අනේ මගේ කවිකාරිය
කියන විට ඔහු මා ගැන
දුක හිතෙනවද සතුටු හිතෙනවද
මමත් තවම දන්නෙ නෑ
නොවෙන නිසා මා කවිකාරිය.....
ලීවත් එහෙට මෙහෙට කර
වචන ගලපමිනි හිඩැස් අතර
පුංචි පුංචි පදවැල් එකතුකර
ලීවත් ආදරේ රසබර
මා නොවෙයි ඔහු හිතෙන තරමට කවිකාරිය.....
නිදහසක් නැති මා මනසට
වෙහෙසකර මගේ දෙනෙතට
එකම සැනසුම මගේ හිතට
කවි ලියන එක විතරයි නුඹහට
එහෙත් මා නොවෙයි මහා කවිකාරිය.....
ලියූ දහසක් කවිපද
නුඹ නමට අකුරු ගැලපුවද
හැඩ නැතිමුත් කැතද බලනවද
නුඹට මා ගැලපූ කවිපද
කිවිඳියක් නොවූ නුඹේ කවිකාරිය.....
කොතරම් ලීවත් පන්හිඳ
මහා කිවිඳියෙක් නොවෙයි මා අද
නුඹට පමණක් කවි ලියන නුඹේ පුංචි කවිකාරිය....
සැමදා පන්හිද තුඩක දැවටෙන
ReplyDeleteඅකුරින් නුඹ ගැනම කවිකම් කරන
නුඹටම සැමදා ආදරය කරන
ආත්මයකි මා දැන් සැරිසරන...
නියමයිනෙ ඔය තියෙන්නේ ලස්සන කවිකාරකම්....
Deleteලස්සනයි! දිගටම පුබුදන්න සොඳුරු කවිමල්.. කවිකාරියේ....
ReplyDeleteපිළිගන්නවා මගේ සිත්තමට සුහදව ඔබව....
Deleteසුතූතියි මුතූ ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...
කවකාරියක් නුඹ
ReplyDeleteලියූ කවි පද දහසක් අතර
පේලි අතර සැගව මට
ආදරේ කියා ගිය..
මහ මෙරක් තරමට
Deleteපුදන නුඹේ ආදරේ ගැන
කොහොම ලියන්නද
කිවිඳියක් නොවූ කවිකාරිය.....
වෙන්න ඇති :)
ReplyDeleteවෙන්න ඇති කිව්වේ කිවිඳියක් නොවූ නුඹේ කවිකාරියක් කියලද නිශාන්...
Deleteඔව්
Deleteනුඹට පමණක් කවි ලියන නුඹේ පුංචි කවිකාරිය....
ReplyDeleteලස්සනයි නංගී.
:)
ඒකනේ එයාට විතරමයි කවි ලිවුවේ... අක්කියෝ
Deleteබොහොම ස්තූතියි...
ලස්සනයි අනු කවිකාරියේ....:)
ReplyDeleteස්තූතියි නිෂ්...ගොඩක් දවසකින් මේ කවියක් ලිවුවේ....
Deleteලස්සන කවියක් අක්කේ..
ReplyDeleteපළමුව ආදරෙන් පිළිගන්නවා ඔබව මගේ සිත්තමට...
Deleteස්තූතියි මල්ලියෝ ආයෙමත් එන්නකෝ...
අනේ ඇයි එයාට විතරක් කවි ලියන්නේ,ඒක හරි ආත්මාර්ථකාමී වැඩක් නේ!:)
ReplyDeleteනුවන් ගොඩක් දවසකින්...ආදරේ ගොඩක් ආත්මාර්ථකාමී තමයි නුවන්.
ReplyDeleteආදරේ නාමයෙන්
ReplyDeleteලියු පද වැල් ඔහුට
කවියක්ම වෙයි මිහිරි
කිවිදියක් නොවුවට ......
නියමයි ජයවේවා !!!!
ගොඩක් දවසකින් මේ පැත්තෙ ඇවිත්
ReplyDeleteෂා රෙප් මහත්තයත් ලස්සනට කවි ලියනවනෙ...
මට නම් කවි රසවිඳිනවා ඇරෙන්ඩ කවි ලියන්ඩ නම් බෑ. මේ කවි පංතිය ලස්සනයි !!!!
ReplyDeleteසමහර කවි ගොඩ දෙනෙක්ට ලස්සන නැති උනාට ඒ කවිය ලස්සන කෙනෙක් මේ ඕකේ කොහේ හරි ඉන්නවා. (මේ කිව්වේ කවි ගැන නම් නෙමේ... :) )
ප.ලි. - යාන්තන් වටේම කැරකිලා ෆලෝ කරන ප්ලේස් එක හොයාගත්තා.
මධුරංග සිත්තමට සාදරයෙන් පිළිගන්නවා ඔබව..
ReplyDeleteඇත්ත කොච්චර කවි ලිව්වත් හැම කවියක්ම කෙනෙක්ගෙ හිතට අල්ලන්නෙ නෑ..හැබැයි හිතට අල්ලන කෙනෙක් කොහේම හරි ඉන්නවමයි..ආයෙමත් එන්නකො මේ පැත්තෙ යාළු...
//නිදහසක් නැති මා මනසට
ReplyDeleteවෙහෙසකර මගේ දෙනෙතට
එකම සැනසුම මගේ හිතට
කවි ලියන එක විතරයි නුඹහට//
මමත් අහන්නෙ..ඇයි..? කවි විතරක් ....!
පසුබිම(template) නම් හරි ලස්සනයි...නංගියෝ..!අපිට බෑනෙ..මේ වගේ ලස්සන වැඩ.
Deleteමගේ සිත්තමට සාදරයෙන් පිළිගන්නවා ඔබව...
ReplyDelete1. මමත් අහන්නෙ..ඇයි..? කවි විතරක් ....!හිතේ තියෙන දේවල් කවි වලට පෙරලන්නෙ ගොඩක් කල් ඉදන් ඒක දැන් පුරුදු වෙලා.
2. පසුබිම(template) ස්තූතියි ලස්සනයි කිව්වට..ඒත් උදව්වක් ඕනිනම් කියන්න බ්ලොග් ගැන ගොඩක් දේවල් මමත් දන්නෙ නෑ තනියම ඉගනගත්තුවා තමයි පේන්න තියෙන්නේ..උදව්වක් දෙන්න බැරි වෙන එකක් නෑ..
කඳුලට සිනාවට...ලස්සනයිසිත්තමී
ReplyDeleteවිමුක්ති මේ ආවමද මන්ද ඒත් මට මතකයි වගේ ...කොහොම වෙතත් ස්තූතියි යාළු..ඔයත් සිත්තමී කියන්න ගත්තද?
ReplyDeletelassanae..
ReplyDeletepiligannawa siththamata obawa...sthuthee obata Thiwanka
ReplyDelete