මීදුම සිසාරා නැගුණත් රාත්රිය
ඔබ මොබ යන නිශාචරයින් හැර
නින්ද නැතිව දුක්විඳින එකම හිත
ඒ මමයි නොදන්නවා වුනත් නුඹ
ආදරෙයි මහ හුඟක් නුඹට.......
විසඳුමක් නැති ප්රශ්න අතර
ගුලිගැහුණු මගේ හිත ළඟට
පිළිසරණක් නැතිව ලතවුනත්
කඳුල පමණි මගේ පිළිසරණ
එහෙත් ආදරෙයි මම නුඹට.......
හිත නැලෙව්වත් නුඹෙ ආදරය
මා අසරණ බව දැන දැනම
නුඹේ නිහඬ බව හිතට
සැනසුමක් නැතිකලත් හදවත
නින්ද නැතිවුණත් දෙනෙතට
ආදරෙයි මම පණමෙන් නුඹට.......
බ්ලොග් එක අතහැර ගියත් පුදුම ආසාවකින් හදපු බ්ලොග් එකක් නිසා හිතට දැනුණ පාළුව තනිකම ගැන කියන්න වචන මදි.මාස 2කින් පෝස්ට් එකක් දැම්මෙ නෑ.ඒ නිසාම අළුත් අවුරුද්දේ අළුත් බලාපොරොත්තු පොදි බැදගෙන සිත්තමී ආයෙමත් ලියන්න ආවා.නොලියපු මාස 2තුල මේල් එකේදි හමුවුණ ආදරණීය යාළු හැමෝම ආයෙමත් ලියන්න කියලා දිරිය දුන්න හැමෝටම සිත්තමී කෙල්ලගේ ආචාරය.......
මාව අතහැර ගියපු හැමෝම වෙනුවෙන් සිත්තමී සමාව අයදිනවා.....ආයෙමත් එහෙම නොවන්න වග බලාගන්න සිත්තමී පොරොන්දු වෙනවා......
අයේ අපු එකනම් හොදයි. දැන් ඉතින් දිගටම කරගෙන යමු. 27 වෙනිදා ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්යානේදි සෙට් වෙමු. ඔන්න අනිවා එන්න.
ReplyDeleteඕහ්.....සිත්තමීත් 27 එන්න බලන් ඉන්නවා.....අපි එහේදි හමුවෙමු ........
Deleteආයේ ආපු එක කොච්චර දෙයක්ද..අපි ආසාවෙන් හදා ගත්ත දෙයක් කවදාවත් දාල යන්න හොඳ නෑ...
ReplyDeleteඒක තමයි :)
Deleteහැමදාම වගේ මාව අමතක නොකල සහෝ කෙනෙක් ඔයා නාඩි....ඔයාල හැමෝගෙම ආදරේම තමයි මාව ආයෙමත් මෙහෙට එන්න හිත හැදුවේ....
Deleteඔයාටත් ස්තූතියි වකා ආවට මේ පැත්තේ....
Deleteහොඳා ...අඬන්නැතිව ලියමු බලන්න.
ReplyDeleteඅඩන්නෙ නැතිව.....හික්ස් සිත්තමී අඩන්නෙ නෑ දැන්.....
Deleteආදරේ නිසා කවියො වෙනවා - ඒ ආදරේ අහිමි උනාම දාර්ශණිකයො වෙනවා
ReplyDeleteස්තූතියි යසිත් වචන ටිකට.....
Deleteඈ......වල් කම් ඈ....
ReplyDeleteහැමදාම වගේ දගම දග නෝටි තරුවා.....
Deleteඅම්මෝ ඇති යාන්තම්. :D
ReplyDeleteඑනකම් බලන් හිටියට ගොඩක් පින් රෙපා.....කොහේ කොතන හිටියත් කවුරු නැතිවුනත් නැති නොවන එකම සහෝදරකම ඔයයි...
Deleteඑල එල ආයේ කවිත් අරන් අළුත් අවුරුද්දේ ආව එක හොදයි....:)
ReplyDeleteජය වේවා....!!
එහෙනම් දිගටම එමු හොදේ.....
Deleteසිත්තමී නංගි ආයෙත් ආපු එක ගැන නම් ගොඩක්ම සතුටුයි. මම කලිනුත් දවසක කිව්ව වගේ දුක සතුට කියන දෙකම පාලනයකින් යුතු විඳගන්න ඕන ඒකට හොඳ උදව්වක් වෙනව ලියන එක.
ReplyDeleteඅළුත් අවුරුද්දෙ තවත් දෙයක් කියල දුන්නා ඔයා....ඔයාල හැමෝම හිත ලග ඉන්නවා...ඒ නිසාමයි මම මේ බ්ලොග් එකට මේ තරම් ආස.....
Deleteආයෙමත් එන්න හිතුන එක නම් හොඳයි..එහෙනම් ලියමු බලන්න අපිටත් විඳින්න පුළුවන් දෙයක්...
ReplyDeleteසුභ පැතුම් අළුත් අවුරුද්දට...
ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා හිමා.....
Deleteකාලෙකින් සිත්තමිව දැක්කේ. ලස්සන නිර්මාන්යකුත් අරන් ඇවිත් තියෙන්නේ. සුභ නව වසරක් වේවා
ReplyDeleteඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....
Deleteතියෙන ප්රශ්න අමතක වෙන්නත් එක්ක දිගටම ලියන්න නංගි... 2013 ඔබේ ගැටළු වලට විසදුම් ලැබෙන වසර වේවා !
ReplyDeleteස්තූතියි සිරා....27 අපි හම්බවෙමුකෝ.....ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා
Deleteඅහ්හ්.... නියමයි.දිගටම ලියන්න සිත්තමි...... ඔයාට සුභම සුභ නව වසරක් වේවා!
ReplyDeleteඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා
Deleteරෙහානි කෙල්ල මොනවම හරි කිව්වනම් නරකද? කොහොම නමුත් සිත්තමී අමතක නොකලට ගොඩක් ස්තූතියි...දිගටම එන්න ආයෙමත්........
ReplyDeleteඅපිට නම් අමතක නෑ... නව වසරට සහ (බ්ලොගයේ) දෙවෙනි ගමනට ආසිරි!!!
ReplyDeleteඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා
ReplyDeleteලියමු ලියමු.... මාත් මේ මාස තුනකින් බ්ලොග් පැත්තෙ ආවෙ.
ReplyDeleteහ්ම් ඒකනේ....ගොඩක් දවසකින් කොහොම වෙතත් ආයෙමත් එමු දිගටම අක්කියෝ....
Deleteආයෙම ආපු එක කොච්චර දෙයක්ද.. සන්තෝසයි..
ReplyDeleteඕහ්.....රස්ත අයියටත් ඒ කියන්නෙ හැපී.....
Deleteඅහ් අපි තාම මෙහෙ එනවා.. දිගටම ලියමු..
ReplyDeleteඕහ් දිනේෂ්....සතුටුයි ආවට මේ පැත්තේ....දිගටමු එමු මේ පැත්තේ......
Deleteසිත්තමී කාලෙකට පස්සෙ...එහෙනම් දිගටම ලියමුකො. :)
ReplyDeleteලියනවා දිගටම ලියනවා....ආයෙනම් යන්නෙ නෑ......
Deleteඑහෙනම් ආයෙත් පටන් ගමු.. අළුත් අවුරුද්දේ අළුත් විදියට.
ReplyDeleteඔව් අයියේ.....අළුත් බලාපොරොත්තු එක්ක....
Deleteමම දැන සිටිමි.. මම දැන සිටිමි.. ඔබ අයේ කොටන වග.. ජයවේවා..
ReplyDeleteදේශකයා.....දැන සිටියෙමි දැන සිටියෙමි සිත්තමී අමතක නොවන වග නුඹට............
Deleteසිත්තමි වෙනස් වෙලා. වෙනස් වීමත් එක්කම ආයේ ලියන්න ආපු එක හොඳයි.
ReplyDeleteවෙනස් වෙන ලෝකේ සිත්තමී වෙනස් නොවුනොත් හරි නෑනේ මධූ අයියේ....ඔයා එනකම් තමයි සිත්තමී බලන් හිටියේ.....
Deleteඒකනේ. හැමදේම වෙනස් වෙනවා. කාළය ගත වෙනවා. පරණ දේවල් මත්තේ නැහෙන්න අපට ඒ හැටි කාලයක් එන් නෑ. ඒ නිසා ඉදිරියට මුහුණ දෙන්ඩ තියෙන්නේ. :)
Deleteජය පතනවා !