නොකියානම් නුඹ මට යන්න එපා......
හැරයන්නට පෙර මත්තෙන්
එන්න කියා නුඹ මට යන්න එපා
මතකය සිරකොට නෙතු අගිස්සේ
පෙරදා සේ නොදොඩා ඉන්න එපා
හැර දමා මා යන්න ඕනිනම්
යන්න මා දමා තව ඉන්න එපා
මා වැරදිනම් අනේ ඒ ගැන
නොකියානම් නුඹ මට යන්න එපා
නුඹේ රුව මගෙ හිතම සැනසුවද
හැරගිය පසු මට දැක ගන්න එපා
පිළිකුලක් වෛරයක් නැහැ මට
නමුත් මා ගැන යළි සිතනු එපා
කා වෙනුවෙන්ද ඈ මේ කොටන්නේ... ;)
ReplyDelete??????
Deleteනුබ යන්නම යන්නම යනවා නම්
ReplyDeleteමට ඉන්න කියන්න බැහැනේ ඉතින්
යලි එන්නම එන්නම සිතුනේ නම්
නුබ එන්න එපා මගේ හිත තහනම්...
දිවුල්ගනේ මහත්තයා කාලෙකට උඩදි මෙහෙම කියලා තියෙනවා...
මමත් අහල තිබුණා
Deleteෂහ්.. මරේ මරු. දෙවැනි කවියේ අන්තිම පේලිය නොකියානම් වෙනුවට නොකියා කියල දැම්මනං හොදය හිතෙනවා. මට හිතෙන හැටි. කමා වෙත්වා. සිත්තමියෝ හරිම ලස්සනයි. හරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි දේශකයා...
Deleteආලය මුලාවකි ආලය මුලාවකි
ReplyDeleteකාලය කාදමන මල හත්තිලව්වකි
කොතරම් පඩිවරුන් කිව්වත් අනාවැකි
මරණෙට වල කපන මහා තඩි උදැල්ලකි
කියලත් කවුදෝ කියලා තිබ්බා
කියපු කෙනාගෙ කටට මසුරන් දාන්න ඕනි නේ...
Deleteනැගනියගෙ වේදනාව තුනි වෙන්නට පතමි...
ReplyDeleteආදරය/වේදනාව මමත් හොදට අදුනන දේවල් නොවැ...
ස්තූතියි වචනයට
Deleteඅනේ මන්ද :( :(
ReplyDeleteඇයි හිරුවෝ...වචනයක් කිව්වනම් නරකද?
Deleteඅනේ මන්ද මේ යසට හිටි එවුන්ට මොනව වෙලාද කියල??? හැබෑටම මේ සත්‍ය සීන් එකක්ද?
ReplyDeleteජීවිතේ එහෙම තමයි....මේ හොදින් ඉන්නවා තව ටිකකින් නැතිවෙනවා...
Deleteමේක දැක්කාම මතක් උනේ ළඟදි මූණු පොතේ දැකපු දෙයක්.
ReplyDelete" යන අයට යන්න දෙන්න. ඉන්න අයත් එක්ක සතුටින් ඉන්න "... කියලයි තිබුනෙ.
පිළිගන්නවා මගේ සිත්තමට අළුත් මධුරංග....දිගටම එන්න මේ පැත්තෙ
Deleteයම් වේදනාවක් වෙතොත් තුනීවෙන්න කියල මම පතනවා නිර්මාණයක් හැටියට හැඟීම් බරයි.
ReplyDeleteස්තූතියි ඔබටත්
Deleteදෙන්න තරහ වෙලයි?
ReplyDeleteසංවේදී නිර්මාණයක්..!
රෙහානි කෙල්ලත් කාලෙකින්ද මේ පැත්තට....අනේ දැං මතකත් නෑ...
Deleteආදරය..වේදනාව කාටත් පොදු දෙයකි....! ආදරය උපදින්නේ වේදනාව අග්ගිස්සෙනි..!
ReplyDeleteඔයාගෙ වේදානාව,කනගාටුව දුරු වේවා..!
ස්තූතියි වී....
Deleteඑකම කතාවක එකම දෙබස් තවත් කතාවක වෙනස් චරිත වලින් ඇහෙනවා වගේ.
ReplyDeleteවිශ්වාස කරන්න නංගා කාලයත් එක්ක හැමදේම දරා ගන්න පුලුවන් සාමාන්‍ය මට්ටමට එනවා. එතකල් හැමදේම මැදහත් හිතින් ඉවසන්න.
එකම කතාවක එකම දෙබස් තවත් කතාවක වෙනස් චරිත වලින් ඇහෙනවා වගේ.
Deleteලොකු තේරුමක්.....
ජිවිතයට ආදරය තිබුනොත් හොදයි නැතත් මොකද වෙන්නේ
ReplyDeletehttp://manasindiviyata.blogspot.com
අපේ ජීවිත ජීවත් කරන්නේ ආදරය යාළු....
Deleteඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී
ReplyDeleteමේ කාමරයේ පුරා රැඳුනු සිවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙහිත පාරයි....
(කපුගේ)
හරි පුදුමයි අද ඔබෙන් මම කුමක් හෝ වචනයක් බලාපොරොත්තු වුණා...නමුත් සින්දුවක් සටන් කරල ඔබ ගිහින්.....
Deleteයන අයට යන්න දෙන්න ඕන තමයි ඒත් යන්න දෙන්නෙ නැතිව ඉන්න කියන්න තරම් අපේ හිත් ආදරේ කරන අයත් ඉන්නවා.....හ්ම්ම්ම්....
ReplyDelete"පිටුපා යන්න ගියාවේ පුරහද
ReplyDeleteඑක තරුවක් ඇති මගෙ අහසට"
(ගුණදාස කපුගේ ගීතයකින්)
පහුගිය දවස් වල තද සුලන් එක්ක වැස්සකුත් ආව නේද?
ReplyDeleteමම මේ තාලයක් හිතා ගන්න හදනවා හදනවා බැහැනේ :D
ReplyDelete