Friday, August 17, 2012

නුඹ නොසිටියත් අද එතෙන......

 

දුරුත්තේ සීතල
ගුලිකරන් සිතට
තනිකම ආපු විගස
මතකෙට නැගුනෙ නුඹව
පසුගිය දුරුතුමස
මීඳුම බිඳගෙන
අප හමුවුණා 
ආදරෙන් සිප වැළඳගෙන....

සීතලක් නැහැ ගතට
උණුසුමෙන් පිරුණු නුඹ
පපුතුරේ හොවාගෙන
අනාගතය හා අපගැන
අනේ නුඹ පැවසුවා මට
නොදැන මා තනිවන වග
ගුලි වුණා තවතවත් ගතට
දෝරෙ ගලමින් ආදරය
මීදුම පහවුණා
ආදරේ උණුසුමට.....


නුඹ නොමැත අප හමු වූ තැන
මා පමණකි අද එතෙන
හීතලය එදාටත් වැඩිය අද
නුඹේ උණුසුම සොයනවා මම
නුඹ නොසිටියත් අද එතෙන......

40 comments:

  1. කවි සිතුවිල්ල ලස්සනයි !

    ආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නේ නෑ ..
    දුක කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ..
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නෑ...
    හිනහා වෙවී හිනහ වෙවී කල් ගෙවන්න බෑ

    ඔයා ඔය උනුසුමක් ගැන කිව්වම මට මතක් උනේ ඔන්න ඔය ගීය !!!!

    ReplyDelete
  2. //දුරුත්තේ සීතල
    ගුලිකරන් සිතට
    තනිකම ආපු විගස
    මතකෙට නැගුනෙ නුඹව//

    තනිකමයි සීතයි අතර
    සිත්තම් වුණ ලස්සන සිතුවිල්ලක්.. :)

    ReplyDelete
  3. මතක් වුන සින්දුවනම් නියමයි මධු අයියේ..

    රිප්ලයි කරන්න හරි අමාරැයි ඩොන්ගල් එකෙන් හරිම ස්ලෝ හැමෝගෙම පෝසට් බලනවා කමෙන්ට් දාන්න බැරියෝ..ඩොන්ගල් යූස් කරන පළමු වතාව නිසා මට මෙක මහ ඇනයක්...සමාවනු මැනවි මා හට මා යහළුවනි..

    ReplyDelete
  4. " නුඹ නොමැත අප හමු වූ තැන
    මා පමණකි අද එතෙන"

    එමමයි....එසේමයි.....

    ReplyDelete
    Replies
    1. මොනවද එමමයි එසේමයි නාඩි..

      Delete
  5. අයි හේට් ලව්ස්ටෝරී..

    ReplyDelete
  6. //නුඹේ උණුසුම සොයනවා මම
    නුඹ නොසිටියත් අද එතෙන......//

    හ්ම්ම්....මො‍නෝ කරන්නද...නුඹ නැහැ අද මා සමඟ

    ReplyDelete
  7. කාලෙකින් දැක්කේ
    ආයෙත් ලස්සන සිතුවිල්ලක් අනුවෝ :)

    ReplyDelete
    Replies
    1. nishan kollath me paththata awe kalekin wage kawadawath nathuwa anuwo parak dala ekanam hithata waduna

      Delete
  8. හරිම ලස්සන හැඟීම්බර සිතිවිල්ලක් සිත්තමී

    ReplyDelete
    Replies
    1. piligannawa mage siththamata lihini kelle..ayemath enna me paththata harida lihiniye

      Delete
  9. දැනෙද්දි සීතල
    වෙනදටත් වැඩියෙන් මට
    නුඹ ලගක නෑ
    ආදරෙන් තුරුළුවෙන්න..

    එදා ඒ ලද පහස
    හිත හොයද්දි අද වැඩියෙන්ම
    නුඹ අහිමි උනේ මට
    ඇයිද නොදනිමි මම තවම...

    ReplyDelete
    Replies
    1. godak dawasakin dineshgen kawiyak dakke pilithuru kawi liyanna sinhala na. lassanayi pada tika.

      Delete
  10. ලස්සනම ලස්සනයි අක්කෝ :) අද ඉඳං ඉන්නවද දිගටම හ්ම්ම් :)

    ReplyDelete
  11. මෙන්න සිත්තමී ඇවිල්ලා!! :)
    හැමදාමත් වගේ කවිය නියමයි! දැන් ඉතිං දිගටම එනව නේද?

    ReplyDelete
  12. මම අදයි මේ පැත්තේ අහම්බෙන් ආවේ....:)
    හ්ම්ම්..හිතට දැනෙන ලස්සන කවි ටිකක් යාලු..දිගටම කියවන්න එන්නම් හොදේ..:)
    ජයෙන් ජය..!!!

    ReplyDelete
    Replies
    1. piligannawa mage siththamata oyawa ....digatama enna yalu...

      Delete
  13. හ්ම්...ලස්සනයි...

    ReplyDelete
  14. ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළගයි
    ආයෙත් දවසක අප හමුවන්නට පෙර පින් මදිද සිතෙයි...

    දුක හිතෙනවා...ප්‍රේමයේ විප්‍රයෝගය විදපු එකා තමයි දන්නෙ කොච්චර රසද කියලා.

    ReplyDelete
    Replies
    1. ekanam aththa ayiye....sirama sinduwak oyata mathak wela thiyenne

      Delete
  15. බොන්න හිතෙනවා අප්පා.....!!

    ReplyDelete
  16. මේ වගේ කවි කියවනකොට හිතෙන්නේ සමුගැනීම් සදාකාලිකද කියලා.
    කවිය නම් ඉතාමත් ලස්සනට ලියල තියෙනවා. ඒතුල ඇති රිද්මයත් කවියටම ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. sthuthee obata mawa thawa kawiyakata dirimath karanawata...

      Delete
  17. සිත්තමි ආයේ ඇවිත් වගේ නේ :)
    ලස්සන පද ටික
    ශෝකාන්තයක් නොවුනානම්තව හොදයි

    ReplyDelete
  18. හෆොයි දෙන්න වෙන් වෙලාද?පද වැල නම් එල...

    ReplyDelete
  19. ලස්සන සිතුවිල්ලක් සිත්තමී.. :)

    ReplyDelete
    Replies
    1. piligannawa mage siththamata obawa....ayemath enna me paththata...

      Delete
  20. හ්ම්ම්...

    නුඹේ උණුසුම සොයනවා මම
    නුඹ නොසිටියත් අද එතෙන......

    ReplyDelete
  21. ගොඩ දවසකින් ආවේ හරිම ලස්සනයි අනු...

    ReplyDelete