Thursday, October 25, 2012

නොකියානම් නුඹ මට යන්න එපා......


හැරයන්නට පෙර මත්තෙන්
එන්න කියා නුඹ මට යන්න එපා
මතකය සිරකොට නෙතු අගිස්සේ
පෙරදා සේ නොදොඩා ඉන්න එපා

හැර දමා මා යන්න ඕනිනම්

යන්න මා දමා තව ඉන්න  එපා
මා වැරදිනම් අනේ ඒ ගැන
නොකියානම් නුඹ මට යන්න එපා

නුඹේ රුව මගෙ හිතම සැනසුවද
හැරගිය පසු මට දැක ගන්න එපා
පිළිකුලක් වෛරයක් නැහැ මට
නමුත් මා ගැන යළි සිතනු එපා

32 comments:

  1. කා වෙනුවෙන්ද ඈ මේ කොටන්නේ... ;)

    ReplyDelete
  2. නුබ යන්නම යන්නම යනවා නම්
    මට ඉන්න කියන්න බැහැනේ ඉතින්
    යලි එන්නම එන්නම සිතුනේ නම්
    නුබ එන්න එපා මගේ හිත තහනම්...

    දිවුල්ගනේ මහත්තයා කාලෙකට උඩදි මෙහෙම කියලා තියෙනවා...

    ReplyDelete
  3. ෂහ්.. මරේ මරු. දෙවැනි කවියේ අන්තිම පේලිය නොකියානම් වෙනුවට නොකියා කියල දැම්මනං හොදය හිතෙනවා. මට හිතෙන හැටි. කමා වෙත්වා. සිත්තමියෝ හරිම ලස්සනයි. හරිම ලස්සනයි.

    ReplyDelete
  4. ආලය මුලාවකි ආලය මුලාවකි
    කාලය කාදමන මල හත්තිලව්වකි
    කොතරම් පඩිවරුන් කිව්වත් අනාවැකි
    මරණෙට වල කපන මහා තඩි උදැල්ලකි

    කියලත් කවුදෝ කියලා තිබ්බා

    ReplyDelete
    Replies
    1. කියපු කෙනාගෙ කටට මසුරන් දාන්න ඕනි නේ...

      Delete
  5. නැගනියගෙ වේදනාව තුනි වෙන්නට පතමි...
    ආදරය/වේදනාව මමත් හොදට අදුනන දේවල් නොවැ...

    ReplyDelete
  6. අනේ මන්ද :( :(

    ReplyDelete
    Replies
    1. ඇයි හිරුවෝ...වචනයක් කිව්වනම් නරකද?

      Delete
  7. අනේ මන්ද මේ යසට හිටි එවුන්ට මොනව වෙලාද කියල??? හැබෑටම මේ සත්‍ය සීන් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ජීවිතේ එහෙම තමයි....මේ හොදින් ඉන්නවා තව ටිකකින් නැතිවෙනවා...

      Delete
  8. මේක දැක්කාම මතක් උනේ ළඟදි මූණු පොතේ දැකපු දෙයක්.

    " යන අයට යන්න දෙන්න. ඉන්න අයත් එක්ක සතුටින් ඉන්න "... කියලයි තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා මගේ සිත්තමට අළුත් මධුරංග....දිගටම එන්න මේ පැත්තෙ

      Delete
  9. යම් වේදනාවක් වෙතොත් තුනීවෙන්න කියල මම පතනවා නිර්මාණයක් හැටියට හැඟීම් බරයි.

    ReplyDelete
  10. දෙන්න තරහ වෙලයි?
    සංවේදී නිර්මාණයක්..!

    ReplyDelete
    Replies
    1. රෙහානි කෙල්ලත් කාලෙකින්ද මේ පැත්තට....අනේ දැං මතකත් නෑ...

      Delete
  11. ආදරය..වේදනාව කාටත් පොදු දෙයකි....! ආදරය උපදින්නේ වේදනාව අග්ගිස්සෙනි..!
    ඔයාගෙ වේදානාව,කනගා‍ටුව දුරු වේවා..!

    ReplyDelete
  12. එකම කතාවක එකම දෙබස් තවත් කතාවක වෙනස් චරිත වලින් ඇහෙනවා වගේ.
    විශ්වාස කරන්න නංගා කාලයත් එක්ක හැමදේම දරා ගන්න පුලුවන් සාමාන්‍ය මට්ටමට එනවා. එතකල් හැමදේම මැදහත් හිතින් ඉවසන්න.

    ReplyDelete
    Replies
    1. එකම කතාවක එකම දෙබස් තවත් කතාවක වෙනස් චරිත වලින් ඇහෙනවා වගේ.

      ලොකු තේරුමක්.....

      Delete
  13. ජිවිතයට ආදරය තිබුනොත් හොදයි නැතත් මොකද වෙන්නේ
    http://manasindiviyata.blogspot.com

    ReplyDelete
    Replies
    1. අපේ ජීවිත ජීවත් කරන්නේ ආදරය යාළු....

      Delete
  14. ඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී‍
    මේ කාමරයේ පුරා රැඳුනු සිවඳත් අරගෙන
    ඒ සුවඳ ඇවිත් මගෙහිත පාරයි....

    (කපුගේ)

    ReplyDelete
    Replies
    1. හරි පුදුමයි අද ඔබෙන් මම කුමක් හෝ වචනයක් බලාපොරොත්තු වුණා...නමුත් සින්දුවක් සටන් කරල ඔබ ගිහින්.....

      Delete
  15. යන අයට යන්න දෙන්න ඕන තමයි ඒත් යන්න දෙන්නෙ නැතිව ඉන්න කියන්න තරම් අපේ හිත් ආදරේ කරන අයත් ඉන්නවා.....හ්ම්ම්ම්....

    ReplyDelete
  16. "පිටුපා යන්න ගියාවේ පුරහද
    එක තරුවක් ඇති මගෙ අහසට"
    (ගුණදාස කපුගේ ගීතයකින්)

    ReplyDelete
  17. පහුගිය දවස් වල තද සුලන් එක්ක වැස්සකුත් ආව නේද?

    ReplyDelete
  18. මම මේ තාලයක් හිතා ගන්න හදනවා හදනවා බැහැනේ :D

    ReplyDelete