Thursday, April 26, 2012

වෛර කරමි මගෙ දෑසට නොපෙනෙන්නට යළි සුදුපාට.......


නොසිතුව නොපැතුව අවසානෙක නිහඬබව
කඳුළු මුනිවත රකින පිරිමි හිතක දැඩිකම
හඬන හිත යට කරන් මමත් අද ඇන්ද
නුඹ කැමති සුදුපාට
                                           
සිලි සිලි හඬනගයි කොඩිවැල්වල
කන්දොස්කිරියාව
හිතම ගිනිගෙන දැ‍‍වෙයි  දකිනවිට
පාර මැද කොඩිය සුදුපාට
      
නෙත දකින හැම රුවක් දුකෙන් හිත බර කරන්
රංචු එකිනෙක සැදී කථා කරයි නුඹ ගැනම
මේ හැම නුඹ වෙනුවෙන්
අද ඇදල  සුදුපාට

අහිංසක පිරිසිදු ලොව එකම පාට සුදුපාට
කියා නුඹ අදින්නෙම හැමදාම සුදුපාට
දෙව්ලියකි මගෙ මැණික නුඹ ඇන්දම සුදුපාට
අවසන් ගමනටත් අද නුඹ ඇදලා  සුදුපාට
                                                                                
හිතහරි විඩාබරයි දකිනවිට සුදුපාට
වෛර කරමි මගෙ දෑසට නොපෙනෙන්නට යළි
                                                                    සුදුපාට.......

2 comments:

  1. හ්ම්ම්ම්.... මොනවද කමෙන්ට් කරන්නේ ???? තවමත් සිතමි !!

    ReplyDelete
  2. අයියෝ මොනවම හරි කියන්නකෝ....ලියපු හැමදේම බලපු එකම කෙනා ඔයා නිසා මේකටත් මොනවම හරි කියන්නකෝ

    ReplyDelete