කරමි තව තව ආදරේ
පැලෙමි හදවත නුඹේ නමින් මා
සෙනෙහෙ ගලායන ආදරෙන්
නැතිය අරුතක් දන්නෙනම් මා
නුඹට දෙන මේ ආදරේ
දනිමි නුඹනම් මගේ නොවන බව
එහෙත් සසරෙම ආදරෙයි
ඇගේ අතගෙන සොඳුරු සැදෑවක
හමු වූ ඔබයි මගෙ ආදරේ
මගේ නොවුනත් කමක් නැහැ මට
ඔබයි පළමු මගෙ ආදරේ
වැළපුනෙමි හදවත දුක් විඳිමි තව තව
වැළපුනෙමි හදවත දුක් විඳිමි තව තව
නොකෙරුවත් නුඹ මට ආදරේ
සසරෙ කෙසේ හෝ නුඹ මගේම වේවා
පරම පැතුම මගෙ ආදරේ
............ ෴ ..........
............ ෴ ..........
//..වැළපුනෙමි හදවත දුක් විඳිමි තව තව
ReplyDeleteනොකෙරුවත් නුඹ මට ආදරේ
සසරෙ කෙසේ හෝ නුඹ මගේම වේවා
පරම පැතුම මගෙ ආදරේ..//
ලස්සනම ලස්සනයි අක්කියෝ....
ස්තූතියි පැට්ටෝ...
Deleteඅපොයි ආදරේ ගැන නම් මතක් කරන්ඩ එපා !
ReplyDeleteඅයි හේට් ලවු ස්ටෝරිස්.... !!!!
කවි සිතුවිල්ල නම් ගොඩක් ලස්සනයි නංගි !
මොකද මධූ අයියෙ ඒ...අයි හේට් ලවු ස්ටෝරි....හදිස්සියෙම
Deleteහරි හරි මොනව වුණත් ආදරේට වෛර කරන්න එපා..
මට නම් ආදරේ කියන්නේ එපාමකරපු මාතෘකාවක්. හික්ස් :)
Deleteආහ් නමත් වෙනස් කරලා නේ. මරු මරු
දැන් ලස්සනයි !!!
අප්පොච්චියේ.. ආදරේ..
ReplyDeleteඕක මහ කේස් ගොඩක් අප්පා..!
කොයි තරම් කේස් තිබුණත් හැම හිතක්ම කාට කාටත් හොරෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා...හදවතට තට්ටුකරල බලන්න එහෙම නෙවෙයිද කියල වී..
Deleteකවි සිතුවිල්ල නම් ලස්සනයි අනූ...
ReplyDeleteඒත් අනේ මන්දා...
ස්තූතියි නිශාන්...ඔයත් මොකද ඒත් කිව්වෙ ....
Deleteආදරේ ආදරේ ආදරේ.....ලස්සනයි අනු....
ReplyDeleteඔයා තරම් ආදරේ ගැන දන්න කෙනෙක් වෙන කොයින්ද?ආදරේ කරල ආදරේ ලබල ආදරේ විදින කෙනෙක් නේ නිෂ් කියන්නේ..මට වැඩිය ආදරේ ගැන කවි ලියන්න ඔයා දක්ෂයි...
Deleteලස්සන කවි පෙල අනූ...
ReplyDeleteස්තූතියි දිනේෂ්....අනූ නම රෙජිස්ටර් වෙලා වගේ...කමක්නෑ කමක් නෑ...
Deleteආදරණීය කවි පේලියක්....ලස්සනයි නංගී..
ReplyDeleteස්තූතියි අක්කියෝ...
Delete//සසරෙ කෙසේ හෝ නුඹ මගේම වේවා//
ReplyDeleteමටත් ඕනේ ඔය ටික විතරයි.....
ආදරේට ආදරේ කරන කෙනෙක් නිසා ඒ සිතුවිල්ල හිතේ තියෙන්නෙ...එහෙම නේද ලොකූ...
Deleteලස්සනයි..:))
ReplyDeleteස්තූතියි සිත් රූ
Deleteආදරේ ඉතින් ඔහොමම තමයි. විඳිනවා වගේම විඳවනවා.
ReplyDeleteඒකනේ වැඩිහිටියෙක් වෙච්ච ඔබ තරම් අපි ආදරේ ගැන දන්නෙ නෑ...
Deletewhat a nice pic
ReplyDelete1goaltube.blogspot.com
Thanks ano.
Deleteලස්සන සිතුවිල්ලක් සිත්තමි...
ReplyDeleteඑක නෙමේ ඔය මවුස් පොයින්ට් එකේ ඉන්න සතාට ඔයා බය නැද්ද ?
ස්තූතියි චමී...
Deleteමවුස් පොයින් සතාට බය නෑ අනේ හුරතලේට ඇති කරන්නේ
අපූරුයි සිත්තමී!
ReplyDeleteස්තූතියි යාළු
Deleteපිස්සු හැදෙනවා. අක්කලා නංගිලා දෙන්නම මවුස් පොයින්ටර් වල සත්තු ඇති කරන්න පටන් අරං. ආදරෙයි කැස්සයි හංගන්න බෑලු නේ.
ReplyDeleteඔයාටත් කියන්න තියෙන එක පස්සේ වෙලාවකම කියන්නම්. :P :D
කවුරු කිව්වත් ආදරේ හංගන්න පුළුවන් අයියේ...
Deletelassanayi
ReplyDelete