නිල් නෙතු අග කඳුලැල් පිපෙනාවිට
පිසලන්න කුමරිය හනික ඉතින්
මගේ හාදුගත් කොපුල්තලය මත
කඳුළු හලන්නට එපා ඉතින්
හදේ රිද්මය ගැහෙන ළය ලඟ
සුසුම් කුමටද මැණික ඉතින්
වෙන් වුනේ දුක් නම් නොදෙන්නට
මලක් සේ හිනැහෙන්න ඉතින්
ලංව හිඳගෙන නුඹේ හද ගැබ
සසරපුරාවට සිපගන්න තුටින්
අපිට අපි වී ඉන්නෙ කොහොමද
අඩු කුලේ ඉපිද මා දුක් වෙනව හිතින්
මවුපියන්ට දුක් දී නුඹ ගෙනයන්නට
හිතක් තිබුණද බැහැනෙ ඉතින්
මගේ දෙව්ලිය නැතත් මා ළඟ
සැමදා හිනැහී ඉන්න තුටින්
වසන්තය අප වටේ හිඳගෙන
අතුපතර බර කලා මලින්
වෙන්වුනත් අපි මවුපිය කැමැත්තට
නුඹේ ලඟ මා ඉන්නවා හිතින්
හමුවෙන්න යළි තව එකවතාවක්
කුලගෙය පතිනි වෙන්න කලින්..........
නිදාන කථාව,
සිත්තමීට හමුවුණ ආදරණීය සොහොයුරෙකුගේ ආදර කථාව ඇසූ සිත්තමීට ඔහුගේ සිතුම් පැතුම් වලට එබිකම් කරන්න හිතුණා.ඒ ආදර කථාවේ ඔහුගේ පෙම්වතියට දක්වන ආදරය මා මෙලෙස කවි කිහිපයකින් නිමකලා.නමුත් ඒ ආදරය කවි කිහිපයකින් නිමකල නොහැකි ආදර කථාවක්.
පිරිමි සිතකට දැනෙන ආදරය විටෙක මගේ කවියට නගන්නට මට බැරි වෙන්න ඇති. කවිය තුලින් කථාව තේරුම් අරන් මාගේ සාර්ථකත්වය පිණිස වචනයක් නොකිය යන්න එපා........
ආහ් මේ කවි සෙට් එක මරු !!!
ReplyDeleteආදරය කියන්නේ හිමිකර ගැනීමක්ම නෙමෙයි නේ.. අදුර ගන්න වටින යාළුවෙක් !!
ඇත්ත මධූ අයියේ....
Deleteආදරය කියන්නේ හිමිකර ගැනීමක්ම නෙමෙයි පරිත්‍යාගයක්.....
ලත්තන කවිය අනේ...
ReplyDeleteඉත්තූතියි චමී යාළු....ඒ කියන්නේ මම සාර්ථකයි....
Deleteනියම ආදරේට ආදර්ශයක්වුන ආදර කතාවක් අක්කියෝ..ඔයාගේ අතින් ලියවුන හැම අකුරක් ගානෙම ඒ කතාව හිතලග මැවෙනවා....
ReplyDeleteහමුනොවුනත් මේ සංසාරේ
නුඹමයි සිතලග ඉන්නේ
වෙනසක් නොව මේ ආදරේ
සැමදා නුඹේම වී ඉන්නේ...
ආදරේටනම් ඇත්තටම ආදර්ශවත් පෙම්වතෙක් එයා....
Delete"අඩු කුලේ ඉපිද මා දුක් වෙනව හිතින්"
ReplyDeleteමේ කාලේ කුල ගැන හොයන එක මහ මෝඩ වැඩක්.දෙන්නට දෙන්නා ආදරේ නම් එතනින් එහාට වෙන ප්‍රශ්න නෑ නේ.....
නමුත් මේ කථාවෙ දෙමවුපියෝ කුල ගැන හොයල මඩයා....ඇත්තටම මේ දෙන්න දෙමවුපියො නිසා වෙන් වුනා...
Deleteඔයා සාර්ථකයි සිත්තමි... සුබ පැතුම්..
ReplyDeleteස්තූතියි රෙහානි....ගොඩක් දවසකින් දැක්කේ...
Delete// මවුපියන්ට දුක් දී නුඹ ගෙනයන්නට
ReplyDeleteහිතක් තිබුණද බැහැනෙ ඉතින්
මගේ දෙව්ලිය නැතත් මා ළඟ
සැමදා හිනැහී ඉන්න තුටින්//
නියමයි නංගි ...
ස්තූතියි අයියේ....ඔයාට නියමයි කියල හිතුණනම් ඒ කියන්නෙ පිරිමි අදහස් ගැලපීම මගේ නරකම නෑ එහෙමද?
Deleteමට හිතෙන්නෙ..කෙටිකතාවක් ලියන්න තිබ්බා කියල ලස්සනට ගලපල..!
ReplyDeleteඇත්තටම වී මම මේ කථාව ලියන්න හිටියේ...නමුත් කවිය ඉස්සර වුනා...
Deleteඅහන්න දෙයක් නෑ නංගා නියමෙටම ලියල තියනවා!
ReplyDeleteඒ ආදර කතාවට වටිනා කමක් දීල තියනවා.
ස්තූතියි ගිමන් අයියේ....මගේ සාර්ථකත්වය ගැන සතුටුයි....
Deleteසිත්තමී. මට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කවි බ්ලොග්වල කවි කියවලා කමෙන්ට් එක කවියකින් දාන්න ඇති නොහැකියාව.
ReplyDeleteඉතින් නිකම්ම නිකං "ලස්සන නිර්මාණයක්" කියලා කියන්නම්.
ඇත්තෙන්ම ලස්සනයි.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඇත්ත හැමෝටම කවි ලියන්න පුළුවන් නමුත් උත්සහ කරන්නෙ නෑ....බ්ලොග් ලියන හැමෝම නිර්මාණශීලියි ඉතින් කවි ලියන්න බැහැයි කියන එක පිළිගන්න බෑ....
Deleteනමුත් කවියකින්ම කමෙන්ට් කිරීම මම බලාපොරොත්තු නොවන නිසා ඒක ප්‍රශ්නයක් නෑ....
ඔබේ වචන තව කවියක පෙරනිමිත්තක් මට
අසාර්ථක නෑ ඔයා
ReplyDeleteකවි ටික ලස්සනයි අක්කේ...
ස්තූතියි මල්ලියෝ....
Delete//හදේ රිද්මය ගැහෙන ළය ලඟ
ReplyDeleteසුසුම් කුමටද මැණික ඉතින්
වෙන් වුනේ දුක් නම් නොදෙන්නට
මලක් සේ හිනැහෙන්න ඉතින්//
ඒ ආදරවන්තයාගෙ ප්‍රාර්ථනාව මොනතරම් අපූරුවට ඔයා ගළපලා තියෙනවද සිත්තමී....
ඕහ්....ස්තූතියි බිනරි....ඔයාට හිතගියපු පදයට මමත් හරි කැමතියි....
Deleteකුල මල මොටද අප්ප ආදරේ නම් බන්දල දෙන්නයි තියෙන්නෙ .....පව්...:(
ReplyDeleteඑහෙම බෑ හිරුකෙල්ලේ කුලමල එක්ක ජීවත් වුන අපේ පැරණි අයට.....ඉස්සෙල්ලාම බලන්නේ කුලය
Deleteඅපේ පරම්පරාවෙන් මේ කුලමල ඉවත්ව යන එක ගැනනම් මට සතුටුයි...
කවි ලස්සනයි සිත්තමි
ReplyDeleteස්තූතියි මදාරා කෙල්ලේ....
Deleteඔයා නම් චුටි හොඳට හිත් කියවන්න දන්නවා,
ReplyDelete" හමුවෙන්න යළි තව එකවතාවක්
කුලගෙයක පතිනි වෙන්න කලින්.........."
හදවතට හොඳටම දැනුනා..
ඔයාගෙ නම දැක්ක හැටියෙම මට හිතුණා ඔයාට හිත යන්න ඇත්තේ ඒ පද ටිකට කියලා....
Deleteඔයාලගෙ හිතට දැනුණා කියන්නේ මම සාර්ථකයි කියලා...
මේකනම් ගොඩක් ලස්සනයි අනූ..
ReplyDeleteඕහ් හදවතින්ම ලියපු කමෙන්ට් එකක්....මම ආසම කවියෙක් නිසා මට ඔබේ කමෙන්ට් එක වටිනවා දිනේෂ්....
Deleteහරිම ලස්සනයි අනර්ඝයි... මම ඒ ටික කිව්වෙ අවංකවමයි... තමන් ආදරය කල කෙනා වෙන්වුන දවසකත් මේ වගේ ඉන්න තැනක හොදින් කියලා ප්‍රාර්ථනය කරන්න පුලුවන් නම් එය තමයි මා අදහන සැබෑ ආදරය....
ReplyDeleteඇත්ත සිරා අයියේ....මමත් කියන්නෙ ඔය ටිකම තමා....
Deleteදුක හිතෙන කතාවක් ලස්සනට කවියක් කරලා ....
ReplyDeleteඇත්තටම ඒක දුකම හිතෙන කතාවක් රොබින්
Deleteකවිය නියමයි. ඒ පෙම්පුවතත් හරියට සාලිය අසෝක මාලා පෙම් පුවත වගේ. මේ යුගයේ නම් කුල බේදය එතරම් සැලකිල්ක් දක්වන්නෙ නැහැ.
ReplyDeleteමේ යුගයෙන් අවසන් වුනත් අපේ දෙමව්පියන් තාමත් ඒ මත්තෙම ඉන්න අය ඕනි තරම් ඉන්නවා....
Deleteඉඳල හිටලා තමා මට කවියකින් රිප්ලයි කරන්න පුළුවන්. අදහස් එන්නේ නැහැ නේ ඉතිං.
ReplyDeleteඔයාට ඉතිං හැකියාවක් තියෙනවා නේ.
ඒකට කමක් නෑ කවියකින් නැතත් කමෙන්ට් එක මට දහසක් වටිනවා...
Deleteඅදහසට ගැලපෙන්නම ලියලා..ලස්සනයි
ReplyDeleteස්තූතියි තරුවා
Deleteස්තූතියි තරුවා....
ReplyDelete