Saturday, July 14, 2012

දඟකාර මුත් සඟවනු කෙලෙසක .....

ඉර අවරට යන සැදෑවක
නුඹ හමු වූ සොඳුරු මොහොතක
මගේ පෙම් හිත නැතිය අවනත
නමුත් සුරකිමි වෙනදා මෙන් මුනිවත

නිහඬ නුඹෙ හිත  හැඟීම් දහසක
සඟවමින් ඉගිලෙනව දැක දැක
කොහොම ඉවසා ගම්ද මසිත
තබමි හාදුවක් ඔය දෙකොපුලක් මත

දඟකාර මුත් සඟවනු කෙලෙසක 
සුවඳ විසිරෙන මලක් විලසක 
ලබන්නට කල්පයක් නුඹෙ හිත
පුදමි සුවඳ මල් පුදසුනක් මත

බස් රේඩියෝ බ්ලොග් සතිය 



32 comments:

  1. ලස්සනයි සිත්තමී! ගෑණු ලමයෙකුට හිතෙන හැටි නේද!

    ReplyDelete
  2. ඒකනේ ගැහැණු පිරිමි භේදයක් නැහැනෙ ආදරේට...ආදරේ නිහඩව ප්‍රකාශ කරන එකම ක්‍රමය සිපගැනීම..

    ReplyDelete
  3. //..ලබන්නට කල්පයක් නුඹෙ හිත
    පුදමි සුවඳ මල් පුදසුනක් මත..//

    සුපර් අක්කි..ලස්සනම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ඕහ්....ස්තූතියි කෙල්ලේ...

      Delete
  4. ලස්සන සිතුවිල්ලක් වෙනද වගේම..

    ReplyDelete
  5. ලස්සනම ලස්සනයි අනු අක්කා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි පැට්ටෝ

      Delete
  6. ඔයාලටත් පුදුම සිතුවිලි පහල වෙනවා නෙහ්. මරු මරු.

    "තබමි හාදුවක් ඔය දෙකොපුලක් මත"

    අපි එහෙනම් අහක බලාගෙන ඉන්නම්. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ගැහැණු පිරිමි කියල සිතුවිලි බෙදල නෑනේ මධූ අයියේ...

      අහක බලාගෙන ඉන්න තරමට ලේසියි...හික්ස්....

      Delete
  7. මුළු කවියෙන්ම මගේ හිත ගියේ මේ කොටසට:

    "ලබන්නට කල්පයක් නුඹෙ හිත
    පුදමි සුවඳ මල් පුදසුනක් මත"

    ලස්සනයි! අහිංසකයි එ් පද පේළිය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මුතූ අක්කියෝ...

      ඇත්තටම මගේ ආදරෙත් ඒ තරම්ම අහිංසකයි අක්කියෝ...

      Delete
  8. ඔබේ නිහඩ සිත හැගීම් දස දහසක
    සගවනු කෙලෙස හිත තුල තෙරපෙන සෙනෙහස
    ලබන්නට කල්පයක් නුබේ ඔය සෙනෙහස
    පුරනෙමි පෙරුම් හැමදා නුබේ අහිංසක සිත අභියස..........

    ReplyDelete
    Replies
    1. ආ.... කවද කවි ලියපු රෙපාලද මේ කවි ලියන්නේ....

      මෙන්නෝ...රෙපාටත් මොනවද වෙලෝ...මොනව වුනත් මගෙනුත් එකතුකරන් ලියපු කවියට මම ආසයි..

      රෙපාටත් ආදරේ හිතිල වගේ...හික්ස්...

      Delete
  9. //මගේ පෙම් හිත නැතිය අවනත//
    ෂෝක් නේ.....!දවසම ඔහොම ඉන්න ඇත්නම්...හි..හි..!

    ReplyDelete
    Replies
    1. ෂෝක්ද අහනවා...බොහොම අමාරුවෙන් හිත මෙල්ල කරගන්නේ...ඒකෙ මොන ෂෝක්ද?

      Delete
  10. ආදරේ ගැන හිතපු අහිංසක කවියක් සිහින...

    මේ ටිකට හිත ගිය; එත් ඊටත් වඩා සැගවුණු ලොකු තේරුමක් දැනෙනවා..
    "නිහඬ නුඹෙ හිත හැඟීම් දහසක
    සඟවමින් ඉගිලෙනව දැක දැක
    කොහොම ඉවසා ගම්ද මසිත
    තබමි හාදුවක් ඔය දෙකොපුලක් මත"

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලොකු තේරුමක් තියෙනවා...ඔයාට තේරෙන්න ඇති මම හිතපු දේ...

      Delete
  11. මෙන්න මේ ගීය අහල බලන්න මේ කවියට සමීප අදහසක් නේද කියල

    'දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදෙකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක්විය සිතුවිලි අතීතෙක"

    - වික්ටර් රත්නායක-

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමීප අදහසක්...මම ඒ සින්දුව අහල නෑ...ස්තූතියි ඔබට..ඒ සින්දුවනම් අහන්නම ඕනි..

      Delete
  12. Replies
    1. පිළිගන්නවා මගේ සිත්තමට ආදරයෙන් කසුන් ඔබව...පැමිණියාට ස්තූතියි ආයෙමත් එන්නකෝ...

      Delete
  13. ඔයාගේ කවිවල පද ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් සහෝ....

      Delete
  14. ම්ම්ම්ම්....ලස්සනයි සිත්තමී...

    ReplyDelete
  15. ඇත්තටම හිතිච්ච එකක්ද නගෝ ? පද ගැලපුම අපූරැයි ...

    ReplyDelete
  16. හි හි හී ඒකනම් සිතුවිල්ලක් පමණක්ම නෙවෙයිද මන්දා? අහිංසක සිත්තමීගේ අත්දැකීමක්ද මන්දා? හි හි හී..

    ReplyDelete
  17. ලස්සන පද ටික සිත්තමි....

    "දඟකාර මුත් සඟවනු කෙලෙසක
    සුවඳ විසිරෙන මලක් විලසක
    ලබන්නට කල්පයක් නුඹෙ හිත
    පුදමි සුවඳ මල් පුදසුනක් මත"
    මේ මට නම් හිතට දැනෙන ටික

    ReplyDelete
  18. පිළිගන්නවා ආදරෙන් මගේ සිත්තමට මඩයාව...මම හිතන්නෙ ඔයාට වගේම ගොඩක් අය කැමති වුනෙත් ඔය පද ටිකට...

    ස්තූතියි ආවට ආයෙමත් එන්නකෝ එහෙනම්

    ReplyDelete
  19. හරිම ලස්සනයි..ඔයා ගොඩක් ආදරේ ගැන ලියලනේ :) මම නම් ආදරේ හිතෙන අයින් කරලා ඉන්න කෙනෙක්..කොහොම උනත් අපූරුයි! එන්නම්කෝ දිගටම හ්ම්ම්..:)

    ReplyDelete
  20. හිරු කෙල්ල මම හිතන්නේ මීට කලින් දවසක ඔයා ආවා...ආදරේ හිතින් අයින් කලා කිවිවට අපිට ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ...සැබෑ ආදරේ ජීවිතේ ඔයාගෙ හොයාගෙන එනකම් ඉවසන්න යාළු...සැබෑ ආදරේ ජීවිත වලට එන්නේ අපිට ගොඩක් දුක් දීල..

    අත්දැකීමෙන් කිව්වේ...හි හි හී

    ReplyDelete