Friday, September 28, 2012

පාසලේ අලිගැටපේර කාලපරිච්ඡේදය .....

ඕන් යාළුවනේ හැමෝගෙම ඉල්ලීම පරිදි සිත්තමී නැවතත් පාසලේ දවැඩක් මෙමරි එකෙන් මතකෙටත් මතකයෙන් මෙමරි එකටත් ගන්නයි මේ සූදානම. ඕන් මේ වෙද්දි සිත්තමී‍ගෙ දම කාලෙ. ද කෙරුවයි කියල කවමදාකවත් සිත්තමී ඉස්කෝලෙ වැඩ අනාගත්තෙ නෑ.ඒ ඒ දේවල් ඒ ඒ විදියට කරන්න සිත්තමීට සුපිරි මොලයක් ජාන වලින්ම ලැබුන නිසා වැඩ අනාගත්තෙ නෑ ඉතින්. ද වැඩ කෝටියක් එක්ක පාසල් කාලය හරි ඉක්මණින් ගෙවිල ගියා.ඒ ගැන මතක් වෙද්දිත් දුකයි.

හරි මෙන්න කථාව.මගේ පාසල ළමුන් 2500ක් පමණ ඉගන ගන්නා පාසලක් භූමි ප්‍රමාණයත් සෑහෙන්න විශාලයි.පාසලේ පිටුපස කොටස ගම පැත්තට ආවරණය වීම විටෙක විදුහල්පතිට හා ගුරුවරුන්ට හරි කරදරයක්.ඒ ගැන පස්සෙ කියන්නම්කෝ මෙමරි එකේ තියාගන්නකෝ.නගරයෙන් ටිකක් විතර ඉවත්ව යද්දි තමයි පාසල හමුවන්නේ.පළතුරු විමානයක පිහිටි මගේ පාසල මතක් වෙද්දිත් ඇග නලියනව වගේ.නෙල්ලි (පාසලට අඩිය තියද්දිම තියෙන ළමයින් පිස්සු වැටෙන අපේ ජාතික ආහාරය ගස් 8 ක් පාර දෙපස හිටවල තියෙනවා) ඊලගට ජම්බු. පේර. රඹුටන්. පිණි ජම්බු. අලිගැටපේර. තැඹිලි. කුරුම්බා. වරකා. ගස්ලබු.නමිනං. බෙලි. වලින් ස්වංපෝෂිත පාසලක්. ළමයින්ට ගෙඩි හැදෙන කාලෙට දිව්‍ය වරප්‍රසාද ලැබුන ගානයි...

හ්ම් දන්නවද සිත්තමී වැඩිපුර කන්න කැමතිම අලිගැටපේර.ඉතින් අලිගැට පේර ගස් දෙකට මායිම්ව පිහිටි අපේ පන්තිය ගෙඩි හැදෙන කාලෙට කිසිම ළමයෙකුට ඒ පැත්තට නොයන්න වගබලාගන්නේ අපේ පන්තියේ අයම තමයි.අලිපේර ගහේ මල් ආපු දා ඉදල ගෙඩි පැහිල ඉදෙනකම්ම ගහේ තියෙන ගෙඩි ගානත් අපේ පන්තියේ අය දන්නවා. එක ළගම පිහිටි ගස් 2කේ ගෙඩි පිරිල වැඩි කමට අතුබිමට බර වෙනවා.මේ ගස්දෙක පිහිටන්නේ විදුහල්පති ගුරු නිවාසෙ පිටුපස ඒ කියන්නෙ අපිට යාබදව පිහිටන්නේ විදුහල්පති ගුරු නිවාසය.අපේ පන්තිය පිහිටියේ ටිකක් උස්බිමක හදමින් පවතින ගොඩනැගිල්ලක අවසාන පන්තිය.මුල්ලටම කරල අපිව තියල තියෙන්නෙත් අපේ යහපත් කල්කිරියාවම නිසාම. ඒ ගැන සතුටට පත් විදුහල්පති කාගේවත් ඇස්වහ වැදුණොත් එහෙම කියල මුල්ලකට කොරල අපිව තිබ්බා...හි හි හී...


ඔන්න ඉතින් අලිපේර ගෙඩි හැදෙන කාලෙ ඉදන් අපි පණවගේ බලන් හිටිය ගෙඩි පැහෙනකම්.ගෙඩි පැහෙන කාලෙට කොච්චර පරිස්සම් කලත් පොඩි කොලුපැටවුන්ගෙන් බේරගන්නවා බොරු.විවේක කාලයට රණ්ඩු කෝටියයි ගෙඩි වලට.ඉතින් එදත් මම හිතන්නේ පාසලේ 3වෙනි කාලපරිච්ඡේදය වෙන්න ඇති.ගුරුතුමිය නොපැමිණීම හේතුවෙන් අපි සැමගේ මැදිහත් වීමෙන් අලිගැටපේර කාලපරිච්ඡේදයක් පවත්වන්න සියළු කටයුතු සූදානම් කලා.ඉතින් ඕනෑම පන්තික දග මළු ටිකක් වගේම සයිලන්ස් මූඩ් අයත් සමසේ ඉන්නවනේ අන්න ඒ අයගේ දැඩි විරෝධය මත ඔවුන්ව පන්තියේ හලමින් සිත්තමී ප්‍රමුඛ අලිගැටපේර කමිටුව ඉස්සර වුණා.මගදෙපස පිරික්සමින් තොරතුරු සන්නිවේදනය සදහා සුපුරුදු ලෙස ආරෂක අංශයේ වැඩ බලන පළපුරුදු දෙතුන් දෙනාත් බුද්ධි අංශයේ වැඩ භාරගනිමින් පිරිස ටිකෙන් ටික ගුරු නිවාසෙ පිටුපසට වෙන්න සේනදු වුණා.මල්හතයි කිව්වලු විදුහල්පති හාමිනේත් අද ගුරුනිවාසෙ නෑ...හුරේ නිදහසේ වැඩක් දෙන්න පුළුවන්.ප්‍රීතියෙන් ඉපිලෙමින් වල්පැල අස්සේ පරිස්සමට හන්ගපු පොළු මුලුගුරු අරගෙන වැඩ ආරම්භ කලා.


දහ්....දහ්.....ඩොග්......ඩොග්....ඉදුණු පැසුණු අලිගැටපේර  එකින් එක බිමට සේනුදු වුණා.සිත්තමීත් දුව දුව පැන පැන පොළුපාරවල් බේර බේර වැටෙන අලිපේර ඇහින්දා...හික්ස් පෙරේත කමේ මහත.හරි හරි පෙරේත කම වුනත් දෙයියනේ අලිපේරනේ.

මේ කරෝලයා ඒ බන් සීනි කොහෙන්ද කැන්ටිමෙන් ගන්නවද? 
                                      
සිත්තමී රොබරි අයියා වන කරෝලයාගෙන් ඇහුවා.

උඹට කඩල දුන්නම මගුල තව සීනිත් අහනවා...@@@@@@ (කැත කටක් තියෙන්නෙ එයාට)සිත්තමී නිහඩ වුණා.

මේ අහපන් කරෝලයා අපි ගුරු නිවාසෙම කුස්සිය පැත්තට පැනලා සීනි බෝතලේට දෙමුද .ඒ කටහඩ අවධි කලේ සිත්තමීගේ අඹයා ගයි...හරි පොඩි සර්ච් එකක් දාමු..

කොල්ලෙ ටික ගුරුනිවාසෙ සීනි බෝතලේට ‍ගුස්පියක් අදින අතරේ මුරට දාපු එකෙක්ගෙන් උණු නිවුස් එකක් 

ඒයි පිනා එනෝ......පිනා එනෝ......දුවමූ......

දන්න වැඩ කෑලි දාල එකා එකා කඩපු අලිපේර අතින් අරන් දුවන්න වුණා.එකගෙඩියක් මටනම් මදි.ගෙඩි දෙකතුනක් අරන් මමත් දිඩිදිඩිගාලා දිව්වෙ නැතැයි සිත්තමීට ඉතින් දුවන්න බැරුවයි.දිව්ව ඉතින්...

ඔන්න ඉතින් එකා එකා පිටිපස දුවල ආපි අපි පන්තියට........ ඔය කරල තියෙන්නේ වැඩක් කරෝලයා අලිපේර කඩ කඩ හිටපු පොල්ලත් කරේ තියන්ම පන්තියට දුවල....ඒක පැත්තකින් තියමුකෝ දෙයියනේ කරේ තියන පොල්ල පිටිපස්සෙ කොඩිය හික්ස් ඒ මොකක්ද? අපොයි මලා පින්සිපල්ගේ යටම යටම යට ඇදුමක් ඒකෙ අගිස්සෙ පැටලිලා ඇවිත්....එත් දෙයියනේ දැන් මොකයි කරන්නේ.කරෝලයට ඒක හරි ජොලියක්.හූ තියනවා දුවනවා පොල්ල කරේ තියන් කරකවනවා වැඩ කෝටියයි..බලන් ඉන්න ආසාවෙ බෑ.ඔන්න ඊලග සෙල්ලම පටන් ගත්තා.අලිපේර කාලපරිච්ඡේදයට සහභාගි නොවූ අයගෙ ඔළුවට ප්‍රින්සිපල්ගෙ යට ඇදුම විසිකරනවා.දැන් ඒක පන්තියෙ එහාටයි මෙහාටයි මෙහාටයි එහාටයි යනවා. කෙල්ලො කෑගහනවා අප්පිරියාවට...ෂික්.....

ගුරු නිවාසෙට ගිහින් ආපහු කාර්යාලයට යන ප්‍රින්සිපල්ට අපේ සද්දෙ ඇහිලා ඇවිත්. අපිත් දැක්කෙ නෑ...වැඩේ අතේ මාට්ටු.අනේ මගේ කට කැඩෙනකම් කිව්වා කරෝලයෝ ඕක නවත්තපන් .....වැඩක් වුනේ නෑ...දැන් ඉතින් වැඩ ඉවරයි.

නවත්තපල්ලා ඕක 

ගොරහැඩි කටින් ප්‍රින්සිපල් අපිව ඇමතුවා ආදරෙන්. අවසාන වතාවට යට ඇදුම ඉතුරු වුනේ කෙල්ලෙක්ගෙ ඔළුවෙ. කරඩුව වැඩෙම්මුව වගේ  ඒකිත් ඒක ඔළුවෙ තියාගෙනම දෑතින් අල්ලෙගන නැගිට්ටා. පිනාට යකා නැගල  යකා නගින්නෙ නැද්ද ඉතින් එයාට වුනත් ලැජ්ජාවක් කියල ඒකක් තියෙනවනේ ඒක පැත්තක තියමුකෝ. කොරේ පිටට මරේ කියල කඩපු අලිපේර ටිකයි හොරකම් කරපු සීනියි තාම අපේ ඩෙස්ක් වල උඩ. 

මේක කරපු එවුන් නැගිටපියයව්...... මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඒ අපේ ආදරණීය ප්‍රින්සිපල් 
 මම දැකලම නෑ ඒ තරම් කේන්තියක් 

කරපු ඒවුන් නැගිටපියව්.....

එකෙක්වත් දැන් කරල නෑ.කවුරුවත් කරලත් නෑ.සිංහ නාදය වැඩියි මම දැනගත්තා වැඩේ අවුලටම යන බව නොකරපු උන්ටත් සම්බුව ලැබෙන්න කලින් සිංහ ලීලාවෙන් වැඩා වගේ මම නැගිට්ටා.මම දන්න එක දෙයක් තියනවා මම තනිවෙන්නෙ නෑ කියලා කවුරු නැතත් හවුලට ගයියා ගුටිකන්න   එනවම තමයි ඒ නිසයි නැගිට්ටේ හික්ස්....ඔන්න දැන් පුටු පස්සට වෙවී පන්තියෙන් බාගෙකටත් වැඩියෙන් නැගිට්ටා.

වරෙව් යන්න..... ඒ ආදරණීය ප්‍රින්සිපල් 
එකාට වේවැල්පාරවල් දෙක බැගින් පිළිගන්වමින් විදුහල්පති කාර්යාලය ලග අපි පෝලිමට දණ ගැස්සුවා. විවේක කාලයත් පහුවුණා ඒත් අපිව යැව්වෙ නෑ. විවේක කාලයේ එලියට බැහැපු පොඩිඑවුන් අපිට ඔච්චම් කර කර එහෙ මෙහෙ ගියා. මොනව වුනත් ඉවසන්නම බැරිම දේ ඒකයි.පොඩිඅයට දෙයක් දැක්කොත් අමතක කරන්නෙම නෑනේ. මහ අවුවෙ පැය දෙකක් දණ ගැහුවා.නිකම් නෙමෙයි කඩපු අලිපේර ටිකත් අපි ඉදිරියෙන් තියාගෙන අලිපේර හොරු කියල බෝඩ් ඒකකුත් ඉදිරියෙන් තියාගෙන...

අපි හිතුවේ අපි අලිපේර හොරු නමින් ප්‍රසිද්ධ වෙයි කියලා නමුත් අවාසනාව කියන්නේ අපේ ඊළඟ දඟවැඩේ කරලියට එනකම්ම අපි ප්‍රසිද්ධ වුනේ ජ.ගි හොරු නමින්. ඒ නම අපි කවුරු එළියට බැස්සත් පුංචි ළමයින්ගේ කටවල් වලින් රැව්පිළි රැව් දුන්නා.දෙකක් තුනක් ඇණල නිශ්ශබ්ද කල අවස්ථාත් තිබුණා.




46 comments:

  1. ෂික්...ජ*ගි හොරු..........!
    අලිගැටපේර..පොලුගහල කඩල කනවද...? අමුවෙන්..!!!

    ReplyDelete
    Replies
    1. අමුවෙන් කන්නෙ නෑ පැහිච්ච ඉදෙනකම් තියෙනවා ඉදිච්ච කනවා.පොලු ගහල කඩන්නේ ඉදෙන්න තියන්න.සීනි හෙව්වේ ඉදිච්ච කන්න.

      Delete
  2. Replies
    1. තව තියෙනවා ඔයාලට හිනාවෙන්න

      Delete
  3. හික්ස් :)
    ඇති වෙන්නම හිනා වෙවී කතාව කියෙව්වා. ඔයලෑ ඉස්කෝලේ කට්ටියත් මාර වැඩ නෙව කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉතින් හිතාගත්ත හැකි නේද සිත්තමීගෙ දග ....ඉස්කෝලෙ අය දග නෑ අපේ පන්තිය විතරමයි දග ඒකනෙ මුල්ලකට කරල තිබ්බෙත් අපිව...

      Delete
  4. Replies
    1. ඔයාලට බලල හිනා අදටත් මට මතක්වෙද්දි බඩ රිදෙන්න හිනා....අද ඒ දේවල් මතක් කර කර හිනා වෙනවා

      Delete
  5. හෙහ් හෙහ් හූ....
    ජංගි හොරූ...ඌඌඌඌඌඌ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. අපොයි මට අර පුංචි ළමයි මතක් වෙනවා...අපිට හූ කියකිය දුවපු

    ReplyDelete
  7. අවාසනාව කියන්නේ අපේ ඊළඟ දඟවැඩේ කරලියට එනකම්ම අපි ප්‍රසිද්ධ වුනේ ජ.ගි හොරු නමින්"හේ හේ...............!
    මාත් ලිවුවා අඹ කඩපු කතාවක් මේ වගේ...හ්ම්...මෙයත් හරි දඟ වැඩ කරලා තියෙන්නේ මේ මන් වගේ..!
    :D

    ReplyDelete
  8. හපොයි මේ වගේ දඟයෝ ටිකක්...
    අපේ ඉස්කෝලෙ සියඹලා ගහටත් ඉතිං මේ සන්තෑසිය තමා අපි හවසට ප්‍රැක්ටිස් ඉන්න දවසට.. අපි නම් ඉතිං පොලු ගහන්නේ කාන්ති මිස්ගේ පූර්ණ අනුග්‍රහයෙන් සහ එයාගේ පුතාගේ... ( අපේ වයසේ කොල්ලෙත් තමයි.. අනිත් උන් කෙසේ වෙතත් අපි දෙන්නා නම් සිරාවටම යාලුවෝය....) උපරිම පොලු ගැසීමේ දක්ෂතාවයත් එක්ක තමා....

    ReplyDelete
    Replies
    1. හොරෙන් කාලනම් හොදට පුරුදුයි නමුත් පොලු ගහන්න නම් බෑ ඉලක්කෙට කාට හරි කියල තමයි කඩා ගන්නේ...

      Delete
  9. ප්‍රින්සිපල්ට තිබුනේ සතියක් පන්ත තහනම් කරලා ආයෙ එනකොට ගෙදර කවුරුහරි එක්ක එන්න කියන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම සිද්ධිත් අපිට නැතුවම නෙමෙයි.ප්‍රින්සිපල්ට ඒක කියලම එපා වෙලයි දණ ගස්සග තිබ්බේ....

      Delete
  10. ඇත්තමයි සිත්තමී මට හිනාව නවත්තගන්න බෑ....හරිම සුන්දර ඉස්කෝලෙ කාලයක්.....:D :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත බිනුරි ලස්සන පාසල් ජීවිතයක් මතකයන් කෝටියක් තියෙනවා

      Delete
  11. අනේ නියම ඉස්කොලයක්. පළතුරු වත්තක්නේ. ෂෝයි :)
    නියම පෝස්ට් එක. හිනා වෙවී කියෙව්වා :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා මගේ සිත්තමට ආදරෙන්...දිගටම එන්න මේ පැත්තට...

      ඇත්තටම පළතුරු වත්තක් අමා

      Delete
  12. අපිත් ඉස්කෝලේ යන කාලේ වත්තේ තිබුණ අලිගැට පෙර කඩුව මතකයි,හැබැයි අහු උනේ නම් නෑ!
    ඒත් සපෝර්ට් මීට් කාලේ කෙහෙල් කනක් කපල නම් මාට්ටු උනා!;)

    ReplyDelete
    Replies
    1. අපි කරපුවයින් බාගෙට බාගයක් අහුවුණා....අනන්ත ගුටිකෑවා නමුත් නැවැත්තුවෙම නෑ ඒ වැඩ හික්ස්...

      Delete
  13. ශිකේ ශිකේ...
    ජ*ගි හොරූ....
    හූ ඈ....

    ReplyDelete
    Replies
    1. පුංචි පන්තිවල ලමයි හොදයි මීට වඩා....හික්ස්

      Delete
  14. හේ හේ.. ලේසි නෑ එහෙනම් දඟවැඩ
    එහෙම විරුදාවක් ලබන්න.. :D :D

    ReplyDelete
    Replies
    1. අපි තරම් විරුදාවල් ලැබුව අය මුළු ඉස්කෝලෙම නැතුව ඇති

      Delete
  15. හික් හික්. මෙන්න හොංගි ජරූ!!!
    එතකොට අර ජොක්සන්ට මොකද අන්තිමේදි වුනේ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක හිමින් ප්‍රින්සිපල් අරන් ගියාද කොහෙද

      Delete
  16. ඉස්කෝලේ යන කාලේ මරු නේද? අපේ ඉස්කෝලෙත් තැඹිලා ගස්වල ගෙඩි තියෙනවා. ඒත් ඇතුලේ වතුර නෑ.
    කන්න පුළුවන් ජාතියක් නම් වැඩිකල් තියෙන්නේ නෑ. සර්ලත් මොකුත් කියන්නේ නෑ. ඒත් ඒකටත් එක්ක මිස්ලා, දැක්කොත් වසල හමාරයි..

    ReplyDelete
    Replies
    1. අපිට බනින්නෙ හොරෙන් කඩනවට පළතුරු ඉදුනම කඩලා හැම පන්තියකටම බෙදනවා අපිට ඒ වෙනකම් ඉන්න බෑ බෙදිල එද්දි පොඩ්ඩයිනෙ අපිට ඕනි ගොඩක් කන්න.හික්ස්

      Delete
  17. හච්චෝ මරු හලෝ..)
    මමත් ආසම කෑමක් තමා අලි ගැට පේර නම් :)

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමි හිරුවෝ....

      Delete
  18. සිත්තමීගේ නැවත සම්ප්‍රාප්තිය පිළිබද මගේ සතුට...

    මේ කථාව නම් සිනා සාගරයක්... අහිංසක පිනාගෙ රට අමුඩෙ පන්තිය පුරා යනකොට මිනිහගෙ මූණ කලු වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. මට ඒ තරහ මූන තාම මතකයි...හිතේ කේන්තිය යනකම් අපිට ගැහුවා

      Delete
  19. සිත්තමී නංගි ආයෙත් ලියන්න ආපු එකට නම් ගොඩක් සතුටුයි.
    ආපු ගමන් නියම කතාවක්නෙ ලියල තියෙන්නෙ. මැවිලා පෙනුනා කට්ටිය දණ ගහගෙන හිටිය හැටි! :D

    ReplyDelete
    Replies
    1. හික්ස්....දණනම් ඕනිතරම් ගහගෙන ඉදල තියෙනවා...දණිස් කළුම කළුයිදණ ගහලම

      Delete
  20. හෑ... මං මේකට කමෙනට් එකක් දැම්මනේ? මේකා ඒක මකලද කොහෙදෝ... සිත්තමියෝ.. අල්ලගන්නම්කෝ මං...

    ReplyDelete
    Replies
    1. අනේ මම මැකුවෙ නැතෝ....එක්ස්පෑම් වෙලාද දන්නෙ නෑ මම බලන්නම්..අම්මෝ ගහන්න එපෝ

      අළුත් මල්ලි හරි වසයිනෙ...

      ආදරෙන් පිළිගන්නවා මගේ සිත්තමට දිගටම එන්නකෝ

      Delete
  21. aaah menna meya kalekin avith me paththe :)
    aaaapo hora haththa ;)
    api nam kavadaaavath hora weda karalaa naaa :);)

    ReplyDelete
    Replies
    1. කරල නැද්ද කියන්න ලැජ්ජද? හික්ස් ආයෙමත් ලියනවා දිගටම එන්න මේ පැත්තට

      Delete
  22. මේක කියවලා මට තාම හිනා. ඔයාලා නම් නියම වැඩ තමයි කරලා තියෙන්නේ.

    ReplyDelete
  23. අපොයි ඔය වැඩක් කලා නෙමෙයි

    ReplyDelete
  24. හැක..හැක.. අදයි මේ පැත්තෙ ආවෙ.. හිනාවෙලා මැරුනා..

    ReplyDelete
  25. පිළිගන්නවා මගේ සිත්තමට ආදරෙන් හරී ඔබව....දිගටම එන්න...

    ReplyDelete
  26. හිකිස්...... ජ..ගී හොරු මාරු කාඩ් එක. ඊළඟ වැඩෙත් ඉක්මනටම දාන්නකෝ....

    දැන් මේ ඉසව්ව කෝරලේ මහත්තයා යන එන අඩවියක් ඒක මතක තියාගන්නවා හොඳයි. මින් පස්සේ ඔය වගේ වැඩ කලොත් අල්ලලා ගහනවා දඬුකඳේ :P

    ReplyDelete