හැමදාම ආදර කවියක්, විරහව පිරුණු කවියක් ,ආදර කථාවක් ලියපු මට හිතුණ පුංචි කථාවක් ලියන්න කථාවක් කිව්වෙ ඉස්කෝලෙ කථාවක් හැම කෙනාම ඉස්කෝලෙ දඟවැඩ ගැන කියද්දි මමත් කමෙන්ට් එකක් දාන හැම තැනකදිම මටත් මතක් වුණේ මමත් කරපු දඟවැඩ තමා.ඒ නිසාම දඟ වැඩක්ම නොවුණට මේ කථාව බලලම ඔයාල කියන්නකෝ මොන වගේ එකක්ද කියල.විශේෂයෙන් ආදර අදෝනාවෙන් මිදුණු නිසා රෙප් මහත්තයටත් බලන්න පුළුවන් එකක් වෙයි කියලයි මට හිතුණෙනම්.මොනව වුණත් ලියන්න බැරි වුණත් කිවිඳියෙක් නොවුණත් කවි ලියන්නයි මමනම් ආස වෙනසකටත් එක්ක බලන්නකෝ කථාව....
1වසරේ ඉදල A/L දක්වා මට පාසල් 3කට යන්න සිදු වුණා..දඟවැඩ නිසානම් නෙමෙයි ඔන්න 1වසරේ ඉදල 5 වසර වෙනකම් ප්‍රාථමිකයට ශිෂත්වයෙන් පාස්වෙලා 6 වසරේ ඉදල 12 වසර වෙනකම් පුංචි කාලෙ කිව්ව වගේ ලොකු ඉස්කෝලෙට ආයෙත් A\L කරන්න වෙනම ඉස්කෝලෙකට (12 වසරේ අවුරුදු 2ක් ඉන්න වාසනාව හිමි වුණ එකම කෙනාත් මම වෙන්න ඇති...)දැන් ඉතින් අහන්නෙ එහෙම වෙන්නෙ කොහොමද කියලනෙ.එහෙනම් ඒකත් අහගන්නකෝ O\L වලින් පාස් වෙලා A\L කරන්න පටන්ගත්තා කොමස් වලින්A\L කරන්න මැයි මාසෙ පටන් අරන් මාස 6ක් ඉද්දි ජනවාරි වල ස්පෝට් මීට් තියෙනවනෙ පුංචි කාලෙ ඉදන්ම තියෙන ක්‍රීඩා පිස්සුව (100m / 200m /කඩුළු /නෙට්බෝල්/වොලිබෝල්/එල්ලේ ඇගේම තිබුණෙ , පුංචි කාලෙ 11.13.15.17.19.21 පහළ හැමදාම පාසලේ ක්‍රීඩිකා ශූරතාවය championship උස්සන්න මට පුළුවන් වුණා)හොද වෙන්නෙ මේ ස්පෝට් මීට් එකෙන් කඩුළු පනින්න ගිහින් කකුල කඩාගන්නවා.මාස 5ක් විතර ඉස්කෝලෙ යන්න බැරි වෙනවා.ආයෙත් මාස 1.5 ක් 12 වසරට ගියත් මෙලෝ දෙයක් දන්නෙ නෑ.ඒ වෙද්දි පියාගේ රැකියාවේ මාරුවක් නිසා වෙන පලාතකට මාරු වෙන්න සිදුවුණ නිසා.අළුත් පාසලට ඇතුලත් වෙද්දි මෙඩිකල් දුන්නම ආයෙමත් 13වසරට නොගිහින් 12 වසරෙ මුල ඉදලම පටන් ගන්න හම්බ වුණා.ඕක කියන්නද ඔච්චර දුර ගියේ කියල හිතන්න එපා.මම කරපු දේවල් දැන ගන්නයි කිව්වෙ ඉස්සරහට රස කථා බොහොමයක් ඔය වටපිටාවෙන් නැගෙන නිසා..
දැන් ඔන්න කථාව.ලොකු ඉස්කෝලෙ දෙයියනේ කියල වැඩ කරගෙන ක්‍රීඩාවත් සමබරව තියාගෙන කරගෙන යද්දි 8 වසරෙදි අපේ පන්තියට එනවා ටිකක් සල්ලි වලින් බර සල්ලි ඇගෙන් විසි වෙන තඩි මහත පොරක් 8 වසරේ තුන්වෙනි වාරෙදි විතර..අපොයි දැක්ක දවසෙ ඉදල මට දිරවන්නෙ නෑ..මේ දවස්වල මම දඟ කෙනෙක් නොවන නිසා ඔළුවෙන් ඉන්න අයට ටිකක් කැමති නෑ.අහිංසක පාට් එකක්නම් හිනා වෙලා කථාකරල දන්න දෙයක් කියල දීල මමත් අහිංසක නිවුන චරිතයකට වගකිව්වා.අළුතින් ආපු පොර ගැන පන්තියෙ ටිකක් කසුකුසු යනව වැඩියි. පන්තිභාර ටීචත් ඕනි දෙයක් දැන් මූට තමයි කියන්නෙ.ඔක්කොටම වැඩිය පන්තිභාර මිස් වැඩියම ආදරේ මට මෙයා එන්න කලින්.මිසුත් දැන් එන්න එන්න මෙයාගෙ පැත්තට වැඩි නිසා සතියක් දෙකක් බැරිම තැන පන්තියෙ ඉන්න කොල්ලෙක්ගෙන් ඇහුවා අළුතෙන් අපු කෙනාට ඇයි ඔයාල ඔච්චර බය කියලා.මු කියනවා එයා මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක්ලු.දැනුයි මට වැඩේ තේරුණේ.මෙයා මේ අලි පාට් එකෙන් ඉන්නෙ තාත්ත මන්ත්‍රී නිසා. හග්...හරියට නිකම් මෙයා මන්ත්‍රී වගේ .ඔය ලොකුකම් මට දිරවන්නෙ නෑනේ..මම නෙවෙයි සත පහකට ගණන් ගත්තේ
පුංචි කාලෙනෙ වැඩිය ඕව තේරුමකුත් නෑනෙ අපිට. ඒත් ඉතින් මේකා සල්ලි දීල තමයි ළමයි ලවා හැමදේම කරව ගන්නෙ.පිට්ටනියට ගිහින් පන්තියට ආවම සපත්තුවෙ දූවිලි නම් කොල්ලෙකුට කියනවා සපත්තුව පිහිදාන්න සල්ලි දෙනව කියල. ඇත්තටම පිහිදැම්මම තඩිබඩා සල්ලි දෙනවා.මටනම් ඒකට හරි තරහයි.පිහිදාපු එකාට අනිවාර්්‍යයෙන් මම පස්සෙන් ගිහින් බනිනවා.ලැජ්ජ නෑනෙ සපත්තු පිහිදාල සල්ලි ගන්න කියල.කෑම ගේන්න කැන්ටිමට යන්නෙ නෑ කාට හරි කියල ගෙන්න ගෙන ඉතුරුවා තියාගන්න කියනවා.පන්තියෙ ඉන්න කොල්ලො වගේම කෙල්ලොත් ඒකටනම් හරිම කැමතියි.පුංචි ළමයිනෙ කීයක් හරි ලැබුණම රජ සැප ලැබුණ වගේ ඒකෙත් කනවම තමයි වෙන දේකට නෙමෙයි.පන්තිය අතුගාන්න තියෙන දවසට එයා එන්නෙ පරක්කු වෙලා.ඉස්සෙල්ල දවසෙ ළමයෙකුට සල්ලි දෙනවා අතුගාල තියන්න කියලා.ඔන්න ඔය වගේ වැඩ නිසා ඇත්තටම මට එයාව දිරවන්නෙම නැති වෙලා.මගේ රෙස්පට් එක කියල කොල්ලොත් එක්ක තඩිබඩා කියනවලු හැම ළමයම හොඳයි අරකි තමයි මට පෙන්නන්න බැරි කියල.කොහොමින් කොහොම හරි 9 වසරටත් දැන් අපි ආව කියමුකෝ අර කොල්ලට මාවත් මට එයාවත් පෙන්නන්නම බෑ.
දවසක් උදේ පාන්දර මට අතුගාන්න තිබුණෙ පන්තිකාමරය.පුරුද්දක් වශයෙන් පුංචි දවස් වල ඉදලම උදේ පාන්දර ඉස්කෝලෙ ආවත් පන්තියට එන්නෙ 8ට 5ක් විතර තියලා.පාසලේ ක්‍රීඩා ගුරුතුමිය ක්‍රීඩා කරන අයට උදේ පාන්දර ප්‍රැක්ටිස් කරවනවා.6ට ඉස්කෝලෙට ඇවිත් පැය 1.5 ක් විතර ප්‍රැක්ටිස් කරල වොෂ් කරල යුනිෆෝම් දාගෙන පන්තියට යද්දි ඉතින් 8ට 5යි හැමදාම අතුගාන්න තියෙන දවසට පත්තිභාර ගුරුතුමියගෙන් හැමදාම මට බර බරේ..එදාට ප්‍රැක්ටිස් යන්න එපා කියල.කොච්චර කිව්වත් මම ඒකනම් කලේ නෑ.එදා ඉතින් උදේ ටිකක් වැස්ස දවසක් මම දඩිබිඩියේ පන්තියට එද්දි විනාඩි 15ක් තිබුණා 8 ට . වැස්ස දවසට ආගමික වැඩ කරන්න යන්නෙ නෑ එළියට පන්තියෙ ඉදන්මයි ආගමික වැඩ කරන්නෙත් ඒ නිසාම ඉක්මණින් අතු ගාන්නත් ඕනි.දුවල එද්දි අතුගාන අනිත් ළමයි දෙන්නම ඇවිත් නෑ.ඉක්මණින් ළමයි එහෙට මෙහෙට කරල දඩිබිඩි ගාල පන්තිය අතු ගාගත්තා. තනියම කුණු ටිකත් එකතු කරද්දි බෙල් එක වැදුණා.බෙල් 3ක් වදිනවා 3වෙනි එකේදි තමයි ගාථ කියන්නේ.වෙලා තියෙන නිසා කුණු ටික දාල එන්න පුළුවන්නේ කුණු බාල්දියත් අරන් වේගෙන් දුවල ගියා.අපි හිටියෙ පන්ති කාමර 5ක් දාල තියෙන එක හෝල් එකක් වගේ කෑල්ලක.පන්ති පහටම පහේම කරන කියන දෑ පේනවා.අයිනෙම පන්තියෙ ඉදන් පන්ති 4 රක් පහු කරන්න යන්න ඕනි කුණු දාන්න.
කොට බිත්තියට හේත්තු වෙලා හිටපු අර තඩියා මම දුවල යද්දි දැම්මෙ නැතැයි කකුල...
දඩාස්......
මම වැටුණ නිකන් අලිය පොලේ ගැහුව ගාණට.වැස්ස දවසෙ නිසා ළමයි පාගල පාගල මඩ ගැවුණු සිමෙන්ති පොලවෙ..
ළමයි එක හූවට හූ තියෙනවා මට. ගෙනිච්ච කුණු මූණෙ,ගවුමෙ ගෑවිච්ච මඩ, හූව මැදින් අමාරුවෙන් නැගිට්ට මම සැනකින් දඩාස් සද්දෙටත් වැඩියෙන් චටාස් සද්දෙ කැපිල යන්න තඩියගෙ කන පුරෝල දුන්නා
චටාස්.....
මගේ දිග ඇගිලි 5ම කම්මුලේ හිටින්න.තත්පරයකට මුළු හෝල් එකම නිහඬ වුණා.නමුත් ළමයි බය වුණ තඩියගෙ ගෙම්බර් බහින්න මම දුන්න කම්මුල්පහර නිසා ආයෙත් ළමයි තඩියට දැන් හූ තියනවා.තඩියත් ලැජ්ජාව වහගන්න ඇල්ලුව මගේ බෙල්ලෙන් ඉස්සුව මාව උඩට. උස වුණාට කෙට්ටු ශරීරයක් තිබුණු මාව සරුංගලේ වගේ දැන් උඩ බෙල්ලත් හිර වෙලා කකුල් පොළවෙන් උඩ.තඩිය අතාරින් නැති පාටයි.උස්ම හිරවෙනවා මට දැනෙනවා.මරණබියත් දැනෙනවා.හිතුණෙම මැරෙයි කියල.කොච්චර දැගළුවත් ඇතෑරියෙ නෑ.උඹ දන්නවද මම කවුද කියල මම ......... මන්ත්‍රීගෙ පුතා අරවයි මේවයි ලොකුකම. මම බිමින් තියල කියපියකො ඔය ටික. දැන් මුළු ඉස්කෝලෙටම ඇහෙනව හූව පන්තිභාර මිස්ල සාරි කරේ තියන් පන්තිවලට දුවල එනවා.තඩිය නෙමෙයි ඒත් ඇතෑරියෙ මාව..මිස්ල තමයි මාව බැස්සුවෙ.කැස්සත් එක්ක මම බිමට එද්දි මූණ ජම්බු ගෙඩිය වගේ..
අපි දෙන්නව සැනකින්ම දැම්ම මහ අධිකරණයට ප්‍රින්සිපල් විභාග කරලා දුන්න නඩු තීන්දුව දෙන්නටම ඔෆිස් එක ලග දණගහන්න පැය 1.5ක් දෙන්නව දෙපැත්තක හැබැයි මූණට මූණ බලාගෙන.තඩිය ඒත් ප්‍රින්සිපල් හරි මිස් කෙනෙක් සර් කෙනෙක් පේන්න නැත්තම් මට කියනවා මම තෝ හෙට වෙන්න කලින් තාත්තට කියල ඉස්කෝලෙට එන්න දෙන්නෙ නෑ කියලා.මේ සිදුවීම නිසා අම්ම මාව සතියක් විතර ඉස්කෝලෙ යැව්වෙ නෑ.මොනව වුණත් මට තඩියවත් කරදරයක් කරයි කියලා.එදා ඉදල මමත් අහිංසක නෑ. ඒකෙන් තඩියගෙ උද්ධච්ච කම බින්දුවට මට බස්සන්න පුළුවන් වුණා.කාලයක් යනකම් කොල්ලො තඩියට ගෑණු ගුටිය කියල නමකුත් තිබ්බා.හැමෝටම ඒ සිදුවීම අමතක වෙනකම් විතරයි ඒනම කිව්වේ.
හැබැයි ඒ තඩිය පස්සෙ කාලෙදි ඒ කියන්නෙ 10වසර වෙද්දි මගේ හොඳම යාළුවා වුණා.මට තඩියවත් තඩියට මාවත් නැතුවම බැරි තරම් සහෝදරත්වයක් අපි දෙන්න තුල ඇති වුණා.තඩිය ඇත්තටම හොඳ යාළුවෙක්.එයාගෙ උද්ධච්චකම මම බැස්සුවෙ නැත්තම් එයා මගේ හොඳම යාළුවා වෙන එකක් නෑ කවදාවත්.එයා කාපු බීපු දේ පවා මට දීල කන්න තරම් අපි යාළුවො වුණා.එයා මගේ හොඳම යාළුවා ගයි....මට තරහ ගියාම නම් ඔය නමට තව අකුරක් එකතු වෙලා සවුන්ඩ් පොඩ්ඩක් වැඩිවෙලා කියවෙන්නෙ ග.....යි....යා.....එහෙමත් නැත්නම් ග....යි....යෝ..එයානම් මට කියන්නෙ කොච්චි මිරිස් එහෙම නැත්නම් මගේ මුල් නම......
ඉස්සරහට අපි දෙන්නා ප්‍රමුඛ පිරිසගේ අංචි වැඩ බලාපොරොත්තු වන්න....