විරහවේ තනිකම කඳුල සුසුම ඉහවහා ගිය කාලකණ්නිකම
මුසුකර ගත් හැම තත්පරයක්ම ජීවිත ගැන හරි අපූරුවට
විටෙක නුඹ මා සමඟ ම හැමවිට තනි නොතනියට
කිහිප විටක් සියුම්ව ස්පර්ශ කරමින් මට නොදැනිම මා ලඟ
හේතුවක අහේතුවක නුඹ නොදකින මගේ ආත්මීය විනිවිඳ බව
එළියට පෙන්වනවා නුඹට ලැජ්ජාවක් නැතිව මගේ හෙළුව
මම මමමයි කෙසේ කොහොම ලීවත් නුඹයි මගේ කවියසාරාංශය (නොතේරුණානම් කවිය)
හිත ආදරය කරන විට, හිත විටෙක රිදුන විට, විරහවේ වේදනාව දැනුන විට මේ හැම දෙයක්ම හරි අපූරුවට පදයක් පදයක් එකතු වී ලියවුනා කවියකට
විටෙක නුඹ මගේ තනියට, විටෙක මම නොසිතන වෙලාවක, හේතුවක් තිබුණ හෝ නොතිබුන විටෙක මගේ මුළු ආත්මයම අරගෙන මගේ ජීවිතයේ සියළුම දේ ලැජ්ජාවකින් තොරව ඉදිරිපත් කරන නුඹයි මගේ කවිය...... ඔයා හැමදේම ලෝකෙට කීවත් මා ගැන මම මම ම යි ඒත් ආදරෙයි හැමදාම කවියට.......
ජීවිතයේ කවුරු ලග හිටියත් නැතත් මට දුක හිතුනත් නැතත් වේදනාවේදී කඳුල හිත් රිදුම දරාගන්න මම ලිව්වත් කවි කවදාවත් ලිව්වෙ නැහැ කවිය ගැන මම ඒකයි අද ලීවේ.......
හ්ම්ම්, විරහව නිසා නිතර ම මේ වගේ පද වැල් ගෙතෙන්නේ අපිටත් නොදැනීම! සම්ප්‍රදායෙන් ඉවත් වුණ ලස්සණ කවියක්.
ReplyDeleteඒකනම් ඇත්ත ධාරා, මමත් සිම්පල් ටොයිස් කවි ලීවට ගැඹුරු වචන කවදාවත් භාවිතා කලේ නෑ.....
Deleteමම ලියපු ඒවයින් ආසම කවිය මේක....
ලගදී ලිව්වේ....
ලස්සනයි..
ReplyDeleteහොරා........ගොඩක් කාලෙකින් ඇවිත් මේ පැත්තෙ මමත් ඔයාගේ දිහා ගියා අද උදේ පොඩි වැදගත් කාරණයක් දැන ගන්න.
Deleteඅම්මපා සිත්තමි අක්කෙ හොද වේලාවට තෙරැම දැම්මේ. :)
ReplyDeleteහික්ස්.... සිම්පල් සිම්පල් චවන දැකල දැන් මොල හොයන්නෙම උඩින් පල්ලෙන් යන පද මට හිතුනා නොතේරෙයි කියලා......ඒකමයි දැම්මේ.. තේරැම කියවල බලල ආයෙ කවිය දකිද්දි පද ටික අවුලක් නෑ නේ....
Deleteවෙලාවකට විරහවත් මරු නේ...
ReplyDeleteතරියත් ලගදි ඉදල විරහව විදිනවද ආදරය විදිනවද ඔය හැමෝම කට කථා කියනව බ්ලොග් වල දැක්කා....
Deleteආයෙ මක්කැයි..තේරුන්නෑ තමා කවිය..!
ReplyDeleteවීයට මෝල්ද??
Deleteතේරුම දාලවත් තේරුන් නැද්දෝ.....
Deleteමම කීවෙ කවිය අනී..! තේරුමලිව්වම ඔනැකෙකුට වැටහෙනව..!
Deleteඔය හැගීම් ඔක්කොම එකුතු උනතැන තමා සිත්තමියො ලස්සන පදවැල් අමුණන්න හැකි වෙන්නේ. ඇයි අනේ හිරු දුටු පිණි මෙන් දකින්නේත එන‍්ටකෝ දුක සැප බෙදාගන්න ටිකක් ඉක්මනට.
ReplyDeleteසෑහෙන්න වැඩ දේශක ඉදල හිටල තමයි වෙලාවක් අල්ල ගන්න ලැබෙන්නේ...... හබී කොල්ලත් ලගම ඉන්න නිසා බ්ලොග් එක අමතක වෙනවා නිදහසක් ආවම පොඩ්ඩක් චැට් පාරක් දානව.... ඒ නිසා බ්ලොගේට වෙලාවක් හදාගන්න හරි අමාරුයි
Deleteසතුටට දුකට විරහවට වගේ හුඟාක් හැඟීම් ඉස්සරහ කවිය අපේ හිත සනසවනවා සිත්තමියේ
ReplyDeleteඇත්තටම රෙහා කෙල්ලේ මගේ ජීවිතේ ආදෙරණීයම සමීපතමයා කවිය
Deleteකවිය ඔබ..................
ReplyDeleteටියුබ් ලයිට් එක බොහොම අමාරුවෙන් පත්තු උනා :)
ReplyDeleteඋපදින් නැහැ කවි සිතිවිලි හිඳිලා
පබැඳෙන් නැහැ කවි වදන් අමුනලා
පන්හිඳ පැත්තක තීන්ත වියලිලා
සිතුනොත් බ්ලොගයත් යනවා වහලා :/
ලස්සනයි
ReplyDeleteකුරැටු ගෑ ගී පවුරෙන්
අදහස වෙනම ලියුවේ නැත්නම් තේරුම්ගන්න බැරි වෙනවා. ඔට ඔය කලාත්මක භාවය කියන දේ අඩුයි නොවෑ
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
ReplyDeleteකවිය ගැන කවියෙන්ම කිවුව නිසා අමු...තුම ගතියක් තියනවා..
ReplyDeleteආදරයටත් වඩා විරහව ලස්සනයිද හිතුනා.....ලස්සනයි
ReplyDeleteකාංචනා
Ko me blog eke ayithinkaariya?
ReplyDelete