Friday, January 11, 2013

අම්මලා වෙනුවෙන්.......

යාළු හැමෝටම මතක ඇති සිත්තමීගේ අත්තම්මා නැතිවුණා.දැන් මාස 4කුත් වුණා.ඒ අඩුව සිත්තමීටනම් හරියට දැනෙනවා.මොකද අත්තම්මා වැඩිපුර ගතකලේ සිත්තමී එක්ක නිසා.නාවල කවල පොවල පොඩි දරුවෙක් වබලාගත්තේ. ඇය ටිකක් හිතුවක්කාර නිසාමයි.වයසට ගියාම හැමෝම පොඩි ළමයි වගේලුනේ.ඒකනම් ඇත්ත කරන්න එපා කියන දේවල්මයි කරන්නේ.අද මාතෘකාව ඒක නෙමෙයි.අම්ම කෙනෙක් ගැන.හරි හරි ඉතින් නිධාන කථාවත් කියන්න එපැයි.සිත්තමීගේ අත්තම්මාගේ රෙදිටික දෙන්න කෙනෙක් හොද හොය ඉද්දි සිත්තමීගේ අම්මට හම්බවෙලා වයසක අත්තම්මා කෙනෙක්.දරුවො 5දෙනෙක් දුක් විදල හදල දැන් පාරක් පාරක් ගානෙ හිඟකනවා.එහෙම කථා ඔයාල ඕනි තරම් අහල ඇති දැකල ඇති.නමුත් ඒ අම්මගේ එකම දරුවෙක්වත් පුංචි තැනක නෑ.ඔක්කොමලා ලොකු ලොකු තැන්වල. ඒ තැන් වලට යවන්න අම්ම විඳපු දුක. සිත්තමීට හිතුණා අම්මෙක් දරුවෙක් වෙනුවෙන් දුක් විදින හැටි මතක් කරල දෙන්න.

හිතන්න ඔයා කොහේදෝ ඉදල අම්ම කෙල්ලගෙ බන්ඩියට ආව කියල.හිතනවද එයාට ඒක ලේසි පහසු දෙයක් කියල.ඔයා පුංචිම පුංචි ලේ බින්ඳුවක් වුණාට අම්මට ඒක දරාගන්න හරිම අපහසුයි.මාස 3ක් යනකම් එයාට කැරකිල්ල හැදෙනවා ඇගට පණ නෑ.වමනෙ යනවා.කන්න බෑ.කන්න හිතෙන්නෙ නෑ.නිදාගත්තට නින්ද යන්නෙ නෑ.පුදුම දුකක් විඳන්නේ.කොයිතරම් ඇඟට අමාරු වුනත් පැනඩෝල් පෙත්තක්වත් බොන්න බෑ.ඇයි ඔයා කුසේ ඉන්න බව අම්ම දන්නවා.ඒක ඔයාට හො නැති වුනොත් කියල අම්ම බයයි.කන්න ආස කෑමක් කන්න හිතෙන්නෙ නෑ.ඔයාට සැර වුනොත් කියල අම්ම බයයි.මාස තුනක් යනකම් අම්මෙක් කොච්චර පරිස්සම් වෙන්න ඕනිද?  ගැස්සෙන වහනයක යන්න බෑ.දුර ගමන් යන්න බෑ.හිතනවද මේ වගේ කැප කිරීමක් කරන්න පිරිමි කෙනෙකුට පුළුවන් කියලා.කවදාවත් බෑ.

හිතන්න ඔයා දැන් ටික ටික ලොකුවෙනවා.අම්මගෙ බඩ ඇතුලෙ ඔයාට ඉඩහදාගන්න ඔයා වෙහෙසෙනවා.දඟලනවා.අම්මට ඒක කොච්චර දැනෙනවා ඇත්ද?කොච්චර රිදෙනවා ඇත්ද?අපි මොනව හරි දෙයක් කාල බඩේ අමාරුවකට බඩ පෙරලනව දැනුනොත් අම්මෝ දැනෙන අපහසුව.ඉතින් හිතන්න අම්ම කොච්චර දුක් විඳින්න ඇත්ද? ඔයා නිසා.ඔයා කියවගෙන යන්නෙ අකුරු ටිකක් වුණාට මම ලියාගෙන යන්නෙ කෙනෙක්ගෙ වේදනාවක්.ලියාගෙන යද්දි මටත් දුක හිතෙනවා.අම්මගෙ බඩ ටික ටික ලොකු වෙනවා.ඔයා දැන් කිලෝ 1 හෝ ඊට වැඩි ළමයෙක්.අම්ම මේ කිලෝ 1ට වැඩි ඔයාව උස්සන් ඉන්නේ පැයක්ද දෙකක්ද? හිතන්න ඔයාට අතකට කිලෝ එකක් බර යමක් දුන්නොත් පැයක්වත් තියාගන්නෙ නෑ.අනිත් අතට මාරු කරනවා.අම්මෙකුට පුළුවන්ද එහෙම කරන්න.බෑ කියල බිමින් තියන්න.මම මේ කථා කරන්නේ දරු පැටියව බඩේදි නැතිකරන අම්මල ගැන නෙමෙයි.ඔයාව මේ ලෝකෙට බිහිකරපු අම්ම ගැන.


ලොකුම ලොකු බණ්ඩිය තියාගෙන නිදාගන්නවත් බෑ.මාස නවයහමාරක් උඩ අතට හෝ පැත්තට පමණයි ඇයට නිඳාගන්න පුළුවන්. උස්ම ගැනීේ අපහසුතා.සෙම් ෝග සෑදීම,අධි රුධිරපීඩනය, දියවැඩියාව  අවධානමකුත්  ගැබිනි සමේදී ලෙස වැලදීමට ඉඩ තියෙනවා.හිතන්න ොච්චර අම්ම ඔයා වෙනුවෙන් දුක් විඳන්න ඇතිද?ොකුම ොකු බණ්ඩියත් උස්සගෙන  ඇවිදගන්නත් අමාරු ඇය ොච්චර වැඩ කරනවද? ොකු බණ්ඩිය ේ හරි වදියි කියල බයට පරිස්සම් කරන හැටි.පරිස්සම් කරන්න දරන වෙහෙස.හිතුවද කවදාවත් අම්ම එහෙම කරන්න තියි කියල.

ඔයාව ලැබෙන්න දින ගණන් ලංවෙද්දි කෑම කන්න යෙත් අපහසුයි.කෑම ගත්තට පස්ේ ඉන්න අපහසුවක් දැනෙනවා.ඔයා ඇතුලෙ ඉදන් දඟ කරද්දි අම්ම ොච්චර ඉවනවද? මාස නවයක් නවයහමාරක්ම දුක් විඳලා ඔයාව මේ ලෝකෙට බිහිකරන්න එයා සැරසෙනවා.විටෙක දින දෙක තුනක් ඔයා අම්මට වඳ දෙනව වෙන්න පුළුවන්.ඔබ උපදින්න ලංවෙත්ම එයා නිරාහාර විය යුතුයි.නිරාහාර මනුෂ්‍යය දෙව්දුවක් ප්‍රසූතාගාරයට යන්නෙ විටෙක මරණයට අතවනවන වෙන්න පුළුවන්.මරණයත් ජීවිතයත් එක්ක සටනක් දෙන්නෙ දරු පැටියට කරදරයක් නැතිව එළියට එන්න.නිරාහාර අම්ම කෙම තියෙන ොකුම ේදනාව විඳිනවා දරුපැටිය වෙනුවෙන්.ලැබූ ශාරීරික වෙහෙස, ශාරීරික ේදනාව සියල්ලම අහවර වෙනවා ආදරණීය ඔේ පුංචි මුහුණ දුටුවම.

දෙවියනි මෙච්චර දුක් වින්ඳ අම්ම  වෙනුවෙන් ේ දරුවන් ොකු වුණාම කරන කෙනෙහෙලිකම්.ජීවිේ දුන්න ඇය වෙනුවෙන් අපි ොච්චර ේවල් කල යුතුද?ගෙන් ජීවිතෙන් ලබපු අපි ඇය වෙනුවෙන් ජීවිතයක් දෙන්න බැදී සිටිනවා. බව අපි  හැෝම දැනගතයුතුයි.අමතක ොකල යුතුයි.
 

32 comments:

  1. මව්වරුන්ට පුදසත්කාර කිරීම බුදුන් වහන්සේ දක්වලා තියෙන්නෙ තමන් වහන්සේට පුද සත්කාර කරනවාටත් වඩා උතුම් බව, ඒ අර්ථයෙන්ම වැටහෙනවා එහි වැදගත්කම... මේ ලොවේ ජීවය මවගේ කිරි සහ හිරු එළිය කියලයි පුරාණ දාර්ශනිකයො කිව්වෙ... පුංචි කාලෙ ඉදන් අතපය නොකඩා,නොකා නොබී නොයෙක් කැප කිරීම් කරලා උස් මහත් කරන දරුවා සැදෑසමයට ලංවන තම දෙමාපියන්ට නොසලකා හරිනවානම් උන්ට යන්න අපායක් නෑ කියලයි මගේ අදහස...

    සිත්තමී 27 එනවා නේද ?

    ReplyDelete
    Replies
    1. හදවතන්ම ආපු වචන ටිකට මම ගරු කරනවා සිරා කොලුවෝ....

      27 සිත්තමී ඔයාගෙ වැඩේ ඉවර වෙන්න පැයකට කලින් හෝ දුවල යන්න එනවාමයි

      Delete
  2. දරුවෙක් වෙනුවෙන් අම්ම කෙනෙක් විදින දුක් කියල නිම කරන්න බැහැ. ඒත් කවුරුවත් ඒ ගැන මොහොතක්වත් හිතනවද?
    සිත්තමී නංගිගෙ වචන වලින් ඒ දුක මතක් කරවනවා. මේක කියවන හමෝටම තමන්ගේ අම්ම තමන් වෙනුවෙන් කොයි තරම් දුකක් වින්දද, දැනටමත් කොයිතරම් දුකක් විදිනවද කියල හිතේවි දැනේවි.
    ඒ නිසා මේ ලිපිය ලියල ඔයා කරල තියෙන්නෙ ලොකු පිනක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිමන් අයියේ....

      Delete
  3. සිත්තමි ලියල තියෙන ඒවා දැක්කම ඇහැට කදුළුත් ඈවා...අම්ම කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපකිරීම වචන වලින් විස්තර කරන්න බැරි තරම්.... ඔයා කියල තියෙන විදියට අපි උපදිනකන් අම්ම කෙනෙක් කොච්චර දුක් විදිනවද...... ඇයි ඊට පස්සේ..... ලොකු මහත් කරලා සමාජයට හොද පුරවැසියෙක් කරන්න දගලන දැගලිල්ල... එතනින් නවතින්නෙත් නෑ.... අම්ම කෙනෙක්ගේ ජීවිතය අවසන් වෙනකන්ම වගේ එයා තමන්ගේ දරුවෝ ගැන තමා හිතන්නේ....
    ඔයා හොද ලිපියක් ලියල තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. මටත් ඕනි වුනේ අම්ම ගැන අමතක වුන අයට මතක් කරල දෙන්න අමතක නැති අයට මතකයේම තියන්න සමනළී

      Delete
  4. මේක කියවගන්න මට මෙච්චර අමාරු නම් සිත්තමී මේක ලියන්න මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියලා හිතාගත්තෑකි.... මම නම් දවස් 4ක් වද දුන්නලු අම්මට.. බැරි තැන කපලා ගත්තලු... එදා ඉඳන් බැනුම් අහපුවා, රණ්ඩු වෙච්චා, ගුටි කාපුවා, තරහා වෙලා හිටපුවා, මේක දැක්කම මතක් උනා... ඉස්සර නම් හෙන තරහයි ඕවට.. ඒත් දැන් නං ඒ බැනුම් නැතුවත් පාළුයි වගේ... එයාටත් එහෙම තමයි... හි හි..

    ReplyDelete
    Replies
    1. මමත් අම්මගෙන් බුනුම් අහනවා ගුටි කනවා එයා එක්ක තරහ වෙනවා...නමුත් හැම දේම අඩුම පැයක්වත් විතරයි..මගේ ජීවිතේ හොදම යාළුවා මගේ අම්මා.අපි යාළුවො වගේ.

      අම්මෙකුට කොහේ හෝ අසාධාරණයක්නම් මේ සිත්තමීගේ පපුව පැලෙන්න දුක හිතෙනවා....ඒ මගේ හැටි

      Delete
  5. අම්මා විදින දුක ඉවසිය හැකි. ඒත් අම්මා විදපු දුක් අමතක කරල අම්මට දුක් දෙන නරුම දරුවන් නිසා කොයි තරං දුක් විදින අම්මල ඉන්නවද? ඒක තේරුම් ගන්න උන්ටත් ලමයි ලැබෙන්න ඕන වෙනවමයි. එතකං ඒ දුක තේරෙන්නේ නෑ. හොද ලිපියක් සිත්තමී

    ReplyDelete
    Replies
    1. උන්ටත් ලමයි ලැබෙන්න ඕන වෙනවමයි.

      මමත් මේ කථාවට එකගයි.නමුත් පිරිමි අයට මේ කථාව කොයි තරම් දුරට සාර්ථකද කියල මම දන්නෙ නෑ දේශකයා.

      Delete
  6. මම නම් පොඩිම දවස්වල අම්මෑ බඩේදි පෙකනිවැල බෙල්ලේ ඔතාගෙන ඇවිල්ලා අපේ අම්මට සෑහෙන වදයක් දුන්නලු. ඒත් අම්මා කොහොමහරි ඉවසගෙන ඉදලා තියෙනවා. ඒ අතින් බලාගෙන ගියහම ගැහැනු අයට හොඳ දරාගැනිමේ ශක්තියක් තියෙනවා.
    අර කිව්වත් වගේ අම්මලාට සලකන්නේ නැති මහළු මඩම්වලට දාන අයට යන්න වෙනම අපායක් හදන්ඩ ඕනා.

    මේ ලිපිය කියෙව්වම තමා මතක් උනේ සමහර අම්මලාට කුළුඳුලේ දරුවා ලැබුනට පස්සේ පිස්සුත් හැදෙනවා. ඒකට කියන්නේ වැඳුම්ගෙයි සන්නිය කියලා.
    මං ඒ ගැන ලිපියකුත් ලීවා. මෙන්න පාර ගිහින් බලන්න

    ReplyDelete
    Replies
    1. ඔයත් හරි වද දීල තියෙන්නේ....ඔයා විතරක් නෙමෙයි අපි හැමෝම .....

      වැඳුම්ගෙයි සන්නිය ගැන අහල තිබුණා.....ලිපිය බලන්නම්

      Delete
  7. Kiyanna godak deval tiyenawa. Eth ada dawasa tikak hegimbara wediy mekata coment karanna. Tikak niwunama dannam. :D

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ හිත නිදහස් වුණාම කියන්නකෝ

      Delete
  8. ඇත්තමයි ...ඔයාවගෙ යොවුන් තරුනියක් මෙහෙම ලීවාම මට පුදුමයි..!

    මාත් දුවල දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක්.(තාම පුන්චියි) ඒ නිසා මම අත්දැකල තියෙනව, ඔය සියලු මිහිරි වේදනා මගේ හාමිනේ අත්විඳිනව.

    ඇයි තාත්තල ගැනත් ලියන්න...මටත් හිතිල තියෙන්නෙ ලියන්න වෙලාවක.

    ඇයි උඩින්ම දාල තියෙන්නෙ 27 එන්නෑ කියල...වරෙන් කෙල්ලෙ බලාගන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. වී අයිය තාත්තෙක් කියල දැනගෙන හිටියෙ නෑ....සිත්තමී හරි සංවේදී චරිතයක්.මේ ලිපිය ලියන්න වුන නිධාන කථාව මම කීවනේ....

      තාත්ත ගැනත් ලියනවා....ඉක්මණින්.

      27 එන්න බලන්නම්.ඔය තාත්තල අයියල අංකල්ලා නංගිලා අක්කිලා බලන්න සිත්තමීත් ආසාවෙන් ඉන්නේ...

      Delete
  9. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
    අම්මා.. අකුරු තුනක ගැබ් උන අසීමිත ආදරය..

    ReplyDelete
    Replies
    1. නෑ යසිත් ඊට එහා ගිය දෙයක් තියෙනවා....

      Delete
  10. අම්මා ??????????????හ්ම්ම් ..ඇත්ත !
    :(

    ReplyDelete
    Replies
    1. මීට වඩා වචනයක් රෙහානිගෙන් බලාපොරොත්තු වුණා.

      Delete
    2. ඔයාට පුදුම හිතෙයි ..මේ මං කතාකරන්න අකමැතිම මාතෘකාවක් ..සමාවෙන්න සිත්තමි ,මම මගේ හිතම රිද්දගන්න අකැමතියි ..ඔයා කියලා තියන කාරණා ඇත්ත ..ඒ නිසයි ඇත්ත කීවේ !නමුත් මට‍ ......???????????මේ ගැන කතාකරන්න බෑ
      :'(

      Delete
  11. හිතන්න දෙයක් ඉතුරු කරපු හරිම හැඟීම්බර අකුරු ටිකක්!

    ReplyDelete
    Replies
    1. එහෙනම් හිතන්න නාඩි....මටත් ඕනි වුණේ හිතන්න ඉතුරු කරන්න තමයි...

      Delete
  12. හ්ම්ම්ම්ම්ම්.....දැනෙන්න ලියපු එකක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරැවා කාලෙකින් නේද මේ පැත්තේ.....

      Delete
  13. මිනිසුන් උගතුන් වෙද්දී මනුස්ස කම පහලට යනවලු නේ.ඒ නිසා වෙන්න ඕනේ අම්මල සලකන්නේ නැති සමාජයේ ලොකු තැන්වල ඉන්න දරුවෝ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙමත් වෙන්න ඇති...

      Delete
  14. මටනම් කියන්න තියෙන්නේ අම්ම කෙනෙකුගේ ආදරයට සමකරන්න පුළුවන් කිසිවක් මේ ලෝකේ නැහැ කියලයි
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරලේ මහත්තයා.....ඔයාගෙ කථාව හරි

      Delete
  15. අම්මාගේ සෙනෙහස ආදරය කියා නිමකල නොහැකියි. ඒක වචනයට පෙරලිය නොහැකියි. මහා සාගරයක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සාගරය ‍වැනි ආදරේ තේරුම් ගන්නෙ නැති අය කොච්චර ඉන්නවද

      Delete
  16. හ්ම්ම්ම්ම්ම්ම්......

    ReplyDelete