මගෙ හිත ලඟ
නුඹ තනියට
ඔය හිත මට
පුද දුන්නා....
හැම දිනකම
සතුට අරන්
නුඹ මා වෙත
පියමැන්නා...
.
.
.
.
.
.
.
නමුදු දිනක
මගේ හිතට
කඳුළු අරන්
නුඹ ආවා...
යළි එන්නෑ
මම එන්නෑ
නපුරු හඬින්
නුඹ කීවා...
.
.
.
.
.
.
.
කවදා හෝ
නුඹ ඒවියි
මගෙ හිත මට
කොඳුරනවා...
නුඹ නාවත්
කවදාවත්
මම නුඹටම
පෙම්කරනා....
සිත්තමී සිත්තමේ ලියන අවසාන කවිය.........
සිත්තමී සිත්තමේ ලියන අවසාන කවිය.........
හ්ම්ම්
ReplyDeleteදැන් ඉතින් නුඹත් ගියා.
එත් කවමදාක හරි ඔහු ආපසු ඒවි
හැම දේම කාලයා හොදින් විසදාවී.
හිත හදාගත්ත ගමන් ආයෙත් එන්න අපි බලාගෙන ඉන්නවා........
ඉතුරු ටික මේල් කරලා ඇති
කවි ලියුවත්.. හිත හැදෙන්න..
ReplyDeleteඒ කවියම දුකක් වෙලා
හිත බිදගෙන කවි සිතුවිලි
ඈත් වෙනවා මට දැනුනා.
සිත්තම් කළ ඔබේ කවිය
ලොකු දුකක්ය මා හට නම්
හිත හැදුනොත් යළි ලියන්න
අපි ඉන්නම් එය බලන්න
ස්තුතියි.. සිත්තමි.. නැවත හමුවෙමු.. (ඇයි යන්නේ කියල අහන්න හිතුනත් එය ඔබේ කැමැත්ත බව දනිමි)
ලස්සනයි..
ReplyDeleteඒත් අවසාන??????????????????
//සිත්තමී සිත්තමේ ලියන අවසාන කවිය........//
ReplyDeleteඒ කියන්නෙ...........????
ඔබේ රිදුනු සිත කාලය විසින් සුවපත් කරාවි නිසැකවම... අත්දැකීමෙන් කිව්වෙ...
ReplyDeleteසිරාගෙ කතාව හරියටම හරි. කාලය මිසක වෙන ඔසුවක් කොහෙන්ද රිදුන සිතකට...
DeleteTime is the healer...
ReplyDeleteකවිය ගැන කියන්න ආවට මොකො මේ අන්තිම කවිය කියලා දාලා තියෙන්නේ
ReplyDeleteහිතේ දුකක් කරදරයක් තියෙනවා නම් ලියන එක නවත්වන එක නෙවෙයි වැඩියෙන් ලියන එකයි කරන්න ඕනෙ. අනෙක යමක් දැනුන ගමන් ඇති වෙන ආවේගයට කලබල නොවී ඉවසීමෙන් කාලයට ඉඩ දෙන්න. ඉක්මණින්ම හිත සුවපත් වේවා කියලා ප්රාර්ථනා කරනවා.
ReplyDeleteඅන්තිම කවිය ???
ReplyDeleteඒ මොකෝ නංගි ඒ..
ලසනයි.... ඒත් මොකෝ අවසානයි කිව්වේ?
ReplyDeleteඇත්තටම මමත් අහන්නේ මෙච්චර හොඳට කවිලියන්න පුළුවන් කෙනෙක් ඇයි එහෙම කිව්වේ කියලා. අන්තිම කවිය කියන්නේ ආයෙ කවි ලියන්නෙ නෑ කියන අදහසින්ද?
ReplyDeleteහ්ම්ම්ම්....... දුක හිතෙන, ලස්සන කවි පෙළක්.......
ReplyDeleteඒත් ඇයි ලියන අවසාන කවිය..... ????
ඇයි....අවසාන කවිය..... ????
ReplyDeleteඔක්කොමත් හරි....ඇයි අවසාන කවිය..................????
ReplyDeleteA very emotional poem...great!
ReplyDeleteමොකද මේ අවසාන කවිය??? :O
ReplyDeleteආයේ ලියන්නෙම නැද්ද?
ReplyDelete