ජනවාරි 27 ගම්පහ ගෙට්ටුව...........
සිත්තමීට නම් ගෙට්ටුවට සහභාගි වීම හීනයක් වගේ තිබුනේ.ගෙදරින් එළියටවත් බහින්න තහනම් නියෝග පනවල තිබියදිත් අප්පච්චිට ගල්පැලෙන බොරුවක් කියල මව් පාර්ශවයට ඇත්තම කියල ගෙදරින් එළියට පැන්නේ ඇත්තටම නොදුටු යාළුවො ගොඩක් බලාගන්න.වෙන්ඩ හබීත් කවදාවත් නොදැකපු කවුද කින්ද මන්ද කියල නොදන්න ඈයො පිරිසකට එකතුවෙන්න යන සිත්තමී කෙල්ලට යන්න එපා නොකිය සිත්තමී එක්ක යන්න ආව ඔහුගේ දහසකුත් වැඩ රාජකාරි පසෙකට තියෙල.ගෙට්ටුවේ අසිරිය කියන්න කලින් ගෙට්ටුවට පය ගහන්න දිරිය දුන්න අයව මතක් නොකරම බැරි නිසා ආදරණීය පියාණන්ගෙන් අවසර ලබාදුන් මගේ ආදරණීය මෑණියන්ටත් වෙන්ඩ හබීටත් හිස නමා ආචාර කරන ගමන් අපි බහිමු ගෙට්ටුව පැත්තට.....
දහසකුත් සිහන මවන් ගිය ගෙට්ටුව දැක්කම සිහින් දාඩියකුත් දැම්මා දෙවියනේ අදුරන්නෙ නෑනේ කවුරුවත් වටපිට බල බල හිමින් සේනදු වුණා.ඇස් යව යව බැලුවෙ මහලොකුවට එන්න එන්න කියල කෑගහපු රෙපාව.මගේ වෙලාවට ෆොටෝ කෑල්ලකින් ඒ මුණත් තහඩුව දැකල තිබුණ නිසා ඇදුරගන්න අපහසු වුනේ නෑ.ළගට යනකම් මෑන්ද මෑන් කියල එයා මාව අදුර ගත්තෙ නෑ.ඒක ඉන්ෂූරන්ස් වලටත් වඩා ෂුවර්.කථාකලාම නම් කිව්වෙ අදුර ගත්ත කියල. හික්ස් එහෙම හිතමු.
ඊටපස්සෙ එයාගෙන් මම අදුරන අයව ඇහුවා එයත් සමහරු දන්නෙ නෑ කියලා දන්න දන්න අය පෙන්නුවා.අර සයිබරයේ සිහින පෙම්වතී
අර කවුද අර අනේ අපේ දිනේෂ් කොල්ලගෙ අර සිහින පෙම්වතී සිහින මදාරා.......
කොණ්ඩෙත් කඩාගෙන විසේ කොරකොර බංකුවකට වෙලා හිටියා.ලගට ගිහින් කථා කොලාම අනේ හරි හුරුබුහුටියට කථාකොලා ආසාවෙ බෑ.සිහින පෙම්වතීම තමයි.දවස තිස්සෙම ෆෝන් එක ඔබ ඔබ හිටිය මිසක් වෙන වැඩක්නම් දැක්කෙ නෑ.සිත්තමී විහිළුත් කලා වැරදියට බෙහෙත් දීල ලෙඩ්ඩු මරයි ඔහොම කරන්න එපා කියලා.මොනව වුනත් හරි හොද කෙල්ල.(කාටද ඉතින් ආඩම්බර දිනේෂ්ටනේ....)
අර කවුද අර අනේ අපේ දිනේෂ් කොල්ලගෙ අර සිහින පෙම්වතී සිහින මදාරා.......
කොණ්ඩෙත් කඩාගෙන විසේ කොරකොර බංකුවකට වෙලා හිටියා.ලගට ගිහින් කථා කොලාම අනේ හරි හුරුබුහුටියට කථාකොලා ආසාවෙ බෑ.සිහින පෙම්වතීම තමයි.දවස තිස්සෙම ෆෝන් එක ඔබ ඔබ හිටිය මිසක් වෙන වැඩක්නම් දැක්කෙ නෑ.සිත්තමී විහිළුත් කලා වැරදියට බෙහෙත් දීල ලෙඩ්ඩු මරයි ඔහොම කරන්න එපා කියලා.මොනව වුනත් හරි හොද කෙල්ල.(කාටද ඉතින් ආඩම්බර දිනේෂ්ටනේ....)
හැමෝටම බය සිත්තරී මං කෙල්ල,
බ්ලොග් අවකාශයේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙත් නෝටි වල් රජා (ලගට ගිහින් අදුර ගත්තෙ නැතත්) දුටුව සැනින් වල් රජා අදුරගත්තැහැකි.පිට්ටනියට බැහැල හිටියෙ සෙල්ලම් කරන්න වුනත් රජාගෙ හිත පිට්ටනිය වටේ බංකුවල හිටිය ලස්සන ලස්සන කෙල්ලො ලග.කවුරුවත් නිකමටවත් බෝලෙට වැරදිලාවත් ගහන්නෙ නැති පැත්තක හෙවනක් හොයන් වල් රජා මනෝ පාරවල් දාගෙන හිටියා.
කතා නොකරම බැරි සැමා......හැමෝටම අමතක නොවන චරිතයක් වුණා ගෙට්ටුවේදී......කුණු ගද ගහන සපත්තු දෙක නැති කරන් ගෙට්ටුවට පැමිණි හැමෝගෙම මුස්පේනුතු මුහුණු වලට පවා සිනාවක් එක්කල සෑම් අයියා.ගදෙන්වත් හොයාගන්නවා සපත්තු දෙක ඒත් කරුමෙට පෙරදා ඒ කුණු සපා දෙක හෝදලාලු.එහෙම කිය කිය ග්‍රවුන්ඩ් එක වටේම ගියා.හොයල දීපියවු නැත්තම් කන්න දෙන්නෙ නෑ.කොයිතරම් ගර්ජනා දැම්මත් සුපිරියටම වැඩේ කල කෙනානම් ඒ පුස්පාට් වලට රැවටුනේ නෑ.
ඔන් නොකියාම බැරි සිත්තමීගේ සොයුරු සිරා කොලුවා.ෆොටෝ කෑලි වලින් අදුරගෙන තිබුන නිසාත් දැකපු හැම ෆොටෝ එකේම රතුපාට ටී එකක් ඇදගෙන හිටපු නිසාත් ඒ ඔහුට තියෙන එකම ටී ෂර්ට් එක බව අදුන ගත්ත සිත්තමී ග්‍රවුන්ඩ් එකෙන් එලියට එනකම්ම හිටියා කථා කරන්න.ඒත් මේන් කොහේදෝ ඉදල මෙයා දුවල ඇවිත් මම සිරා කිව්වෙ නැතැයි.ඔව් ඔව් සිත්තමී ඔයාට තියෙන එකම ටී ෂර්ට් එකෙන් අදුර ගත්තා කියන්න පුළුවන්ද කටක් ඇරලා.හිනාපාරක් දාල මමත් උණුසුම් හමුවීමක් සනිටුහන් කොලා.
ඇත්තමයි සිරා කොලුවෝ ඔය කිරිකැට් තරගයක් නැතුව හැමෝටම එකතු වෙලා කොරන්න පොඩි පොඩි ගේම්ස් ටිකක් කොලානම් මීටත් වඩා සාර්ථකයි කියලයි මට හිතුනේ. එහෙනම් මීට වඩා අදුනන්නෙ නැති බ්ලොග් කරුවන් අදුනගන්න අවස්ථාවක් අපිට ලැබෙන්න තිබුණා.කොහොම වෙතත් ඔබේ උත්සහය අගය කොරනවා.සිරා, සැමා ඇතුළු අර අටම්පහුර අයියණ්ඩියට සංවිධානය කල ගම්පහ ගෙට්ටුව වෙනුවෙන් ස්තූති වන්ත වෙනවා.
නොකියම බැරි අර බස් රේඩියෝවේ නිවේදක කොලුවා......සුපිරියි ඈ........ඔන්න ඒ කවුද කියන්නනම් මම දන්නෙ නෑ.......මයික් වලටම හරියන කටක්. ඔන්න සිත්තමී ඔහු හදුනන්න මයික් කටා කියල සුන්දර සුමිහිරි නමක් දැම්මා කියලා අමතක නොකර දන්න හැමෝම ගිහින් කිව්වොත් හොදයි.සිත්තමීව ඒ මයික් කටා අතහැරියෙම නෑ.සුපිරි කිණ්ඩියකුත් දාගෙන සිත්තමීගේ විස්තර දැනගෙන පුංචි රිලා පැටියෙක් වගේ එහෙට දුව දුව මෙහෙට දුව දුව සුපිරියටම නිවේදන පාරවල් දැම්මා.මාරයි ඈ.නිවේදකයෝ දැකලා නෑ සිත්තමී....එහෙම කියයි බලන ඔයාලා.නෑ නෑ එහෙම නෙමෙයි මයික් කටා පාළුව යන්න කරපු වැඩ ටික දාපු කිණ්ඩි එහෙම පිට්ටනියෙන් එපිට ඈණුම් ඇර ඇර හිටපු අයට නින්ද නොයන්න වැඩ කොලා.....පිදිය යුත්තන් පිදීම වගේම අගය කල යුත්තන් අගය කල යුතුයි.
ඒ වගේමයි කම්මැලි කමේ ඈණුම් ඇරපු කෙල්ලො ටිකට දීපු සංගීත තොප්පි තරගය.සුපිරි නැතත් වෙන දෙයක් නැති කමට හොදා.කාගෙද වැරැද්ද සිරා කොලුවගෙ කිරිකැට් ගහන්න පුළුවන්ද කෙල්ලන්ට කොල්ලො විතරක් කිරිකැට් ගැහුවම හරිද? ආයෙමත් කියන්නෙ පුංචි පුංචි ගේම් ටිකක් තිබුනනම් ගේට්ටුවෙ වටිනාකම කියල වැඩක් නෑ.ආයෙ ගේට්ටුවක් සංවිධානය කොරන්න බලාපොරොත්තු වන්නන්ටත් එක්කයි මේ කියන්නේ.
තව හිටියා දගකාර කොලු මල්ලියෙක් හැමෝම කිව්වෙ ස්කුබියා කියලයි මට මතක හැටියට.හරි හොද බුවා.බුවත් එක්ක හිටපු කෙට්ටු අයියද මල්ලිද මන්ද අර දම්පාට ඉරි ටී එකක් ඇදල හිටියෙ.එයාගෙත් බ්ලොග් එකයි නමයි දෙකම අහගත්තත් දැන් මතක නෑ.මට මේ දෙන්නා ගැන දන්නා අයෙක් වේ නම් වහාම විස්තර ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.
Group Photo එක ගෙට්ටුව අවසාන වන්නටත් කලින් සිරා ගන්න තීරණය කොලේ එකා දෙන්න හිමිහිට මාරුවෙනව බලන් ඉන්න බැරි කමට.ගෙට්ටුවේ මිහිරිම අවස්ථාව ඒක.හැමෝම පෙලට ඉන්න ට්‍රයි කරනවා.එකෙක් මූණ පේන්නෙ නෑ අයින් වෙයන් ඔතනින් කියනවා.තව එකෙක් කෑ ගහන්න එපා බොලව් Audio රෙකොඩ් වෙනව කියල කෑගහනවා.දකුණෙ බිත්තියෙ එල්ලිලා ඉන්න උස කෙනා '' අඩෝ අරන් ඉවරද මේකෙ එල්ලිලා මගෙ අත රිදෙනවා" කියල කෑ ගහනවා.ෆොටෝ ගත්ත කෙනාට දස වද දීල අන්තිමට මෙන්න මේ විදියට ෆොටෝ එක අරන්.
ෆොටෝ එක හොරකම් කල එකක්
ගෙවුන ඒ දිනයනම් සුපිරියි.......ආයෙමත් සංවිධානය කල සැමට හිස නමා ආචාර කරනවා......
ෆොටෝ එක හොරකම් කල එකක්
ගෙවුන ඒ දිනයනම් සුපිරියි.......ආයෙමත් සංවිධානය කල සැමට හිස නමා ආචාර කරනවා......
අනේ..හලීම ස්වීට්!! "චූටි නාඩියා" මල් හතයි ඈ! මං වගේමයි! අනේ..කොහොමද ඈ එක පාරටම එදා මම නාඩියා කියලා හොයා ගත්තේ??
ReplyDeleteග්‍රවුන්ඩ් එකේ ඉද්දිම එක එක්කෙනාගෙන් අහල බොහොම අමාරැවෙන් ඔයාව දන්න කෙනෙක්ගෙන් දැන ගත්තෙ පිට්ටනිය කොනේම ඉද්දි සිත්තමීට නාඩි පෙනුනේ ඩොට් එකක් විදියට ......හික්ස් (පොඩියිනේ)
Deleteආපු ගමන් දුවල ආවෙ ආයෙ කැප් එක ගැලෙව්වොත් අදුර ගන්න බැරිවෙන නිසා.කැප් එක මතක තියාගත්තේ.....
ඇක්චුවලි......රත්ගමයා සහ සෙලීනා වෙන්න ඕන අතන...
ReplyDeleteඅනේ සිත්තමී හොයාගෙන රත්ගමයත් ඇවිල්ලා....ගොඩක්ම අදුරන්නෙ නැති නිසා ඇවිත් කථා කලේ නෑ නමුත් ඔයාව අදුර ගත්තා.....
Deleteකවුල සෙලීනා.......මම හිතන්නෙ අර රජාගෙ පින්තුරෙ දෙන්න ගැන වෙන්න ඕනි කිව්වේ
අඩෝ රත්තා!!! ඒ මගේ පොටෝව ඈ ;)
Deleteආවෙ නැද්ද ඒ පැත්තෙ......
ReplyDeleteඑදානේ දැනගත්තේ ළග පාත ඉන්න කෙනෙක් කියල මේ සිත්තමී.. අදුනගන්න ලැබීම සන්තෝසයක්.. :ඩී ස්කූබියත් එක්ක හිටි අනිත් එකා අශාන්.. අනික් කෑල්ල කියන්න බෑ දිව ටැපලෙනවා.. ;)
ReplyDeletehttp://shayanga.blogspot.com/2013/01/bloggers-g2g-2013.html
ඕන්න ලින්කුව.. මේක බැළුවාම හොර වැඩ කරපු උන්වත් අහුවෙයිද දන්නේ නෑ :පී
අනේ විස්තර වලට පොහොම පින්......මම ඒ දෙන්නව හොය හොය හිටියේ....
Deleteහොර වැඩ ගෙඩිපිටින් මාට්ටුනේ.........
කිරිකොට් ලෑස්ති කොලේ දෙපාර්ශවයටම සහභාගි වෙන්න...ඒ වගේ පිටියක ක්‍රිකට් ගහන්න ඕනෙමයි කියලා පිරිමි පාර්ශවය ගෝරනාඩු කොලා...ගෑණු දරුවන්ට ඔසවා ගන්න පුලුවන් බර නැති බැට් පිත්තක් පවා රැගෙන එන්න සිරා කොලුවා කටයුතු කොලා...අනේ අනිච්චේ එක කෙල්ලෙක්වත් කිරිකොට් ගහන්න කැමති වුනේ නෑ නොවැ හැබෑටම...මම මක්ක කොරන්නද ඉතිං... ඔය කොරපු ක්‍රීඩා ටිකත් බොහෝ අය එක්ක කථා බහ කොරලා බොල සිත්තමියෙ තෝරාගත්තෙ... මගේ තනි කැමැත්තට කොරපුවා නෙමෙයි.
ReplyDeleteබොලා නම් ඇත්තටම ලස්සන කෙලි පොඩ්ඩ...වෙන්ඩ හබියා තමයි ඉතිං ආඩම්බර වෙන්ට ඕනෙ... ගම්පහ ගෙට්ටුවට ආවට රොම්බ තෑන්ක්ස්...
එක දෙයක් කියන්න බැරි උනා...මගේ කැමතිම වර්ණය රතු...ඒ හින්දා වැඩිපුර තියෙන්නෙ රතු පාට ටී ෂර්ට්..නැතුව එකම එක නෙමෙයි...අරිද ?
Deleteපල ..පල..දැන් එහෙමවත් කියපිය..!(ටීෂර්ට් එකගැන)
Deleteකෙල්ලො ගහයිද ක්‍රිකට් අර තොප්පි තරගෙටත් කට්ටියව ඇදගෙන ආවෙ.......ආයෙ නොකරන්නයි කිව්වෙ.....
Deleteලැජ්ජාව වහ ගන්න දැන් ඔය බොරු කතා කියන්න එපා අපි දන්නවා ඒ කමට ටී ෂර්ට් එක දැකපු හැම තැනම තිබුනෙ ඒ ටී ෂර්ට් එක ඇදලා......
තව එකක් ඇත්තටම සිරාට හරියන පාටත් ඒකම තමා........
ඇත්තමයි.... සිරාව දකින හැම තැනම ඇඳගෙන ඉන්නේ ඒ ටීෂර්ට් එක තමයි.. හි හි....
Deleteඉතිං මට තව දෙක තුනක් අරන් දීපල්ලකො....
Deleteකමෙන්ට් එකතුව 100 වෙන්න මෙන්න සිරාගෙන් තල්ලුවක්...
Deleteසිත්තමී එහෙම අමාරුවෙන් හරි සහභාගී වීමේ ආනිසංස දැන් දැනෙනව ඇති. කොයිතරම් සොම්නස් සහගත සිතිවිලිද....නිදාගන්න ගියත්..කෑමකන්න ගියත් මතකයට එන්නෙ නිතැතින්ම. තව කාලයක් අමතක වෙන එකක්නෑ..ඔයාලව නම් ජීවිතකාලයටම අමතක වෙන්නෑ මිහිරි මතකයක් වෙලා තියේවි.
ReplyDeleteමං නැවත ස්තුතිකරනව සිත්තමීගෙ නිරහන්කාර කමට...ඔයාගෙ සිතුම් පැතුම් සියල්ලක්ම සර්වප්රකාරයෙන් ඉටු වේවා..!
ස්තූතියි අයියේ.......මට ලැජ්ජ හිතුණද මන්ද??? ඇත්ත ඒ දවස සුන්දර මතක ගොඩක් එකතු වුණා......
Deleteආයෙමත් කොහේ හෝ අපි හමුවේවි......
හලේ!!!!!! මාවත් ඇදලා :) (මේක බ්ලොගේ දාන්න ඕනේ)
ReplyDeleteමට ඔයා එක්කත් කතා කරන්න බැරි උනානේ අප්පා!
ඒ උනාට මම ඔයා ළගින් ගියානේ එහෙට මෙහෙට?
කොහෙද මෙයා හරි උසයිනේ!!! ඉතින් මට බය හිතුනා කතා කරන්න ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජා එහෙට මෙහෙට ගියේ මගේ උස මනින්නමද කොහෙද? අනේ නෑ මම හැමෝ එක්කම බලෙන් කථා කලේ.මම දන්න අයගෙන් කථා කරන්න බැරි වුනේ ඔයත් එක්කයි තරිය අබේ එක්කයි.කෙහොමින් කොහොම හරි මිස් වුණා.
Deleteආයෙ දවසක කථා කරමු.....
අවසන් මැච් එකට සිරා නිවේදනය කොරද්දි අර කළු කාර් එක ගාවින් එන්න හිතුනෙ නෑ නේද?එවලෙ හැමෝම රජාට හූ කියද්දි රජාට හූ කියපු එකම කෙල්ල සිත්තමී කියල කවුරු හරි කිව්වොත් පිළිගන්න එපා.මම හූ කිව්වෙ නෑ.....
හෑ බොලී මට හූ කිව්වද?
Deleteදෙන්නම් වැඩෙ :)
"තව හිටියා දගකාර කොලු මල්ලියෙක් හැමෝම කිව්වෙ ස්කුබියා කියලයි මට මතක හැටියට.හරි හොද බුවා.බුවත් එක්ක හිටපු කෙට්ටු අයියද මල්ලිද මන්ද අර දම්පාට ඉරි ටී එකක් ඇදල හිටියෙ.එයාගෙත් බ්ලොග් එකයි නමයි දෙකම අහගත්තත් දැන් මතක නෑ.මට මේ දෙන්නා ගැන දන්නා අයෙක් වේ නම් වහාම විස්තර ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා"
ReplyDeleteමම දන්නවා ඒ අහින්ස කොලුවා ගැන ...හරි හොද කොල්ල ....එයාගේ නම ශයංග ,ලියන්නේ ශයංගගේ ප්‍රාන්තය කියල බ්ලොග් එකක්ලු .....එදා හවස කොහොම හරි එයාලට සිත්තමි අක්කයි(අක්ක වෙන්න ඇති,ඒ කොලුවා 89 ලු ) වෙන්නද හැබියි හොර පාරේ වට ගහපුවා මට්ටු උනේ නැලු .... :ප්
අනේ අහිංසක කොලුවා........
Deleteහරි හරි කොහොම නමුත් අදුනන්නෙ නැති අපි අදුන ගත්ත එක ලොකු දෙයක්.....
සිත්තමි ආවද අපි දැක්කේ නැහැනේ .., දැක්කට අදුනන්නෙත් නැහැනේ ඉතින් , අපිත් එක්ක කතාකලේ නැහැනේ අපි තරහයි ..
ReplyDeleteඅනේ මට ඇත්තටම ඔයාව අමතක වුණා........සමාවෙන්න ඕනි සිත්තමීට
Deleteසුශ් , මේකිට යකෝ උන්නට මලාද කියලවත් අපිව මතක නැහැනේ , අපි තලායි..
ReplyDeleteඅනේ ඒ කියන්නෙ මම ඔයාව දන්නවා......නම වෙනස් කලාද?? මාර වැඩේ අනේ නොහික්මුණු හික්මුණ කටින් බනින්නෙ නැතුව කියන්නකෝ මීට කලින් මගේ බ්ලොගිය පැත්තෙ ආව ගියාද ඔයා??
Deleteඅඩේ මං දැක්කේ නෑනේ....
ReplyDeleteඉහි ඉහි...
දැක්කනං කතා කොරනවා...
බස් එකේ මයික් කටා දුලානයා විය යුතුයි..
විස්වාස කොරන්න 10 පාරක් විතර ලගට යද්දි ඔයා වාශ්ප වෙනවා....ඉතින් මම වැඩේ අතෑරල දැම්මා.
Deleteකවුදෝ මන්ද ඔයා තරියා කිව්වම මම ඇහුවෙ එයාගෙන් අර කෙහෙල් කැනද කියලා හික්ස්......එවලෙ ඒ කියපු කෙනත් හිනා වෙලා කිව්ව ඔව් ඒ කෙහෙල් කැන තමා කියලා
Mokak genada me kiyanne? Mama mehema ekakata giye nene. Kawdo awit me ahinsaka mage nama wikunala :( mata mokut mataka netoo.
ReplyDeleteOu hamoma katha wenawa repa eda tikak oluwa wadila wage hitiya kiyala.mama hithanne madissath kiyala thibuna.
DeleteRepata sinhalath amathaka welo............
අඩේ කෙල්ල කොහොම හරි නාහෙන් අඩල ගිහිල්ල... අපිට ඉතිං පින නෑ නෙව... සිරාගේ රතු ටී එක.. හහ්. එකම තමා ඌට ඇත්තෙ
ReplyDeleteමම ඔයාව හැමතැනම හෙව්වා......කවුරුත් දන්නෙ නෑ කිව්වා ඒ නිසා වැඩේ අතෑරලා දැම්මා
Deleteදැන්නෙ දන්නෙ ආවෙ නෑ කියලා.මම හිතුවෙ මට හොයා ගන්න බැරි වුණා කියලාගඅපරාදෙ එන්න තිබුනේ මරු ඈ.........
අහ්හ්....නියමයිනේ..... කට්ටිය හොදට විනෝද වෙලා තියෙන්නේ.....
ReplyDeleteවිනෝද එකෙත් උපරිමයි සමනළී
Deleteවිනෝද වෙලා කියන්නෙ උපරිමට සමනළී........
Deleteගම්පහ උන්නැහෙලට අපේ ස්තුතීය
ReplyDeleteසංවිධානය කල අයට පිං කියලයි මමනම් කියන්නේ.....
Deleteදම්පාට ඉරි ඉරි ෂර්ට් එක මම හිතන්නේ ශයංග අයියා ... එදා නම් ෂෝයි දවසක් ඇ..
ReplyDeleteශම්මියෝ ඔයාද ස්කුබියත් එක්ක හිටියේ.....ස්කුබියට බයිට් වුනේ හැම තිස්සෙම
DeleteThis comment has been removed by the author.
Deleteමට සිත්තමී සිත්තරී මාරු වෙලා වගේ අක්කෝ... එර්ර්ර්... ඔක්කටම කලින් මම ඔයාව හොයාගන්න ඔනේ.. :(
Deleteමමත් හිතන්නේ එහෙම තමා සිත්තරීට මාරු වෙලා....හරි කොහොම හරි දැන් අපි යාළු වෙලානේ.....සිත්තමට ආවට පස්සේ යන්න දෙන්නෙ නෑ සිත්තමී......
Deleteමම තමා සුදු ඉරි බ්ලව්ස් එකක් ඇදගෙන ගහ ගාව බෙන්ච් එකේ වෙන්ඩ හබී එක්ක හිටියේ.
ආආආආ,,, මතකයි මතකයි.... හලී.. දැන් දන්නවා.. :D අපිත් ආවට පස්සේ නෑවිත් ඉන්නේ නෑ අක්කෝ.. ආයේ දිගටම එනවා... එළවා ගන්නත් බැරිවෙයි දැන්නම්.. ^_^
Deleteඑන්න වෙන්නේ නැති උනාට මේ දේවල්
ReplyDeleteදකිද්දී හරි ආසයි අනේ...
ආයෙමත් දවසක් එනවා වැඩිකල් නෑ අප්‍රේල් 21 හමුවෙමු මීට වඩා සුන්දර දවසක් වේවි එදාට
Deleteමඩ කෝටියයි :D
ReplyDeleteතව ටිකක් බ්ලොග් අවකාසෙ කරක් ගහල හුරු වෙලා ඊළඟ එකටවත් එනවා :)
මම හිතන්නෙ මමත් බ්ලොග් අවකාශයට අළුත් ඒත් මමත් සහභාගි වුනේ බයෙන්......නමුත් එහෙම නෑ අපි නිරහංකාරනම් දන්නෙ නැති අයත් අදුර ගන්න පුළුවන්.ඒ වගේ අදුර ගත්ත අය මේ ගේටුටුවේ මටනම් ගොඩක් හිටියා
Deleteඅෆ්ෆෙ මට දිලා තියෙන හැදින්විම. ඇත්තටම සිත්තමි අක්කියෝ ඔයාත් මාර ලස්සනයි. මම ඇවිත් දිනේෂ් අයියාටත් කිවුවා. මම හිතුවේ නෑ ඔයාත් එවි කියලා. ඔන්න අවුරැදු උත්සවෙටත් අනිවා ඔයායි ඔයාගේ අයියායි එන්න. ටිකක් වැඩිපුර කතා කරමු අපි ;)
ReplyDeleteඅමතක උනා කියන්න. සයිබරයේ සිහින පෙම්වති කියන නමට මම මාරම ආසයි හොදේ... ෆොටෝ එකත් ලස්සනයි. තැන්කු තැන්කු වේවා :)
Deleteඋම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්මා...........
හරි හරි 21ත් අපි හමුවෙමුකෝ........එතකොට ඔය දගමල්ල එක්ක වැඩිපුර කථා කරන්න මට පුළුවන් වේවි.කොහෙද ඉතින් විසේ කොරකොර හිටිය මිසක් කථා කොරාද.මමම බලෙන් කථා කොලා මිසක්
Deleteඔයා නේද අර ටු යන්නට ගොඩක් ඈතින් හිටියේ ?
ReplyDeleteඇත්තම කියන්නම් මම ඔය ටූ කථාව මොකක්ද කියල දන්නෙ නෑ....
Deleteහයියූ... මක් කරන්න ද ඉතින්. මටත් එන්න උනේ නෑ නෙව. ආයේ එකක් තියෙයි නේ. එතකොටවත් බලනවා. මේ බ්ලොග් එකටත් මං ආවමද කොහෙද..
ReplyDeleteආවමයිනම් මේ පැත්තට ඔන්න සිත්තමී ඔබව ආදරෙන් පිළිගන්නවා සිත්තමට ආයෙමත් එන්න මේ පැත්තට.......
Deleteගෙට්ටුවට නාවට අප්‍රේල් 21 හමුවෙමු
විස්තරේ නම් අපූරුයි..
ReplyDeleteඅප්‍රේල් 21 හමුවෙමු ඔයත්
Deleteසිත්තමී පෝස්ටුව නම් සුපිරිම සුපිරිය...අප්‍රේල් 21 මේ වගේම සුපිරි ෆන් එකක් ගැනීමට මග බලා ඉමු..එතකන් කීප් ඉන් ටච් ඈ...!
ReplyDeleteඋමා මම බලෙන් අදුර ගත්ත කෙනා....එහෙම නේද?? හරි හරි හමුවෙමුකෝ 21 .....
Deleteඅනේ මට මතක නෑනෙ ඔයාව මතක කරන්නකෝ.. :(
ReplyDeleteඅනේ....මම තමයි සුදුපාට ඉරි බ්ලව්ස් එකක් ඇදගෙන වෙන්ඩ හබී ලගටම වෙලා හිටිය කෙනා.....ගහ ලග බෙන්ච් එකේ වාඩි වෙලා හිටියේ......
Deleteහෑ.............. මෙන්න අපි බයයිලු...
ReplyDeleteහෙලා දකිනෝ....................
ඒක නෙවේ යාලු... අඳුනගන්න ලැබුණට ගොඩා....ක් සතුටුයි.... :)අවුරුද්දටත් ගෙදරට පච ඇදබාලා එන්නකො......
හෙලා දැක්කට වැඩක් නැතෝ ඔයා බයයි තමා.....තොප්පි තරගෙට බෑ කියද්දිම ඇදගෙන ආවෙ......
Delete///ඇත්තමයි සිරා කොලුවෝ ඔය කිරිකැට් තරගයක් නැතුව හැමෝටම එකතු වෙලා කොරන්න පොඩි පොඩි ගේම්ස් ටිකක් කොලානම් මීටත් වඩා සාර්ථකයි කියලයි මට හිතු///
ReplyDeleteමටත් ඕක මුලදිම හිතුනා කිරිකැට් පිස්සෝ ගොඩක් ඉන්න හන්දා මම ඉතින් කරබාගන උන්නා
ඒකනෙ අටම් අයියේ......කිරිකැට් නොකර වෙන දේවල් ටිකක් කොලානම් මේ ඇවිත් අපිව අදුරන්නෙ නෑ කියන අයත් අදුරගන්න තිබ්බා අපිට......
Deleteඇත්තම කියන්නද ඔයා අපේ අහල පහල නිසා මම අටම් අයිය කෝ කියල කීප දෙනෙක්ගෙන් ඇහුවා.අහන හැමෝම ඔයාගෙ චරිතය ඝාතනය කරලමයි කථා කලේ.කොහේ හෝ මුල්ලකට වෙලා .................................(බලධාරියා විසින් කපා හරින ලදී) කොරනව ඇති කිව්ව ඒ නිසා ඔයාව මට ඇදුර ගන්න බැරි වුණා...............
ටීක් බෝල ගහනවා වගේ ගේමක් දැම්මනම් මරු
Deleteඅපට මොන ක්‍රිකට් ද අටං අපි ගත්ත මාර ආතල් එකක් නේදෝ...
Deleteමේ ගෙට්ටුව මිස් උනාට ඊලඟට තියෙන සිහින බක්මහ උලෙළට නම් අනිවාර්යෙන්ම එන්න හිතන් ඉන්නේ.
ReplyDeleteකට්ටිය ගිහින් හොඳට විනෝද උනා නම් ඒ ඇති :)
සිත්තමී ගියපු ගමන් රෙපාගෙන් ඇහුවේ මධුැංග අයිය නැද්ද කියලා.....ඊට පස්සෙ කීප දෙනෙක්ගෙන්ම ඇහුවා.කවුදෝ කිව්වා එන්න හිටියෙ අසනීප වුණා කියල දැනගත්තා කියල.
Deleteසිත්තමී බලන්නම හිටපු ඔයා ආවෙ නෑ එහෙනම් 21හමුවෙමුකෝ
කොහෙ එන්නද ලඟපාතක ඉන්න එකක්යැ කිලෝමීටර් දාස් ගානක් දුරනෙ
ReplyDeleteඔයාට වඩා දුර ඉදන් අය ආව ගිමන් අයියේ...........
ReplyDeleteනෑ නෑ මම ගැන නෙවෙයි වකා නංගි ගැන කිව්වෙ නගා.
ReplyDeleteමට නම් දුර ප්‍රශ්නයක් නෙවෙයි රාජකාරී ගැටළුවක් තිබුනේ.
මේ දවස් වල බොහොම ඉරිසියාවෙන් යුතුව ඉන්නෙ :D
ReplyDeleteගෙට්ටුවට එන්න බැරි උනානේ. අවුරුදු උත්සවේටවත් එන්න බලන්න ඕනෙ
හූ හූ අපිනම් හොදට විනොද වුණා.....නියමයි කියන්නේ නියමයි.....අර කුණු සපත්තු දෙක හැංගුවෙ නැත්නම් වැඩක් නෑ.....ගොඩක්ම හිනා වුනේ ඒකට
ReplyDeleteගම්පහ ගේට්ටුව සුපිරි
ReplyDeleteසුපිරිදත් අහනවා............
Deleteමගේ චරිතේ ඝාතනය කරලා නේද?.අහුවෙන්නකෝ ආයේ :).
ReplyDeleteඋදේ ඉඳන් එකෙක් මගෙන් අහනවා කව්ද බන් අර ලස්සන කෙල්ල කියලා.මම කිව්වා දන්නේ නැහැ බන් කියලා.පස්සේ ඒ ලස්සන කෙල්ල මා ලඟට ඇවිත් කතා කරා.බැලින්නම් යකෝ මේ සිත්තමි අක්කනේ.
ඔයා නම් හරි හොඳයි අක්කා ළඟටම ඇවිත් කතා කරා.ආයේ අප්‍රේල් වලත් හම්බ වෙමු ඈ.
පොස්ට් එකෙන් මම ඔයාට චාටර් දැම්මට ඔයාට ඔට්ටු නෑ කමෙන්ට් වලින් මට චාටර් දාන්න හරිය...... මේ හොලාට වගේ කියන්නකෝ ඇත්තටම කවුද ඇහුවෙ අර ලස්සන කෙල්ල කවුද කියලා......සමහර විට මම නෙවෙයි වෙන කවුරු හරි වෙන්න ඇති....
Deleteඔයාට වැරදිලා වෙන්න ඇති..........
මම ගැනනම් ඇහුවෙ ඒ කවුද කියන්නකො අප්පා.....
ගවේෂක
Deleteඅඩේ මම හිටියට වඩා ලස්සනයි නේ.
ReplyDeleteමම ඔයාට කතාකලේ කෑම ගන්න ආපු වෙලේ විතරද මන්දා :(
ස්තුති හැමෝටම, අපට දුන් සහයෝගයට.
ඇයි සපත්තු දෙක මම ඉන්න තැන හංගල කිව්වම ඔයා ඇවිත් ඇහුවේ මගේ බෙන්ච් එක යට බලල කෝ හැංගුවද කියල එවලෙත් මාත් එක්ක කථා කලා.....හික්ස්
Deleteමහන්සි වුණා ඒ රූප ඒ විදියටම ගන්න ස්තුතියි අගය කිරීමට
සික්... මම නෑ... :( අවුරුදු උත්සවේදී අල්ලගන්නම්කො....
ReplyDeleteහමුවෙමු 21 අනිවා
Deleteඅපූරු විස්තරේ.. ඒත් එන්න නොලැබිම කණගාටුවක්.. මේවා කියවන කොට එතැන හිටියා නම් කොයිතරම් සුන්දර අත්දැකීමක් වේවිද
ReplyDeleteමම හිතුවා ඔබ අනිවා එයි කියලා.......ඒත් ඇවිත් තිබුනෙ නෑ.........
Deleteඑල එල මටත් මතක නැ නොවැ කෙහොම උනත් නම් රෙජිස්ටර් කරනවා නේද? එලැ පෝස්ටුව
ReplyDeleteහුරේ මේ අර අපේ මයික් කටා නේද??? පිළිගන්නවා සිත්තමට ආදරෙන්
Deleteහප්පොච්චියේ නංගියේ දාන්න වෙන නමක් තිබුනේම නැද්ද ආ... :) මොක උනත් එලෑ
Deleteඅයියෝ සිතූ අක්කි ඔයාව කළින් දැනගෙන හිටිය නම් මමත් ගෙට්ටුවට එනවමයි...දැන්නම් දුකයි ගෙට්ටුවට යන්න නොලැබීම ගැන..
ReplyDeleteඅයියෝ පැංචි එන්න එපැයි.....දැන් ඉදලම අදුර ගන්න එතකොට 21 එන්න පුළුවන්
Deleteහප්පෝ............ කට්ටියව අජූව කරලනේ............. හිකිස්..........
ReplyDeleteසිත්තමීව කට්ටිය දැන් හරියට අදුර ගන්න පුළුවන් වෙලා වගේ
Deleteමේ දවස්වල වැඩ වැඩි නිසා මෙ පැත්තෙ එන්න උනේ පරක්කුවෙලා සිත්තමී ලස්සනට ගෙට්ටුව සිත්තම් කරලා තියනවා
ReplyDeleteස්තූතියි ඔබට......මටත් ඔබව මුහුණෙන් හදුනගන්න ලැබීම සතුටක්
Deleteමදාරා කිවුවනේ මෙයා ගැන විස්තර ඉක්කොම.. හෆ්ෆේ ෆොටෝ දැක්කේ ඉතින් අදමනේ.. ඒ අර සිහින පෙම්වතී කෑල්ලට මං හරි ආසයි හොදේ..
ReplyDeleteපෝස්ට් එක මඟ ඇරුනෝ.. මහී එකේ මේ පින්තූරේ එල්ලන් ඉන්නව දැකලා ආවේ බලන්න..;)
අනේ මට ඒ පැත්තෙ යන්න බැරි වුණා...............
Deleteනියම කුපාඩි විස්තරයක්. සෑම් ගේ තට්ටේ ටිකකක් තියෙනවා නේද?..
ReplyDeleteඔයාවවත් මම දැක්කා.
හ්ම් සෑමා ඉතින් දැන් වයසයිනේ....තට්ටෙ පෑදිලා එයා වගේම පින්තූරයක් හොයා ගන්න හරි මහන්සියක් දරන්න වුණා.....
Deleteඔව් ඔව් අනේ අර ලස්සන පොඩි කෙල්ල මම තමයි අසරණයා....හික්ස්
එදා ළගටම ඇවිත් කතා කළත් ඔබේ අඩවිය මගේ නෙත ගැටුනේ අදයි ඔන්න.. ලස්සනට එදා දවස ගැන ලියලා තියනවා...හමුවෙමු යළිත්..
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
අදුන ගන්න ලැබීම නම් ලොකු සතුටක්
Deleteවෙඩිමක් වේවා මේකේ මගේ නම නැනේ බොල
ReplyDeleteඊලඟ වතාවෙ මටත් එන්ට කියාපල්ල... ඕං නොකිව්ව කියන්ටෙපා....
ReplyDelete