Thursday, October 18, 2012

සමබර නොවන තරාදියක......


දෙමාපිය සෙනෙහස
ඔබේ ආදරය
සමබර නොවුනොත්
එකම තරාදියක
රිදේවි මසිත
අනේ මහ හුඟක්.......

තේරුම් නොගෙන
විඳවන මගේ හිත
එකඳු පැත්තක් හෝ
බර වුනොත්
විඳවාවි මගේ ජීවිතේ
මියෙන තුරු මා
හැමදාම......

විඳගන්න බැරිවුනොත්
සමබර නොවූ තරාදියේ
මගේ ජීවිතය
මියෙනවා හැර
නැතිය පිළිතුරක්
තවත්
මගේ ජීවිතේට...... .



සිත්තමී ලියූ කවියක් වගේ කවියක් නොවූ සිතුවිල්ලක්......
තේරුම් ගත්තෝ තේරුම් ගනිත්වා නොතේරුනෝ මට සමාව දෙත්වා....





38 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මට නම් දෙමවුපියන්ගේ ආදරේ පැත්ත පහතට ගිහින් අනිත් ආදරේ පැත්ත උඩ ආවට කමන් නෑ.. කොයි ආදරේවත් දෙමව්පියන්ගේ ආදරේට සම කරන්ඩ බෑ දරුවෝ... !

    "අතේ නැතත් සතේ අම්මා කියයි පුතේ "

    මරදානේ ඉඳලා පංචිකාවත්ත පැත්තට යන ත්‍රීවිල් එකක පිටිපස්සේ එහෙම කියලා තිබ්බා.... :)

    කවි සිතුවිල්ල ලස්සනයි සිත්තමි. ඔන්න මගෙන් තමා පලවෙනි කමෙන්ට් එක !

    ReplyDelete
  3. කොයි ආදරේවත් දෙමව්පියන්ගේ ආදරේට සම කරන්ඩ බෑ දරුවෝ... !

    හරියට හිතට දැනුනා මධූ අයියේ....සිත්තමීත් මේ තරම් අසරණ වෙලා තියෙන්නෙත් ඒ දෙන්නාගේ ආදරේට ගොඩක් ආදරේ කරන නිසා...

    නමුත් ජීවිතේ අසරණකමක් දැනෙනවා...

    ReplyDelete
  4. ගොඩාක් අය අසරණ වෙන තැනක් නංගී. ඒ තත්වෙ ඉඳල විඳවපු කෙනෙක් මිසක් වෙන කෙනෙක්ට ඒ දුක අනුමාන කරන්න බෑ.
    කොහොම වුනත් දෙමාපිය ආදරේ තරාදියක දාලා කිරන්න එපා පලක් නෑ. ඒ බර අනිත් පැත්තෙන් සම කරන්න බෑ. අවුරුදු කීපයකදි දැකපු ආදරේට වඩා අවුරුදු 20ක් පුරාවට නොදැක නොදැනී ඔයාට ලැබුනු ආදරේ බර වැඩියි.
    අනිත් කාරණේ ජීවිතෙන් නිදහස් වීම කියන්න කිසිම ගැටලුවකට විසඳුමක් නෙවෙයි.
    කලින් දවසක කිව්වා වගේ සිත්තමී කියන්නෙ හිත හයිය කෙල්ලෙක් ඉතිං හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් තීරණයක් ගන්න ඉතුරු ටික කාලයා විසඳනවා.

    ReplyDelete
    Replies
    1. සියල්ල කාලය විසදාවි....එහෙම හිතන් දැන් ජීවත් වෙනවා...

      සිත්තමී කියන්නෙ හිත හයිය කෙල්ලෙක් ඉතිං හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් තීරණයක් ගන්න

      හිතේ හයියට වැඩිය මේ වචන ටික හයියක්....

      Delete
  5. මේ සිතුවිල්ල මගේ හිතටත් තදින්ම දැනෙන දෙයක් සිත්තමී. දෙමව්පියන්ගෙ ආදරේ උපරිම විදිහට විඳින කෙනෙක් තමන්ගෙ ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න හිතාගෙන ඉන්න කෙනාගෙනුත් ඒ තරම්ම ආදරයක් ලබන්න බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට අපි මේ පාර්ශවයන් දෙකෙන් අපිට ලැබෙන ආදරය සංසංදනය කරල බලනවා. ඒත් මේ ලෝකෙ කිසිම ආදරයක් දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරයට සමාන කරන්න බෑ. ගිමන් කිව්වා වගේ
    "අවුරුදු කීපයකදි දැකපු ආදරේට වඩා අවුරුදු 20ක් පුරාවට නොදැක නොදැනී ඔයාට ලැබුනු ආදරේ බර වැඩියි."
    ඒ දේ අපි තේරුම් ගන්න ඕනි. අනිත් එක ජීවිතේ අපි හිතන හැමදේම අපිට ඒ විදිහටම ලැබෙන්නෙ නෑනෙ නංගි...මේ වගේ ප්‍රශ්නයකදි ගොඩාක් බුද්ධිමත් විදිහට හිතලා ඒ ප්‍රශ්නෙ විසඳගන්නව මිසක් ඉක්මන් තීරන ගන්න එක නෙවෙයි කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. හිතට හයියක් සහෝ....ඔය වචන ටික

      Delete
  6. හැබැයි දෙමාපියනුත් සමබර වියයුතුයි කියලයි හිතෙන්නෙ..
    ඔයාට තියෙන ප්‍රශ්ණය මේකයි එතකොට...!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මමත් කියන්නෙ වී....

      Delete
  7. මේක තමයි අද ගොඩක් කස්ටිය ටපල ගන්න තැන!

    ReplyDelete
    Replies
    1. ටැපලිලාමත් නෙවෙයි නාඩි දෙපැත්තටම අසරණ වෙලා...

      Delete
  8. මාරම මාරයි..හිතට වැදුනා ගොඩක් මේ ලියවිල්ල අක්කෝ,,සාර්ථක පෝස්ට් එකක්.. ජය!

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයා සිත්තමිටත් වඩා බාලද... හෙනම චූටි ගෑල්ලමයෙක් නෙව. :)

      Delete
    2. ඔයාගෙ හිතට වැදුන තැන මගේ හිත රිදුණ තැන හිරුවෝ

      Delete
  9. ලස්සන අදහසක්. ඒ වගේම ඒතෙන් තේරුම් ගක්ක පුළුවන් වෙන ඔබගේ චර්යාවන් පිළිබදවත් දැනෙකවා. තවි තියෙන්න ඕන ඒ විදියට තමයි. දැංනං සිත්තමියෝ මටත් හිතෙනවා කවි ටිකක් නෙලල දාන්න. ඇත්තටම ඔය දෙකම එක තට්ටුවක දාන්න පුළුවන් විදියේ තට්ටු තරාදියකට දැම්මනං මක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. කවි ටිකක් ලියන්න දේශකයා...මමත් එන්නම් බලන්න...

      Delete
  10. ඔබේ ආදරය හමුවේ දෙමාපියන් විරුද්ධයි... එහෙමද ? තැවෙන්න එපා ධනාත්මකව හිතලා කරුණු පැහැදිලි කරන්න.... වැඩේ ගොඩ යයි.... මට එහෙම දෙයක් තමා හිතුනෙ... සමහර විට මම වැරදිද දන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔයාට හිතුණදේ තමා හරි

      Delete
  11. රැව්ලයි කැඳයි දෙකම ශෙප් කියන්නේ කැඳ එක මාර රහයි කියන එකනේ හොඳ නිර්මාණයක්

    ReplyDelete
  12. සිරාවට මමත් හිතන පුරස්නයක් තමයි ඔය

    ReplyDelete
    Replies
    1. එහෙනම් තවත් හිතන්න

      Delete
    2. ඇයි කෝරලේ මහත්තයෝ කොටුවක් පනින්න ආස හිතිලද? බනියා බනියි හොදේ. ජය

      Delete
  13. samahara welawata apita ape jiwithe amathaka karannath sidda wenawa thawa kenekuge sathuta wenuwen.

    amma thaththa denna monawa kalath karanne thamange daruwange sathuta wenuwen ne. hama dema hodin wisadeyi nangi. oyage tharadiyat ikmanatama samabara weyi :D

    ReplyDelete
    Replies
    1. samabara nowana tharadiya kohoma sama bara wennada ayiye.....

      Delete
    2. mama wage digital scale ekak use kala nam ohoma wenne ne. :D :D
      tharadiyata depeththak ne. ekama adare amma witharamayi.

      wihiluwak kale nangi. oya wedanawa mamath hodata dannawa. mata nam okata ekama piliyma owa gana mokawathma nohitha inna eka. owa gana upades denna nam mata therenne na.:/

      rep mahaththaya.

      Delete
  14. කවිය නම් තේරුණා.. එත් මේ කවියේ "අනේ මහ හුඟක්" "හැමදාම" සහ "මගෙ ජීවිතේට" යන වචන නොදා තිබුණාන නම් කවියේ අරුත තවත් වැඩිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කිව්වට පස්සෙනම් මටත් ඒක හිතුණා....ඕනෑකමකින් ලියපු එකක් නෙවෙයි මේ පෝස්ට් එක....

      Delete
  15. පොහොම කල්පනාවෙන් වගේම පරෙස්සමෙන් මනින්න ඕනි දෙයක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්....ඒක ඇත්ත තරුවා....

      Delete
  16. මන්දා දෙමාපියන්ගේ ආදරෙයි,ආදරවන්තයාගේ හෝ වන්තියේගේ ආදරෙයි පටලවා ගන්න හොද නෑ.ඒ දෙක වෙනස් දෙකක්.ඒත් එකක් වෙනුවෙන් එක පැත්තක අතාරින්න බෑ,ඒ දෙක හරියට තේරුම් අරන් අපි හැමදේම කලොත් අපි දිනනවා අනිවා......

    ReplyDelete
    Replies
    1. ඒත් මම පරදිනවා මඩයා....

      Delete
  17. මාර වැඩේ..හොඳට හිතල තීරණයක් ගන්න..!

    ReplyDelete
  18. ලස්සන කවි සිතුවිල්ලක්.... ඒත් දෙමවුපියන්ගේ ආදරය කවදාවත් මනින්න බැහැයි කියලයි මට නම් හිතෙන්නේ...

    ReplyDelete
  19. අම්මප කවි ටිකනම් සුපිරියි...

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා මගේ සිත්තමට ආදරේන් ඔබව...බොහොම ස්තූතියි

      Delete