Tuesday, April 23, 2013

නුඹත් නොසිතූ දිනෙක ...............

අමතක කල ඒ අතීතය 
රැගෙන ගියත් ජීවිතය
ඉතුරු වුන මගේ අහිංසක හිත
කිලිටි නැතිව පිදුවා නුඹට
ආයෙ ආයෙමත් විටින් විට
පෑරුවත් මගේ සිත අතීතය
හීනෙකින්වත් දිව නොයන්නට
ආසයි මම ඒ අතීතයට
නොසිතූ නොපැතූ දිනක
නුඹ පාරවා මගෙ හිත
ආයෙ ආයෙමත් ඒ දුක
අළුත් කලා හිත යට
........................
මිදෙන්නට බැරි තරමට
අතීතය පාරවයිද අනාගතය
හදාගන්න බැරි වුනොත් දිනක
නුඹ හැර යාවි 
මා,
.
.
.
.
.
.
.
.
නුඹත් 
නොසිතූ දිනෙක

20 comments:

  1. හා හා බෙල්ල ගනිං අහකට... අහක යන කොච්චියකට තුවාල වේවි...

    ReplyDelete
    Replies
    1. හික්ස් ............මොනම දේ කලත් මේ ජීවිතේ නැති කර ගන්නෙ නෑ දේශකයෝ...............

      Delete
  2. හැමදාම වගේ අක්කිගේ කවි සිත්තම නම් අදත් ගොඩක් ලස්සනයි‍..ඒත් අක්කියෝ අතිතය අතීතයක් මිස අනාගතයක් නෙමේනේ..ගෙවුන අතීතය වෙනුවෙන් අනාගතේ නැති කර ගන්න එක නම් මෝඩ වැඩක් කියලා හිතෙනවා..ඒ නිසා මම හිතන්නේ අතීතය හිතට වදයක් නම් අනාගතය වෙනුවෙන් ඒ වදදෙන අතීතයට සමුදීලා ජිවත්වෙන එක හොදයි කියලා....

    ටිකක් පණ්ඩිත කතාවක් වුනාද මන්දා.... හේ ‍‍හේ

    ReplyDelete
    Replies
    1. කවුද මේ ආච්චි අම්මා........

      Delete
    2. මේ මම වගේ නේ. නැව ගිලුනත් බෑන්ඩ් චූන් ;)

      Delete
    3. කතාවනම් පණ්ඩිතයි වගේනම් තමා.............ඒත් අවුලක්ම නෑ ජීවිතේ ගැන ඒ විදියට දකින එක හොදයි මගේ පැංචියේ.............

      ඒත් මේක කවියක් විතරයි

      Delete
  3. අපොයි දෙයියනේ.... මේවැනි චින්තනවල හිටියොත් නම්..

    ReplyDelete
    Replies
    1. නලීන් අයියේ කවි සිතුවිල්ලක් පමණයි අනේ............අමාරුවෙන් ලැබුන මිනිස් ආත්මය නැතිකරගන්න මෝඩියක් නෙමෙයි සිත්තමී...........

      Delete
  4. කවි සිතුවිල්ල නම් හොඳා.. ඒත් බෙල්ල තියලා හරියයිද මං අහන්නෙ ඈ..

    ReplyDelete
    Replies
    1. අන්න හරි කවි සිතුවිල්ලක් විතරයි මේ................නමුත් මේ වගේ හිතන අයත් කොච්චර ඉන්නවද නේද සහෝ.................

      Delete
  5. පරණ කෙහෙල්මල් ඔක්කොම අමතක වෙන්න හාඩ් එකම ෆෝමැට් කරන්න. වැඩේ ගොඩ ;)

    ReplyDelete
    Replies
    1. අඩේ බොලව්නේ මේක මගේ කවි සිතුවිල්ලක් පමණයි..................

      Delete
  6. කාලෙකින් ලියලා.. ඒත්,

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කාලෙකින් ලිව්වේ.................ඒත් කියන්න එපා සිත්තමී කෙල්ල මැරෙන්නෙ නෑ............

      Delete
  7. මොනව කියනවද..? මන්ද. පිස්සු කෙල්ල..!

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නෙ මගේ කවිය ගැන කියල යන්නකෝ.............ඉතින් මම ලිව්වෙ කවියක්නේ මම කිව්වයැ මේක මගේ ජීවිතේ කියල (වැරදියටමයි මේ ගොල්ලො හිතන්නෙ හ....................)

      Delete
    2. නෑ අනී..... පෙම්කල කාලෙට යැවෙනවනේ...!!

      Delete
  8. හප්පේ කොච්චර කාලෙකින්ද සිත්තමීගෙ කවියක් කියවන්න ලැබුනේ! හැබෑටම සිතුවිල්ලක් විතරමද?

    ReplyDelete
  9. ඒකනේ ගිමන් අයියත් කොච්චර කාලෙකින්ද මේ පැත්තේ.......

    ඇත්තටම සිතුවිල්ලක්............සිත්තමී ඉස්සර වගේ දුක් විදින්නෙ නෑ ගොඩක් සතුටින් ඉන්නේ...........

    ReplyDelete
  10. කවිය නම් ලස්සනයි......හැබැයි ඔහොම හිතන අයත් නැතුවම නෙමෙයි. ඔය පත්තර,ගොසිප් සයිට් එහෙම බැලුවම ඕන තරම් උදාහරණ හොයා ගතහැකි...

    ReplyDelete