Wednesday, June 26, 2013

සහෘදයාණෙනි, ඔබට සුභ මංගලම්..............

                කොව්වර කාලෙකින්ද කියනවනම් අම්මෝ සෑහෙන්න කාලෙකින්.කොච්චර වැඩද කියනවනම් අම්මෝ සෑහෙන්න වැඩ මේ දවස් වල.බ්ලොග් එකක් තියෙනවද කියලත් අමතක වෙලා.බ්ලොග් එකේ නැතත් මාව මතක් වුන අයට ඔන්න හිස නමා ආචාර කරනවා.දිනෙන් දින කල වයසත් ගෙවිල සිත්තමී කෙල්ල හිමින් හිමින් වයසටත් යනවා. තවත් අවුරුද්දක් හෙමින් ගෙවිල ගියපු නිසා ඕන් දැන් ගෙදරින් බර බරේ දානවා.මේ දවස් වල ඒවයේත් පිළිවෙලක් වන නිසාම ටිකක් කාර්්‍යබහුල වෙලා. සිත්තමීව පිළිවෙලක් කරන්න ගෙදරින් බොහෝමයට වැඩ කටයුතු. අප්පච්චිට සෑහෙන්න බය සිත්තමී බොහෝම අමාරුවෙන් සිත්තමීගේ හබී ගැන අප්පච්චිට කීවා. සිතුවා සේ හිතේ හිටපු නැති බෑණා කෙනෙක් වුවත් සිත්තමිගේ ආදරණීය හබීට හෙමින් හෙමින් ඕං කැමැත්ත දුන්නා.අද කථාව මේ කිසිම දෙයක් නෙමෙයි.මේ හා සම්බන්ධ වූ දෙයක් ගැන.ඒ කියන්නෙ කසාදෙට කලින් පැන නගින හදහන ගැනයි.

          අම්මෝ ඔය හදහන විස්වාස නොකරන සිත්තමීට ඕං දැන් හදහන සෑහෙන කරදරයක් වෙලා.කොල්ල කොයි තරම් හොද වුනත් හදහනනම් ගැලපෙන්නම ඕනිලු. කාට කියන්නද දෙයියනේ මේ අපරාදෙ.ඒකෙම අනිත් පැත්ත වෙන්ඩ හබීට කෙල්ල හොද වුනාට බෑලු හදහන ගැලපෙන්නම ඕනිලු.හදහන් නොගලපා බැන්ද අයට වෙච්ච දේවල් සහිත උදාහරණ බොහොමයක් මේ දවස් වල කනට මීපැණි සේ උදේ හවා ඇහෙනවා. කසාද බදින්නත් එපා වෙලා ඇත්තමයි දැන්නම්. මේ කලබල අස්සෙ යුගදිවිය හා ග්‍රහබලය කියන පොත ලියල තියෙන්නේ අයි.ඒ.මොහාන් වික්‍රමසිංහ ඔන්න ඔය පොතේ දෙවනි සංස්කරණයට ලෑස්ති කරන්න සිත්තමීට පොඩි කාර්යයභාරයක් ඉටු කරන්න සිද්ධ වුණා.කොරේ පිටට මරේ කියල ඒකත් කියවපු නිසා සෑහෙන්න හිත අවුල්.
                  මෙන්න මේ අතරේ මගේ ආදරණීය සහෝ කෙනෙක් 2013 ජුනි 27 විවාහ පත් වෙනවාලු.ඒකත් මේ හදහනටම සම්බන්ධ වූ කථාවක්. මෙන්න කථාව කථා නායකයා සුමුදු කථා නයිකාව දිනිති.මේ දෙන්නගේ ප්‍රශ්නෙ තමා කෙල්ලගේ හදහනේ තියෙන්නෙ පළවෙනි කසාදෙන් වැන්දඹු වෙන කථාවක්ලු. මේ හදහන බලන හැම කෙනෙක්ම කියන්නෙ ඒක අනිවාර්්‍යයෙන්ම සිද්ධ වෙනවාමයි කියාලු.එහෙත් පෙම්වතියට දැඩිලෙස ආදරය කරන මේ පෙම්වතා මරණයටත් ලැහැස්ති වෙමින් කිසිම විටෙකත් හදහන් ගැලපීමක් නොකර විවාහ වන දා අත්සන් කිරීමට පමණක් සුභ වෙලාවක් යොදාගෙන හිතුමතේ තීරණයක් අරගෙන 27 වන දා විවාහ පත් වීමට දැන් සියල්ල සූදානම්.දිනිතිගේ ගෙදර අය මේ විවාහයට සම්පූර්ණ විරුද්ධ වන්නේ කාගෙ හෝ දරුවෙක් දැන දැන අමාරුවෙ දාන්න බැරිය කියාලු.එහෙත් මේ සියල්ල කනකට නොගත් ආදරණීය සහෝදරයා විවාහ පත් වීම ගැන විටෙක මටනම් හිතේ බයකුත් එක්කම සතුටකුත් තියෙනවා.සතුට මෙවැනි පෙම්වතුන් අදටත් මේ සමාජයේ සිටිනවා යන හැගීමට.දෙමාපියන් නෑදෑයන් යහළුවන් එපා කියද්දි ඕනම අයෙකුට මේ විවාහය ගැන චකිතයක් බියක් ඇතුල් වෙනවාමයි.එහෙත් හදවතට ඉඩදුන් සුමුදුට ආදරණීය සුභ පැතුමක් එක්කරන්න මට හිතුනේ ඉදහිට මගේ බ්ලොග් අඩවියේ සැරිසරන නිසාමයි.

සහෘදයාණෙනි, ඔබට සුභ මංගලම්.............. 

කිසිදිනක නොවෙනස් වන ඔබේ ආදරේ මේ භවය පුරාවට ඇය හා දිවි ගෙවන්නට ඔබට සියළු ශක්තිය දිර්ඝායුෂ නිති පතමි.....

ඔවුන්ට දිර්ඝායුෂ පතන ගමන් පෝස්ට් එක බලන ඔයාලගෙන් අහන්නේ විවාහයට කොයිතරම් හදහන වටිනවද කියා..........

41 comments:

  1. ඕවයේ අත්තක් නැත්තෙමත් නැහැ ඉතින් ,

    සිත්තමි කසාදයක් කරගන්න කලින් මට උපන් වෙලාවල් එවන්නකො පොරොන්දම් බලලා දෙන්න ...:D

    ReplyDelete
    Replies
    1. චමිය ඒවා තිතට බලන්න මාරය මලය ඉන්නව.
      තොප පැත්තකට වෙලා සිටින්නෙහිද?

      Delete
    2. මටත් හිතෙන්නෙ චමී විටෙක පරණ අය ඕව කිව්වෙ කට කහනවටම නෙවෙයි වෙන්න ඇති නේද

      Delete
  2. හඳහනනම් මාරම දෙයක්....ව්ශ්වාස කරලත් බෑ නොකරත් බෑ. එයිට පළමුව ඔබ දෙදෙනාට සුබ පැතුම්. ඒ වගේම යාළුවො දන්නටත් සුබ මංගලම්. මොහාන් වික්‍රමසිංහ කිව්වේ ලේක් හවුසියේ කෙනෙක් ද?

    ReplyDelete
    Replies
    1. මොහාන් වික්‍රමසිංහ ලේක් හවුසියේ කෙනෙක් ද කියලනම් දන්නේ නෑ. අයියේ......

      විටෙක මටත් හිතෙන්නෙ විශ්වාස කොරලත් බෑ නොකරත් බෑ කියලම තමයි......අයියේ

      Delete
  3. ඔය හදහන් කෙහෙල් මල් ගැන මම නම් විශ්වාසයක් නැහැ.
    යහපත් විදියට ජිවිතෙ ගත කලොත් යහපත් ප්‍රතිපල.
    අපි දෙන්නගෙ ඒවත් ගැලපෙන්නෙ නැහැ කිව්ව.
    අපි දෙන්නට ඕන විදියට වෙලාවල් හදවගෙන මගුලත් කාල දරුවො දෙන්නෙකුත් හදාගෙන ඉන්නව.
    නොගැලපෙන දේවල් මම කලාම (ලොකු දේවල් නෙමෙ)මගෙ තුමියගෙන් (මට) නොගැලපෙන වචන කෝටියයි..ඉතින් ඒ වෙලාවට හැම දයාබර ස්වාමි පුරුෂයකු කරන්න වාගෙ හිසට උඩින් පියාඹන පිගානක් යාත්‍රා කලහම සේරම සන්සුන්.
    ඔය ගැන තමයි හදහන් කාරයො කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. දෙන්නටම එක පාර මල පැන්නොත් මල කෙලියක් වෙයි නේද, ඉවසන දනා තමයි ඉතින් බැන්දට පස්සෙ, ගැනු මොඩයි කොල්ලා තමයි ඉවසලා ඉන්න ඔනේ නේද කෙන්ජි අය්යා..

      Delete
    2. ඒ කියන්නේ කෙන්ජි, හදහනේ තියෙනවාද හබියා “පියාඹන පිරිසි විසේසඥයෙක්“ කියලා හැක්

      Delete
    3. ඒකනම් ඇත්ත කෙන්ජි අයියේ......අපි දැන ගන්න ඕනි අපේ ජීවිතේ හදාගන්න....

      බොහොම ස්තූතියි අදහස් වලට

      Delete
  4. ඕය ගැන මටත් ලොකු විග්‍රහයක් තියෙනව කරන්න..මේ වෙලාවෙ..නම් බෑ..!
    කෙටියෙන් කිව්වොත්.......හඳහන නොවේ වරද..ඒක බලන එක්කෙනාගෙ..!
    අපිටත් කිව්ව පොරොන්දම් ගැලපෙන්නෑ කියල..ඒත් පොරොන්දම් කියන්නෙ..හඳහනේ එක් කාරනයක් විතරයි..කේන්දරයක බලන්න ඊට වඩා කාරනා තියේ..! මේ කියල තියෙන්නෙ එහෙම කාරනයක්ද මන්දා...!

    බ්ලොග් වල සැරිනොසැරීම පිලිබඳව මගේ බලවත්.කේන්තිය සාදරයෙන් පිලිගන්න..!:((

    ReplyDelete
    Replies
    1. අපෝයි උඹත් ඔය හදහන් කෑලි බලන එක නෙව කරන්නේ

      Delete
    2. අනේ වීයා මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වුනේම ඔය බැදපු අයගේ අදහස් දැනගන්න....විශේෂයෙන් ඔයාගෙන් ඒත් ඔයා මුකුත් කියලම නෑනේ.......

      ඔන්න ඒකට මාගේ බලවත් කේන්තිය

      සෑහෙන්න වැඩ වැඩියි......ඒකයි බ්ලොග් බලන්න වෙන්නෙ නැත්තෙ....සමාව භාජනේට දානවා

      දේශකයා......

      ඇත්තටම වීයත් හදහන් බලනවද

      Delete
    3. පිෂ්ෂුද කෙල්ලෙ..! මට පුලුවනෑ ඕව බලන්න..! වාස්තු විද්‍යාව පමනි දන්නෙ.

      Delete
  5. ඔය හඳහන් සිද්දිය,?? අනේ මන්දා... :/ කෝම වුනත් හොදට ඔව්වාත් හොයාලා බලන්න කියනවා අනිත් දේවල් වලදී කෙසේ වෙතත් විවාහයකදි? කේන්දරේ නේද? හලේ මන්දා මුක හරි,

    මම නොදන්න වුනත්, ඒ අක්කටයි අය්යටයි සුබ මංගලම්!! :D

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන්නෙ නෑ පැංචියේ.....එක එක අයගෙ අදහස් ගොඩක්ම වෙනස්
      සෑහෙන්න හිතන්න තියෙන දෙයක් බවයි පේන්නේ.....එහෙම නේද

      Delete
    2. ඒකනේ අක්කෝ,, කෝම වුනත් හිතලා බලන්න තරම් දෙයක් ඒකෙ තියෙනවා කියලා හිතෙන්නේ,

      Delete
  6. ඔකනම් අක්කෙ මලම මල වදයක්. අපේ අම්මාත් ඔය බර බරෙම දැම්මානේ. ^_^ වැඩේ කියන්නෙ අපි දෙන්නනම් ගොඩ. කෙන්දර නිකන් මවලා හදලා වගේ ගැලපෙනවලු :පී.

    මොනවා උනත් ඒ දෙන්නට ජය මංගලන් ;)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාල දෙන්නට මගෙන් සුභ පැතුම්.....අපි දෙන්න මේ හෙන බයෙන් ඉන්නේ මොකක් වේවිද දන්නෙ නැති නිසා අපි දවසින් දවස පහු කරනවා ඒ වැඩේට.....ඒ දැනෙන බය කියන්න තේරෙන්නෙ නෑ....

      Delete
    2. අහ් බය වෙන්න එපා ඒ.. බයමනම් දෙන්නා කොහොම හරි හොරෙන් බලලා වෙනස් කරන එකක් ශේප් එකේ කරන්න.. විහිළුවට නෙමෙයි කියන්නේ.. අදහස් ගැලපෙනවනම් දෙන්නට ජීවිතේ හොදින් දකින්න පුළුවන්නම් ග්‍රහයන්ට මැදට එන්න ඉඩ තියන්න එපා සිත්තමි..

      Delete
  7. "හදහන් නොගලපා බැන්ද අයට වෙච්ච දේවල් සහිත උදාහරණ බොහොමයක් මේ දවස් වල කනට මීපැණි සේ උදේ හවා ඇහෙනවා" එතකොට යස අපූරුවට හඳහන් ගළපගෙන බැන්ද අයට වෙච්ච අකරතැබ්බ ගැන කවුරුත් කියන්නෙ නැද්ද? මම නං ඕවා තුට්ටුවකට විශ්වාස කරන්නේ නැහැ. කෝපි කාලේ වැඩ. බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා නං "තරුවලට කළ හැකි දෙයක් නොමැත" කියලා ආයෙත් මොන කතා ද?

    මේ දැන ගන්න කියන්න, අපේ නැන්දා කෙනෙක් හිටියා. කේන්දරේ බලලා කිව්වා පළවෙනි කසාදෙන් වැන්දඹු වෙනවා කියලා. ඉතින්, කොහොම හරි කරන්න හිටිය මඟුල කැඩුනා. ‍අන්තිමේ කොහොම හරි නිර්භිත මාමා කෙනෙක් නැන්ද ව බැන්දා. දැන් දෙන්නා එක්ක මුණුපුරෝ හුරතල් කරනවා. ඔය වගේ කතා අනන්තවත් තියෙනවා. ඒ නිසා ඕවයේ එල්බගෙන හිටියොත් අපි නං විනාශ වෙන්නේ.

    අනේ මන්දා! ඉතින්, කාලයක් මගේ අතේ රේබා අඩු එක ගැන හුඟ දෙනෙක් කිව්වා මගේ ජීවිතේ කඩා වැටීමක් තියෙනවා කියලා. ඕක අහපු බලධාරියෝ මේ ළඟ දී දවසක කිව්වා, "ඔයාගේ අතේ රේබා නැත්තේ ඔයාගේ ජීවිතේ කඩා වැටෙන නිසා නෙමෙයි ඔයාගේ ජීවිතේ ඔයාට ඕනේ විදියට තීරණය කරන්න ඕනේ නිසා," කියලා. ඒකෙන් පස්සේ හිතට හොඳයි.

    ඔන්න අපිට කේක් ඕනේ. :D නැත්තං කේන්දරේ නැති විදියේ අකරතැබ්බකට මූණ දෙන්න වෙයි. දෙගොල්ලට ම සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න ස්තූතියි....හිතේ තියෙන බය ටිකෙන් ටික අයින් වෙනවාද මන්ද ඔයාටගෙ වචන හිතට ශක්තියක්

      දෙනව දෙනවා කේක් අනිවා දෙනවා....

      Delete
  8. අපිත් සුබ පතමු ඒ දෙන්නටම.. කේන්දරේට වඩා හිතේශක්තියෙන් ජීවිතවෙන්න කියලා..

    මම නම් 75% ක් ව්තර විශ්වාස කරනවා. ගැලපෙන්න ඕනෙ කියලා. සමහර ඒවා සැබෑ ජීවන අත්දැකීම්වලින්ම දකින නිසා කියන්නේ.. ගැලපෙන්න ඕනෙ කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් ප්‍රාර්ථනා කරන්නේත් හිතේ ශක්තිය ඒ දෙන්නට ලැබෙන්න කියලා.....

      ස්තූතියි ඔබට.......

      ඔහොම කියද්දි නම් හිතට බයක් ඇතිවෙනවා තවත්..

      Delete
  9. මටත් ඔය කේන්දරේ ගැන ලොකු විශ්වාසයක් නෑ සිත්තමියෝ ...ඒත් වැට උඩ තමයි මගේ අදහස තියෙන්නේ .අපි නම් දෙමව්පියන්ට කලින් කේන්දර දෙක බැලෙව්වා හොරෙන් .. :Dඅවුලක් උනේ නෑ .., හොඳටම නොගැලපුනත් ප්‍රශ්නයක් නොවෙන තරමට ගැලපුනා .ඒ නිසා දෙමව්පියෝ බැලුවහමත් අවුලක් උනේ නෑ .අනික ඉතිං පොඩි රණ්ඩුවක් උනහමත් ඒකටත් කේන්දරේ ගැලපෙන්නේ නැති හින්දා කියල කියනවනම් ඒක මෝඩකමක් කියල මටනම් හිතෙන්නේ ,පුංචිවත් කෑ ගැහිල්ලක් නැති ගෙදරක් නෑනේ ඉතිං

    ReplyDelete
    Replies
    1. ඔයාල කරපු දේම තමයි දැන් අපි දෙන්නත් කරන්න හදන්නේ...බලමු මොකද වෙන්නේ කියලා.

      ඔයාගෙ කථාවනම් සහතික ඇත්ත නොගැලපුන අය ප්‍රශ්න ඇති වුණාම ඊළගට අල්ල ගන්නෙ හදහන තමයි......

      ප්‍රශ්න නැති ජීවිත නෑනේ....අපි අපිව තේරැම් ගත්තම ප්‍රශ්න ඔක්කොම හරි

      Delete
  10. එලිසබෙත් අක්කගේ ගේ ගාව ඉපදුන හින්දා අපිට කේන්දර නෑ.. හැක් හැක්.. ඕවා ඔළුවට ගත්තොත් තමා කේස්. මොකද පොඩි පොඩි සීන් වලදි කේන්දර කාරයෝ කියපු ඒවා ඔළුවට ආවම ඒ විදියට තමා හිත වැඩ කරන්නේ. ඒකයි අවුල. එහෙනං හෙමින් හෙමින් තාත්තට ටොපිය කැව්වා. බොලා තමා දවසකටවත් ළමයි. හැක්.. හැක් ජය වේවා සුමුදු ඩබලටත්, කවි ලියන සිත්තමි ඩබලටත්. එහෙනං ළගදීම සුභාරංචිය ලැබෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. හදහන බැලුවොත් මොකද වුනේ කියලනම් අනිවා කියනවා....බදින්නනම් තව ටික කාලයක් ඉන්න වෙනවා.....අපි දෙන්නට පොඩි වැඩ ගොඩක් තියෙනවා ඉවර කරගන්න.

      ජීවිතේ අමුතුම විදියට දකින වෙන්ඩ හබීට දකින ජීවිතේට උදව් කරන්න ඕනි ඒ නිසා ටික කලක් ඉන්නවා අවුරුද්දක් දෙකක් විතර. ඒ හිතට ශක්තියක් වෙන්නයි මට ඕනි.

      Delete
  11. කාර්යබහුල
    අනිවාර්යයෙන්
    යංශය ය වෙනුවට නොයෙදෙන බව කරුණාවෙන් සළකන්න

    ReplyDelete
  12. හඳහන් නම් විශ්වාස නොකරමි. දෙන්නට සුභ මංගලම්!

    ReplyDelete
    Replies
    1. මමත් ඔය කියන තරම් විශ්වාස කරන්නේ නෑ අයියේ.......ඒත් දෙමාපියන්ට විරුද්ධ වෙන්න බෑනේ.....ඒකයි මේ බය

      Delete
  13. අඩේ සුබ පැතුං ඕං අරුං ඩබලට.
    ඔයාගෙත් ඔය කේන්දර මෙව්වා එක විසදේවා ආවඩා අයුබෝ වේවා. :)

    ReplyDelete
    Replies
    1. තරු පේනව කියන්නෙ මෙන්න මේකට මට මතක හැටියට තරැවා ගොඩක් දවසකින්ද මේ පැත්තේ...... නැත්නම් මගේ මීටරේ අවුලක්ද

      කොහොම වෙතත් බොහොම ස්තූතියි ඔයාටත්

      Delete
  14. අපි නම් බලපු කේන්දරේකුත් නෑ. අපි දෙන්නගෙන් එකෙකුට කේන්දරයක් තිබුනෙත් නෑ. අපි ළමයි දෙන්නට නම් දැම්මෙත් අපේ නම් දෙක එහෙට මෙහෙට කරකවලා.

    කෙන්දර බලලා බැඳලා උදේ හවස කෙල ගන්න උන්, කො‍ටු පනින උනුත් ඔය ඉන්නේ.

    සිත්තමීට අපි කරපු දේම කරන්න කියලා කියනවා නෙවෙයි. මම කිව්වේ අපි කරපු හැටි. අපේ ළමයෙක් බඳින දවසක කේන්දර බැලුවොත් ඒ අපිට ඕනෙ හන්දා නෙවෙයි. අනිත් කට්ටියට ඕනෙ වුනොත් විතරයි.

    :D I'm Dude.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කථාවත් හරි අයියේ......අනේ මන්ද එක එක අයගෙ අදහස් වෙනස්......

      Delete
  15. මුලින්ම ඔය දෙන්නටත්, අර විවාපත් වෙන යාළුවො දෙන්නටත් සුභ පතනවා....!!!

    කේන්දරේ ගත්තොත්..... ඔය නිසා වෙන් වුනු දෙන්නෙක් ගැන මමත් කාලෙකට කලින් පෝස්ට් එකක් ලිව්ව. අදටත් දෙපැත්තකට වෙලා ඒ කෙල්ල අඩ අඩා ඉන්නවා. කොල්ල ගැන නම් මම දන්නේ නෑ.

    කේන්දරේ කියන්නේ ජිවිතේ ගෙනියන්න පාර පෙන්වන දෙයක් මිසක්, ඒක නිසා තමන්ට වැඩිපුරම ආදරේ කරන කෙනාව ඈත් කරලා දුක් විද විද ඉන්න ඕන කියන එක නෙමෙයි කියලයි මට හිතෙන්නේ. අපි කවදම හරි මැරෙනවානේ. ඉතිං ඉන්න ටික කාලේ අපි ආදරේ කරන අයත් එක්ක සතුටින් ඉන්න ලැබෙන එක කොච්චර දෙයක්ද.... කේන්දරයක් නිසා ඒක විනාස කර ගන්නේ මොකටද.....

    ReplyDelete
    Replies
    1. අනික වැදගත්ම දේ තමයි දෙන්නම මොන ප්‍රශ්නේ ආවත් එක හිතින් ඉන්න ඕනි. නැත්තන් ඉතිං මොකක් හරි පොඩි දෙයක් වුනත් කියයි ඕක තමා කේන්දරෙන් කිව්වේ කියල.එතකොට ඉතිං නිකන්ම ප්‍රශ්න.

      Delete
    2. ස්තූතියි සමනලී අහස් ප්‍රකාශකලාට .......අනේ මන්ද ජීවිතේ දෙයක් ලැබෙද්දි දෙයක් අහිමි වෙනවා....සතුට ලැබුන ගමන් දුක විදින්න වෙනවා....

      බලමු වෙන දෙයක් බාරගන්නවා...................

      Delete
  16. මම මේවයේ ගැවසුණු නැති දවස් දෙක තුනට අනු කෙල්ල හොරෙන්ම කසාද බැදලද දන්නෙත් නෑ. අක්කලා නංගිලා යාළුවො හැමෝටම ශ්‍රී සුභ මංගලම් කිව්වා එහෙනං :)
    කේන්දර කතාන්තර ගැන නම් මොකුත් නොකියමි............

    ReplyDelete
    Replies
    1. තාමනම් බැන්දෙ නෑ අයියේ......බදින්න වෙයිද දන්නෙ නෑ මේ වෙන දේවල් නිසා......

      කොහොම නමුත් ජීවිතේ ආයෙමත් හිත හදාගෙන අවසාන වතාවට ආදරේ කරනවා.....

      මේ බලාපොරොත්තුවත් කඩ වුනොත් මොකක් හෝ බලවේගයකින් සදාකාලිකව තනිවම ඉන්නවා......

      Delete
  17. දැං ඉතිං ටික දවසක් ගිහින්නේ ........... තාම පනපිටින් ද ? :D
    පණ පිටින් නං ඉතිං බය වෙන්න දෙයක් නෑ !!!!!ඒ උනාට සමහර වෙලාවට ඔය කථා ඇත්ත වෙනවලුනේ , බය කරන්න කියනවා නෙවෙයි , ගෑණු කෙනාගේ කේන්දරේ පිරිමියාට වඩා බලවත් උනාම ඔහොම වෙන්න ඉඩ තියෙනවා , චන්ද්‍රිකා මැඩම්ටයි විජය කුමාරතුංගටයි උනේ ඒක!!!
    කෝකටත් පරිස්සං වෙන එක හොඳටයි

    ReplyDelete
  18. siththamita waradila eya e thirane gaththe widawala marenna. siththami eke thama dannena. eya ge karumeta thama jeewath wenawa siththamita karapu adare hithe thadakaragna

    ReplyDelete