එක් දිනක් නම් ගෙවුණා
ඔබ නැතිව හිත ඉකිගසා
දිනක් නොනිඳා හිඳින්නයි ඔබ
කියා මට කොහිදෝ ගියා
සැඟවුණේ කොහිඳ මට නොකියා
බලා හිඳිමි මේ නුඹ එනතුරා
ගං දියරැලි කියයි නුඹහට
නිල් අහස ගිගුරුම් දෙයි එදිනට
ඔබ ඇහුවොත් ආදරෙයිදැයි ඔබහට
ගං දියරැල්ලක්වත් වුණානම් ඔබ
මා වෙත ඇදී එනතුරු ඉන්න තිබුණා
සිහිල් සුළඟක් වුණා නම් ඔබ
ගතේ වෙලාගෙන ඉන්න තිබුණා
පොද වැස්සක් වුණා නම් ඔබ
ගතම තෙමාගෙන ඉන්න තිබුණා
හිත ලගින්වත් හිටියනම් ඔබ
දෑස පියන් ආදරේ විඳින්න තිබුණා
අනේ එහෙම උනානම්
ReplyDeleteමටත් හිත හදාගන්න තිබුනා.....
ලස්සනයි.................!!
තරුවගෙ වචන ටික ලොකු කථාවක් කිව්වද මන්ද?...
Deleteකිව්වදත් අහනවා කිව්ව නේන්නම්.......
Deleteලස්සන කවි පෙල...
ReplyDeleteගොඩක්ම ලස්සනට ලියන්න දන්නෙ නෑ..නමුත් හිතට එන දේ ලියනවා දිනේෂ්..
Delete//පොද වැස්සක් වුණා නම් ඔබ
ReplyDeleteගතම තෙමාගෙන ඉන්න තිබුණා//
සෝක්.....නේ.......!
සෝක් ද කියලත් අහනවා...හිතද්දිත් හිත හිරිවැටිල යනවා...
Deleteඔබ හිටියානම්.??
ReplyDeleteමම ගොඩාක් කල් ඉඳල මේකට එන්න හිටියේ. ඒත් කමෙන්ට් එකක් හරහා යන්නෙම ප්ලස් එකට.
පිළිගන්නවා සාදරෙන් ඔබව....
Deleteඅළුතෙන් ආපු පුංචි කෙල්ලෙක්නෙ අයියේ දන්නෙ නැද්ද පොඩි පොඩි වැරදි වෙනවා ප්ලස් එක හදාගත්තෙ බොහොම අමාරුවෙන්..ආවට මේ පැත්තෙ බොහොම සතුටුයි...ආයෙමත් එන්නකෝ
ආයෙමත් ඒවි ඔහු කවදාහරි ...
ReplyDeleteමමත් බලාගෙන ඉන්නවා...
Deleteඑහෙනම් මේකා මුකෙක්ද?
ReplyDeleteඔයා කියනව වගේ නිශාන් මුකෙක්වත් වුණානම් කූඩු කරල හරි තියාගන්නවා...
Deleteහිත ලගින්වත් හිටියනම් ඔබ
ReplyDeleteදෑස පියන් ආදරේ විඳින්න තිබුණා ////
හිත ලඟින් නැති කෙනෙක් ගැන කොහොම ලියනවද මන්ද මේ කෙල්ල... ;) කොහොම උනත් අපූරුයි....
හිත ලගට එනකම් ලියන්න පුළුවන් ලොකූ...
Deleteදකින දකින කොල්ලට මල්ලි කියන්න යන්න එපා එතකොට වැඩි දවසක් යන්නේ නැතිව ඔය හෙවනැල්ලේ හිමිකාරය හම්බවෙයි :P
Deleteනිශාන්ට ලොකු ප්‍රශ්නයක් නේද මේ මල්ලි කියන එක..මම නිශාන් කිවුවෙ ඔයාගෙ හිත රිදුනොත් කියල..නැත්තම් කොහොමත් මල්ලියා තමයි ඔයා..
Deleteහි හි හී...
අයියෝ මට කසී ප්‍රශ්නයක් නැහැ ඒක
Deleteමට ඒක ප්‍රශ්නයක් වෙන්නේ සැබෑ ලෝකෙදි විතරයි අක්කා :D
සිත්තමි හිතන දේ උනා නම්....
ReplyDeleteගොඩක් වෙලාවට හිතෙන දේ එහෙම්මම සිද්ද වෙන්නේ නෑ සිත්තමි !!!
මේ කවියෙන් මම ආසම පද දෙකක් තියෙනවා. ඒ මේක,
"හිත ලගින්වත් හිටියනම් ඔබ
දෑස පියන් ආදරේ විඳින්න තිබුණා "
කවිය ගොඩක් ලස්සනයි සිත්තමි !!!
මධූ අයියා නමකුත් දාල සිත්තමී..නරකම නෑ ඔන්න මම ඒකට ආසයි..
ReplyDeleteඔයා වගේම මමත් කවියේ ආසම පද ටික
"හිත ලගින්වත් හිටියනම් ඔබ
දෑස පියන් ආදරේ විඳින්න තිබුණා "
සිහිල් සුළඟක් වුණා නම් ඔබ
ReplyDeleteගතේ වෙලාගෙන ඉන්න තිබුණා........
ඇත්තටම මෙහෙම උනානම් ගතේ වෙලාගෙන ඉන්න තිබුනා.. එහෙත් සුළග මා ලගම පමණක් රැදෙවිද...
හරිම ලස්සනයි හලෝ ........
ආදරෙන් පිළිගන්නවා චමී ඔයාවත් මගේ සිත්තමට
Deleteඔයාගෙම විතරක්නම් ඔයාටම අයිතිනම් සුළග රැදේවි ඔයා ලග...හැමදාම සෙනෙහසින්
//..ගං දියරැලි කියයි නුඹහට
ReplyDeleteනිල් අහස ගිගුරුම් දෙයි එදිනට
ඔබ ඇහුවොත් ආදරෙයිදැයි ඔබහට..//
ලස්සනම ලස්සනයි අක්කියෝ....
ඔයාට හිතගියේ ඒ ටිකටද? මමත් දන්නවා ඒටික ලස්සනයි කියලා..ඒකයි ඒ පද ටික වෙනම තිබ්බේ...
Deleteආයේ ආවොත්.... පුළුවන් වෙයිද ඉස්සර වගේ ආදරෙන් ඉන්න..??
ReplyDeleteනිෂ් මොකද මේ හැමදාම මගෙන් ප්‍රශ්නයක්ම අහන්නේ...?
ReplyDeleteඅපොයි පුළුවන් ඉස්සරටත් වඩා වැඩියෙන් ආදරෙන්.....
අත්දැකීමක්ද මන්දා.... එනමුත් අත්දැකීමක් නොවේවා කියලත් පතන්නට සිතෙනවා.... ඔබට ජය සොයුරිය !
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා ඔබව සිත්තමට....
ReplyDeleteඅත්දැකීමක් නොවේවා කිව්වට අත්දැකීමක් සොයුර... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ
මමත් ආවා නංගී....කවි ලස්සනයි...
ReplyDeleteමමත් ආවා නංගී...ලස්සන කවි පද....හෙමිට ඔක්කොම නියවන්න එන්නම්...
දම්මි අක්කියෝ ඔයාවත් ආදරෙන් පිළිගන්නවා මගේ සිත්තමට....ආයෙමත් එන්නකෝ එහෙනම්...
Delete