Tuesday, June 19, 2012

දෙනෙතට මට නින්ද දෙන්න......

නුඹෙ මතකය වැලිතලාවෙ
සැඟව යන්න ඉඩතියාන
මට පොඩ්ඩක් නිදාගන්න
ඇස් දෙක වෙත යළි නොයෙන්න

දෙනෙත පියන හැම මොහොතක
අනේ එතින් එපා එන්න
හැර ගියසේ යළි නොයෙන්න
දෙනෙතට මට නින්ද දෙන්න

ලොව නිදනා නිසල රැයේ
සිව් මසකින් නිසා නොගෙන
සුසුම් හෙළනවා හැම රැය
නුඹෙ මතකය යවා ගන්න

රිදවා මා ගියාට නුඹ
හදවත ඉකි ගසනව තව
ගියා වගේ යළි නොයෙන්න
දෙනෙතට මට නින්ද දෙන්න
 ............  ෴ ..........

30 comments:

  1. ගියා වගේ යළි නොයෙන්න
    දෙනෙතට මට නින්ද දෙන්න....
    ලස්සනයි අනු.......

    ReplyDelete
  2. ස්තූතියි නිෂ්.... බලන්නකෝ ඇස් දෙකට කරදර කරන හැටි..පවු නේද මම?

    ReplyDelete
  3. නින්ද හොරකම් කරපු කෙනාටම ඕක කියන්නකෝ අනූ....:D

    ReplyDelete
    Replies
    1. අනේ නිශාන් කියනකම් මට මතක් වුනේ නෑනේ....කොහෙන්ද අනූ කෑල්ල හොරකම් කලේ..නිෂ්ගෙන්ද?

      Delete
    2. ඔව් ඔව් අනූ අක්කා :)

      Delete
    3. තව හිනා වෙනවත් එක්ක...

      Delete
  4. //ලොව නිදනා නිසල රැයේ
    සිව් මසකින් නිසා (( නිදා)) නොගෙන
    සුසුම් හෙළනවා හැම රැය
    නුඹෙ මතකය යවා ගන්න// ...අප්පේ..! එහෙනං.. දවල්ට තමා නිදාගන්න වෙන්නෙ...!

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කෙ නෑ යාළුවා ඒ වැරැද්ද කවිය හොදට බලලා...දවල්ට කොහොමත් නින්ද යන්නෙ නෑනේ...

      Delete
  5. මට මමතක විදියට කලින් මම මේ පැත්තේ ඇවිත් නෑ ලියාගන යන්න ඉස්සරහටත් එන්නම්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා ඇවිත් නෑ....සාදරෙන් පිළිගන්නවා කනියා ඔයාවත්...එහෙනම් දිගටම එන්නකෝ මේ පැත්තෙ...

      Delete
  6. අදහස මොනවා උනත් පද ගැලපිල්ල නම් එල. (Y) මම ඔය ආදර අදෝනා ගැන නම් මොකුත්ම කියන්න යන්නේ නෑ. සොරි වේවා .......

    ReplyDelete
    Replies
    1. හි හි හී ආදර අදෝනා...ආදරේ කරපු නිසාද ආදරේ නොකරපු නිසාද කියල හිතාගන්න බෑ...කොහොම නමුත් පද ගැලපිල්ල බැලුවනේ ඒ ඇති....

      Delete
    2. මේ ගැන මොකුත්ම අදහස් එන්නේ නැත්තේ ඒ කියපු දෙකම නිසා තමා :(

      Delete
  7. ගියා වගේ යළි නොයෙන්න
    දෙනෙතට මට නින්ද දෙන්න....

    ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ගියා වගේ නැවත එන්න
    මගේ දෙනෙතට එළිය දෙන්න....

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔය තියෙන්නේ ලස්සන පද? ලියමුකෝ ඔය පද ටිකක් දාල ලස්සන කවියක්..හැම හිතකම ලස්සන පද තියෙනවා එකතු කරන්නෙ නැතිකමට කවි ලියවෙන්නෙ නෑ...

      Delete
  8. අපි ඔය අමතක කරන්න හදන මතක සේරම ටික මතක් වෙන්නෙම නිදා ගන්ඩ ගියහම !
    එතකොට ඉතින් නිදා ගන්නවා බොරු !
    සිත්තමිට මෙහෙම අත්දැකීම් නම් ඇති නෙහ් ???

    ReplyDelete
    Replies
    1. සිත්තමීට මෙහෙම අත්දැකීම් නැත්නම් මෙහෙම ලියවෙන්නෙ නෑනෙ මධූ අයියේ..

      අමතක කරන්න හදන මතක සේරම ටික මතක් වෙන්නෙම නිදා ගන්ඩ ගියහම
      එතකොට ඉතින් නිදා ගන්නවා බොරු!

      සිත්තමීට විතරක් නෙමෙයි මධූ අයියටත් අත්දැකීම් තියෙන පාටයි..මේ වචන ටිකෙන් කියවුනේ ඒවගේ දෙයක්...

      Delete
  9. ඇහි පිය යට කවුද ඉන්නේ....????
    එයා යන්නම යන්න ගියාට කමක් නැද්ද??
    ආයෙ ගෙන්න ගන්න් ඕනෑ උනොත් හෙම??

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න 3ක් අහල මම අමාරුවෙ දැම්මා නේද අක්කියෝ...

      1. මම අතහරිනවා ඊළග ප්‍රශ්නයට යනවා..
      2. ඒකත් ටිකක් අමාරුයි උපකාරක අවස්ථාවක්වත් නැද්ද? එහෙනම් ඊළග
      3. ඒක ඔක්කොටම වැඩිය අමාරුයි මම තරගෙන් ඉවත් වෙනවා...

      Delete
  10. " දෙනෙතට මට නින්ද දෙන්න "

    ඒත් ආදරයක් දැනෙද්දියි ආදරයක් නැති වෙද්දියි දෙනෙතට නින්දක් තියෙනවද? ලස්සනයි කවිපෙල..

    එහෙනම් යාළුවගේ නමත් අනූ.. :)

    ReplyDelete
    Replies
    1. ආදරයක් දැනෙද්දි නින්දක් තියෙනවද කියල හොදට දිනේෂ් දන්නවානේ මේ දවස්වල ඒනිසා ආදරයක් නැතිවෙද්දි නම් නින්දක් නෑ කියල මම දන්නවා...

      ඔව් නම අනූ...(න+උපමා) අනුපමා....

      Delete
  11. //..ගියා වගේ යළි නොයෙන්න
    දෙනෙතට මට නින්ද දෙන්න..//

    කියන්න දේවල් එමටයි අක්කියෝ..ඒත් වචන තමයි නැත්තේ..කවිය නම් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. කවියකින්වත් වචන කලානම් හොදයි නංගෝ...

      Delete
  12. යන කෙනාට යන්න කියන්න... එපා නිසානෙ ගියෙ... ඇයි සැලෙන්නෙ...මූදෙ මාලුන් ගොඩාක් ඇතේ..... හරි කෙනෙක් බලලා ඇම දාන්න..... ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සිරා කියල සිරාම කථාවක්....හරි කෙනෙක් බලලා ඇම දාන්න සිරා දැම්මෙත් මේ න්‍යායමද?

      Delete
  13. ආදරයේ සතුටු හිතෙන පති ඇත්තෙම නැද්ද මන්ද!:-/
    පද ගැලපීම නම් එල:)

    ReplyDelete
  14. නෑ නෑ නුවන් ආදරේ සතුටු හිතෙන තැන් අනන්තවත් තියෙනවා...ඒ ගැන කවි ලියවෙනව අඩුයි ...

    ReplyDelete
  15. Lassanai Yaluu..:)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශයේ ආදරණීය හිරු....ආදරයෙන් පිළිගන්නවා මගේ සිත්තමට..
      ස්තූතියි යාළු...ආයෙමත් මේ පැත්තෙ එන්නකෝ...

      Delete