පෙර දිනක සනසාලූ හදවත
එක් දිනක හඬවාලූයේ ඔබ
මතකය අමතක කරන්න
පින්සිදුවෙයි ඈතට යන්න ඔබ
රිදුම්දෙන හිත ඉකිගසන දෙනුවන
සනසවාලන්න ඔබ නැත මා ලඟ
හඬන මගේ හිත සනසවාලන්න
මට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත
ලෝකයම කීවත් නොහඬා හිඳින්නට
මට හැක ඒ දෙය එලෙස කරන්නට
ඔවුනට නොපෙනෙන මගේ හඬන සිත
නුඹ වෙනුවෙන් සැමදා හඬනු ඇත
............ ෴ ..........
මට හැක ඒ දෙය එලෙස කරන්නට
ඔවුනට නොපෙනෙන මගේ හඬන සිත
නුඹ වෙනුවෙන් සැමදා හඬනු ඇත
............ ෴ ..........
දුන්න දෙයක් ආපහු ඉල්ලන්ඩ හොද නෑ කියලා මේ දරුවා දන්නේ නැද්ද. ඒ වගේම තමා ආදරේ කලොත් අඬන්න වෙනවා. කඳුලු වලින් නොලියවෙච්ච ආදර කතා මේ මිහිපිට නැද්ද කොහෙද !!
ReplyDeleteපුලුවන් නම් බොරුයි කියන්ඩ !!!
සහතික ඇත්ත අයියා කතාව
Deleteමමත් කෙනෙක්ගෙන් ලෝකයක් බලාපොරොත්තු වුනා
ඒත් අද මම එයාගේ ලෝකේ දුෂ්ටයෙක්
එයා අද මට වෛර කරනවා
ලෝකේ හැටි...
මධුරංග ....
Deleteහඬන මගේ හිත සනසවාලන්න මට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත
හිත හදන්න කවුරුත් නැති නිසා මමවත් හිත හදාගන්න ඕනිනේ..ඒකයි දීපු හිත ආපහු ඉල්ලුවේ..
පුලුවන් නම් බොරුයි කියන්ඩ !!! කොහොම කියන්නද ඉතින් පිළිගන්නවා ඔයා හරි...
.......................................................
නිශාන්.....
අපි ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නෙ නැහැනෙ යාළු එහෙම නේද?ලෝකෙ හැටි එහෙම කියල හිත හදාගමු දීපු හිත ආපහු ඉල්ලගෙන නේද?
ඒක හරි...
Deleteතමන්ම හිත හදා ගන්න එක හොදයි.
මොකද හිත කඩා බිදලා දාන්න නම් සෑහෙන කට්ටියක් ඒවි. ඒත්... ඒ හිත හදන්න උදවු කරන්න මෙලෝ යකෙක් නෑ..
//නුඹ වෙනුවෙන් සැමදා හඬනු ඇත//
ReplyDeleteඔය..අඬන ඒවට නම් මම ටිකක් අකමැතියි...!
අඬන්නනම් මමත් බොහොම අකමැතියි...ඒත් කදුල ජීවිතේට ගොඩක් ලගයි...
Deleteහඩවන්නට තරම් මේ හිත
ReplyDeleteනපුරුවුනේ කොහොමද නුඹ
අමතක කරනටවත් මතක
හැරයන්නද මා ලෝකයම....
ලෝකයම මගේ නුඹ
Deleteජීවිතයයි මගේ නුඹ
සන්සාරෙම ලගින් නුඹ
මවමින් ලෝකයම අතහැර ගියා නුඹ
විටෙක
ReplyDeleteආදරය
කදුලක්
වේදනාවක්
සතුටක්
මිහිරක්
ලස්සන අර්ථකතනයක් වගේ.....නියමයි රොබින් ඇත්තටම ආදරේ ඔය වගෙයි...
Deleteසිහින සිත්තම මොකෝ මේ වැහිබර වළාකුළක් වෙලා..
ReplyDeleteලියපු පරණ කවියක් ආසයි ඒකයි දැම්මේ....
Deleteනුඹට දුන්න හිත ආයෙම දෙන්න කියලා ඉල්ලුවට හිත ආයෙම ලැබුනත්, කලින් තිබ්බා වගේම තියේවිද??
ReplyDeleteඉල්ලුවට මමත් ඒක තමයි දන්නෙ නැත්තෙ දිනේෂ්...කෝ ඔයාගෙ ලස්සන කවිය..කවිය නැතුව පාළුයි වගේ...
Delete// ඔවුනට නොපෙනෙන මගේ හඬන සිත
ReplyDeleteනුඹ වෙනුවෙන් සැමදා හඬනු ඇත...//
හම්ම්ම්ම්ම්.. දුකයි...
ලෝකයම කියනවා අඬන්න එපා කියල..කියන නිසා මමත් එහෙම කරනවා..නමුත් එයාල දන්නෙ නෑ හැමදාම මම අඬනවා...
Deleteආදරේ විටෙක වේදනාවක්....විටෙක සතුටක්....
//මට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත//
ReplyDeleteහුගක් අයට තියෙන ප්‍රශ්නයක් නේ අක්කේ ඕක,
කවිය ලස්සනය්...
ස්තූතියි මල්ලියෝ මමත් කවියෙ ආසම පදය ඕකයි පුබුදු...
Deleteමට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත
ආයේ දුන්නත් කොහොම තියෙයිද හිත..
ReplyDeleteඒකනෙ නිෂ්...වෙනද වගේ තියෙන එකක් නම් නෑ...
Delete//ඔවුනට නොපෙනෙන මගේ හඬන සිත
ReplyDeleteනුඹ වෙනුවෙන් සැමදා හඬනු ඇත//
අඩන සිද්දි නම් මටත් ටිකක් ඇලජික් වගේ තමා අප්පා. ඒත් ඉතින් මොනවා කරන්නද? ඇත්ත තිත්ත උනත් ඇත්තට මුහුණ දෙන්න එපායැ. පද ටික නම් ලස්සනට පෙළ ගස්සලා තියෙනවා. ජය වේවා !! බ්ලොග් එකටත්, ආදරේටත් :))
ස්තූතියි රෙජ් ගොඩාක් ස්තූතියි...
ReplyDeleteඅඬන්න කවුද කැමති හැමොම කැමති හිනා වෙන්න..සිනහව ජීවිතේට දුරනම් අඬනව ඇරෙන්න මොනව කරන්නද?
ඉනූ කදුලද සිදෙන්නට පෙර
ReplyDeleteයදින්නම්.....ඔබ
මැකී යනු මතකෙන්......
වෙන මොකුත් මතක් උනේ නෑ...ගොඩක් ලස්සනයි...
ස්තූතියි යාළු...
ReplyDeleteමතකෙට ආපු ටිකනම් ලස්සනම ලස්සනයි..
අනේ මේක මේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීතයක කොටසක් නැතුව මම හිතපු දෙයක් නෙවෙයි...
Delete