන්නේ මෙවන් දුකක් උරුම....?
කියාදෙන්නේ කොහොමද අනියත බව ජීවිතයක
තිබුණු දේත් සුසානය උදුරා ගත් නපුරුම කලෙක
මෙවන් දේ නොපතන්න හීනෙක වත් කොනක
එවිට කියා දෙන්න හැකිය ඔවුනට වටිනාකම ජීවිතයක
.
.
.
.
.
.
.
මරණය ඉක්මන් වුනේ යන්න නිවනට
එත් ඔබට පින් ඇත සුර සැප ලබන්නට
අඩලා කදුළු ඉවර නම් ලංවෙන මරණයට
මමත් පනිනන්නම් අක්කිගේ මිනි වලට....
- - - ☠ ☠ ☠ - - -
කවි ටිකනම් නියමයි මල්ලියෝ....
Deleteකියාදෙන්නේ කොහොමද අනියත බව ජීවිතයක
තිබුණු දේත් සුසානය උදුරා ගත් නපුරුම කලෙක
මෙවන් දේ නොපතන්න හීනෙක වත් කොනක
එවිට කියා දෙන්න හැකිය ඔවුනට වටිනාකම ජීවිතයක
මම ආසම කවිය....
හ්ම්ම් කෙනෙක් මැරුණට පස්සේ එයාගේ තනියට ඉතුරු වෙන්නේ මේ වගේ මල් දෙක තුනක් විතරද? මරුන කෙනාට ආදරේ කරපු අය ලග එයා ගැන මතකයනුත් හැමදාමත් ඉතුරු වෙලා තියේවි නේද? මම නම් ජීවිතය කියලා විශ්වාස කරන්නේ කාලයක් තිස්සේ යන දිග ගමනක එක පුංචි නැවතුම්පලක් කියලා. මරණය විදියට අපි හැමෝම කවද කොහොම හරි මේ නවතුම්පොලෙන් පිටවෙලා ආයෙමත් නවාතැනක් ලැබෙනකම් ගමන යන්න පිටත් වේවි.
ReplyDeleteමේක නම් සිත්තමිගේ සිතුවිල්ලක් විතරක්මයි කියන එක මම හොදටම දන්නවා. මොකද ඔයාට මේ නවාතැනේ දැන් දාල යන්න බැරි දේවල් ගොඩාක් තියෙනවානේ :P
ඔයා සිත්තමී ගැන ගොඩක් දේවල් දන්නෙ නෑනේ....සිත්තමීට ජීවිතේ ගොඩක් බැදීම් නැහැ....වැරදි සිතුවිල්ලක් හදිසි තීරණයක් විටෙක මේ කවිය ඇත්තටම ලියපු එකක් කරාවි....
ReplyDeleteඇත්තටම මේක සිත්තමී සිත්තමීගෙ මරණය ගැනම හිතල ලියපු එකක්...
අපෝ මේක තව ටිකක් නාකි වෙලා ලියන්න තිබ්බ එකක්.දැන්ම ලියන්න ඉක්මන් උනා වැඩිද මන්ද......
ReplyDeleteමඩයා මරණය කියන්නේ නාකි වුණාම එන එකක්ම නෙවෙයිනේ...අද ආවත් හෙට ආවත් මරණය මරණයමයි....
Delete'තනිවෙන්න දෙන්න මට
ReplyDeleteමගේ එකම ආසාව මරණය සමඟ
තනියට හිඳීවි දිනක මට
අරලිය මලක් හෝ මනීමලක් දම්පාට' මේ ටිකටයි යාළු මම ආසම..
අපූරුයි! :)
මමත් කවියෙ ආසම ටික හිරු කෙල්ලේ....ස්තූතියි ඔයාටත්....
Deleteඅනේ මෙහෙම ඒව ලියන්න එපා බොල :ඩී
ReplyDeleteහික්ස්....ඇයි සෑම් අයියේ....
Deleteහ්ම්ම් දිනෙක තනිවේවි ඔබ....පාළු සුසානයක
ReplyDeleteඔබට ආදරය කරන සියල්ලන්ම අසරණ කරමින්
ඔව් එහෙම වේවි බිනරි....කවද කොහොම වෙතත් යන්න ඕනි වෙලාවට අපි බෑ කිව්වත් යන්නම වෙනවනේ...
Delete//මනීමලක් දම්පාට// මිනී මලක්ද..?
ReplyDeleteමේ.....ඔය කියන ඒවට මමනං කැමති නෑ නගෝ...!!
ඔව් මිනීමලක් තමා...මරණයට ගොඩක් අය හරි බයයි...එහෙම අය අතරේ මම ඇයි මරණයට බය නැත්තේ කියල මම දන්නෙ නෑ...
Delete- පාලු සුසානේ ප්‍රේම පුරානේ කඳුලු විලාපේ මා තමයි.-
ReplyDeleteසිහින සිත්තම් ලියන පෝස්ට් හැම එකක් කියවනකොට මට සිහියට එන්නෙම ගීයක් හෝ දෙකක්. ඒ සමහර වෙලාවට ඔබ භාවිතා කරන බස ගිතවත් බව දැනෙන නිසා වෙන්න ඇති.
හැමදාම මම බලාපොරොත්තු වන ඔබේ වටිනා කමෙන්ටුවට බොහොම ස්තූතියි...ගීතවත් බවක් රැදි මගේ කවි තව ගොඩක් කල් ලියවේවිද නම් දන්නෙ නෑ...
Deleteමේ මොකෝ මේ ටිකේ කස්ටියම මරණේ ගැන ලියන්නේ????
ReplyDelete:( ආසයි බයයි...
Deleteතනිවෙන්න දෙන්න මට
Deleteමගේ එකම ආසාව මරණය සමඟ
අන්න ඒකයි හේතුව නාඩි....
හෆ්ෆේ..බයෙත් බෑ!
Deleteකළුවරට බය නැතිව
ReplyDeleteතනි වේවි හැමදාටම
හිතලම සුළං පොද
පාළුව තව වැඩි කරාවි..
නිතර හැලෙන අරලිය මල්
බොහෝ කතා කියා යාවි
නටුවෙන් හැලෙන පොහොට්ටු
මා වගේම නේද කියාවි..
ලස්සන කවි දෙකක් දිනේෂ්...ගොඩක් දවසකින් ඔයාගෙ කවියක් මගෙ බ්ලොග් එකේ ලියවිලා...
Deleteඒ කවි පද දෙක ලොකු කථාවක් කියනවා...
කරකෝලා අතඇරිය වගේ...ඇයි අප්පා ජීවත් වෙන මිනිස්සු මෙහෙම මැරෙන කතා කියන්නේ..
ReplyDeleteමරණෙට බය නැති අයයි මරණෙ ගැන කථාකරන්නේ තරුවා...
ReplyDeleteමමත් මරණෙටනම් බය නෑ කවද හරි වෙනවා කියලා දන්න හින්දා...අනිවාර්යෙන්ම වෙනවා කියලා දන්න දෙයක් ගැන උදේ හවස මතක් කර කර ඉන්නෙ මොකටද....
Deleteසමහර විට උදේ හවස මතක් වෙන්නේ මරණය ළග නිසා වෙන්න ඇති...අර කථාවට කියන්නේ තරුවා ගොක්කොල පේනවා කියලා ඒ වගේ වෙන්න ඇති...
Deleteඅනේ මන්දා අෆ්ෆා
ReplyDeleteඇයි අෆ්ෆා මොකෝ මේ....
Deleteනාමෙ නොදිරනා.. කුණු කය දිරනා
ReplyDeleteඅරැමෙකි සෝභා සංසාරේ ....
කියලා ඒ.ඇම්.යූ රාජ් ගායක තුමා කියලා තියෙන්නෙත් ඔය ගැනම වෙන්න ඕනෙ...
සිත්තමී දැන් දැන් අපේ පැත්තෙ ඉදහිට එන්නෙ අපිත් එක්ක තරහා වෙලාද ?
වෙන්න ඇති නේද අයියේ... කොහොම නමුත් නොමැරෙන නමක්නම් සිත්තමීටනම් තියන්න බැරි වුණා....ලබන ආත්මෙවත් නොමැකෙන නමක් තියනවමයි....
ReplyDeleteඅනේ අයියේ මේ දවස්වල හරියට වැඩ අනේ....බ්ලොග් කියෙව්වත් කමෙන්ට් එක දාගන්න බැරි වෙනවා...
මැරෙන්න මහන්සි වෙන්න ඕනෙ නෑ... ස්වභාව ධර්මයාගේ නියමය අනුව එය දිනෙක සිදුවේවි... ඒත් ජීවත් වෙන එක තමා අභියෝගය... නියම පිට කොන්දක් ඇති අයවලුන් අභියෝග හමුවේ ජීවිතෙන් පලා නොයත්...
Deleteනියම පිට කොන්දක් ඇති අයවලුන් අභියෝග හමුවේ ජීවිතෙන් පලා නොයත්...
Deleteමේ වාක්‍ය හරි වටිනවා....
මොකද මේ මරණය ගැන ලියන්නේ. කාලේ ආවත් නිර්මානේ තරම් ලස්සන නැහැ මරණයේදී.
ReplyDeleteනිර්මානේ පැත්තෙන් නියමයි.
ජයෙන් ජය..
නිර්මානේ තරම් ලස්සන නැහැ මරණයේදී. හ්ම් ඒක ඇත්ත වෙන්න ඇති අසරණයා....
Deleteජීවිතේ විටෙක අසරණ වෙන්නෙ මරණය තරම් ලස්සන දෙයක් නැහැ කියල පේන විදියට....
ස්තූතියි ඔබට නිර්මාණය පැසසුවාට...
මැරුණාට පස්සේ කවුරු ළඟ හිටියාම මොකද
ReplyDeleteඒකනම් ඇත්ත සහෝ....
ReplyDelete