Tuesday, January 29, 2013

ගම් පහ ගෙවුණු සුන්දර දිනය.....

ජනවාරි 27 ගම්පහ ගෙට්ටුව...........

 සිත්තමීට නම් ගෙට්ටුවට සහභාගි වීම හීනයක් වගේ තිබුනේ.ගෙදරින් එළියටවත් බහින්න තහනම් නියෝග පනවල තිබියදිත්  අප්පච්චිට ගල්පැලෙන  බොරුවක් කියල මව් පාර්ශවයට ඇත්තම කියල ගෙදරින් එළියට පැන්නේ ඇත්තටම නොදුටු යාළුවො ගොඩක් බලාගන්න.වෙන්ඩ හබීත් කවදාවත් නොදැකපු කවුද කින්ද මන්ද කියල නොදන්න ඈයො පිරිසකට එකතුවෙන්න යන සිත්තමී කෙල්ලට යන්න එපා නොකිය සිත්තමී එක්ක යන්න ආව ඔහුගේ දහසකුත් වැඩ රාජකාරි පසෙකට තියෙල.ගෙට්ටුවේ අසිරිය කියන්න කලින් ගෙට්ටුවට පය ගහන්න දිරිය දුන්න අයව මතක් නොකරම බැරි නිසා ආදරණීය පියාණන්ගෙන් අවසර ලබාදුන් මගේ ආදරණීය මෑණියන්ටත් වෙන්ඩ හබීටත් හිස නමා ආචාර කරන ගමන් අපි බහිමු ගෙට්ටුව පැත්තට.....

දහසකුත් සිහන මවන් ගිය ගෙට්ටුව දැක්කම සිහින් දාඩියකුත් දැම්මා දෙවියනේ අදුරන්නෙ නෑනේ කවුරුවත් වටපිට බල බල හිමින් සේනදු වුණා.ඇස් යව යව බැලුවෙ මහලොකුවට එන්න එන්න කියල කෑගහපු රෙපාව.මගේ වෙලාවට ‍ෆොටෝ කෑල්ලකින් ඒ මුණත් තහඩුව දැකල තිබුණ නිසා  ඇදුරගන්න අපහසු වුනේ නෑ.ළගට යනකම් මෑන්ද මෑන් කියල එයා මාව අදුර ගත්තෙ නෑ.ඒක ඉන්ෂූරන්ස් වලටත් වඩා ෂුවර්.කථාකලාම නම් කිව්වෙ අදුර ගත්ත කියල. හික්ස් එහෙම හිතමු.

ඊටපස්සෙ එයාගෙන් මම අදුරන අයව ඇහුවා එයත් සමහරු දන්නෙ නෑ කියලා දන්න දන්න අය පෙන්නුවා.අර සයිබරයේ සිහින පෙම්වතී 


අර කවුද අර අනේ අපේ දිනේෂ් කොල්ලගෙ අර සිහින පෙම්වතී සිහින මදාරා....... 
කොණ්ඩෙත් කඩාගෙන විසේ කොරකොර බංකුවකට වෙලා හිටියා.ලගට ගිහින් කථා කොලාම අනේ හරි හුරුබුහුටියට කථාකොලා ආසාවෙ බෑ.සිහින පෙම්වතීම තමයි.දවස තිස්සෙම ෆෝන් එක ඔබ ඔබ හිටිය මිසක් වෙන වැඩක්නම් දැක්කෙ නෑ.සිත්තමී විහිළුත් කලා වැරදියට බෙහෙත් දීල ලෙඩ්ඩු මරයි ඔහොම කරන්න එපා කියලා.මොනව වුනත් හරි හොද කෙල්ල.(කාටද ඉතින් ආඩම්බර දිනේෂ්ටනේ....)

එතකොට ආදණීය උණුසුම් පිළිගැනීමක සිත්තමීව ලක්වුණා  රස්තියාදුකාරයාගෙන් ඒ සිත්තමී ඔහුව අදුන ගන්න ඔහු ලගටම ගිය වෙලේ,ප්‍රාර්ථනා කෙල්ල, එතොට පුංචිම පුංචි දැක්කම, වැටෙන නාඩිත් නවතින පුංචි  නාඩි අයියා,
හැමෝටම බය සිත්තරී මං කෙල්ල,




බ්ලොග් අවකාශයේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙත් නෝටි වල් රජා (ලගට ගිහින් අදුර ගත්තෙ නැතත්) දුටුව සැනින් වල් රජා අදුරගත්තැහැකි.පිට්ටනියට බැහැල හිටියෙ සෙල්ලම් කරන්න වුනත් රජාගෙ හිත පිට්ටනිය වටේ බංකුවල හිටිය ලස්සන ලස්සන කෙල්ලො ලග.කවුරුවත් නිකමටවත් බෝලෙට වැරදිලාවත් ගහන්නෙ නැති පැත්තක හෙවනක් හොයන් වල් රජා මනෝ පාරවල් දාගෙන හිටියා. 


ලගට ගිහින් කථා නොකලත් මුහුණින් අදුරගත්ත රත්ගමයා.තරියා අබේ,සිංහයා,ඇතුළු ගොඩක් පිරිසක් මුහුණින් හදුනාගත්තා.දැන් මතකෙට එන්නෙත් නැ නම්.අොයි තව ොඩ්ඩෙන් අමතවෙනවා.ආදරණීය වී ොකුර ලියන වීයා....ෝටිම ෝටි දගකාර අර මඩිස්ස ලියන ොලුවා.ොඩම් ගෙඩි දෙකක් තරම් වත් උස නෑ.(කවුද කියලද අහන්ඇයි අේ නංගිලත් ේ පැණි ොල්ලගෙන් රෙන්න බැරි කමට ආ......මල්ලී කියනව කියල අඩන ොලුව .....අර මල්වත්තෙන් එළියට යද්දි කෙල්ලෙක් සෙට්වෙයන් කියකිය හිටිය පුංචි ොල්ල නිශාන්  හුරුබුහුටි ොලු පැටියා)

කතා නොකරම බැරි සැමා......හැමෝටම අමතක නොවන  චරිතයක් වුණා ගෙට්ටුවේදී......කුණු ගද ගහන සපත්තු දෙක නැති කරන්  ගෙට්ටුවට පැමිණි හැමෝගෙම  මුස්පේනුතු මුහුණු වලට පවා සිනාවක් එක්කල සෑම් අයියා.ගදෙන්වත් හොයාගන්නවා සපත්තු දෙක ඒත් කරුමෙට පෙරදා ඒ කුණු සපා දෙක හෝදලාලු.එහෙම කිය කිය ග්‍රවුන්ඩ් එක වටේම ගියා.හොයල දීපියවු නැත්තම් කන්න දෙන්නෙ නෑ.කොයිතරම් ගර්ජනා දැම්මත් සුපිරියටම වැඩේ කල කෙනානම් ඒ පුස්පාට් වලට රැවටුනේ නෑ.

ඔන් නොකියාම බැරි සිත්තමීගේ සොයුරු සිරා කොලුවා.ෆොටෝ කෑලි වලින් අදුරගෙන තිබුන නිසාත් දැකපු හැම ෆොටෝ එකේම රතුපාට ටී එකක් ඇදගෙන හිටපු නිසාත් ඒ ඔහුට තියෙන එකම ටී ෂර්ට් එක බව අදුන ගත්ත සිත්තමී ග්‍රවුන්ඩ් එකෙන් එලියට එනකම්ම හිටියා කථා කරන්න.ඒත් මේන් කොහේදෝ ඉදල මෙයා දුවල ඇවිත් මම සිරා කිව්වෙ නැතැයි.ඔව් ඔව් සිත්තමී ඔයාට තියෙන එකම ටී ෂර්ට් එකෙන් අදුර ගත්තා කියන්න පුළුවන්ද කටක් ඇරලා.හිනාපාරක් දාල මමත් උණුසුම් හමුවීමක් සනිටුහන් කොලා.

ඇත්තමයි සිරා කොලුවෝ ඔය කිරිකැට් තරගයක් නැතුව හැමෝටම එකතු වෙලා කොරන්න පොඩි පොඩි ගේම්ස් ටිකක් කොලානම් මීටත් වඩා සාර්ථකයි කියලයි මට හිතුනේ. එහෙනම් මීට වඩා අදුනන්නෙ නැති බ්ලොග් කරුවන් අදුනගන්න අවස්ථාවක් අපිට ලැබෙන්න තිබුණා.කොහොම වෙතත් ඔබේ උත්සහය අගය කොරනවා.සිරා, සැමා ඇතුළු අර අටම්පහුර අයියණ්ඩියට සංවිධානය කල ගම්පහ ගෙට්ටුව වෙනුවෙන් ස්තූති වන්ත වෙනවා.

නොකියම බැරි අර බස් රේඩියෝවේ නිවේදක කොලුවා......සුපිරියි ඈ........ඔන්න ඒ කවුද කියන්නනම් මම දන්නෙ නෑ.......මයික් වලටම හරියන කටක්. ඔන්න සිත්තමී ඔහු හදුනන්න මයික් කටා කියල සුන්දර සුමිහිරි නමක් දැම්මා කියලා අමතක නොකර දන්න හැමෝම ගිහින් කිව්වොත් හොදයි.සිත්තමීව මයික් කටා අතහැරියෙම නෑ.සුපිරි කිණ්ඩියකුත් දාගෙන සිත්තමීේ විස්තර දැනගෙන පුංචි රිලා පැටියෙක් වේ එහෙට දුව දුව මෙහෙට දුව දුව සුපිරියටම නිේදන පාරවල් දැම්මා.මාරයි ඈ.‍නිේදකෝ දැකලා නෑ සිත්තමී....එහෙම කියයි බලන ඔයාලා.නෑ නෑ එහෙම නෙමෙයි මයික් කටා පාළුව යන්න කරපු වැඩ ටික දාපු කිණ්ඩි හෙම පිට්ටනියෙන් එපිට ඈණුම් ඇර ඇර හිටපු අයට නින්ද ොයන්න වැඩ ොලා.....පිදිය යුත්තන් පිදීම වේම අගය කල යුත්තන් අගය කල යුතුයි.

ඒ වේමයි කම්මැලි කඈණුම් ඇරපු කෙල්ලො ටිකට දීපු සංගීප්පි තරගය.සුපිරි නැතත් වෙන දෙයක් නැති කමට ොදා.කාගෙද වැරැද්ද සිරා ොලුවගෙ කිරිකැට් ගහන්න පුළුවන්ද කෙල්ලන්ට ොල්ො විතරක් කිරිකැට් ගැහුවම හරිද?  යෙමත් කියන්නෙ පුංචි පුංචි ේම් ටිකක් තිබුනනම් ේට්ටුවෙ වටිනාකම කියල වැඩක් නෑ.යෙ ේට්ටුවක් සංවිධානය ොරන්න බලාොත්තු වන්නන්ටත් එක්කයි ේ කියන්ේ.

තව හිටියා දගකාර ොලු මල්ලියෙක් හැෝම කිව්වෙ ස්කුබියා කියලයි මට මතක හැටියට.හරි ොද බුවා.බුවත් එක්ක හිටපු කෙට්ටු අයියද මල්ලිද මන්ද අර දම්පාට ඉරි ටී එකක් ඇදල හිටියෙ.එයාගෙත් බ්ොග් එකයි නමයි දෙකම අහගත්තත් දැන් මතක නෑ.මට දෙන්නා ගැන  දන්නා අයෙක් ේ නම් වහාම විස්තර ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. 

 Group Photo එක ගෙට්ටුව අවසාන වන්නටත් කලින් සිරා ගන්න තීරණය ේ එකා දෙන්න හිමිහිට මාරවෙනව බලන් ඉන්න බැරි කමට.ගෙට්ටුේ මිහිරිම අවස්ථාව ඒක.හැෝම පෙලට ඉන්න ට්‍රයි කරනවා.එකෙක් මූණ ේන්නෙ නෑ අයින් වෙයන් ඔතනින් කියනවා.තව එකෙක් කෑ ගහන්න එපා ොලව් Audio රෙොඩ් වෙනව කියල කෑගහනවා.දකණෙ බිත්තියෙ එල්ලිලා ඉන්න උස කෙනා '' අෝ අරන් ඉවරද කෙ එල්ලිලා මගෙ අත රිදෙනවා" කියල කෑ ගහනවා.ෝ ගත්ත කෙනාට දස වද දීල අන්තිමට මෙන්න ේ විදියට ෝ එක අරන්.
 
                                     ෆොටෝ එක හොරකම් කල එකක්

ගෙවුන ඒ දිනයනම් සුපිරියි.......යෙමත් සංවිධානය කල සැමට හිස නමා ආචාර කරනවා...... 

 




101 comments:

  1. අනේ..හලීම ස්වීට්!! "චූටි නාඩියා" මල් හතයි ඈ! මං වගේමයි! අනේ..කොහොමද ඈ එක පාරටම එදා මම නාඩියා කියලා හොයා ගත්තේ??

    ReplyDelete
    Replies
    1. ග්‍රවුන්ඩ් එකේ ඉද්දිම එක එක්කෙනාගෙන් අහල බොහොම අමාරැවෙන් ඔයාව දන්න කෙනෙක්ගෙන් දැන ගත්තෙ පිට්ටනිය කොනේම ඉද්දි සිත්තමීට නාඩි පෙනුනේ ඩොට් එකක් විදියට ......හික්ස් (පොඩියිනේ)

      ආපු ගමන් දුවල ආවෙ ආයෙ කැප් එක ගැලෙව්වොත් අදුර ගන්න බැරිවෙන නිසා.කැප් එක මතක තියාගත්තේ.....

      Delete
  2. ඇක්චුවලි......රත්ගමයා සහ සෙලීනා වෙන්න ඕන අතන...

    ReplyDelete
    Replies
    1. අනේ සිත්තමී හොයාගෙන රත්ගමයත් ඇවිල්ලා....ගොඩක්ම අදුරන්නෙ නැති නිසා ඇවිත් කථා කලේ නෑ නමුත් ඔයාව අදුර ගත්තා.....

      කවුල සෙලීනා.......මම හිතන්නෙ අර රජාගෙ පින්තුරෙ දෙන්න ගැන වෙන්න ඕනි කිව්වේ

      Delete
    2. අඩෝ රත්තා!!! ඒ මගේ පොටෝව ඈ ;)

      Delete
  3. ආවෙ නැද්ද ඒ පැත්තෙ......

    ReplyDelete
  4. එදානේ දැනගත්තේ ළග පාත ඉන්න කෙනෙක් කියල මේ සිත්තමී.. අදුනගන්න ලැබීම සන්තෝසයක්.. :ඩී ස්කූබියත් එක්ක හිටි අනිත් එකා අශාන්.. අනික් කෑල්ල කියන්න බෑ දිව ටැපලෙනවා.. ;)
    http://shayanga.blogspot.com/2013/01/bloggers-g2g-2013.html
    ඕන්න ලින්කුව.. මේක බැළුවාම හොර වැඩ කරපු උන්වත් අහුවෙයිද දන්නේ නෑ :පී

    ReplyDelete
    Replies
    1. අනේ විස්තර වලට පොහොම පින්......මම ඒ දෙන්නව හොය හොය හිටියේ....

      හොර වැඩ ගෙඩිපිටින් මාට්ටුනේ.........

      Delete
  5. කිරිකොට් ලෑස්ති කොලේ දෙපාර්ශවයටම සහභාගි වෙන්න...ඒ වගේ පිටියක ක්‍රිකට් ගහන්න ඕනෙමයි කියලා පිරිමි පාර්ශවය ගෝරනාඩු කොලා...ගෑණු දරුවන්ට ඔසවා ගන්න පුලුවන් බර නැති බැට් පිත්තක් පවා රැගෙන එන්න සිරා කොලුවා කටයුතු කොලා...අනේ අනිච්චේ එක කෙල්ලෙක්වත් කිරිකොට් ගහන්න කැමති වුනේ නෑ නොවැ හැබෑටම...මම මක්ක කොරන්නද ඉතිං... ඔය කොරපු ක්‍රීඩා ටිකත් බොහෝ අය එක්ක කථා බහ කොරලා බොල සිත්තමියෙ තෝරාගත්තෙ... මගේ තනි කැමැත්තට කොරපුවා නෙමෙයි.

    බොලා නම් ඇත්තටම ලස්සන කෙලි පොඩ්ඩ...වෙන්ඩ හබියා තමයි ඉතිං ආඩම්බර වෙන්ට ඕනෙ... ගම්පහ ගෙට්ටුවට ආවට රොම්බ තෑන්ක්ස්...

    ReplyDelete
    Replies
    1. එක දෙයක් කියන්න බැරි උනා...මගේ කැමතිම වර්ණය රතු...ඒ හින්දා වැඩිපුර තියෙන්නෙ රතු පාට ටී ෂර්ට්..නැතුව එකම එක නෙමෙයි...අරිද ?

      Delete
    2. පල ..පල..දැන් එහෙමවත් කියපිය..!(ටීෂර්ට් එකගැන)

      Delete
    3. කෙල්ලො ගහයිද ක්‍රිකට් අර තොප්පි තරගෙටත් කට්ටියව ඇදගෙන ආවෙ.......ආයෙ නොකරන්නයි කිව්වෙ.....

      ලැජ්ජාව වහ ගන්න දැන් ඔය බොරු කතා කියන්න එපා අපි දන්නවා ඒ කමට ටී ෂර්ට් එක දැකපු හැම තැනම තිබුනෙ ඒ ටී ෂර්ට් එක ඇදලා......

      තව එකක් ඇත්තටම සිරාට හරියන පාටත් ඒකම තමා........

      Delete
    4. ඇත්තමයි.... සිරාව දකින හැම තැනම ඇඳගෙන ඉන්නේ ඒ ටීෂර්ට් එක තමයි.. හි හි....

      Delete
    5. ඉතිං මට තව දෙක තුනක් අරන් දීපල්ලකො....

      Delete
    6. කමෙන්ට් එකතුව 100 වෙන්න මෙන්න සිරාගෙන් තල්ලුවක්...

      Delete
  6. සිත්තමී එහෙම අමාරුවෙන් හරි සහභාගී වීමේ ආනිසංස දැන් දැනෙනව ඇති. කොයිතරම් සොම්නස් සහගත සිතිවිලිද....නිදාගන්න ගියත්..කෑමකන්න ගියත් මතකයට එන්නෙ නිතැතින්ම. තව කාලයක් අමතක වෙන එකක්නෑ..ඔයාලව නම් ජීවිතකාලයටම අමතක වෙන්නෑ මිහිරි මතකයක් වෙලා තියේවි.

    මං නැවත ස්තුතිකරනව සිත්තමීගෙ නිරහන්කාර කමට...ඔයාගෙ සිතුම් පැතුම් සියල්ලක්ම සර්වප්‍රකාරයෙන් ඉ‍ටු වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.......මට ලැජ්ජ හිතුණද මන්ද??? ඇත්ත ඒ දවස සුන්දර මතක ගොඩක් එකතු වුණා......

      ආයෙමත් කොහේ හෝ අපි හමුවේවි......

      Delete
  7. හලේ!!!!!! මාවත් ඇදලා :) (මේක බ්ලොගේ දාන්න ඕනේ)

    මට ඔයා එක්කත් කතා කරන්න බැරි උනානේ අප්පා!
    ඒ උනාට මම ඔයා ළගින් ගියානේ එහෙට මෙහෙට?

    කොහෙද මෙයා හරි උසයිනේ!!! ඉතින් මට බය හිතුනා කතා කරන්න ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා එහෙට මෙහෙට ගියේ මගේ උස මනින්නමද කොහෙද? අනේ නෑ මම හැමෝ එක්කම බලෙන් කථා කලේ.මම දන්න අයගෙන් කථා කරන්න බැරි වුනේ ඔයත් එක්කයි තරිය අබේ එක්කයි.කෙහොමින් කොහොම හරි මිස් වුණා.

      ආයෙ දවසක කථා කරමු.....

      අවසන් මැච් එකට සිරා නිවේදනය කොරද්දි අර කළු කාර් එක ගාවින් එන්න හිතුනෙ නෑ නේද?එවලෙ හැමෝම රජාට හූ කියද්දි රජාට හූ කියපු එකම කෙල්ල සිත්තමී කියල කවුරු හරි කිව්වොත් පිළිගන්න එපා.මම හූ කිව්වෙ නෑ.....

      Delete
    2. හෑ බොලී මට හූ කිව්වද?

      දෙන්නම් වැඩෙ :)

      Delete
  8. "තව හිටියා දගකාර කොලු මල්ලියෙක් හැමෝම කිව්වෙ ස්කුබියා කියලයි මට මතක හැටියට.හරි හොද බුවා.බුවත් එක්ක හිටපු කෙට්ටු අයියද මල්ලිද මන්ද අර දම්පාට ඉරි ටී එකක් ඇදල හිටියෙ.එයාගෙත් බ්ලොග් එකයි නමයි දෙකම අහගත්තත් දැන් මතක නෑ.මට මේ දෙන්නා ගැන දන්නා අයෙක් වේ නම් වහාම විස්තර ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා"

    මම දන්නවා ඒ අහින්ස කොලුවා ගැන ...හරි හොද කොල්ල ....එයාගේ නම ශයංග ,ලියන්නේ ශයංගගේ ප්‍රාන්තය කියල බ්ලොග් එකක්ලු .....එදා හවස කොහොම හරි එයාලට සිත්තමි අක්කයි(අක්ක වෙන්න ඇති,ඒ කොලුවා 89 ලු ) වෙන්නද හැබියි හොර පාරේ වට ගහපුවා මට්ටු උනේ නැලු .... :ප්

    ReplyDelete
    Replies
    1. අනේ අහිංසක කොලුවා........

      හරි හරි කොහොම නමුත් අදුනන්නෙ නැති අපි අදුන ගත්ත එක ලොකු දෙයක්.....

      Delete
  9. සිත්තමි ආවද අපි දැක්කේ නැහැනේ .., දැක්කට අදුනන්නෙත් නැහැනේ ඉතින් , අපිත් එක්ක කතාකලේ නැහැනේ අපි තරහයි ..

    ReplyDelete
    Replies
    1. අනේ මට ඇත්තටම ඔයාව අමතක වුණා........සමාවෙන්න ඕනි සිත්තමීට

      Delete
  10. සුශ් , මේකිට යකෝ උන්නට මලාද කියලවත් අපිව මතක නැහැනේ , අපි තලායි..

    ReplyDelete
    Replies
    1. අනේ ඒ කියන්නෙ මම ඔයාව දන්නවා......නම වෙනස් කලාද?? මාර වැඩේ අනේ නොහික්මුණු හික්මුණ කටින් බනින්නෙ නැතුව කියන්නකෝ මීට කලින් මගේ බ්ලොගිය පැත්තෙ ආව ගියාද ඔයා??

      Delete
  11. අඩේ මං දැක්කේ නෑනේ....
    ඉහි ඉහි...
    දැක්කනං කතා කොරනවා...
    බස් එකේ මයික් කටා දුලානයා විය යුතුයි..

    ReplyDelete
    Replies
    1. විස්වාස කොරන්න 10 පාරක් විතර ලගට යද්දි ඔයා වාශ්ප වෙනවා....ඉතින් මම වැඩේ අතෑරල දැම්මා.

      කවුදෝ මන්ද ඔයා තරියා කිව්වම මම ඇහුවෙ එයාගෙන් අර කෙහෙල් කැනද කියලා හික්ස්......එවලෙ ඒ කියපු කෙනත් හිනා වෙලා කිව්ව ඔව් ඒ කෙහෙල් කැන තමා කියලා

      Delete
  12. Mokak genada me kiyanne? Mama mehema ekakata giye nene. Kawdo awit me ahinsaka mage nama wikunala :( mata mokut mataka netoo.

    ReplyDelete
    Replies
    1. Ou hamoma katha wenawa repa eda tikak oluwa wadila wage hitiya kiyala.mama hithanne madissath kiyala thibuna.

      Repata sinhalath amathaka welo............

      Delete
  13. අඩේ කෙල්ල කොහොම හරි නාහෙන් අඩල ගිහිල්ල... අපිට ඉතිං පින නෑ නෙව... සිරාගේ රතු ටී එක.. හහ්. එකම තමා ඌට ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. මම ඔයාව හැමතැනම හෙව්වා......කවුරුත් දන්නෙ නෑ කිව්වා ඒ නිසා වැඩේ අතෑරලා දැම්මා

      දැන්නෙ දන්නෙ ආවෙ නෑ කියලා.මම හිතුවෙ මට හොයා ගන්න බැරි වුණා කියලාගඅපරාදෙ එන්න තිබුනේ මරු ඈ.........

      Delete
  14. අහ්හ්....නියමයිනේ..... කට්ටිය හොදට විනෝද වෙලා තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. විනෝද එකෙත් උපරිමයි සමනළී

      Delete
    2. විනෝද වෙලා කියන්නෙ උපරිමට සමනළී........

      Delete
  15. ගම්පහ උන්නැහෙලට අපේ ස්තුතීය

    ReplyDelete
    Replies
    1. සංවිධානය කල අයට පිං කියලයි මමනම් කියන්නේ.....

      Delete
  16. දම්පාට ඉරි ඉරි ෂර්ට් එක මම හිතන්නේ ශයංග අයියා ... එදා නම් ෂෝයි දවසක් ඇ..

    ReplyDelete
    Replies
    1. ශම්මියෝ ඔයාද ස්කුබියත් එක්ක හිටියේ.....ස්කුබියට බයිට් වුනේ හැම තිස්සෙම

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මට සිත්තමී සිත්තරී මාරු වෙලා වගේ අක්කෝ... එර්ර්ර්... ඔක්කටම කලින් මම ඔයාව හොයාගන්න ඔනේ.. :(

      Delete
    4. මමත් හිතන්නේ එහෙම තමා සිත්තරීට මාරු වෙලා....හරි කොහොම හරි දැන් අපි යාළු වෙලානේ.....සිත්තමට ආවට පස්සේ යන්න දෙන්නෙ නෑ සිත්තමී......

      මම තමා සුදු ඉරි බ්ලව්ස් එකක් ඇදගෙන ගහ ගාව බෙන්ච් එකේ වෙන්ඩ හබී එක්ක හිටියේ.

      Delete
    5. ආආආආ,,, මතකයි මතකයි.... හලී.. දැන් දන්නවා.. :D අපිත් ආවට පස්සේ නෑවිත් ඉන්නේ නෑ අක්කෝ.. ආයේ දිගටම එනවා... එළවා ගන්නත් බැරිවෙයි දැන්නම්.. ^_^

      Delete
  17. එන්න වෙන්නේ නැති උනාට මේ දේවල්
    දකිද්දී හරි ආසයි අනේ...

    ReplyDelete
    Replies
    1. ආයෙමත් දවසක් එනවා වැඩිකල් නෑ අප්‍රේල් 21 හමුවෙමු මීට වඩා සුන්දර දවසක් වේවි එදාට

      Delete
  18. මඩ කෝටියයි :D
    තව ටිකක් බ්ලොග් අවකාසෙ කරක් ගහල හුරු වෙලා ඊළඟ එකටවත් එනවා :)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මමත් බ්ලොග් අවකාශයට අළුත් ඒත් මමත් සහභාගි වුනේ බයෙන්......නමුත් එහෙම නෑ අපි නිරහංකාරනම් දන්නෙ නැති අයත් අදුර ගන්න පුළුවන්.ඒ වගේ අදුර ගත්ත අය මේ ගේටුටුවේ මටනම් ගොඩක් හිටියා

      Delete
  19. අෆ්ෆෙ මට දිලා තියෙන හැදින්විම. ඇත්තටම සිත්තමි අක්කියෝ ඔයාත් මාර ලස්සනයි. මම ඇවිත් දිනේෂ් අයියාටත් කිවුවා. මම හිතුවේ නෑ ඔයාත් එවි කියලා. ඔන්න අවුරැදු උත්සවෙටත් අනිවා ඔයායි ඔයාගේ අයියායි එන්න. ටිකක් වැඩිපුර කතා කරමු අපි ;)

    ReplyDelete
    Replies
    1. අමතක උනා කියන්න. සයිබරයේ සිහින පෙම්වති කියන නමට මම මාරම ආසයි හොදේ... ෆොටෝ එකත් ලස්සනයි. තැන්කු තැන්කු වේවා :)

      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්මා...........

      Delete
    2. හරි හරි 21ත් අපි හමුවෙමුකෝ........එතකොට ඔය දගමල්ල එක්ක වැඩිපුර කථා කරන්න මට පුළුවන් වේවි.කොහෙද ඉතින් විසේ කොරකොර හිටිය මිසක් කථා කොරාද.මමම බලෙන් කථා කොලා මිසක්

      Delete
  20. ඔයා නේද අර ටු යන්නට ගොඩක් ඈතින් හිටියේ ?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්නම් මම ඔය ටූ කථාව මොකක්ද කියල දන්නෙ නෑ....

      Delete
  21. හයියූ... මක් කරන්න ද ඉතින්. මටත් එන්න උනේ නෑ නෙව. ආයේ එකක් තියෙයි නේ. එතකොටවත් බලනවා. මේ බ්ලොග් එකටත් මං ආවමද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ආවමයිනම් මේ පැත්තට ඔන්න සිත්තමී ඔබව ආදරෙන් පිළිගන්නවා සිත්තමට ආයෙමත් එන්න මේ පැත්තට.......

      ගෙට්ටුවට නාවට අප්‍රේල් 21 හමුවෙමු

      Delete
  22. විස්තරේ නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් 21 හමුවෙමු ඔයත්

      Delete
  23. සිත්තමී පෝස්ටුව නම් සුපිරිම සුපිරිය...අප්‍රේල් 21 මේ වගේම සුපිරි ෆන් එකක් ගැනීමට මග බලා ඉමු..එතකන් කීප් ඉන් ටච් ඈ...!

    ReplyDelete
    Replies
    1. උමා මම බලෙන් අදුර ගත්ත කෙනා....එහෙම නේද?? හරි හරි හමුවෙමුකෝ 21 .....

      Delete
  24. අනේ මට මතක නෑනෙ ඔයාව මතක කරන්නකෝ.. :(

    ReplyDelete
    Replies
    1. අනේ....මම තමයි සුදුපාට ඉරි බ්ලව්ස් එකක් ඇදගෙන වෙන්ඩ හබී ලගටම වෙලා හිටිය කෙනා.....ගහ ලග බෙන්ච් එකේ වාඩි වෙලා හිටියේ......

      Delete
  25. හෑ.............. මෙන්න අපි බයයිලු...
    හෙලා දකිනෝ....................
    ඒක නෙවේ යාලු... අඳුනගන්න ලැබුණට ගොඩා....ක් සතුටුයි.... :)අවුරුද්දටත් ගෙදරට පච ඇදබාලා එන්නකො......

    ReplyDelete
    Replies
    1. හෙලා දැක්කට වැඩක් නැතෝ ඔයා බයයි තමා.....තොප්පි තරගෙට බෑ කියද්දිම ඇදගෙන ආවෙ......

      Delete
  26. ///ඇත්තමයි සිරා කොලුවෝ ඔය කිරිකැට් තරගයක් නැතුව හැමෝටම එකතු වෙලා කොරන්න පොඩි පොඩි ගේම්ස් ටිකක් කොලානම් මීටත් වඩා සාර්ථකයි කියලයි මට හිතු///

    මටත් ඕක මුලදිම හිතුනා කිරිකැට් පිස්සෝ ගොඩක් ඉන්න හන්දා මම ඉතින් කරබාගන උන්නා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අටම් අයියේ......කිරිකැට් නොකර වෙන දේවල් ටිකක් කොලානම් මේ ඇවිත් අපිව අදුරන්නෙ නෑ කියන අයත් අදුරගන්න තිබ්බා අපිට......

      ඇත්තම කියන්නද ඔයා අපේ අහල පහල නිසා මම අටම් අයිය කෝ කියල කීප දෙනෙක්ගෙන් ඇහුවා.අහන හැමෝම ඔයාගෙ චරිතය ඝාතනය කරලමයි කථා කලේ.කොහේ හෝ මුල්ලකට වෙලා .................................(බලධාරියා විසින් කපා හරින ලදී) කොරනව ඇති කිව්ව ඒ නිසා ඔයාව මට ඇදුර ගන්න බැරි වුණා...............

      Delete
    2. ටීක් බෝල ගහනවා වගේ ගේමක් දැම්මනම් මරු

      Delete
    3. අපට මොන ක්‍රිකට් ද අටං අපි ගත්ත මාර ආතල් එකක් නේදෝ...

      Delete
  27. මේ ගෙට්ටුව මිස් උනාට ඊලඟට තියෙන සිහින බක්මහ උලෙළට නම් අනිවාර්යෙන්ම එන්න හිතන් ඉන්නේ.
    කට්ටිය ගිහින් හොඳට විනෝද උනා නම් ඒ ඇති :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී ගියපු ගමන් රෙපාගෙන් ඇහුවේ මධුැංග අයිය නැද්ද කියලා.....ඊට පස්සෙ කීප දෙනෙක්ගෙන්ම ඇහුවා.කවුදෝ කිව්වා එන්න හිටියෙ අසනීප වුණා කියල දැනගත්තා කියල.

      සිත්තමී බලන්නම හිටපු ඔයා ආවෙ නෑ එහෙනම් 21හමුවෙමුකෝ

      Delete
  28. කොහෙ එන්නද ලඟපාතක ඉන්න එකක්යැ කිලෝමීටර් දාස් ගානක් දුරනෙ

    ReplyDelete
  29. ඔයාට වඩා දුර ඉදන් අය ආව ගිමන් අයියේ...........

    ReplyDelete
  30. නෑ නෑ මම ගැන නෙවෙයි වකා නංගි ගැන කිව්වෙ නගා.
    මට නම් දුර ප්‍රශ්නයක් නෙවෙයි රාජකාරී ගැටළුවක් තිබුනේ.

    ReplyDelete
  31. මේ දවස් වල බොහොම ඉරිසියාවෙන් යුතුව ඉන්නෙ :D
    ගෙට්ටුවට එන්න බැරි උනානේ. අවුරුදු උත්සවේටවත් එන්න බලන්න ඕනෙ

    ReplyDelete
  32. හූ හූ අපිනම් හොදට විනොද වුණා.....නියමයි කියන්නේ නියමයි.....අර කුණු සපත්තු දෙක හැංගුවෙ නැත්නම් වැඩක් නෑ.....ගොඩක්ම හිනා වුනේ ඒකට

    ReplyDelete
  33. ගම්පහ ගේට්ටුව සුපිරි

    ReplyDelete
    Replies
    1. සුපිරිදත් අහනවා............

      Delete
  34. මගේ චරිතේ ඝාතනය කරලා නේද?.අහුවෙන්නකෝ ආයේ :).
    උදේ ඉඳන් එකෙක් මගෙන් අහනවා කව්ද බන් අර ලස්සන කෙල්ල කියලා.මම කිව්වා දන්නේ නැහැ බන් කියලා.පස්සේ ඒ ලස්සන කෙල්ල මා ලඟට ඇවිත් කතා කරා.බැලින්නම් යකෝ මේ සිත්තමි අක්කනේ.

    ඔයා නම් හරි හොඳයි අක්කා ළඟටම ඇවිත් කතා කරා.ආයේ අප්‍රේල් වලත් හම්බ වෙමු ඈ.

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකෙන් මම ඔයාට චාටර් දැම්මට ඔයාට ඔට්ටු නෑ කමෙන්ට් වලින් මට චාටර් දාන්න හරිය...... මේ හොලාට වගේ කියන්නකෝ ඇත්තටම කවුද ඇහුවෙ අර ලස්සන කෙල්ල කවුද කියලා......සමහර විට මම නෙවෙයි වෙන කවුරු හරි වෙන්න ඇති....

      ඔයාට වැරදිලා වෙන්න ඇති..........

      මම ගැනනම් ඇහුවෙ ඒ කවුද කියන්නකො අප්පා.....

      Delete
  35. අඩේ මම හිටියට වඩා ලස්සනයි නේ.

    මම ඔයාට කතාකලේ කෑම ගන්න ආපු වෙලේ විතරද මන්දා :(

    ස්තුති හැමෝටම, අපට දුන් සහයෝගයට.

    ReplyDelete
    Replies
    1. ඇයි සපත්තු දෙක මම ඉන්න තැන හංගල කිව්වම ඔයා ඇවිත් ඇහුවේ මගේ බෙන්ච් එක යට බලල කෝ හැංගුවද කියල එවලෙත් මාත් එක්ක කථා කලා.....හික්ස්

      මහන්සි වුණා ඒ රූප ඒ විදියටම ගන්න ස්තුතියි අගය කිරීමට

      Delete
  36. සික්... මම නෑ... :( අවුරුදු උත්සවේදී අල්ලගන්නම්කො....

    ReplyDelete
  37. අපූරු විස්තරේ.. ඒත් එන්න නොලැබිම කණගාටුවක්.. මේවා කියවන කොට එතැන හිටියා නම් කොයිතරම් සුන්දර අත්දැකීමක් වේවිද

    ReplyDelete
    Replies
    1. මම හිතුවා ඔබ අනිවා එයි කියලා.......ඒත් ඇවිත් තිබුනෙ නෑ.........

      Delete
  38. එල එල මටත් මතක නැ නොවැ කෙහොම උනත් නම් රෙජිස්ටර් කරනවා නේද? එලැ පෝස්ටුව

    ReplyDelete
    Replies
    1. හුරේ මේ අර අපේ මයික් කටා නේද??? පිළිගන්නවා සිත්තමට ආදරෙන්

      Delete
    2. හප්පොච්චියේ නංගියේ දාන්න වෙන නමක් තිබුනේම නැද්ද ආ... :) මොක උනත් එලෑ

      Delete
  39. අයියෝ සිතූ අක්කි ඔයාව කළින් දැනගෙන හිටිය නම් මමත් ගෙට්ටුවට එනවමයි...දැන්නම් දුකයි ගෙට්ටුවට යන්න නොලැබීම ගැන..

    ReplyDelete
    Replies
    1. අයියෝ පැංචි එන්න එපැයි.....දැන් ඉදලම අදුර ගන්න එතකොට 21 එන්න පුළුවන්

      Delete
  40. හප්පෝ............ කට්ටියව අජූව කරලනේ............. හිකිස්..........

    ReplyDelete
    Replies
    1. සිත්තමීව කට්ටිය දැන් හරියට අදුර ගන්න පුළුවන් වෙලා වගේ

      Delete
  41. මේ දවස්වල වැඩ වැඩි නිසා මෙ පැත්තෙ එන්න උනේ පරක්කුවෙලා සිත්තමී ලස්සනට ගෙට්ටුව සිත්තම් කරලා තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට......මටත් ඔබව මුහුණෙන් හදුනගන්න ලැබීම සතුටක්

      Delete
  42. මදාරා කිවුවනේ මෙයා ගැන විස්තර ඉක්කොම.. හෆ්ෆේ ෆොටෝ දැක්කේ ඉතින් අදමනේ.. ඒ අර සිහින පෙම්වතී කෑල්ලට මං හරි ආසයි හොදේ..

    පෝස්ට් එක මඟ ඇරුනෝ.. මහී එකේ මේ පින්තූරේ එල්ලන් ඉන්නව දැකලා ආවේ බලන්න..;)

    ReplyDelete
    Replies
    1. අනේ මට ඒ පැත්තෙ යන්න බැරි වුණා...............

      Delete
  43. නියම කුපාඩි විස්තරයක්. සෑම් ගේ තට්ටේ ටිකකක් තියෙනවා නේද?..

    ඔයාවවත් මම දැක්කා.

    ReplyDelete
    Replies
    1. හ්ම් සෑමා ඉතින් දැන් වයසයිනේ....තට්ටෙ පෑදිලා එයා වගේම පින්තූරයක් හොයා ගන්න හරි මහන්සියක් දරන්න වුණා.....‍‍

      ඔව් ඔව් අනේ අර ලස්සන පොඩි කෙල්ල මම තමයි අසරණයා....හික්ස්

      Delete
  44. එදා ළගටම ඇවිත් කතා කළත් ඔබේ අඩවිය මගේ නෙත ගැටුනේ අදයි ඔන්න.. ලස්සනට එදා දවස ගැන ලියලා තියනවා...හමුවෙමු යළිත්..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. අදුන ගන්න ලැබීම නම් ලොකු සතුටක්

      Delete
  45. වෙඩිමක් වේවා මේකේ මගේ නම නැනේ බොල

    ReplyDelete
  46. ඊලඟ වතාවෙ මටත් එන්ට කියාපල්ල... ඕං නොකිව්ව කියන්ටෙපා....

    ReplyDelete