යාළු හැමෝටම මතක ඇති සිත්තමීගේ අත්තම්මා නැතිවුණා.දැන් මාස 4කුත් වුණා.ඒ
අඩුව සිත්තමීටනම් හරියට දැනෙනවා.මොකද අත්තම්මා වැඩිපුර ගතකලේ සිත්තමී එක්ක
නිසා.නාවල කවල පොවල පොඩි දරුවෙක් වගේ බලාගත්තේ. ඇය ටිකක් හිතුවක්කාර
නිසාමයි.වයසට ගියාම හැමෝම පොඩි ළමයි වගේලුනේ.ඒකනම් ඇත්ත කරන්න එපා කියන
දේවල්මයි කරන්නේ.අද මාතෘකාව ඒක නෙමෙයි.අම්ම කෙනෙක් ගැන.හරි හරි ඉතින් නිධාන
කථාවත් කියන්න එපැයි.සිත්තමීගේ අත්තම්මාගේ රෙදිටික දෙන්න කෙනෙක් හොද හොය
ඉද්දි සිත්තමීගේ අම්මට හම්බවෙලා වයසක අත්තම්මා කෙනෙක්.දරුවො 5දෙනෙක් දුක්
විදල හදල දැන් පාරක් පාරක් ගානෙ හිඟාකනවා.එහෙම කථා ඔයාල ඕනි තරම් අහල ඇති
දැකල ඇති.නමුත් ඒ අම්මගේ එකම දරුවෙක්වත් පුංචි තැනක නෑ.ඔක්කොමලා ලොකු ලොකු
තැන්වල. ඒ තැන් වලට යවන්න අම්ම විඳපු දුක. සිත්තමීට හිතුණා අම්මෙක් දරුවෙක්
වෙනුවෙන් දුක් විදින හැටි මතක් කරල දෙන්න.
හිතන්න ඔයා කොහේදෝ ඉදල අම්ම කෙල්ලගෙ බන්ඩියට ආව කියල.හිතනවද එයාට ඒක ලේසි පහසු දෙයක් කියල.ඔයා පුංචිම පුංචි ලේ බින්ඳුවක් වුණාට අම්මට ඒක දරාගන්න හරිම අපහසුයි.මාස 3ක් යනකම් එයාට කැරකිල්ල හැදෙනවා ඇගට පණ නෑ.වමනෙ යනවා.කන්න බෑ.කන්න හිතෙන්නෙ නෑ.නිදාගත්තට නින්ද යන්නෙ නෑ.පුදුම දුකක් විඳින්නේ.කොයිතරම් ඇඟට අමාරු වුනත් පැනඩෝල් පෙත්තක්වත් බොන්න බෑ.ඇයි ඔයා කුසේ ඉන්න බව අම්ම දන්නවා.ඒක ඔයාට හොඳ නැති වුනොත් කියල අම්ම බයයි.කන්න ආස කෑමක් කන්න හිතෙන්නෙ නෑ.ඔයාට සැර වුනොත් කියල අම්ම බයයි.මාස තුනක් යනකම් අම්මෙක් කොච්චර පරිස්සම් වෙන්න ඕනිද? ගැස්සෙන වාහනයක යන්න බෑ.දුර ගමන් යන්න බෑ.හිතනවද මේ වගේ කැප කිරීමක් කරන්න පිරිමි කෙනෙකුට පුළුවන් කියලා.කවදාවත් බෑ.
හිතන්න ඔයා කොහේදෝ ඉදල අම්ම කෙල්ලගෙ බන්ඩියට ආව කියල.හිතනවද එයාට ඒක ලේසි පහසු දෙයක් කියල.ඔයා පුංචිම පුංචි ලේ බින්ඳුවක් වුණාට අම්මට ඒක දරාගන්න හරිම අපහසුයි.මාස 3ක් යනකම් එයාට කැරකිල්ල හැදෙනවා ඇගට පණ නෑ.වමනෙ යනවා.කන්න බෑ.කන්න හිතෙන්නෙ නෑ.නිදාගත්තට නින්ද යන්නෙ නෑ.පුදුම දුකක් විඳින්නේ.කොයිතරම් ඇඟට අමාරු වුනත් පැනඩෝල් පෙත්තක්වත් බොන්න බෑ.ඇයි ඔයා කුසේ ඉන්න බව අම්ම දන්නවා.ඒක ඔයාට හොඳ නැති වුනොත් කියල අම්ම බයයි.කන්න ආස කෑමක් කන්න හිතෙන්නෙ නෑ.ඔයාට සැර වුනොත් කියල අම්ම බයයි.මාස තුනක් යනකම් අම්මෙක් කොච්චර පරිස්සම් වෙන්න ඕනිද? ගැස්සෙන වාහනයක යන්න බෑ.දුර ගමන් යන්න බෑ.හිතනවද මේ වගේ කැප කිරීමක් කරන්න පිරිමි කෙනෙකුට පුළුවන් කියලා.කවදාවත් බෑ.
හිතන්න ඔයා දැන් ටික ටික ලොකුවෙනවා.අම්මගෙ බඩ ඇතුලෙ ඔයාට ඉඩහදාගන්න ඔයා වෙහෙසෙනවා.දඟලනවා.අම්මට ඒක කොච්චර දැනෙනවා ඇත්ද?කොච්චර රිදෙනවා ඇත්ද?අපි මොනව හරි දෙයක් කාල බඩේ අමාරුවකට බඩ පෙරලනව දැනුනොත් අම්මෝ දැනෙන අපහසුව.ඉතින් හිතන්න අම්ම කොච්චර දුක් විඳින්න ඇත්ද? ඔයා නිසා.ඔයා කියවගෙන යන්නෙ අකුරු ටිකක් වුණාට මම ලියාගෙන යන්නෙ කෙනෙක්ගෙ වේදනාවක්.ලියාගෙන යද්දි මටත් දුක හිතෙනවා.අම්මගෙ බඩ ටික ටික ලොකු වෙනවා.ඔයා දැන් කිලෝ 1 හෝ ඊට වැඩි ළමයෙක්.අම්ම මේ කිලෝ 1ට වැඩි ඔයාව උස්සන් ඉන්නේ පැයක්ද දෙකක්ද? හිතන්න ඔයාට අතකට කිලෝ එකක් බර යමක් දුන්නොත් පැයක්වත් තියාගන්නෙ නෑ.අනිත් අතට මාරු කරනවා.අම්මෙකුට පුළුවන්ද එහෙම කරන්න.බෑ කියල බිමින් තියන්න.මම මේ කථා කරන්නේ දරු පැටියව බඩේදි නැතිකරන අම්මල ගැන නෙමෙයි.ඔයාව මේ ලෝකෙට බිහිකරපු අම්ම ගැන.
ලොකුම ලොකු බණ්ඩිය තියාගෙන නිදාගන්නවත් බෑ.මාස නවයහමාරක් උඩ අතට හෝ පැත්තට පමණයි ඇයට නිඳාගන්න පුළුවන්. උස්ම ගැනීමේ අපහසුතා.සෙම් රෝග සෑදීම,අධි රුධිරපීඩනය, දියවැඩියාව අවධානමකුත් ගැබිනි සමයේදී බොහෝ ලෙස වැලදීමට ඉඩ තියෙනවා.හිතන්න කොච්චර අම්ම ඔයා වෙනුවෙන් දුක් විඳින්න ඇතිද?ලොකුම ලොකු බණ්ඩියත් උස්සගෙන ඇවිදගන්නත් අමාරු ඇය කොච්චර වැඩ කරනවද? ලොකු බණ්ඩිය කොහේ හරි වදියි කියල බයට පරිස්සම් කරන හැටි.පරිස්සම් කරන්න දරන වෙහෙස.හිතුවද කවදාවත් අම්ම එහෙම කරන්න ඇතියි කියල.
ඔයාව ලැබෙන්න දින ගණන් ලංවෙද්දි කෑම කන්න ආයෙත් අපහසුයි.කෑම ගත්තට පස්සේ ඉන්න අපහසුවක් දැනෙනවා.ඔයා ඇතුලෙ ඉදන් දඟ කරද්දි අම්ම කොච්චර ඉවනවද? මාස නවයක් නවයහමාරක්ම දුක් විඳලා ඔයාව මේ ලෝකෙට බිහිකරන්න එයා සැරසෙනවා.විටෙක දින දෙක තුනක් ඔයා අම්මට වඳ දෙනව වෙන්න පුළුවන්.ඔබ උපදින්න ලංවෙත්ම එයා නිරාහාර විය යුතුයි.නිරාහාර මනුෂ්‍යය දෙව්දුවක් ප්‍රසූතාගාරයට යන්නෙ විටෙක මරණයට අතවනවන වෙන්න පුළුවන්.මරණයත් ජීවිතයත් එක්ක සටනක් දෙන්නෙ දරු පැටියට කරදරයක් නැතිව එළියට එන්න.නිරාහාර අම්ම ලෝකෙම තියෙන ලොකුම වේදනාව විඳිනවා දරුපැටිය වෙනුවෙන්.ලැබූ ශාරීරික වෙහෙස, ශාරීරික වේදනාව සියල්ලම අහවර වෙනවා ආදරණීය ඔබේ පුංචි මුහුණ දුටුවම.
දෙවියනි මෙච්චර දුක් වින්ඳ අම්ම වෙනුවෙන් මේ දරුවන් ලොකු වුණාම කරන කෙනෙහෙලිකම්.ජීවිතේ දුන්න ඇය වෙනුවෙන් අපි කොච්චර දේවල් කල යුතුද?ඇගෙන් ජීවිතෙන් ලබපු අපි ඇය වෙනුවෙන් ජීවිතයක් දෙන්න බැදී සිටිනවා.ඒ බව අපි හැමෝම දැනගතයුතුයි.අමතක නොකල යුතුයි.
දෙවියනි මෙච්චර දුක් වින්ඳ අම්ම වෙනුවෙන් මේ දරුවන් ලොකු වුණාම කරන කෙනෙහෙලිකම්.ජීවිතේ දුන්න ඇය වෙනුවෙන් අපි කොච්චර දේවල් කල යුතුද?ඇගෙන් ජීවිතෙන් ලබපු අපි ඇය වෙනුවෙන් ජීවිතයක් දෙන්න බැදී සිටිනවා.ඒ බව අපි හැමෝම දැනගතයුතුයි.අමතක නොකල යුතුයි.
මව්වරුන්ට පුදසත්කාර කිරීම බුදුන් වහන්සේ දක්වලා තියෙන්නෙ තමන් වහන්සේට පුද සත්කාර කරනවාටත් වඩා උතුම් බව, ඒ අර්ථයෙන්ම වැටහෙනවා එහි වැදගත්කම... මේ ලොවේ ජීවය මවගේ කිරි සහ හිරු එළිය කියලයි පුරාණ දාර්ශනිකයො කිව්වෙ... පුංචි කාලෙ ඉදන් අතපය නොකඩා,නොකා නොබී නොයෙක් කැප කිරීම් කරලා උස් මහත් කරන දරුවා සැදෑසමයට ලංවන තම දෙමාපියන්ට නොසලකා හරිනවානම් උන්ට යන්න අපායක් නෑ කියලයි මගේ අදහස...
ReplyDeleteසිත්තමී 27 එනවා නේද ?
හදවතන්ම ආපු වචන ටිකට මම ගරු කරනවා සිරා කොලුවෝ....
Delete27 සිත්තමී ඔයාගෙ වැඩේ ඉවර වෙන්න පැයකට කලින් හෝ දුවල යන්න එනවාමයි
දරුවෙක් වෙනුවෙන් අම්ම කෙනෙක් විදින දුක් කියල නිම කරන්න බැහැ. ඒත් කවුරුවත් ඒ ගැන මොහොතක්වත් හිතනවද?
ReplyDeleteසිත්තමී නංගිගෙ වචන වලින් ඒ දුක මතක් කරවනවා. මේක කියවන හමෝටම තමන්ගේ අම්ම තමන් වෙනුවෙන් කොයි තරම් දුකක් වින්දද, දැනටමත් කොයිතරම් දුකක් විදිනවද කියල හිතේවි දැනේවි.
ඒ නිසා මේ ලිපිය ලියල ඔයා කරල තියෙන්නෙ ලොකු පිනක්!
ස්තූතියි ගිමන් අයියේ....
Deleteසිත්තමි ලියල තියෙන ඒවා දැක්කම ඇහැට කදුළුත් ඈවා...අම්ම කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපකිරීම වචන වලින් විස්තර කරන්න බැරි තරම්.... ඔයා කියල තියෙන විදියට අපි උපදිනකන් අම්ම කෙනෙක් කොච්චර දුක් විදිනවද...... ඇයි ඊට පස්සේ..... ලොකු මහත් කරලා සමාජයට හොද පුරවැසියෙක් කරන්න දගලන දැගලිල්ල... එතනින් නවතින්නෙත් නෑ.... අම්ම කෙනෙක්ගේ ජීවිතය අවසන් වෙනකන්ම වගේ එයා තමන්ගේ දරුවෝ ගැන තමා හිතන්නේ....
ReplyDeleteඔයා හොද ලිපියක් ලියල තියෙන්නේ!
මටත් ඕනි වුනේ අම්ම ගැන අමතක වුන අයට මතක් කරල දෙන්න අමතක නැති අයට මතකයේම තියන්න සමනළී
Deleteමේක කියවගන්න මට මෙච්චර අමාරු නම් සිත්තමී මේක ලියන්න මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියලා හිතාගත්තෑකි.... මම නම් දවස් 4ක් වද දුන්නලු අම්මට.. බැරි තැන කපලා ගත්තලු... එදා ඉඳන් බැනුම් අහපුවා, රණ්ඩු වෙච්චා, ගුටි කාපුවා, තරහා වෙලා හිටපුවා, මේක දැක්කම මතක් උනා... ඉස්සර නම් හෙන තරහයි ඕවට.. ඒත් දැන් නං ඒ බැනුම් නැතුවත් පාළුයි වගේ... එයාටත් එහෙම තමයි... හි හි..
ReplyDeleteමමත් අම්මගෙන් බුනුම් අහනවා ගුටි කනවා එයා එක්ක තරහ වෙනවා...නමුත් හැම දේම අඩුම පැයක්වත් විතරයි..මගේ ජීවිතේ හොදම යාළුවා මගේ අම්මා.අපි යාළුවො වගේ.
Deleteඅම්මෙකුට කොහේ හෝ අසාධාරණයක්නම් මේ සිත්තමීගේ පපුව පැලෙන්න දුක හිතෙනවා....ඒ මගේ හැටි
අම්මා විදින දුක ඉවසිය හැකි. ඒත් අම්මා විදපු දුක් අමතක කරල අම්මට දුක් දෙන නරුම දරුවන් නිසා කොයි තරං දුක් විදින අම්මල ඉන්නවද? ඒක තේරුම් ගන්න උන්ටත් ලමයි ලැබෙන්න ඕන වෙනවමයි. එතකං ඒ දුක තේරෙන්නේ නෑ. හොද ලිපියක් සිත්තමී
ReplyDeleteඋන්ටත් ලමයි ලැබෙන්න ඕන වෙනවමයි.
Deleteමමත් මේ කථාවට එකගයි.නමුත් පිරිමි අයට මේ කථාව කොයි තරම් දුරට සාර්ථකද කියල මම දන්නෙ නෑ දේශකයා.
මම නම් පොඩිම දවස්වල අම්මෑ බඩේදි පෙකනිවැල බෙල්ලේ ඔතාගෙන ඇවිල්ලා අපේ අම්මට සෑහෙන වදයක් දුන්නලු. ඒත් අම්මා කොහොමහරි ඉවසගෙන ඉදලා තියෙනවා. ඒ අතින් බලාගෙන ගියහම ගැහැනු අයට හොඳ දරාගැනිමේ ශක්තියක් තියෙනවා.
ReplyDeleteඅර කිව්වත් වගේ අම්මලාට සලකන්නේ නැති මහළු මඩම්වලට දාන අයට යන්න වෙනම අපායක් හදන්ඩ ඕනා.
මේ ලිපිය කියෙව්වම තමා මතක් උනේ සමහර අම්මලාට කුළුඳුලේ දරුවා ලැබුනට පස්සේ පිස්සුත් හැදෙනවා. ඒකට කියන්නේ වැඳුම්ගෙයි සන්නිය කියලා.
මං ඒ ගැන ලිපියකුත් ලීවා. මෙන්න පාර ගිහින් බලන්න
ඔයත් හරි වද දීල තියෙන්නේ....ඔයා විතරක් නෙමෙයි අපි හැමෝම .....
Deleteවැඳුම්ගෙයි සන්නිය ගැන අහල තිබුණා.....ලිපිය බලන්නම්
Kiyanna godak deval tiyenawa. Eth ada dawasa tikak hegimbara wediy mekata coment karanna. Tikak niwunama dannam. :D
ReplyDeleteඒකට කමක් නෑ හිත නිදහස් වුණාම කියන්නකෝ
Deleteඇත්තමයි ...ඔයාවගෙ යොවුන් තරුනියක් මෙහෙම ලීවාම මට පුදුමයි..!
ReplyDeleteමාත් දුවල දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක්.(තාම පුන්චියි) ඒ නිසා මම අත්දැකල තියෙනව, ඔය සියලු මිහිරි වේදනා මගේ හාමිනේ අත්විඳිනව.
ඇයි තාත්තල ගැනත් ලියන්න...මටත් හිතිල තියෙන්නෙ ලියන්න වෙලාවක.
ඇයි උඩින්ම දාල තියෙන්නෙ 27 එන්නෑ කියල...වරෙන් කෙල්ලෙ බලාගන්නත් එක්ක.
වී අයිය තාත්තෙක් කියල දැනගෙන හිටියෙ නෑ....සිත්තමී හරි සංවේදී චරිතයක්.මේ ලිපිය ලියන්න වුන නිධාන කථාව මම කීවනේ....
Deleteතාත්ත ගැනත් ලියනවා....ඉක්මණින්.
27 එන්න බලන්නම්.ඔය තාත්තල අයියල අංකල්ලා නංගිලා අක්කිලා බලන්න සිත්තමීත් ආසාවෙන් ඉන්නේ...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
ReplyDeleteඅම්මා.. අකුරු තුනක ගැබ් උන අසීමිත ආදරය..
නෑ යසිත් ඊට එහා ගිය දෙයක් තියෙනවා....
Deleteඅම්මා ??????????????හ්ම්ම් ..ඇත්ත !
ReplyDelete:(
මීට වඩා වචනයක් රෙහානිගෙන් බලාපොරොත්තු වුණා.
Deleteඔයාට පුදුම හිතෙයි ..මේ මං කතාකරන්න අකමැතිම මාතෘකාවක් ..සමාවෙන්න සිත්තමි ,මම මගේ හිතම රිද්දගන්න අකැමතියි ..ඔයා කියලා තියන කාරණා ඇත්ත ..ඒ නිසයි ඇත්ත කීවේ !නමුත් මට ......???????????මේ ගැන කතාකරන්න බෑ
Delete:'(
හිතන්න දෙයක් ඉතුරු කරපු හරිම හැඟීම්බර අකුරු ටිකක්!
ReplyDeleteඑහෙනම් හිතන්න නාඩි....මටත් ඕනි වුණේ හිතන්න ඉතුරු කරන්න තමයි...
Deleteහ්ම්ම්ම්ම්ම්.....දැනෙන්න ලියපු එකක්..
ReplyDeleteස්තූතියි තරැවා කාලෙකින් නේද මේ පැත්තේ.....
Deleteමිනිසුන් උගතුන් වෙද්දී මනුස්ස කම පහලට යනවලු නේ.ඒ නිසා වෙන්න ඕනේ අම්මල සලකන්නේ නැති සමාජයේ ලොකු තැන්වල ඉන්න දරුවෝ ඉන්නේ.
ReplyDeleteසමහර විට එහෙමත් වෙන්න ඇති...
Deleteමටනම් කියන්න තියෙන්නේ අම්ම කෙනෙකුගේ ආදරයට සමකරන්න පුළුවන් කිසිවක් මේ ලෝකේ නැහැ කියලයි
ReplyDeleteකෝරලේ වලව්ව
ඔව් කෝරලේ මහත්තයා.....ඔයාගෙ කථාව හරි
Deleteඅම්මාගේ සෙනෙහස ආදරය කියා නිමකල නොහැකියි. ඒක වචනයට පෙරලිය නොහැකියි. මහා සාගරයක් වගේ.
ReplyDeleteඔව් ඒ සාගරය වැනි ආදරේ තේරුම් ගන්නෙ නැති අය කොච්චර ඉන්නවද
Deleteහ්ම්ම්ම්ම්ම්ම්......
ReplyDelete